IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රගුප්ත තේනුවර ගෝඨාභයට එරෙහි කුමන්ත‍්‍රණයක

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කර තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා තරග බිමෙන් ඉවත් කිරීමේ කුමණ්ත‍්‍රණයක මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා නිරත වී ඇතැයි ඒ මහතාගේ සොහොයුරෙකු වන කලා ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතා පැවැසීය.

තරග කර ජයග‍්‍රහණය කරනවා වෙනුවට විරුද්ධවාදීන්ට කකුල් මාට්ටු යෙදීමට තම සොහොයුරා  ගෙන  ඇති උත්සාහය   තමන් හෙළා දකින  බවත් ඔහු සඳහන් කළේය.

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය  සම්බන්ධයෙන් යම් ගැටලූවක් තිබුණේනම් ඒ සම්බන්ධයෙන් මෙයට පෙර ක‍්‍රියා කිරීමට තිබූ බවත් පැවසූ ඉන්ද්‍රනාත තේනුවර මහතා අවසන් මොහොතේ තම සොහොයුරා සිදුකළ මෙම ක‍්‍රියාදාමය පිළිබද තමන් පසුතැවෙන බවත් සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් දැවැන්ත දේශපාලන ප‍්‍රවාහයක උවමනාව මත තම සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් චෝදනා කරන්නට ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (41)

චන්ද්‍රගුප්ත තේනුවර ගෝඨාභයට එරෙහි කුමන්ත‍්‍රණයක

Sriyal Thursday, 03 October 2019 05:22 PM

මෙය අධිකරණය විසින් විසදා දෙනු ඇත. අපි හැමෝම එතෙක් බලා සිටිමු.

:       1529       655

ටි ඉන්දික Thursday, 03 October 2019 06:44 PM

සෞන්දර්ය නිකේතනයේ දේශපාලන සම්බන්ධ, පුද්ගලික අවලාද මාධ්‍ය සාකච්ඡා තියන්න පුළුවන්ද ?

:       897       691

Nishan Thursday, 03 October 2019 10:09 PM

නිතිය සැමට එක බව ඔහුගේ සොහොයුරා උනත් ඔබ දැනගෙන ඉඳලා නෑ.

:       1105       487

රවින් Friday, 04 October 2019 12:48 AM

ප්‍රසිද්ධිය පස්සේ දුවන කෙනෙක්. හරි හෝ වැරදි බව ගරු අධිකරණය තීරණය කරයි.

:       1045       386

YaapaFriday, 04 October 2019 03:35 AM

ඔව් නීතිය සැමට එක සමාන නිසා තමයි ඇමති පුතාගෙ බෝතලේ තිබ්බ විස්කි වතුර උනේ.පාස්කු බෝම්බෙන් මැරුන මිනිස්සු වැරදිකාරයෝ වෙලා කරපු අය ආණ්ඩුවලින් රැක්කේ.අධිකරණ නිලධාරීන්ට බලපෑම් කරේ.

:       169       365

tholkaya Friday, 04 October 2019 09:22 AM

නෑ නෑ මෙයාව ඊයේ පොහොට්ටුවෙන් උස්සන් ඇවිල්ල තමයි මාද්‍ය සාකච්චා තිබ්බේ. දැන් ඇන ගත්ත ඇත්ද?

:       36       104

ලංකාපුත්‍ර Friday, 04 October 2019 01:07 AM

රාවනා රජු රාම සමග සටන්කරත්දී තම සොයුරු රාවනා පැරදවීමට සහාය දුන්නේ රාවනාගේ සොහොයුරු විභීසනයි. ඉන් සිදුවුනේ ලොක්යේම දියුණු රටක්ව තිබුන ලංකාපුරය විනාශවීමයි. සහෝදරකමට වඩා බලයට කෑදර වුන් දැන් පමණක් නොව අතීතයේත් සිටියා

:       429       688

නොකවුට් Friday, 04 October 2019 01:36 AM

රාවනා සටන් කොට ජය ගත්තා මිසක් කකුල් මාට්ටු දාලා ප්‍රතිවාදියා තරගයට එන එක වැලැක්වීමක් කලේ නෑ. ඒක නෙමෙයි නේ හේතුව. නියත පරාජය දැක වියරු වැටී ඉන්නේ දැන්.

