IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගෝඨාභයට විශිෂ්ට ජයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 52.25%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී.

පස්වරු 3.00 වනවිට නිකුත් කර තිබූ නිල ඡන්ද ප්‍රතිඵවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 6,924,255 ක් විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 41.99 %ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඡන්ද 5,564,239  ක් ලබාගැනීමට සමත්ව සිටී. 

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 418,553 ක් ලබා ගනිමින් තෙවැනි තැනට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ප්‍රතිශතය 3.16 % කි. 

 

 

 



අදහස් (60)

ගෝඨාභයට විශිෂ්ට ජයක්

Adam Sunday, 17 November 2019 03:00 AM

අපේ රටට, ගෝඨට ජය වේවා !

:       1024       1490

KaluSunday, 17 November 2019 06:10 AM

අද සිංහලයන්ගේ හඬ ලෝකෙට ප්‍රදර්ශනය කරපු දවසක්. ජයවේවා ! රටට සෙතක්ම වේවා !

:       704       880

PiyalSunday, 17 November 2019 10:10 AM

බඩුමිල දිහා බලලා සුසුම් හෙලපු යුගය අවසානයි. මැතිඳුනි, දුප්පත් අපිට ලොකු බඩුමිල අඩුකිරීමක් ඕනේ...

:       1       34

thushara Sunday, 17 November 2019 04:03 AM

මගේ රට දිනන්නේ සුපිරිසිදු සිංහල ඡන්ද වලින්..

:       1407       1724

MaheeSunday, 17 November 2019 07:03 AM

ඔබටත් අසංකගේ දැක්ම පිහිටලා වගෙයි. ගෝඨාට ඡන්දය දුන් ඔක්කොම අය ශුද්ධ සිංහලයෝ බව ඔබට ෂුවර්ද? ඔහුට ඡන්දය දුන් වෙනත් ජාතිකයන්ට අවමන් කරන්න එපා.

:       130       335

SadunSunday, 17 November 2019 10:36 AM

කෙහෙල්මල් යහපාලනය , රුපියල් 1000 කින් බෑග් එකක බඩු ගේන්න බැහැ. ඉක්මනින් බඩු මිල අඩුකරන්න අලුත් ජනාධිපතිතුමනි.

:       1       40

Chanak los angelesSunday, 17 November 2019 08:20 PM

ඔබලා ඔහොම හිතන්න හිතන්න සුළු ජාතිකයාව දිනා ගන්න බැරි වෙනවා. ඔබලා එහෙම හිතනවානම් ඔවුන්ගේ ඡන්දය එපා කියා එයම ඔබලාගේ ඉදිරි පරාජයට හේතු වෙනවා. මන්ද දකුණේ ඡන්ද පදනම නිතරම වෙනස් වන ස්වභාවය පේනවා.

:       34       1

Gayan Sunday, 17 November 2019 04:24 AM

කිසිම අපේක්ෂකයෙකු සිංහලයන්ගේ බලය අවතක්සේරු නොකළ යුතුය.

:       452       883

Bandara Sunday, 17 November 2019 04:29 AM

ජයවේවා ගෝඨාභය !

:       462       584

Jayasinghe Sunday, 17 November 2019 04:35 AM

ඔව්. ඔබතුමා අපේ රටේ ජාතික නායකයා වේවායි සැමගේ පැතුමයි. ජයවේවා !

:       444       580

sanju Sunday, 17 November 2019 04:48 AM

රට දිනුවා. දැන් අපි එකතු වෙලා ගෝඨගේ පක්ෂෙන් දූෂිත පාලකයන් එලවමු.

:       583       580

GuneSunday, 17 November 2019 07:04 AM

අපොයි බලාගෙන එහෙම එළවන්න යන්නේ. අනිතිමට කවුරුත් ඉතුරු නොවෙන්න පුළුවන්.

