IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෙදරට එවූ ඖෂධ වැරදී දෑස් අන්ධ වූ සිසුවාට මුල්‍ය පරිත්‍යාගයක්

(ඩයනා උදයංගනී)

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16 හැවිරිදි දරුවාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් පරිත්‍යාග කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත් වීමෙන් දිලීප් හේරත් හා වෛද්‍ය ප්‍රසන්න රත්නායක මහත්වරුන්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙම මුදල් පරිත්‍යාගය සිදුකර තිබේ.

ලෙනින් නිරෝෂන් දරුවා වෙත එම මුදල ලබාදීම රාජ්‍ය අමාත්‍යවරයා අතින් එම අමාත්‍ය කාර්යාලයේ දී අද (28) සිදුකෙරිණි.

මෙම දරුවාගේ අනාගතය වෙනුවෙන් දෙනෙත් පාදා දීමට අවශ්‍ය සියලු කටයුතු සඳහා තමන් මැදිගහත් වන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින මෙම දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

 



අදහස් (16)

ගෙදරට එවූ ඖෂධ වැරදී දෑස් අන්ධ වූ සිසුවාට මුල්‍ය පරිත්‍යාගයක්

Bamunuarachchi Monday, 28 September 2020 12:06 PM

වෙලාවේ හැටියට බෙහෙත් කර ගැනීමට මෙම මුදල වටිනවා. ඒ කෙසේ වෙතත් අන්තර්ජාල පහසුකම් තිබෙන අය තමන්ට ලැබෙන බෙහෙත්වල නම් කියවා බලාගන්න. වරක් මම එසේ බලද්දී ගැස්ට්‍රයිටීස්වලට බොන බෙහෙත් ලැබී තිබුණා. මම දොස්තරට කෝල් කරලා ඇහුවා ඇයි මේ ගැස්ට්‍රයිටීස් වලට දෙන බෙහෙත් දුන්නේ කියලා. දොස්තර මට කිව්වා මට දීලා තිබුණු අනිත් බෙහෙත්වලින් ගැස්ට්‍රයිටීස් එන්න පුළුවන් නිසා දුන්නා කියලා.

:       4       22

kap Monday, 28 September 2020 12:28 PM

වෙන රටවල මේවගේ දේවල් වුණාම, කෝටි ගාණක වන්දි ගෙවන්න වෙනවා. නමුත් මේ රටේ ඉන්න අය ලක්ෂයක් දීලා තමන්ගේ නිරුවත වහගන්න යනවා. මේ ඇමතියා කරන්න ඕනෙ සල්ලි දීලා මේ ළමයාගේ කටවහන එක නෙමෙයි. මේ වගේ දෙයක් වුනේ කොහොමද කියලා හොයලා බලලා නැවත ඒවගේ දෙයක් නොවෙන්න සිස්ටම් එක හදන එක... ඒ වගේම ඒ වැඩේ කරපු නොසන්ඩාලයාට නීතියෙන් දඬුවම් දෙන එක. අහිංසකයින්ට පගාව දීලා හැමදෙයක්ම යටගහන තුප්පහියන් ඉන්න රටක්...

:       11       105

fairoos Monday, 28 September 2020 01:01 PM

එතකොට වැරැද්ද කරපු කෙනාට දඬුවමක් නැද්ද?

:       1       45

BamunuarachchiTuesday, 29 September 2020 05:45 AM

ඒක වෙනම කතාවක්. මෙතන කියන්නේ අසරණ වුන දරුවට බෙහෙත් කර ගැනීමට මුදල් ආධාරයක් දීම ගැනයි.

:       2       1

Raveendra Monday, 28 September 2020 02:17 PM

මේ ඇමතිට සුදුහුණු තවරනවා ලෙස නොසිතන්න. කට වැසීමට අවශ්‍යම නම් සල්ලි නොදීම එය කළහැකි නොවේද? මන්ද ඔබ අප සියල්ලන්ම සිටින්නේ එවන් දූෂිත අවලං සමාජයක බැවිනි. කෙසේ වෙතත් "මෙම වැරැද්ද කළ කෙනාට නම් "උපරිම දඬුවම් ලබාදීම කළ යුතුයි යන්න අපද තරයේ විශ්වාස කරන්නෙමු.

