IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගින්න නිව්වාට කෝටි 34 ක් වන්දි ඉල්ලයි

(*** රංජන් කස්තුරි සහ *** මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට දැරූ වියදම් සඳහා රුපියල් කෝටි 34ක වන්දි මුදලක් ලබාදෙන්නැයි නීතිපතිවරයා එම නෞකාවේ හිමිකරුවන්ට ඊයේ (16) දැනුම් දුන්නේය.

නෞකාවේ ගින්න නිවීමට අදාළ සියලු කටයුතු සඳහා ශ්‍රී ලංකාවට දැරීමට සිදුවූ වියදම හානි පූර්ණය කිරීම සඳහා එම මුදල ඉල්ලන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන්ට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.

නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළම ඩොක්යාඩ් සමාගම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හෙවත් මීසා ආයතනය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලු ආයතන ගින්න නිවීම සඳහා කළ වියදම මෙලෙස ගණනය කර ඇති බව ද නිශාරා ජයරත්න මෙනවිය කීවාය.

මෙලෙස ගණනය කර ඇත්තේ පෙරේදා (15) දිනය දක්වා කළ වියදම් පමණක් බව ද නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතට රැගෙන ගිය පසුව ශ්‍රී ලංකාවට දැරීමට සිදුවූ මුළු වියදම ගණනය කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බව ද ජයරත්න මෙනවිය සඳහන් කළාය.

තෙල් කාන්දුව නිසා සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් සොයා බලාගෙන යන අතර එහි වාර්තා ඉදිරි දින කිහිපය තුළ නීතිපතිවරයා වෙත ලැබීමට නියමිත බව ද ඇය පැවැසුවාය.

 



අදහස් (6)

ගින්න නිව්වාට කෝටි 34 ක් වන්දි ඉල්ලයි

Rata Perata Thursday, 17 September 2020 06:18 AM

වියදම් සල්ලි ඉල්ලන එක කාගෙවත් වීර ක්‍රියාවක් නොවෙයි.

:       118       50

jamboThursday, 17 September 2020 07:31 AM

ඇයි? නැව බාප්පාගේද?

:       19       18

jambo Thursday, 17 September 2020 07:24 AM

ඔය සුමාන ගණන් මුහුද මැද්දේ කරපු මෙවැනි දරුණු රාජකාරීවලට ලැබෙන්නේ කොටි 34ක් පමණද.?

:       34       3

අජිත් Thursday, 17 September 2020 08:17 AM

හොඳටම මදි. නැවේ තෙල් එක්ක මුළු වටිනාකමින් 50%ක් වත් ගන්න ඕනෑ.

:       29       101

මුණසිංහ Thursday, 17 September 2020 11:00 AM

දැන් කියයිද දන්නේ නැහැ අපි නිවන්න කිවුවේ නැහැ කියලා? එහෙම අයනේ ඉන්නේ.

:       0       0

Bamunuarachchi Friday, 18 September 2020 01:24 PM

ගින්න නිවන්න වතුර වලට සෑහෙන වියදමක් දරන්න ඇති නේද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 336 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 153 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 99 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 349 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 369 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 642 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site