:       852       1470

Chanak los angelesFriday, 04 October 2019 04:16 AM

රාවනෙක් ගැන කියනවා ... රාවනා හොරකම් කරලා තිබෙනවාද ?

:       55       140

SuranimalaFriday, 04 October 2019 03:05 AM

පරණ රෙජීමය කාලේ කිසිදු දෙයක් නීති ගරුකව සිදුවෙලා නැති බව මේ නඩු ඔක්කොම බැලුවම හොදටම පැහැදිලියි. මේ නඩු දාලා තියෙන්නේ හොද උගත් බුද්ධිමත් අය. මේක මහා අපරාදයක්. ඉතින් මහජනතාව මේක තේරුම් අරගෙන ඉදිරියේදී හොද තීරණයක් ගන්න.

:       1503       1273

Dayan Friday, 04 October 2019 01:19 AM

හොඳ ප්‍රචාරයක් ගන්න පුළුවන් නොමිලේම. මෙහෙම කෙනෙක් හිටිය කියල මීට පෙර කවුරුත් දන්නේ නෑනේ.

:       1261       336

gunarathnaFriday, 04 October 2019 01:39 AM

නිකම් මෝඩ කතා කියන්න එපා. කවුරුත් දන්නේ නැහැ කියන්න එපා. ඔබතුමා දන්නේ නැහැ කියන්න. අපිනම් දන්නවා මේ කවුද කියල.

:       256       1225

AnuruddaFriday, 04 October 2019 02:17 AM

අපි දන්නවා කියල කියන්නත් එපා. මම දන්නවා කියන්න. මොකද චන්ද්‍රගුප්ත තේනුවර නම අහල තිබුනට සහෝදරයා ගැන ගොඩක් අය දැනගත්තේ මේ පුවතින්.

:       1006       312

suddaFriday, 04 October 2019 07:03 AM

තේනුවර යනු පොත් කියවන මිනිසුන් දන්නා කලාකරුවෙකි. කවර නිර්මාණය කරන්නෙක් සහ ඡායාරූප ශිල්පය ගැන දන්නා ගුරුවරයෙකි. පොත් කියවන්න බැරි, කැමති නැති උගතුන් ඔහු ගැන නොදන්නවා ඇති.

:       3       164

නොකවුට් Friday, 04 October 2019 01:34 AM

හැමෝම දන්නවා මේ දේශපාලන ගේම් එකක් කියලා. සහෝදරයා හැටියට ඉදිරියට ඇවිත් මේක කියපු එක ගැන සතුටුයි

:       438       1425

ඉලේපෙරුම Friday, 04 October 2019 01:53 AM

කෙනෙක් උසාවියට යන එකට තව පිරිසක් මේ තරම් ඔරොප්පු ඇයි කියලා තේරුම් ගන්න අමාරුයි. යමෙකුගේ අපේක්ෂකත්වයට නුසුදුසු කමක් ගැන කවුරුන්හෝ යමක් දන්නවා නම් එය අධිකරණය ඉදිරියට ගෙන යාමේ වරද කුමක්ද? ලංකාවේත් ජනප්‍රිය විදේශ නළුවෙක් / ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙරට ජනපතිවරණයට තරග කළොත් ජනතාවට සුදුස්සා තෝරන්න ඉඩ ඇරලා නිකම් ඉන්නද කියන්නේ.

:       1407       1504

හේමන්ත Friday, 04 October 2019 01:59 AM

නීතිමය ක්‍රියාවලියකට අධිකරණයට යන එක කුමන්ත්‍රණයක් කියලා දැනගත්තෙ මේ උන්නැහේගෙන් තමා .