:       13       17

Champa Monday, 28 September 2020 02:48 PM

ලක්ෂයක්? ලක්ෂයක් කියන්නේ කොච්චර පොඩි මුදලක්ද? අඩු ගානේ බෙහෙත් ටිකවත් ගන්න මේ මුදල ප්‍රමාණවත්ද? මේ දරුවා ඉගෙන ගන්න දරුවෙක්. ඔහුගේ මුළු අනාගතයම අඳුරු වුනා මේ වැඩෙන්. වියත්මඟ කට්ටියට මීට වඩා කල්පනා කිරීමේ ශක්තියක් තියෙන්න එපෑයැ... අඩු ගානේ කෝවිඩ් ඉවර වුණාම හරි මේ දරුවාව දේශපාලකයෝ බෙහෙත් ගන්න යන රටකට යවලා ඇස් පෙනීම හොඳ කරවන්න ජනාධිපති අරමුදලෙන් මුදල් ප්‍රමාණයක් දැන්මම වෙන්කරලා තියන්න බැරි අමාරුව මොකක්ද?

:       5       108

Akila Monday, 28 September 2020 04:24 PM

ලජ්ජා නැතිව කාර්යාලයටම ගෙන්වලා ලක්ෂයද දෙන්නේ? මේ ඇමතිගේ දවසේ වියදම කීයද දන්නේ නැහැ.

:       0       2

Sumudu Monday, 28 September 2020 05:59 PM

මේ මුදල් ලබාදුන්නනේ එම වරදට සම්බන්ධ වෛද්‍යවරුන් නොව මේ දැකීමෙන් කම්පාවට පත්වූ පත් වූ පරිත්‍යාගශීලීයෙකි. ඇමතිවරයා සිදු කළේ එම පරිත්‍යාගයට අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමක් පමණි. මේ වන්දි මුදලක් ලබා දීමක් නොවේ.

:       0       2

Rohana Tuesday, 29 September 2020 01:58 AM

මෙන්න වියත්මගේ වියතුන්ගේ වැඩ. දරුවගේ ජීවිතයම උදුරගත්තා නේද?

:       0       1

rocky Tuesday, 29 September 2020 02:56 AM

චම්පෝ, ජනාධිපති අරමුදල තියෙන්නේ දේශපාලුවන්ට සුවසේ හැදුණාම පිටරට ගිහින් ප්‍රතිකාර ගන්න වියදම් කරන්නයි. ඒකට අතතියන්න හොඳ නැහැ. ඔය කියන ළමයාට ගමේ ඉන්න ඇස් වෙද මහත්තයෙකුට බුලත් අතක පනම් 8ක් තියලා දීලා නියම සිංහල ප්‍රතිකාරයක් ගන්න පුළුවන් නේද? ජාතික සංවර්ධනය වෙනුවෙන් අපි කවුරුත් අනවශ්‍ය වියදම් කපාදාලා අරපිරිමැස්මෙන් කටයුතු කළ යුතුයි.

:       0       2

rocky Tuesday, 29 September 2020 02:58 AM

බමුණාට ගැස්ට්‍රයිටීස් බෙහෙත් නියම කළේ පශුවෛද්‍ය වරයෙක්ද? 

:       0       4

Perera Tuesday, 29 September 2020 03:55 AM

ලංකාවේ ඉගෙන ගන්න දරුවෙකුගේ එක ඇහැක් තක්සේරු කරන්නේ 50000කටද?

:       2       0

sharm warn Tuesday, 29 September 2020 04:19 AM

ජීවිත කාලෙම අන්ධ වුණු ළමයෙකුට ලක්ෂයක් දුන්නාම හරියනවාද? කෝටි ගණන් මහජන මුදල් ගසාකන ගමන් ලක්ෂයක් දෙනවා මහලොකු වැඩක් වගේ... බයියන්ට නම් මේවා තොරණ් වගේ.

:       2       1

ලුම්බිණි Tuesday, 29 September 2020 04:43 AM

ඇමතිතුමා, වැරැද්ද කළවුන්ට දඬුවම් දෙන්න.

:       0       1

nalin Tuesday, 29 September 2020 06:13 AM

රුපියල් ලක්ෂයක්නේ දීලා තියෙන්නේ.. රු ලක්ෂයකට ගන්න පුලුවන් පොල් ගෙඩි 1000ක් වගේනේ.. ඇස් දෙකේ වටිනාකම එතකොට පොල් ගෙඩි 1000යි.

:       2       1

Binkunndaa Tuesday, 29 September 2020 07:49 AM

ලක්ෂයක් පොල් ගාන්නද? වැඩේ ඉවර වෙනකොට මේ මිනිස්සුන්ගේ ගේ දොර සින්නවෙලා ලක්ෂ 25ක් වත් යයි සුවය ලබනකොට...

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 25 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 305 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1696 3

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 190 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 630 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 987 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site