IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුවන් මගීන්ට පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කෙරේ

( තිළිණි ද සිල්වා )

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද(01) සිට ඇරඹූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය 

එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

උඩුගම්පළ කාර්යාලයේදී අද( 01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේ ය. 

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව ද ඇමතිවරයා මෙහි දී කීවේය. 

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ලෝකයේ බොහෝ ගුවන් තොටුපළ මේ වන විට නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි මාස වල දී මෙලෙස ලෝකයේ විවිධ ගුවන් තොටුපළ විවෘත කෙරුණද විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමේ වැඩපිළිවෙල නිසා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ අගෝස්තු මස මුලදී යැයිද කියා සිටියේය. 

අගෝස්තු මුල දී සංචාරකයන් සදහා කටුනායක ගුවන් තොටුපළ විවෘත කෙරුණ ද පැමිණෙන සියලු සංචාරකයන් ගුවන්  තොටුපළේ දී අනිවාර්යෙන් ම පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් , රට තුළට කොවිඩ් 19 රෝගියෙකු ඇතුළු වීම වැළැක්වීම මෙහි අරමුණ බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කියා සිටියේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වීමේ වැඩසටහන අතරමග නතර නොකරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විදේශ රටවල කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව බව ද කීවේ ය. 

මේ වන විට රටවල් 21 ක විදෙස්ගත ශ්‍රමිකයන් 10,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙනවිත් නිරෝධායනය සදහා යොමු කර ඇත. තවත් 20, 000 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිති. ඔවුන්ව ද දිවයිනට ගෙන්වා ගැනීම විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කෙරෙන බව ද ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (4)

ගුවන් මගීන්ට පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කෙරේ

de silva Monday, 01 June 2020 09:49 AM

අගෝස්තු මාසේ වෙනකොට අතරමන් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි ...

:       5       4

rama Monday, 01 June 2020 10:42 AM

ඔය කියන රටවල් වලට සවුදි අරාබිය අයිති නැද්ද? එහෙ මිනිස්සු එවන්නේ රට සල්ලි නෙවේද ? මෙච්චර කල් මේ රටේ ඉන්න එක්කෙනෙක්වත් ගෙන්න ගත්තේ නෑ. මැරිලා ඉවර වෙනකන් ද බලන් ඉන්නේ?

:       2       4

රජින්ද Monday, 01 June 2020 12:00 PM

මෙතන මේ ලෝකෙම ඉන්න ලාංකිකයින් ලංකාවට ගෙන්න ගන්න කියලා කෑ මොරදෙන අය බහුතරයක් විපක්ෂය නියෝජනය කරන පිරිස් බව පැහැදිලියි. නැතිනම් මොලයක් බුද්ධියක් තියෙන ඕනෑම අයෙක්ට වැටහෙනවා අපි වගේ කුඩා රටක් අවම පහසුකම් එක්ක පසුගිය මාස දෙකක් තිස්සේ මේ රටේ වාසය කරන අයටත්, පිටරටවලින් මෙරටට පැමිණි අපේම අයටත් මේ උවදුරෙන් මුදවාගන්න මොනවද නොකළේ කියලා. දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපිට විදෙස්ගත හැමෝවම ගෙනැල්ලා මේක අස්සේ දාගන්න බැහැ, රටේ තත්වය ගැන කුහක නොවී ප්‍රායෝගිකව සිතිය යුතුයි.

:       1       3

de silva Monday, 01 June 2020 01:10 PM

රජින්ද මහත්මයා ලංකාවට එන්න ඕනේ කියලා ඉල්ලුම් කරලා තිබෙන පුරවැසියන් 40000ම කොරෝනා රෝගීන් නොවේ... සංචාරකයින් නොමැති නිසා වසා දමලා තිබෙන මධ්‍යම ප්‍රමාණයේ හෝටල් කාමර 10000-20000 දැනට ලංකාවේ තිබෙනවා.. මේවා තුළ වෙන්වෙන් වශයෙන් නිරෝධායන කටයුතු පහසුවෙන් කරන්න පුළුවන්... සාමාන්‍යයෙන් කෙනෙකු දවස් 7ක් පමණ වෙන්කරලා තියලා පීසීආර් පරීක්ෂණය කරලා කොරෝනා ආසාධිත නැතිනම් නිවෙසට වෙලා තව දින 14ක් නිරෝධායනය වෙන්න ලෙස උපදෙස් දීලා ගෙදර අරින්න පුළුවන්... මේ කටයුත්ත කරගන්න අවශ්‍ය පහසුකම් තියාගෙන අපේ පුරවැසියන් ජීවිතය පවා අවදානමේ දමාගෙන විදේශ රටවල අනාථ කඳවුරුවල දුක් විඳින්න දෙන්න හොඳ නැහැ. ඔබ, මම සහ මැදපෙරදිග ඉන්න අපි හැමෝම ශ්‍රී ලාංකික පුරවැසියන්... හදිසි අවස්ථාවක මව්රටට එන එක අපේ මූලික මිනිස් අයිතිවාසිකමක්... එවැනි මූලික අයිතිවාසිකමක්වත් ආරක්ෂා කරන්න බැරි ආණ්ඩුවකින් සහ නිලධාරින්ගෙන් වැඩක් තිබේද?

:       2       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 2 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 114 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 92 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 84 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 250 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 172 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site