IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ගිංතොටදී පොලිසියත් අසමත් - පොලිස්පති

(සිරංගිකා ලොකුකරවිට)
 
ගිංතොට සිද්ධියේ දී පොලිසියත් ගම්වැසියනුත් අසමත්ව ඇතැයි ද වළක්වාගත හැකිව තිබූ ගැටුමක් වළක්වා ගත නොහැකි වීමෙන් ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එක්වී ඇතැයි ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව කියා සිටියේ අද (20) ගාල්ල නගර සභා ශාලවේ දී ගිංතොට ගැටුම සිදුවූ ගම්මානවල ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා පැවැති රැස්වීමේ දී අදහස් දක්වමිනි.
 
පොලිස්පතිවරයා කියා සිටියේ මේ ගැටුමේ දී සමස්ථ සිද්ධීන් 116ක් වාර්තා වී ඇති බවයි. ඉන් නිවාසවලට හානි වූ සිද්ධි 74ක් වාර්තාවන බව ද ඔහු කීවේය. ඊට අමතරව වෙළෙඳ සැල් 16ට අලාභ හානි සිදුව ඇති බවත් ත්‍රී රෝද රථ හයක් ලොරියක්, වෑන් රථයක් හා යතුරුපැදි  තුනක් හානියට පත්ව ඇති බවත් දේපළ සොරකම් කිරීම් අටක් වාර්තාවන බවත් පොලිස්පතිවරයා කීවේය.
 
මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 22 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිති.

 



අදහස් (19)

ගිංතොටදී පොලිසියත් අසමත් - පොලිස්පති

රවින් Monday, 20 November 2017 01:08 PM

කාට දඬුවම් නොකලත් කමක් නැහැ. හැබැයි අර දේශපාලකයාට නම් උපරිම දඬුවම ලබා දියයුතුයි. අර අරාබිකරයේ තියන ගල් ගහලා මරාදැමීම වගේ එකක්....

:       109       319

amila Monday, 20 November 2017 01:14 PM

වලක්වන්න බෑ අපේ හාමුදුරුවනේ... මට සමාවෙන්න.

:       97       106

nisar Monday, 20 November 2017 01:16 PM

වාර්ෂික ගිනි මගුල් උත්සවයක් පවත්වන්නේ නැතිව කොහොමද රට ඉස්සරහට ගෙනියන්නේ? මේක මගේ පුරුද්දනේ...

:       30       136

ravi Monday, 20 November 2017 02:27 PM

මේවා මේ අපේ රටේ පවතින මුඩුක්කු සංස්කෘතියෙන් පැවතීගෙන එනදෙවල් ... මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණු අවස්ථාවක ... නීතිය තමන්ගේ අතට අරන් ... වෙඩි තියාගෙන, කපාගෙන, කොටාගෙන, පිහිවලින් ඇනගෙන ... ඊට පස්සේ තමයි පොලිසියට දන්වන්නේ ..

:       1       204

Ranjith Silva Monday, 20 November 2017 02:46 PM

භාවනා කරන්න හරියට කියලා දෙන්න වෙනවා.

:       101       72

SUDATH Monday, 20 November 2017 03:36 PM

මේක අපේ හිටපු ලොක්කන්ගේ වැඩක් අපේ හාමුදුරුවනේ ..!!!

:       69       104

dhamneth Monday, 20 November 2017 03:46 PM

මෙම ගැටුමටත් මිට පෙර අලුත්ගම සිදුවූ ගැටුමටත් රිය අනතුරු මුල්වූ බව පැවසෙනවා. රිය අනතුරක් සිදුවුවාහම නීත්‍යානුකුලව කටයුතුකරනවා මිසක් ජනතාවට නීතිය අතට ගැනීමට ඉඩදිය යුතු නැත. රියදුරා අතින් අනතුර සිදුවුනාම වාහනයට ගිනිතියනවා. නමුත් වාහනයේ අයිතිකරු රියදුරා නොවෙයි. පාඩුව වෙනත් අහිංසක මිනිහෙකුට. ඒවගේම රක්ෂණ වන්දි ගෙවීමෙන් රක්ෂණ සංස්ථාවත් පාඩු ලබනවා. මේ කරුණු ගැන පොලිසිය ජනතාව දැනුවත් කලයුතුයි. ආගමික නායකයින්ටත් පුළුවන් ජනතාව දැනුවත් කරන්න.