:       226       719

pakeer Sunday, 17 November 2019 05:03 AM

ඔව් ඡන්ද ප්‍රතිඵල කියා පාන්නේ. මෙවර ඡන්දයේදී ජාතිවාදයේ ලොකු ඉස්මතු වීමක්, දෙපසින්ම. මම එකට වැරදි කියන්නෙත් හරි කියන්නෙත් නැහැ. මම කිව්වේ පේන දෙයයි. මොනවා උනත් අපි රට වැසියන් වශයෙන් අපිට පෙනෙන සහ දැනෙන දෙය අනුව තමයි ඡන්දෙ දෙන්නේ. උතුර සජිත්ට, දකුණ ගෝඨට. මේ ඡන්දෙ නිරුපණය කරලා තියෙන්නේ ජන වර්ගය අනුවයි. ගෝඨාභය මහත්තයට සුභ පතනවා ආර්ථිකය සවිමත් දුෂණයෙන් තොර හැම ජන කොට්ටාෂයකටම සමාන විදිහට සලකන රටක් හදන්න කියලා.

:       257       161

hasanthaSunday, 17 November 2019 05:27 AM

ඇත්තම කතා කළොත් දකුණ ජාතිවාදී නැත. දකුණේ ජනතාව ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කලේ ඔවුන් අසාර්ථක නිසාය. හැබැයි මේ ආණ්ඩුවෙන් උතුරටත් මෙලෝ දෙයක් කරන්නේ නැතිවත් ඔවුන් සියයට 80-90 ගානකින් සජිත්ට ඡන්දෙ දී ඇත. එය සැබෑ ජාතිවාදයි.

:       1608       1968

kasun Sunday, 17 November 2019 12:10 PM

ඔබ කිවයුතු දේ හරියටම පවසා ඇත..!!

:       9       112

SLSunday, 17 November 2019 05:45 AM

උතුරෙන් සිංහලුන් එළවන්න කියන එක ජාතිවාදී නෙවේද?

:       487       744

DDSunday, 17 November 2019 07:11 AM

හරි. දකුණෙන් ගොඩක් ගෝඨාභයට.........සජිත්ටක් සැහෙන්න කොටසක්. ඒ උනාට උතුරෙන් සජිත්ට විතරමයි. එකයි ප්‍රතිඵලය. ජාතිවාදය උතුරේද ,දකුණේද ? උතුරේ අය ඔය විදියට ඡන්දෙවත් දාන්නේ ගෝඨාභය නිසා බව මතක තියාගන්න.

:       1       160

Asanka Sunday, 17 November 2019 05:08 AM

සුද්ද සිංහල පිරිසිදු ලේ. සිංහල ඡන්ද. අපි ආදරෙයි අපේ සිංහලකමට. ශ්‍රී ලංකාවට ජයවේවා! ගෝඨාභය මැතිදුනි.....

:       716       725

MaheeSunday, 17 November 2019 06:59 AM

අසංක, සිංහලයෝ කවුරුත් සිංහලකමට ආදරෙයි වගේම අනිකුත් ජාතීනුත් තම තමන්ගේ ජාතිකත්වයට ආදරෙයි. මෙතනදී ගෝඨාභය දිනුවේ සුද්ධ සිංහල ඡන්දවලින් කියන එක ඔබේ පටු මනසට පෙනුනට ඔහුට ඡන්දය දුන් ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව පෙනිලා නැහැ වගේ. සැබෑ වටිනාකම තියෙන්නේ ජාතිය පමණක් සැලකිල්ලට ගෙන දෙන ඡන්දවල නොව අපේක්ෂකයා සතු අනිකුත් සියලුම සාධක සලකා දෙන ඡන්දවල බව වටහා ගන්න අමාරුයි නේද?

:       0       11

hasantha Sunday, 17 November 2019 05:21 AM

එජාපයට දැන් තේරනව ඇති සුළු ජාතික ඡන්ද බහුතරය සහ මහා ජාතියේ සුළුතරය රැගෙන රජ විය නොහැකි බව.

:       348       570

Ranasinghe Sunday, 17 November 2019 05:26 AM

උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, වියතුන්, දර්ශනවේදීන්, සංකල්පවේදින් ආදී නොයෙකුත් දෙනා සිටි මාලිමාවට දිශාව මාරුවෙලා හරියට අර පණ්ඩිතයන්ට හදපු ප්‍රස්තාපිරුලු වගේ.

:       75       251

Warnakulasuriya Sunday, 17 November 2019 06:20 AM

රණසිංහ මහතා, පණ්ඩිතයන් කියන දේ මෝඩයන්ට තේරෙන්නේ නැති එකටත් ප්‍රස්තා පිරුළක් තිබෙනවාද? මෝඩයා, බුද්ධිමතා, දුෂිතයා,අපරාධකරුවා හඳුනා ගැනීමට රටක ජනතාවට නොහැකි බවට අවු. 71 ක දේශපාලනයෙන් අප තේරැම් ගත යුතුව ඇත.

