IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චීනයේ සිටින ලාංකිකයින් ගැන දැනගන්න විශේෂ අංකයක්

( තිළිණි ද සිල්වා )
 
කොරෝනා වෛරසය දැනට පැතිරෙමින් පවතින චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා බීජිං නුවරහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ  පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට  විදේශ  සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
 
 ඒ අනුව 0086-10-65321861 හෝ 0086-10-65321862යන දුරකථන අංක හරහා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සම්බන්ධ වෙමින් තොරතුරැ ලබා ගත හැකි බවද එම අමාත්‍යාංශය පවසයි.
 
 එසේම වූහාන් නගරයේ ගමනාගමන කටයුතු අත්හිටුවමින් චීන බලධාරීන් ගත් තහනම ඉවත් කළ සැණින් වූහාන් සිටිනි  ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්  32 දෙනෙකු වහා ගුවනින් ගෙන්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

චීනයේ මේවන විට උසස් අධ්‍යාපනය ලබන ලාංකික සිසුන් 860 දෙනෙකු පමණ සිටින බව තහවුරු වී ඇති  අතර මින් කිසිදු ශ්‍රී ලාංකික සිසුවෙකු මේ වනතෙක් කොරෝනා වෛරස් තත්වයට මුහුණ පා නොමැති බව චීන රජයේ බලධාරීන් ප්‍රකාශ කර ඇති බව විදේශ සබදතා අමාත්‍යාංශය පෙන්වා දේ.

 
 මේ අතර කෙරෝනා වෛරස හේතුවෙන් චීනයේ පුද්ගල මරණ 56ක් සිදුව ඇති අතර ආසාදිතයින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් පමණ වාර්තා වී ඇත.
 
 වෛරසය මේ වනවිට ප්‍රංශය, ඕස්ට්‍රේලියාව,තායිලන්තය, සිංගප්පුරුව, මලයාසියාව, ජපානය, නේපාලය, වියට්නාමය, දකුණු කොරියාව, අමෙරිකාව, හොංකොං රාජ්‍ය, සහ ඉන්දියාව යන රටවලට ව්‍යාප්ත වී තිබේ.



අදහස් (1)

චීනයේ සිටින ලාංකිකයින් ගැන දැනගන්න විශේෂ අංකයක්

lanka Monday, 27 January 2020 02:24 PM

පොඩ්ඩක් හොයලා බලන්න මේ කට්ටියත් සර්පයින් කාලාද කියලා... මම එහෙම කියන්නේ ඕන කෙනෙක් තමන් ඉන්න රටේ කෑමබීම වලට නිකම්ම හුරුවෙනවා. අනික ඒ ළමයි ආසාවෙන් එහෙ ගියානම් තමන් ඉන්න පළාතේ කරදරයක් වුණාම පලා එන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 109 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 247 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1051 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 134 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 329 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 307 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site