:       0       0

sarath Monday, 20 November 2017 04:00 PM

පත්කරලා තියෙන්නේ නිසි ක්‍රමවේදයක් හෝ උපාය මාර්ගයක් යොදවලා රටේ සාමය රැකගන්න පෙරමුණ ගන්න නේද? එහෙම බැරිනම් නම්බුකාර පිටින් තනතුරෙන් ඉවත්වෙලා තවත් පොලිසියේ ඇති දක්ෂ, අවංක, රටට සැබෑ ආදරය කරන නිලධාරි මහතෙකුට දීලා ගෙදර යන්න. නැත්නම් ජනාධිපතිතුමාගෙන් තානාපති තනතුරක් අරගෙන විවේක ගන්න යන්න. අනිත් බොහෝ තානාපතිවරු වගේ. අපේ ජනාධිපතිතුමා බොහොම දක්ෂයි. එවැනි පත්වීම් දීලා පසුව බොරුවට කේන්ති ගන්න. ඔබතුමා තනතුරෙනුත් අසමත් භාවනා වැඩ පිළිවෙළෙනුත් අසමත්. රටේ නායකයෝ දෙන්නත් අසමත්. මේක තමයි තිත්ත ඇත්ත.

:       4       310

gintota Monday, 20 November 2017 05:17 PM

පොලිසියට නිතර උදව් කරන ගින්තොට මදාවියෙක් මේකේ මුල්තැන අරන්තියෙනවා කියලයි ආරංචිය.

:       0       0

kavantissa Monday, 20 November 2017 06:05 PM

අර පනාවෙන් හිස පීරන ඇඟිල්ලෙන් දත් හාරන සංඝයා වහන්සේලාට විනය කර්ම ගැන පාඩමක් කියා දුන්නහම නරකද?

:       34       0

Thilak Tuesday, 21 November 2017 12:04 AM

පොලිසිය කොහෙද අසමත් නොවන්නේ ....

:       31       40

anura Tuesday, 21 November 2017 12:47 AM

ඔබතුමා පොලිස්පති නේද? පණිවුඩ හුවමාරු ඉතා දියුණුව පවතින යුගයක යම් සිද්ධියක් වර්ධනය වන මොහොතක ඒ බව ඔබ නොදැන සිටියා ද? නැතිනම් භාවනායෝගීව සිටියා ද?

:       32       2

චමත් Tuesday, 21 November 2017 02:52 AM

ලංකාවේ පොලීසිය කොහොමත් හැම දේකදිම අසමත් තමා මහත්තයෝ. හැබැයි අහිංසකයන්ට පාට් දාන්නත්, හයිරන් කාරයන්ට සැලුට් ගහන්නත් සමත්.

:       0       207

kavantissa Tuesday, 21 November 2017 03:01 AM

රට වැසියන්ගේ හික්මීම බිඳ දාගෙන මෙහෙම වැඩ සිදුකරගෙන පොලිසියට දොස් පැවරීම බොරු වැඩක්. කෝ පංච සීලය? කෝ අෂ්ටාංග සීලය? කෝ දස සීලය? තෙවලා දහම දන්නා උන්විය මොකද නිහඬ වී ඉන්නේ?

:       69       82

yaka mahathtyhaya Tuesday, 21 November 2017 03:39 AM

බැරිද මහත්තයෝ අර කොලර් එකෙන් අල්ලලා දෙකක් හොම්බට ඇනලා බලන්න. ඒ විදිහ හරි යයි

:       0       3

sunil Tuesday, 21 November 2017 07:23 AM

පොලිස්පති තුමා, අසමත් වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නොවේ අද. මේ රටේ ජනතාවයි. ඔවුන්ව අසමත් කරලා තියෙන්නේ කවුද කියන එක මී ළඟ කතාවේදී කියන්න ඔබතුමාම හොයාගන්නවානම් හොඳා!

:       0       1

Bamunuarachchi Tuesday, 21 November 2017 11:31 PM

පොලිස්පතිතුමනී මහජනයා කැලඹුනොත් ඔය කව්රුත් අසමත් බව දන්නේ නැද්ද. මහාජනයා කීවම ඔබේ මව් පිය දූ දරුවනුත් අයිතිය

:       0       0

nihal Thursday, 23 November 2017 07:56 PM

සරත් බොහොම හරි. ඉතාම වැදගත් දෙයක් පවසා ඇත.

:       0       0

Sathyayaa Saturday, 25 November 2017 05:12 AM

පොලිස්පති අසරණ වෙලා නැහැ. කුජීතවෙලා තියෙන්නේ පාලන ක්‍රමයයි. හොඳ නිලධාරීන් කොපමණ හිටියත් ඔවුන්ගෙන් වැඩ ගන්න අදක්ෂ වෙලා ඉන්නේ පාලකයෝ. නරක වැඩක් වුණත් කරන්න නිලධාරියෙක් පෙළඹෙන්නේ රජයේ වරදින්. අන්තිමට සුපුරුදු අන්දමට මිටි තැනින් ජලය ගලා බසිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1635 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 643 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1047 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 984 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 376 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 561 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site