:       994       416

යාපාFriday, 04 October 2019 03:32 AM

ඒකට තමයි කියන්නේ සිහියෙන් බුද්ධියෙන් ඇස් ඇරගෙන ජීවත්වෙන්න කියලා.පහුගිය කාලෙම නීතිය ඉස්සරහට දාලා කරපු කුමන්ත්‍රණ දැක්කෙම නැද්ද?සොලිසිටර් ජෙනරාල්වරුන්ට දේශපාලන බලපෑම් කරපුව එහෙම.......

:       2       146

Ashan Friday, 04 October 2019 02:22 AM

සහෝදරයා මහාචාර්ය වෙලා මෙයා මෙච්චර මෝඩ වුනේ ඇයි. නඩු දාන්ඩ හේතුව ජනාධිපතිවරණයට ඉල්ලීමම තමයි. මොකද ද්විත්ව පුරවැසියෙකුට ඒක කරන්ඩ බැරි නිසා. කලින් නඩු නොදැම්මෙ නිකං මිනිහෙකුගෙ පුරවැසිකම කාටවත් අදාල නැතිනිසා

:       5194       2659

යාපාFriday, 04 October 2019 03:30 AM

එතකොට ආරක්ශක ලේකම්වෙලා හිටියේ ඒත් නිකං මිනිහෙක්ද. මහ බැංක අධිපති ද්විත්ව තියා සිංගප්පුරු විතරක් පුරවැසියෙක් උනේ. එතකොට ඒත් නිකං මිනිහෙක්ද?

:       101       219

krishanthaFriday, 04 October 2019 03:52 AM

සහෝදරයත් එක්ක නඩුවට හවුල් වෙලා තියෙන්නේ ප්‍රංස පුරවැසියෙක් . මේක ලංකාවේ ජනතාවට ආදරයෙන් දාපු නඩුවක් බව එකෙන්ම පේනවා. මේ මනුස්සය තමන්ගේ සහෝදරයා වුනත් රටට විරුද්ධ වැඩක් කරනකොට කෙලින් කතා කරනවා .

:       115       181

මුණසිංහFriday, 04 October 2019 04:12 AM

අද සමහර ඇදුරන් මෝඩ තමා. තවත් කොටසක් රට ගැන නොහිතා ඩොලර් පස්සේ යනවා.

:       124       138

SamanFriday, 04 October 2019 04:28 AM

නියම උත්තරයක්.

:       56       5

YapaFriday, 04 October 2019 05:18 AM

එහෙනම් නඩු දාන්න තිබුණේ එතුමා ජනාධිපති අපේක්ෂකයා කරපු දවස්වලනේ... ඇයි ඇප තැන්පත් කරනකන්ම හිටියේ..? මෙයාලා හිතන් හිටියේ කොහොමහරි ඇවන්ගාඩ් නඩුවට පටලවලා එතුමව හිරේ දාන්න. ඒත් ඒකෙ බොරුව රටම දැන ගත්තා. ඊට පස්සෙ තමයි කොහොමහරි මේ විදියට හරි කරලා ප්‍රතිවාදියාව සටනින් අයින් කරන්න හදන්නෙ. පෙත්සම ගොනු කරලා තියෙන විදියෙන්ම ඒක පේනවනේ.

:       213       288

p.d goonawardena Friday, 04 October 2019 03:29 AM

අච්චර යුද්දේ ඉවරකරනකොට , කොළොඹ ලස්සන නගරය විදිහට සම්මාන ලබනකොට කරබාගෙන ඉදල දැන් මොකක්ද මේ කැක්කුම ....