:       267       338

RanasingheSunday, 17 November 2019 06:47 AM

අපරාධය දිවිපිදූ සගයන් අමතක කොට නවඩ ලිබරල්වාදය වැළද ගැනීමයි. මෝඩකම රටේ මිනිසුන් මෝඩයන් ලෙස සිතීමයි. අප රටේ විශ්වවිද්‍යාල ශේණිගත කිරීම් අනුව අප සිටින්නේ සෝමාලියවටත් වඩා පහළිනි.මක් නිසාදයත් ඒ තැන්වල සිටින්නේද තමා හැර අන් අය මෝඩයන් ලෙස සිතන ඔබලාගේ බහුතරයයි.

:       30       203

GuneSunday, 17 November 2019 07:18 AM

ඔබ වර්ණකුලසුරියට දීපු පිළිතුර දැක්කහමයි මේක ලියන්න හිතුනේ. ඔබ කියන්නේ ආදිකාලේ තිබුණු විප්ලවය පිලිබඳ සංකල්ප ජ.වී.පෙ. තව දුරටත් ගෙන යායුතුයි කියලද? ඒක හින්ද තමයි පක්ෂය තහනම් වුනෙත්. ඔබේ පක්ෂෙත් එහෙම තමයි. කාලයට අනුව වෙනස් නොවන පක්ෂ විතරක් නෙමෙයි සත්ව වර්ගයනුත් මහපොලොවෙන් අතුරු දහන් වෙනවා. ජ.වී.පෙ වටේ විශාල බුද්ධිමතුන් සංඛ්‍යාවක් එකතු වුනා. නමුත් බොහෝ පිරිසක් ඡන්දෙ දෙන්නේ කැපුවත් ලේ අර පාට මේ පාට නිසා මිස විචක්ෂණයෙන් තාර්කිකව සිතා බලා නොවෙයි. ඉතින් අර කියපු උගතුන් කලාකරුවන් ඉදිරිපත් කල කරුණු කොහොම තේරුම් ගන්නද?

:       18       87

kap Sunday, 17 November 2019 05:30 AM

දුටු ගැමුණු , එළාර මානසිකත්වය තියෙන තාක් කල් මේ රටේ දෙමළ සිංහල ජනයා අතර සාමයක් ගොඩ නැගෙන්නේ නැත. මෙය නැති කරන තාක් කල් මේ රට දියුණු වෙන්නෙත් නැත.

:       143       348

MaheeSunday, 17 November 2019 07:29 AM

ඔබ දුටුගැමුණු-එළාර යන්නෙන් අදහස් කරන්නේ සිංහල දෙමළ විරෝධයක් නම් ඔබ වැරදියි. දුටුගැමුණු මහරජතුමා එළාර පැරද වූ පසු එළාර නම් වූ ඒ සර්ව සාධාරණ නරපතියාට කොතරම් ගෞරව කලාද කියා ඔබ දන්නවාද? එළාර සොහොනක් තනවා ඒ ඉදිරියෙන් යන සියලුම රජදරුවන් පවා දෝලාවලින් බැස එළාර රජුට ගෞරව කර යා යුතු බවට රාජාඥාවක් පවා පැනෙව්වා. එළාර රජු වෙත මෙන්ම දුටුගැමුණු රජුටත් ද්‍රවිඩ සෙන්පතියන් සේවය කළා. එළාර රජතුමාවත්, දුටුගැමුණු රජතුමාවත් ජාතිවාදීන් නොවේ. හැබැයි ඔබ කියනවා වගේ මේක තේරුම් ගන්න බැරි බොහෝ දෙනෙක් අද ඉන්නා බව නම් ඇත්ත.

:       1       154

kapSunday, 17 November 2019 09:17 AM

ඔබ වෙනස් විදිහට කිව්වේ මගේ හිතේ තියෙන දේම තමයි.

:       9       37

Chandi Sunday, 17 November 2019 05:34 AM

දැන් මෙතන එජාපේට කඩේ ගිය කට්ටිය කෝ?

