(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
මුහුදු ඛාදනය උග්‍රවීමත් සමගම අද (11) පස්වරු 6ට පමණ කහව හන්දියේ සිට තෙල්වත්ත හංදිය දක්වා ගාලු පාර වසා දැමීමට කටයුතු කළ බව මීටියාගොඩ පොලිසිය කියයි.
ගාලු පාරේ කහව, පැරැලිය, ගොඩගම, තෙල්වත්ත යන ප්‍රදේශ හරහා මුහුදු රළ විශාල වශයෙන් පැමිණීමත් සමගම මේ පියවර ගත් බවද පොලිසිය කියයි.
මේ ප්‍රදේශ හරහා ගමන්ගත් රථ වාහන කිහිපයක්ම මුහුදේ සිට ගොඩබිමට වේගයෙන් ගලා ආ රළ පහරින් අනතුරුවලට ලක්වූ බව පොලිසිය කියයි.
කහව හංදියේ සිට තෙල්වත්ත හංදිය දක්වා ප්‍රධාන මාර්ගය මග හැර යාමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ගාලු පාරේ ගමන් ගන්නා රථ වහන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගාලු පාර වසයි
wasantha lal Saturday, 11 July 2020 02:52 PM
මෙය නැවත නැවතත් සිදුවන්නේ ජූලි 20 වන දින ප.ව. 2:32 ට, ජූලි 19 වන දින ප.ව. 2:03 ට, සහ සුළං දිශාව අනුව ය. තහවුරු වුවහොත්, මාර්ගය ඉහළට ඔසවා මීටරයක් උස ගංවතුර පවුරක් තැබීම අවශ්‍ය වේ..
විජිත් Saturday, 11 July 2020 03:28 PM
දැනට අවුරුදු 4 කට කලින් මම මේ පිටුවට සටහනක් ලියලා කීවා නිසි පරිසර තාක්ෂණික අධ්‍යයනයකින් තොරව පොර්ට් සිටි මුහුදු නගරය ඉදිකලොත් ගාල්ලේ සිට මීගමුවට යනතෙක් ඇති මුහුදේ ප්රචන්ඩ දිය රැලි අතිවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා. ඒ වගෙමයි පරිසරවේදින් මොනතරම් කියා සිටියාද මෙය කරන්න එපා.. ගල්කිස්සේ සිට මීගමුවට යනතෙක් මුහුදේ සුනාමි තත්වයන් ඇතිවිය හැකිබව. දැන් සියල්ල සිදුවෙමින් පවතින්නේ... මීගමුව මගෙ ගමේ... දූව, පෝරුතොට.. .වැනි ස්ථාන කවදාවත් නොවූ විරු ලෙස මුහුදු ඛාදනය වෙමින් පවතිනවා. නිවාස පවා මුහුදට යට වෙලා. නූගත් මෝඩ දෙශපාලුවන් චීනාගෙන් ගිනි පොලියට වහ වැටිමත්, චීනට අැති බියත් නිසා චිනාගේ කීමට සැදූවරාය නගරයේ පරිසර ප්‍රතික්‍රියාව තවම පටන්ගත්තා පමණයි. දැන් පාලකයින්ට පොඩි බියක් දැනිලාද කොහෙද? ඉක්මනට පොර්ට්සිටි එකේ පාලම් ටික හදලා අවසන් කරන්න යනවා. ඊට පසුව ඒ පාලම් තුළින් මුහුදු ජලධාරා යවමින් "ද්රවස්තිථික" නියමයක් ඔස්සේ මේ මුහුදු කෑම නැවැත්විය හැකිදැයි බලන්න යනවාලු කාටවත් හොරෙන්. ඒ තමයි අවසන් පිළියම. බලමු... හැබැයි අමතක කරන්න එපා.. සොබාදහමේ නීතිය ඔය කොයි කාටත් වඩා ඉහළින් තියෙන්නේ...
සාන්ත Sunday, 12 July 2020 02:50 AM
මේක සිදුවන්නේ අයිස් කඳු දියවීම නිසා මුහුදු ජලය මට්ටමේ ඉහළ යාමකින්... වාරකන් කාලේ මුහුදු දියවැල් මාලදිවයින සහ ලංකාව හරහා ගමන් කිරීම තමයි ඔතන සිදුවන්නේ.. මම වාසය කරන මාලදිවයිනේ දූපත් කිහිපයකට මේ දින කීපය තුළ මුහුදු ජලය ගලාගෙන ආවා. මෙහෙ ලොකු ඉදිකිරීම් කරනවා මුහුද ගොඩ කරලා.. දූපත් වටේ උසට ගල්දානවා. මාලදිවයිනේ මිනිස්සු දන්නවා මුහුදු ජලය මේ මාස කීපයේදී ඉහළ යාමක් තියෙනවා කියලා.. පැමැණිලි කරකර ඉන්නේ නැහැ. ඔය පාරේ ගල් වැටියක් දාන්නට කටයුතු කරන්න.
sampath Saturday, 11 July 2020 04:20 PM
දක්ෂිණ අධිවේගී මාර්ගය මාර්ගය තියෙන නිසා ආවමයි. නැතිනම් බලාගන්න තිබුණා.
Nishan Sunday, 12 July 2020 09:11 AM
අළුත් ජනාධිපති පත් වූ දවසේ ඉඳන් ස්වාභාවික විපත්වල කෙළවරක් නෑ. නීතිය අපහරණය කෙරෙන හැටියට මෙහෙම වෙලා නැවතුනොත් ඇති...