:       146       276

වික්ටර් රණසිංහ Friday, 04 October 2019 03:37 AM

මේ අපේක්ෂකයාට ඔය නඩුව පමණක් නොවෙයි තවත් බරපතල වෝදනා තිබේ. ඇවන්ගාර්ඩ් මංකොල්ලය,රාජපක්ෂ කෞතුකාගාරයට රජයේ මුදල් යොදා ගැනීම,ලලිත් කූගන් අතුරුදහන් කිරීම නඩු කිහිපයක් විතරයි. මෙවැනි බරපතල චෝදනා තියෙන කෙනෙක් රටේ ජනාධිපති කරන එක හරිද?

:       152       87

YapaFriday, 04 October 2019 08:20 AM

ඇවන්ගාඩ් නඩුව ගොනු කරපු හැටි සහ එම නඩුවෙන් එතුමා නිදහස් වූ බව ඔබතුමා දන්නෙ නැද්ද ?එහෙනම් එක්කෝ ඔබතුමා පහුගිය දවස්වල ප්‍රවෘත්ති බලලා නෑ නැත්නම් මේ රටේ ඉඳලා නෑ.ඒවගේ තමයි මේ අනිත් ගොනු කරපු නඩුත්.

:       1       28

⁣ඩොනල්ඩ් Friday, 04 October 2019 03:45 AM

ඉන්ද්‍රනාථ තේනුවර කියන්නේ ප්‍රසිද්ධියේ පස්සේ දුවන මනුස්සයෙක් නෙවෙයි ඔහු ගේ කලා හැකියාවන් දක්ෂයන්ට නොමිලේ බෙදා දෙන කෙනෙක් එහෙම කරන්නෙත් අප්‍රසිද්ධියේ ඔහු ගැන වැරදි වැටහීමක් ඇති අයට දැන ගැනීම පිණිසයි

:       88       180

sumanFriday, 04 October 2019 07:36 AM

ඩොනල්ඩ් කියල තියෙන්නේ ඇත්ත. අපේ පවුලේ ලඟම නෑයෙක් පොතක් ලියපු වෙලාවේ පොත් කවරය නිර්මාණය කරපු එක්කෙනාට ඉන්ද්‍රගුප්ත මහතා නොමිලේ ඡායාරූප දීලා තිබෙනවා. පොතේ නම සඳහන් වුනාට අපෙන් එක සතයක්වත් ගත්තේ නැහැ. ඉල්ලුවෙත් නැහැ. අදවත් අපිව එතුමා දන්නෙත් නැහැ.

:       1       6

Amila Friday, 04 October 2019 03:48 AM

රටේ ආරක්ෂාවට වගේම ස්වයීරීභාවයට විශාල තර්ජනයක් විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටක පුරවැසිභාවය තිබෙන හෝ තිබුන පුද්ගලයෙක් රටේ ප්‍රධානියා තරගයට ඉදිරිපත්වීම. ඒ වගේම මේ කෙනාගේ පවුල සහ ලමයි තවමත් ඇමරිකන් පුරවැසියෝ. ඉතින් ඇමරිකාවට ඕන වැඩක් මේ පුද්ගලයා හරහා ලස්සනට කරගන්න පුලුවන් ලමයි සහ පවුල ඇපයට තියාගෙන. ලේකම් කාලෙත් ඇමරිකාව එක්ක ගිවිසුම් ගසා රට පාවාදීපු පුද්ගලයෙක්නේ. රට පාවාදෙන ඇමරිකන් රූකඩය රටට තර්ජනයක්.

:       133       27

YapaFriday, 04 October 2019 08:28 AM

අපොයි ඔව්, ඔයා හිතන් ඉන්න පාර්ශවය ඇමරිකන් ප්‍රතිවාදියන්නේ නේද? ඒකනේ අර දැනටමත් ඇමරිකාවට ත්‍රිකුණාමලය වරාය දෙන්න ගිවිසුම් ගහන්නේ..

:       1       71

Gamarala Friday, 04 October 2019 06:01 AM

ඔය මහාචාර්ය කියන අය ලනු දෙන්නත් , ලනු කන්නත් අති දක්ෂයෝ.