:       203       156

pakeerSunday, 17 November 2019 06:21 AM

ඒ කියන්නේ ඔයා කඩේ යන්නේ නිදහස් පක්ෂේටද? කඩේ යන්න සාමාන්‍ය ජනතාව වෙනුවෙන්.

:       21       100

රජින්ද Sunday, 17 November 2019 05:40 AM

උතුරේ මුග්ධ බෙදුම්වාදයටත් නැගෙනහිර උග්‍ර අන්තවාදයටත් එරෙහිව ප්‍රඥාවන්තව සිය ජන්දය දුන් සියලුම සිංහ විරුවන්ට මුළුමහත් ජාතියේම ප්‍රණාමයද නමස්කාරයද හිමිවිය යුතුය.

:       772       784

Shantha Qatar Sunday, 17 November 2019 05:51 AM

සුපිරිසිදු සිංහල ඡන්දෙන් පත්වෙන මැතිදුනි, රට ඔබට භාරයි. දරුවෙකු ඉන්න පියෙකු ලෙසින් දරුවන්ගේ අනාගතය හදන්න. නැවතත් අපේ මව්බිමට ඇවිත් දරුවන් සමග ජීවිතයක් ගත කරන්න පුලුවන් මාර්ගයක් හදන්න. ඔබට දළදා සමිදු පිහිටයි !

:       292       401

kapSunday, 17 November 2019 06:18 AM

ඇයි? ඔයාට දැනටමත් කටුනායක හයිවේ එක පාවිච්චි කරන්න පුළුවන්නේ. සල්ලි ගෙවනවනම් යන්න පුළුවන්නේ.

:       324       57

MaheeSunday, 17 November 2019 09:03 AM

ශාන්ත, ඔබ දැක්කද යාපනය, මඩකලපුව, පුත්තලම දිස්ත්‍රික්ක විතරක් නෙමෙයි අනික් ප්‍රදේශවලිනුත් ගෝඨාභයට ඡන්ද විශාල වශයෙන් ලැබී තිබෙන බව. ඔබේ දැනුම අනුව ඒ ඔක්කොම සුපිරිසිදු සිංහලයෝ වෙන්න ඇති නේද? මොනවා කරන්නද ? කල්පනා කරන එකත් අමාරු වැඩක් නොවැ, නැද්ද?

:       10       29

Yapa Sunday, 17 November 2019 06:04 AM

අද ගණින්නේ ඡන්ද නොවේ. කකියන ලේ ඇති සිංහලයන් ගණනයි. බුදු සරණයි ශ්‍රී ලංකා..!

:       405       510

raasayya Sunday, 17 November 2019 06:41 AM

සිංහල බෙදුම්වාදයේ උච්ච අවස්ථාවක්.

:       457       393

YapaSunday, 17 November 2019 07:31 AM

දකුණ නැත්නම් රටක් නෑ කියන්නේ නිකන් නෙවෙයි..

:       140       151

RamaniSunday, 17 November 2019 08:16 AM

උතුරු නැගෙනහිර බෙදුම්වාදයේ උච්ච අවස්ථාව පෙනෙන්නේ නැද්ද? අපේ රට වෙනුවෙන් රටේ වැඩි දෙනෙක් හිතපු බවයි මේ ඡන්දයෙන් කියන්නේ.

:       0       34

Kelum Sunday, 17 November 2019 06:07 AM

කෝ මේ චානක ලොස් ඇන්ජලීස්.

:       13       85

Wije Sunday, 17 November 2019 06:11 AM

දැන් ආයෙත් ජාතිවාදය අවුස්සන අයට යහපත් කාලයක්. ජයවේවා ශ්‍රී ලංකා !

:       167       509

මුණසිංහSunday, 17 November 2019 06:37 AM

ජාතිවාදයෙන් ඡන්ද ලබා ගත්තේ කවුද බව දැන් පැහැදිලියි නේද?

:       184       217

GuneMonday, 18 November 2019 01:51 AM

මට නම් පැහැදිලියි. ජාතිවාදය නිසා ගෝඨාට සිංහල ඡන්ද වැඩිපුර ලැබුනා. ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද අඩුවෙන් ලැබුනා. ඒකට හේතුව දෙමල, මුස්ලිම් ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය අඩුවීමයි. සජිත්ට සිංහල ඡන්ද වගේම දෙමල, මුස්ලිම් ඡන්දත් විශාල ප්‍රමාණයක් ලැබුනා. ඒකට හේතුව සියලුම ජනකොටස්වල විශ්වාසය දිනා ගැනීමයි.

