චීනයට අයත් චැන්ජි-4 යානයෙන් සඳ වෙත ගෙනගිය බීජ සාර්ථකව පැළවී දළු ලා ඇතැයි එරට ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය පවසයි.
එය මෙතෙක් සඳමත සිදු වූ ප්‍රථම ජෛවවිද්‍යාත්මක සංසිද්ධිය බව විද්‍යාඥයෝ පවසති.
එමෙන්ම මෙය දීර්ඝකාලීන අභ්‍යවකාශ ගවේශන සඳහා වැදගත් පියවරක් වනු ඇති බව ද පැවසේ.
මෙසේ පැළ කරනු ලැබූයේ පුළුන් සහ අර්තාපල් බීජ බවත් පුළුන් ඇට පැළවී ඇති බවත් සඳහන් වේ. පොළවෙන් ගෙනගිය පස් කොටසක බීජ පැළ කරනු ලැබීය.
පෘථිවියට නොපෙනෙන සඳේ අඳුරු පැත්තට යැවූ ප්‍රථම යානය චැන්ජි-4 වන අතර පසුගිය ජනවාරි 03වනදා එය සඳ මතට පතිත කරවනු ලැබිණ.
මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාර්ථකව බීජ පැළ කරනු ලැබූ නමුත් සඳ මත එවැන්නක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)
https://www.bbc.com/news/world-asia-china-46873526
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීන්නු සඳමත බීජ පැළ කරති
පිටිගල මිලානෝ Tuesday, 15 January 2019 12:46 PM
සඳ...ඔබ අයිති මටද? චීනටද?...කාටද කියා කියනු මැන.
Sumith Tuesday, 15 January 2019 04:02 PM
ලංකාවේ තවම බහුතරය සොයනවා
Bamunuarachchi Tuesday, 15 January 2019 04:26 PM
අපි ඔය ගැන දන්නා දෙයක් නැත. ඒ අය කියනවා අපි අහනවා හැරෙන්නට.
හඳයා Tuesday, 15 January 2019 05:37 PM
පොළවේ තියෙන ගස් කපමින් හඳේ ගස් හිටවන්න හදනවා.
d.upul Tuesday, 15 January 2019 05:48 PM
හැබැයි අපි තමයි මුලින්ම හඳෙන් හාල් ගෙනාවේ.
වල්මෝරුව Tuesday, 15 January 2019 05:51 PM
මොකක් හරි ක්‍රමයකින් හඳේ වායුගෝලයක් නිර්මාණය කරගත්තොත් අනාගතයේදී සජීවී සහ මනුස්ස වාසයට ගැලපෙන හඳක් ලැබේවි.
නිමල් Wednesday, 16 January 2019 09:08 AM
වායුගෝලයක් හැදීමට වඩා කුඩා ප්‍රමාණයේ සංවෘත ජෛවගෝල හදන එකයි ප්‍රයෝගික. ඒත් මේ පර්යේෂණයේ අරමුණ නම් අඩු ගුරුත්වය යටතේ ශාක වර්ධනය වෙන හැටි බලා, දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලදී ආහාර නිපදවීමට එය යොදාගැනීමයි.
maaraya Wednesday, 16 January 2019 12:51 AM
ඊළඟට වෙනදේ දැන්ම හිතාගන්න පුළුවන්. හඳේ සීමා මායිම් ලකුණු කිරීම ළඟදීම
Sunil Wednesday, 16 January 2019 05:09 AM
වරායකුයි, ගුවන් තොටුපලකුයි හදයි හඳේ...
ase Wednesday, 16 January 2019 05:59 AM
ගුරුත්වාකර්ෂණය නැතිව සඳ මත පැල රඳවා තැබිය හැකිද ? අඳුරේ පැල සැදේද ? අනේ මන්ද , අපිව අන්දවනවද කියල සිතනවා , නොදන්නා නිසයි අහන්නේ !!
මිනිසා සඳට ගියාලු Wednesday, 16 January 2019 06:09 AM
හඳේ අයිතිය ගැන ලස්සන කතාවක් මේ. 1700 ගණන් වල ජර්මනියේ හිටපු රජතුමා ඔහුගේ සේවකයෙකුගේ සේවය ඇගයීමේ සංකේතයක් විදියට හඳ තෑගී දීලා. එදා පටන් අද වෙනතුරු ඒ පවුලේ හැම පරම්පරාවකම බාල පිරිමි දරුවාට හඳේ අයිතිය උරුම වෙනවාලු.
Amila Wednesday, 16 January 2019 06:34 AM
ඒකට අපි! ජාතින්, ආගම්, කුල ගැන කියව කියවා ඉන්නවා. ඒ මදිවට ඉතිහාස ගැන පුරජේරු කියකිය ඉන්න රටක්. ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගෙන නව තාක්ෂණයත් යොදාගෙන අලුත් විදියට හිතන අලුත් දේවල් කරන්න හදන රටක් වෙන්නේ නම් නෑ.
sampath Wednesday, 16 January 2019 09:41 AM
හඳෙන් හාල් ගෙනාපු අපිට ඕක මහා කජ්ජක්ද? මේක නොදන්නා අයට දැනගැනීමටයි... මේවගේ ඡන්ද පොරොන්දුවක් දුන්නේ අපේ දේශපාලනයේයි.
උපුල් ගලප්පත්ති Thursday, 17 January 2019 07:35 AM
හඳේ පැල හිටවලා වැඩක් නෑ... හාවෝ කාලා දාවි...
නිමල් Thursday, 17 January 2019 11:44 AM
හඳේ ඉඩම් විකුණන එක ආරම්භ වෙලා තියෙන්නේ 1980 ගණන් වල. චන්ද්‍රිකා තානාපතිකාර්යාලය කියල කොම්පැනියක් හඳේ ඉඩම් විකුණනවා. අක්කරයක් ඩොලර් 20-30 වගේ යන්නේ. සොයලා බලන්න පුළුවන්.