IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගෝඨාගේ පෙත්සම් දෙකම විසිවෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී  මුදල් අවභාවිත  කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු  පිරිසකට එරෙහිව  පවරා ඇති නඩුව විභාගයට අධිකරණ බලයක් නොමැති යයි නියෝග කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති පෙත්සම් දෙකම විභාගයට නොගෙන ඉවත දැමීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) තීන්දු කළේය. මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබිණ.
 
මෙම අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බහුතර විනිසුරු මඩුල්ලේ තීරණය බවද පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති සිසිර ද ආබෲ මහතා  කියා සිටියේය.
 
මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලිණි.
 
ඞී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු  විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනා පෙත්සම්  ඉදිරිපත් කර ඇත.
 
පෙත්සමේ මෙසේද සඳහන් වේ.

ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.

එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු  මූලික විරෝධතාවක් මතු කෙරිණි.එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කෙරිණි.

එම විරෝධතාව පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළද , එයද ප‍්‍රතික්ෂේප කෙරිණි.එම විරෝධතාව ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ඉවත දමා අදාළ  ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට තමාට එරෙහිව නඩුව විභාගයට ගැනීමට අධිකරණ බලයක් නැතැයි නියෝග කරන්නැයි පෙත්සම මඟින් ඉල්ලා ඇත.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපිත නීතීඥ අලි සබ්රි මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් , ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (42)

ගෝඨාගේ පෙත්සම් දෙකම විසිවෙයි

ශ්‍රී Wednesday, 11 September 2019 11:56 AM

කරනකලට පව් මීරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... ඉන්න හිටින්නට කවදත් සුවසේ.. නොකරන් වංචා කිසිදින මෙලෙසේ...

:       3502       3858

ලුම්බිණි Wednesday, 11 September 2019 12:17 PM

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නිදහස් තීරන ගැනීම ලොකුදෙයක්...

:       2862       2305

nishaThursday, 12 September 2019 03:44 AM

මේක බෙදුණු තීන්දුවක් වීමෙන් පෙත්සම සඳහා නීතිමය පදනමක් තියෙන බව පැහැදිලියි.

:       107       14

rohana Wednesday, 11 September 2019 12:34 PM

ඔන්න ඔය වගේ කෙනෙක් තමයි රටේ නායකයා කරගන්න ලංකාවේ බත් කන බූරුවන් දඟලන්නේ...

:       3285       3531

mamiraWednesday, 11 September 2019 01:29 PM

තව නඩු 500ක් විතර තියෙනවා මෙයාට. අලුත්ම එක තමයි මිනී මෝරු ඇතිකිරීම සහ අතුරු දහන් වූවන්ට කන්නට දැමීම...

:       2045       803

BamunuarachchiWednesday, 11 September 2019 02:11 PM

"ඔන්න ඔය වගේ කෙනෙක් තමයි රටේ නායකයා කරගන්න ලංකාවේ බත් කන ඈයො දඟලන්නේ..." ඇයි තුම්සේලගේ ආණ්ඩුව. තුම්සේලාගේ ස්වෛරී අධිකරණය. හැබැයි එහෙම ආණ්ඩුවේ එහෙම අධිකරණයේ තීන්දුවක් දුන්නාම නිදහස් වූ පුද්ගලයාට බනිනවා. මෙහෙම කොටළුවන් 62ක් මේ රටේ ඉන්නවා නේද? එක්කෝ බැනපන් ආණ්ඩුවට, නැතිනම් උගත් විනිශ්චය මණ්ඩලයට එහෙමත් නැතිනම් විත්තියේ නීතිඥයාට.... බනින්නේ නිදහස් වූ පුද්ගලයාට.. මේ ගොල්ලෝ පුත්තලමින් ගෙනාපු අය නොවෙයි කෙලින්ම බූරු දිවයිනෙන් ගෙනාපු කොටළුවන්...