:       36       10

Voter Sunday, 17 November 2019 06:25 AM

වහල්ලුන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදයද? ඒ අයට ඕනේ නිදහස නෙවේ.

:       44       109

Nethula Edirimanne Sunday, 17 November 2019 06:26 AM

ජනපති ගෝඨාභයට බොරලැස්ගමුවේ සුභාෂිංසනය. ඔබතුමාට ධෛර්යය, වාසනාව ලැබේවා!

:       59       185

බණ්ඩාර-(කැකිරාව) Sunday, 17 November 2019 07:04 AM

නෙලුම් පොහොට්ටුවට ජයවේවා ! ඔන්න අද මුළු ලංකාවේම නෙලුම් පොහොට්ටු පිපුණා .2015 ඔබ අතින් වූ වරද නිවැරදි කරගත් සමස්ත ශ්‍රීලාංකිය ජනතාවට ජයවේවා !

:       66       100

SL Sunday, 17 November 2019 07:18 AM

උතුරේ සිංහල අය එළවන්න කියද්දී, බෝම්බ ගහනවා කියද්දී.බදු බර පටවල රටේ පුද්ගලික ආයතන වසාදමද්දී. බැංකුව කඩලා මහ දවල් කොල්ලකද්දී, කොම්පැනි අයිතිකාරයෝ පඩි ගෙවන්නේ කොහොමද කියලා ලතවෙද්දී බකන් නිලාගෙන හිටපු උතුරේ ජාතිවාදයක් නොදැක්ක නමුත් දකුණේ සිංහලයා ජාතිවාදී කියපු ,හැම අතින්ම සිංහලයා කොන් කරපු අයට නිවැරදි උත්තරේ දැන් දීල තියෙනවා.දැන් හකුලාගෙන යන්න. සජිත් නයකයා කරලා දැන් රනිල් ගෙදර යන්න ඕනේ. සජිත් පැරදුනේ රනිල් නිසා මිසක් සජිත් නිසා නොවේ.

:       16       85

amila Sunday, 17 November 2019 07:46 AM

2015 ජනතාව අතින් වූ වැරැද්ද නිවැරදි කළා. ඉතිරිය ඔබට බාරයි...

:       0       26

ගුණවර්ධන Sunday, 17 November 2019 08:08 AM

" සිව් මහ බඹුන් දුන් විවරණින් අපටත් රජෙක් පහළව ඇතේ.." ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයෙන් පිදුම් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට උණුසුම් සුභ පැතුම් !!!

:       0       43

amila Sunday, 17 November 2019 08:08 AM

නිදාගෙන ඉන්න සිංහයින් ඇහැරවන්න එපා කියන්නේ ඕක තමයි. මේ ආණ්ඩුව නිදාගෙන හිටිය සිංහයාට පොල්ලෙන් ගහලා වැඩ වරද්ද ගත්තා. ලංකාවේ ජනාධිපති තීරණය කරන්නේ සිංහලයින් මිසක් දෙමළ, මුස්ලිම් අය නෙමේ... දෙමළ, මුස්ලිම් අයට රෙදි නැතුව කඩේ යන අයට මේක පාඩමක්....

:       0       50

Ruchira Dematagoda Sunday, 17 November 2019 08:21 AM

රාජ්‍ය අනුග්‍රහය තිබු අන්තවාදී, ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී දේශපාලුවන්ගේ රැවටීම් වලට හසු නොවී ගෝඨාභය මහත්මාගේ ජයග්‍රහණය වෙනුවෙන් නොබියව, එඩිතරව උඩුගම්බලා යමින් තම ඡන්දය භාවිතා කළ උතුරු, නැගෙනහිර ඇතුළු සමස්ත රටවාසි දෙමළ, මුස්ලිම් සහෝදර ජනතාවට අපගේ හද පිරි උත්තමාචාරය හිමිවිය යුතුයි!

:       1       100

MaheeMonday, 18 November 2019 03:19 AM

ඔබ ඔහොම කිව්වට සමහරු කියනවනේ ගෝඨාභය දිනුවේ පිරිසිදු සිංහල ලේ වලින් කියල. ඒ කතාව වැරදිද?

