IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගාස්තු රහිතව ඉ - තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාවක්

(තිළිණි ද සිල්වා) 

පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව ඉ - තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

අධ්‍යාපන අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව සියලු දුරකථන සමාගම් වල එකගත්වය මත මෙම පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ. 

ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108) ඔස්සේ ඉ - තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23  සිට අවස්ථාව සැලසේ. 

ඉ - තක්සලාව වෙත පිවිසෙන සියලු පාසල් දරුවන්ට විෂය ක්‍රියාකාරකම්, ප්‍රශ්න පත්‍ර සහ පෙළපොත් ආශ්‍රිත අභ්‍යාස ඇතුළු ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් වන පාඩම් මාලා රැසක් සමඟ එක්වීමට අවස්ථාව සැලසේ. 

1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ විද්‍යුත් අන්තර්ගතයන්ද ,  10 -11 ශ්‍රේණි සඳහා වීඩියෝ පාඩම් ද 1-13 ශ්‍රේණි සඳහා විභාග ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය , අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර , 1 සිට 13 ශ්‍රේණිය දක්වා  විෂයානුබද්ධව සකස් කළ විනෝදාත්මක වැඩසටහන් ඊ - පුස්තකාල, ශබ්දකෝෂ, සහ තවත් කියවීම් ද්‍රව්‍ය රැසකින් සමන්විත වෙයි.

කොරෝනා වයිරසය ආසාදිත දෙවැනි රෝගියා හඳුනාගත් අවස්ථාවේදීම රටේ දරුවන්ගේ නිසි ආරක්ෂාව උදෙසා පාසල් නිවාඩුව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ගත් තීරණය වඩාත් අර්ථවත් වන්නේ මෙම නිවාඩු සමය තුළ දරුවන් ඉගෙනීම සඳහා  නැඹුරු කරවීමෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ඕනෑම දුරකථන ජාලයකින්  නොමිලේ ඉ - තක්සලාව වෙත පිවිස ඔබට ලැබී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් දරුවන්ට දැනුම් දෙයි.

 



අදහස් (6)

ගාස්තු රහිතව ඉ - තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාවක්

ranjith Friday, 27 March 2020 12:29 AM

හොද පියවරක් මේ ආකාරයට පසෙල් දරුවන්ට ඉ තාක්ෂණය යටතේ මෙන්ම පාසලේද? එකම කාලසටහනකට විෂයන් ඉගෙන්වීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න එමගින් මෙවන් අවස්ථාවල මෙන් වර්ජන තියෙන කලසීමවලද මෙන්ම ගුරුවරුන්ගේ අඩුපාඩු නිසා පාසල් අතර එති විෂමතාවය නෙති කරන්න පුළුවන් මේ ආකාරයටම විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපන ආයතන හෙමකටම ක්‍රියාත්මක කරන්න.

:       1       1

Student Friday, 27 March 2020 01:15 AM

මේකේ ඩේටා ගාස්තු අය නොකරන්නේ ඊ තක්සලාව පාඩම් සඳහා පමණයි.

:       3       1

S. Malika madubashini Tuesday, 28 April 2020 06:39 AM

හොදයි.

:       0       0

S. Malika madubashini Tuesday, 28 April 2020 06:41 AM

මේක අපිට ගොඩක් වටිනවා.

:       1       0

Imasha jayani Thursday, 16 September 2021 10:16 AM

ඉතාමත් හොඳ වැඩක් මේ වෙලාවේ.

:       0       0

ඉමාෂා ජයනි Thursday, 16 September 2021 10:19 AM

මේක අපි හැමෝටම වටිනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 112 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 152 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 272 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 82 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 259 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 486 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site