:       677       1655

MaheeThursday, 12 September 2019 02:03 AM

රෝහණ, අනේ ඔය පල්ලෙහායින් කොමෙන්ට් දාල තියෙන බමුණු ගැන දුක හිතෙන්නේ නැද්ද අප්පා? බත් කන බුරුවො ඉන්නවා කිව්වේ වෙන ලංකාවක් නේද? අනේ? හාට් ඇටෑක් හැදෙයි කියලා බය හිතෙනවා බමුණු අඬන හැටියට. බමුණු මහත්තයෝ, ඔබතුමා දුක් වෙන්න එපා. රටේ ඔක්කොම වළං හෝදන වහල්ලු නෙමෙයි නොවැ... ඔවුන්ට ඕනෑදෙයක් කියා ගත්තාවේ කියලා ඔබතුමා හිත හදාගන්න.

:       96       305

Sugath PremalalThursday, 12 September 2019 04:57 AM

රෝහණ ලංකාවේ වූ ලොකුම හොරකම මහබැංකු කොල්ලය ගැන කවුරුත් මොකුත් කියන්නේ නැහැ නේද? කොහොම නමුත් ස්වභාවධර්මය නියම හොරුන්ට නිසි දඬුවම් දේවි..!!!

:       23       57

sirimal Wednesday, 11 September 2019 12:48 PM

තව පෝය කීයද මේ පරිප්පුව කන්න වෙන්නේ නේද මහත්තයා? ඊට පස්සේ බලාගන්න පුළුවන් නඩු හබ විසඳන නියම අකාරය...

:       93       442

රුවන්Wednesday, 11 September 2019 01:49 PM

ඇයි පෝය කිහිපයකින් මොකද වෙන්නේ? ලෝක විනාශය වෙනවද? හීන දකින්න එපා...

:       333       418

BamunuarachchiWednesday, 11 September 2019 03:10 PM

මේ ඔහෙලගේ ආණ්ඩුව. අභියාචනා විනිශ්චය මඩුල්ලකින් පවා ඉවත දැමූ තීන්දුවට වක්‍රව විරුද්ධව කතාකරන්නේ නීතිඥයෙකු ගාව ක්ලවුට් කෙනෙක් හැටියවත් වැඩක් නොකළ උන්දැලා. ඕයි මේක උසාවි තීන්දුව තුම්සේලා මේ ගැන දන්නා බම්බුව මොකක්ද? පත්තරේ කියන දේ අහලා සූප්පුවක් උර උර බුදිය ගන්නවල්ලා. මෙයා සිසිරද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ටත් වඩා නීතිය දන්නවා වගේ කතාව...

:       353       65

sirimalWednesday, 11 September 2019 05:03 PM

ඔහෙලගේ ආණ්ඩුව? මොකද්ද අප්පා ඒ හරුපේ? තකතීරුකම කියන්නේ සුවකර ගන්න බැරි ලෙඩක් නොවේ.

:       80       218

Chanak los angelesWednesday, 11 September 2019 05:41 PM

තවත් පෙත්සම් දානවද? දැන් ඇතිනේද ඕවා දැම්මා. දැන් තිබෙන්නේ නඩුවට පෙනී ඉන්නයි.

:       113       451

චිත්‍රානන්දWednesday, 11 September 2019 11:36 PM

මිස්ටර් බමුණුආරච්චි, ඔබතුමා කියන දේ හරියට තේරෙන්නේ නැහැ. මොකක්ද කියන්න හදන්නේ? ගෝඨාභය කියන්නේ සුපිරි, අමිල චරිතයක් කියලද? එහෙම නැතිනම් අධිකරණය නිවැරදි නැහැ කියලද? එහෙමත් නැතිනම් ආණ්ඩුව මෙතැනදී වැරදියි කියලද? බමුණු මත නැතිව ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න. සිවිල් පුරවැසියෙක් වෙන්න. ඔබතුමා තවමත් ඡන්ද දායකයෙක් වගේ තමයි හිතන්නේ...

:       0       204

BamunuarachchiThursday, 12 September 2019 01:55 AM

ලොස් ඇන්ජලිස්... හලෝ නඩුවක් හැටියට විභාග වෙන්නේ පෙත්සම දැන් නඩුව ඔතැනින් ඉවරයි.

:       315       46

සැම් Wednesday, 11 September 2019 01:01 PM

මේ අයද මේ රටේ ජනාධිපති වෙන්න හදන්නේ? මහජන මුදල් හොරා කාලා ඒවා හොයන්න අධිකරණයට බලයක් නෑ කියන්නලු. මේ අය ඉස්කෝලෙකට පන්සලකට ගිය අයද? මොවුන්ගේ තර්කය වෙන්නේ රාජපක්ෂ පවුලටයි, වටේ ඉන්න ටයි දාගත්තු, සරම් ඇඳ ගත්තු අයට හිතේ හැටියට මහජන මුදල් කොල්ල කන්න ඉඩ දෙන්න ඕනෑ.