:       1       0

මහකන්දේ විජිත සිරි හිමි Sunday, 17 November 2019 08:28 AM

2005 ප්‍රභාකරන් ඡන්ද වර්ජනය කළ නිසා අනූ නවයෙන් රට බේරුණා.(ඒ තුළ යුද්ධය ඉවර වුණා.) 2019 බුද්ධිමත් මිනිස්සු නිසා රට අනූනවයෙන් බේරුණේ. (ඒ ලංකාව ස්මාර්ට් රටක් වෙන්න. ආසියාවේ ආශ්චර්යමත් රට සෞභාග්‍යමත් රට ලංකාව වීමට.) 2015-2019 අතර යහපාලන කාලය තුළ ඉගැන්නුවේ ගුණමකු, කල ගුණ නැති උනහම වෙන විනාශය.

:       184       283

sudelmi Sunday, 17 November 2019 08:46 AM

මේ මැතිවරණයෙන් අපි දැකපු හොදම දේ ජනතාවගේ පිළි ගැනිම නැති උනහම ජනෙල්වල එල්ලෙන්නේ නැතිව අවුරුදු 20 -30 නායකකමේ ඉන්නේ නැතිව ජනතා කැමැත්තට ගරු කර සියලු තනතුරු වලින් ඉවත් උන ඔබ සැමට සුභ අනගතයක්.රටට දුන්න ආදර්ශය වැදගත්. ඔබලාට ජනතා දේපළ කොල්ලකෑමේ හිතක් නැති නිසා ඔබලා එසේ කලාට මැරෙනකම් මේක අල්ලන් ඉන්න සියලු දෙනාව ඊලග ජන්දෙන් ගෙදර යවන්න .

:       106       133

Chandi Sunday, 17 November 2019 09:10 AM

චානක් ලොස් ඇන්ජලීස්, ඔබ හොඳින්ද?

:       23       54

පිටිගල මිලානෝ Sunday, 17 November 2019 10:07 AM

මිනිස්සු ඡන්දෙ දුන්නේ ඔබට මිසක් හොරුරැලට නෙවෙයි.

:       0       5

muhan Sunday, 17 November 2019 10:34 AM

මෙම ප්‍රතිඵලයෙන් පෙනෙන්නේ රටේ ඉන්න ජාතින් දෙකට බෙදී ඇති බවයි. උතුරට ඕන කෙනා දකුණට එපා, දකුණට ඕන කෙනා උතුරට එපා. නව ජනාධිපතිතුමාට මේ ගැන ගැඹුරින් සිතන්න කියා පතමි.

:       0       39

Ruwan Sunday, 17 November 2019 10:43 AM

ජය වේවා ජනාධිපතිතුමනි !!! චිරන් ජයතු !!!

:       0       13

ආන්ජලෝ නුගාරා Sunday, 17 November 2019 10:46 AM

ශ්‍රි ලාංකික මධ්‍යම පාංතික ජනතාවට අස්වැසිල්ලක් සහ ජයග්‍රහණයකි.

:       0       13

Bandara Sunday, 17 November 2019 06:18 PM

සහෝදරවරුනි, නිකමට දිස්ත්‍රික්ක ඡන්ද ප්‍රතිඵල දෙස බලන්න...

:       0       28

Tharindu nadishan thilakumara Monday, 18 November 2019 02:16 AM

නැවතත් රජෙක් පහළව ඇතේ....!!!

:       0       1

vidya Monday, 18 November 2019 02:16 AM

ගෝඨාභය මැතිතුමනි, ඔබතුමාට විශාල කාර්යභාරයක් කරන්නට තියනවා. දියුරුම් දුන්නට පසුව, ශෝභන පෙළපාලි, වියදම් යන උත්සව, වැනි කාලය කාදමන, මාර්ග අවහිර කරන වැඩවලින් වැළකී ජනාධිපති පුටුවෙහි වාඩිවී බුද්ධිමත්, උගත් පිරිසක් වටකරගෙන හරියට වැඩක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් කිරීමට පටන් ගන්න. මුල හරියට පටන් ගත්තොත් දිගටම යන්නට පුළුවන්..

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 609 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 494 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 480 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 253 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 699 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site