:       2       78

Sugath Friday, 04 October 2019 06:10 AM

සෞන්දර්ය නිකේතනය වැනි තැනක මෙවන් මාද්‍ය සාකච්චා තියන්න පුළුවන් වීම ගැන ඉතාමත් දුකට පත් වෙමි . ලංකාවේ සෞන්දර්ය, කලාව වැනි උරුමයන් දේශපාලනයෙන් යටවී යනබව මොහුගේ ක්‍රියාවෙන් හැඟේ . මොහුගේ වග කීම මොකක්ද සොයා බැලුවොත් , මොහුට තිබෙන බලය මොකක්ද බැලුවොත් මොහුට ගොටාගේ පිලෙන් ලැබෙන මුදල් ලාබ ප්‍රොයෝජන හොයා බැලුවොත් , මොහු ඔවුන්ගේ ගොට්ටෙක් බව සැමට තේරුම් යාවි .

:       85       3

ගුණවර්ධන Friday, 04 October 2019 08:25 AM

අනිත් පාර්ශවයටත් රනිල්ගෙන් ලැබෙන මුදල් ප්‍රතිලාභ ගැන හොයා බැලුවනම් නියම ඩොලර් කාක්කන් බවත් තේරේවි..............

:       1       57

ජයරත්න Friday, 04 October 2019 06:26 AM

ඉන්ද්‍රනාත තේනුවර කියන්නෙ ගෝලයො බිහිකරපු මෙරට අති දක්ෂ කලාකාරයෙක්- විශේෂයෙන් ඡායාරූපකරණයට අදාළ දේ සම්බන්ධ

:       3       57

නෙවිල් Friday, 04 October 2019 06:26 AM

පුරවැසිකම නැති කෙනෙකුට මහ බැංකුව දෙන කොට මෙ මහාචාර්ය හිටියේ කොහේද ?

:       2       79

Rata Perata Friday, 04 October 2019 06:53 AM

මේ වගේ සහෝදරයෝ ඉන්නවා සමහර පවුල්වල.

:       26       64

gobbaya Friday, 04 October 2019 07:08 AM

අනේ පිස්සුද එය එහෙම නෑ අනේ! රට ගැන තියෙන ආදරේට, කැක්කුමට පෙත්සම දැම්මේ.

:       1       41

නවකයා.. Friday, 04 October 2019 08:52 AM

මහ බැංකුවේ අධිපතිකම ලාංකිකයෙක් නොවූ කෙනෙකුට දෙනකොට, මහබැංකුව කඩනකොට, බදුර්දීන්ලා විල්පත්තු එළි කරනකොට, හිස්බුල්ලලා ජාතිවාදය පතුරන කොට, ජාතිය ගැන මෙතරම් කැක්කුමක් ඇති පුරවැසි බලයේ මහත්වරු කොහේ උන්නද මන්දා..

:       1       70

Ashan Friday, 04 October 2019 09:05 AM

යාපා ඔබ ව්‍යවස්ථාව නොදන්නවා ඇති. ආරක්ෂක ලේකම් හෝ මහාබැංකු අධිපතිගේ පුරවැසිබව කොහෙවත් සඳහන් වෙන්නෑ. නමුත් 19වැනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසියෙකුට ඡන්දෙ ඉල්ලන්න බෑ...

:       22       2

jayantha Saturday, 05 October 2019 04:22 AM

කාලෙකට හොඳ කතාවක් එවනවා හපහප ඉන්න. නමුත් තව අවුරුදු 5කින් පස්සේ බලපුවම වැරදි නොකරපු අපි පැරදී වැරදි කරපු අය දිනුම්... එනමුත් පාර්ලිමේන්තු යන අයට බැනලා වැඩක් නැහැ. කතිරය ගහන අය වැරදි මිනිස්සු යවන නිසා... එ්ක නිසා ඔහොම යන කොට හොඳ කලක් එ්වි...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 14 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 35 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 163 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 52 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 170 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 321 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1495 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1401 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site