:       2187       2317

ATHULA Wednesday, 11 September 2019 01:04 PM

මෙන්න ආදර්ශමත් අනාගත නායකයා... මරුබඩුනේ අනේ දෙවියනේ රට උකස් කරලා නටපු නාඩගම්... රට ගොඩනගන්න නියම පොරවල්...

:       1522       1627

rani Wednesday, 11 September 2019 01:28 PM

විජිත් මලල්ගොඩ කියන්නේ මහින්දගේ ගෝලයෙක්...

:       66       305

Saman Wednesday, 11 September 2019 01:34 PM

කරන්න පුළුවන් ඔක්කොම උප්පරවැට්ටි ටික කාලා නඩුව විසිකරගන්න, වැඩක් වුනේ නෑ...නේද? දැන් පරාද වුනොත් යන්න රටකුත් නෑ.. ඇමරිකන් පුරවැසිකම ඇත්තටම අතහැරලා නම්..

:       116       587

Sena Wednesday, 11 September 2019 01:36 PM

භය නැති නියම නඩුකාරවරු ඉන්නවා තාමත්..

:       144       595

Susil Wednesday, 11 September 2019 01:38 PM

පව් දෙයියනේ.. මොන තරම් සල්ලියක් වියදම් කළාද මේක විසිකරවා ගන්න... ඕක තමයි කියන්නේ හොරකම් කළ සල්ලි ඵලදෙන්නේ නෑ කියලා...

:       4       423

chandra Wednesday, 11 September 2019 02:10 PM

මුරලි මෙයා ගැනද කිව්වේ?

:       129       414

ශ්‍රීWednesday, 11 September 2019 11:38 PM

හැකියාව සමඟ බුද්ධිය ලැබෙන්නේ කිහිප දෙනෙකුට පමණයි චන්ද්‍රා...

:       0       38

WasudewaThursday, 12 September 2019 01:47 AM

අනේ මේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකය‍ා කරගත්ත මෝඩ කමක්... බොරු වර්ණනා කරලා මහජනතාව රවට්ටන්න බැහැ.

:       81       367

Rata Perata Wednesday, 11 September 2019 04:59 PM

බය ගෝඨාගේ බය පේනවා නේද? තව එනවා ජනාධිපති වෙන්න. මේ වගේ අය පස්සේ යන වහල්ලුත් ඉන්නවනේ...

:       514       638

Chanak los angelesWednesday, 11 September 2019 08:35 PM

ගෝඨාගේ සැලසුම නඩුටික ඔහොම නවතාගෙන ජනපති වුණාට පසුව අන්ත්‍රස්ධාන කරවන්න. ඔහු බලය තිබුණු කාලේ හැසිරුණු ආකාරය සිහිකරගන්න කියා මම ජනතාවට මතක් කරමි.

:       0       0

Bamunuarachchi Thursday, 12 September 2019 01:58 AM

මොකද්ද අප්පා ඒ හරුපේ? එ්ක තමයි අර කොටළුවෝ 62 අතිකර ගත්ත තුම්සේත් වහල්කම් කරන යහපාලන ආණඩුව... දැන් හරුපේ තේරුණාද? ඕක මොලෙන් අනලාම කියලා දෙන්න ඕනේද?

:       304       1

athuraThursday, 12 September 2019 04:56 AM

බමුණා තමන්ගේ මොලේ කොලොප්පන් වෙලාද?

:       1       305

BamunuarachchiThursday, 12 September 2019 05:02 PM

බමුණාගේ මොලේ ගැන කතා එපා.. බමුණාගේ අදහසට විරුද්ධ අදහසක් ඉදිරිපත් කරන්න. එ්කයි මෙතැනට අවශ්‍ය... එහෙම කරන්න තරම් උගත්කමක්, හැකියාවක් නැහැ නේද?

:       0       0

Ruwan Thursday, 12 September 2019 02:25 AM

ඇයි බැරි තමන් නිවැරදියි කියලා කියනවා නම් මේ නඩුවලට බය නැතිව මූන දීලා ඔප්පු කරන්න. ගෝඨා පලිහ කරන් අනික් සෙට් එකත් බේරෙන්න දඟලන්නේ..

