(කුෂාන් ජයවර්ධන සහ දයාරත්න ඇඹෝගම)
ගිනි අවි දෙකක් සමඟ මුස්ලිම් ජාතික සැකකරුවන් දෙදෙනෙකු අද (26) ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මස්සිනාලා බව පොලිසිය හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් නෙල්ලියගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෝ වෙති.
සැකකරුවෝ වයස අවුරුදු 35 - 40 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
ග්‍රීස් ගල්වා සකස් කරන ලද බෝර 12 වර්ගයේ ගිනිඅවි දෙකක්, පීවීසී බට දෙකක ඇසුරුම් කර තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී එම ගිනි අවි සඳහා යොදන ජීව පතොරොම් 42ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - කුෂාන් ජයවර්ධන)
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගිනිඅවි සමඟ මස්සිනාලා දෙදෙනා අත්අඩංගුවට
kumara Friday, 26 April 2019 08:51 AM
පුත්තලමේ බූරුවා හිතන් ඉන්නේ ඉංග්‍රීසියෙන් ඒන ලිපියක් සිංහලයට පරිවර්ථනය කර යැවූ පමණින් බුද්ධි අංශ සක්‍රීයයි සිතාය. නිවැරැදි සක්‍රීය බුද්ධි අංශයක් තිබුණා නම් අදාල සැකකරුවන් පැය 24ක් ඇතුළත කුදලාගෙන හැකියාව තිබිය යුතුයි..