:       0       205

Don Thursday, 12 September 2019 02:32 AM

ලංකාවේ අධිකරණවලට ඇමෙරිකාවේ පුරවැසියන්ට විරුද්ධව නඩු අහන්න බැහැ කියල තමයි මෙයාගේ තර්කය...

:       0       208

kk Thursday, 12 September 2019 03:38 AM

යූඑන්පී, ජේවීපි අය හිතාගෙන ඇති දැන් ඔවුන්ට පුළුවන් සජිත්ව හරි, ලපයව හරි ජනාධිපති වෙන්න පුළුවන් කියලා...

:       250       69

athuraThursday, 12 September 2019 04:59 AM

ඔයා හිතන්නේ මෙතන අදහස් දාන ඔක්කොම තමුන් අර පවුලට කඩේ යනවා වගේ ඔයා කියලා තියන පක්ෂ දෙකට කඩේ යන අය කියලද?

:       0       204

Lion Thursday, 12 September 2019 03:59 AM

අම්මගේ, තාත්තගේ සොහොන් රටේ මිනිසුන්ගේ සල්ලි වලින් හදන කෙනා තමයි අපට වියත් මග කියාදෙන්නේ...

:       0       322

BamunuarachchiFriday, 13 September 2019 04:07 AM

එතකොට තුම්සේලාගේ සොහොන් ඉදිවෙන එක නැවැත්තුවා. එ්කගැන මොකද කියන්නේ? වියත් මග තුම්සේලාට කියාදෙන එකක් නොවෙයි. එ්ක රටේ උගත්, බුද්ධිමත් අයට කියා දෙන එකක්. තුම්සේලාට කියා දෙන්නේ පොල්පිති න්‍යාය. එජාපෙන් එන ඕනෑම පොල්පිත්තකට ඡන්දය දෙන්න. හරිද?

:       0       0

Mahinda Thursday, 12 September 2019 05:30 AM

නොදන්නා හඬ අහන්නේ හොරගොල්ලේ සමරේ.. හැදුවේත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද?

:       1       13

BamunuarachchiFriday, 13 September 2019 04:09 AM

දන්නා හින්දයි කියන්නේ මේ ස්මාරකේ හැදුවෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නොවෙයි.

:       0       0

rohana Thursday, 12 September 2019 07:10 AM

බමුණෝ එතකොට මංජු ශ්‍රී ව මරන්න හිරේ හිටපු 25 මරපු එක හරිද? බලන්ගොඩ පැත්තේ විෂ්ණු රූප කලා නිල මැණික් ගත්ත එක හරිද? වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සුන්ට වෙඩිතියපු එක හරිද අනේ?

:       0       4

BamunuarachchiFriday, 13 September 2019 04:03 AM

හරියට හරි...

:       0       0

සෙනෙවිරත්න Friday, 13 September 2019 09:09 AM

මෙතුමා කිසිම විටෙක සොහොන් හදපු එක වැරදියි කියන්නේ නැහැ. චෝදනා වැරදි කියලා නඩු කල්දාන්න උප්පරවැට්ටි දානවා අනේ... මෙයාගේ වියත්මග පල්හොරු, කබ්රාල් ගොඩහේවා...

:       0       2

BamunuarachchiMonday, 16 September 2019 05:03 AM

මෙහෙමත් අය ඉන්නවනේ.....

:       0       0

lalithm Monday, 16 September 2019 07:12 AM

වියත්මග කියන්නේ හොර නඩයක් වගේ පෙනෙන්නේ. බොහෝදෙනෙක් මොනවා හෝ චෝදනා තියෙන අයවලුන්. මමත් රතුපස්වල හින්දා වදවිඳින කෙනෙක්. අපේ හොඳට තිබුණු ළිංවල වතුර බොන්න බැරිව ගියා. ඒ කාලේ එක මන්ත්‍රියෙක් කිව්වා ඕක විපක්ෂයේ බොරු චෝදනාවක් කියලා... තවමත් එකඑකාට කඩේ යන එක කණගාටුවට කරුණක්. තමන් නිවැරදි නම් චෝදනා වලට මුහුණදී නිවැරදි වෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 187 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 222 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 236 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 511 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 446 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1857 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1526 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site