IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගාල්ලේ පාසල් 26ක සිසුන් 43කට කොරෝනා

(ජේ.කේ.එල් චාමින්ද)
 

නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
 
මේ අතුරින්  ජනවාරි 13 සිට 26 දක්වා ගතවු දින 14 ක කාලය තුල පාසල් දරු දැරියන් 38 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවද ඒ මහතා පවසයි.  වැඩිම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තාවන්නේ  බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බව සදහන් කළ ඒ මහතා  එම සංඛ්‍යාව 17ක් බවද හෙතෙම පෙන්වා දෙයි. එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් 05කින් මෙම ආසාදිත දරු දැරියන් වාර්තා වී ඇත. ගිංතොට  ප්‍රදේශයේ පාසලක සිසු දරු දැරියන් 12 නෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.   ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදනය වී ඇති  මෙකි සිසු දරු දැරියන්ගේ මව හා පියා ආසාදනය වීම නිසා දරුවන් පළමුපෙළ ආශ්‍රිතයින් වු අය බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා  මෙම දරු දැරියන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි  අය බවද පෙන්වා දෙයි.
 
බලපිටිය සෞඛය වෛද්‍ය නිලධාරි කොට්ඨායෙන්  පාසල් දරු දැරියන් 04දෙනෙකු, අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01 අයෙකු,  බොපේ පොද්දලින් 17නෙකු, බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01 අයෙකු, හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  03නෙකු, හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 02නෙකු  ඉමදුව හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ දෙකෙන් සිසු දරු දැරියන් 01 බැගින් වාර්තා වි ඇත.  ගාල්ල මහනගර සභා බලප්‍රදේශයෙන්  05 දෙනෙකු, නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  04 දෙනෙකු,  රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  02දෙනෙකු සහ  උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  02දෙනෙකු වාර්තා වී ඇත. ගාල්ල නගරයේ පිහිටි බාලිකා පාසලක ගුරුවරියකටද කොරෝනා ආසාදනය වී ඇති අතර කොරෝනා ආසාදිත සිසු දරු දැරියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සිසු දරුවන් 38 දෙනෙකු හා ගුරුවරුන් 13 දෙනෙකු හදුනාගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.



අදහස් (2)

ගාල්ලේ පාසල් 26ක සිසුන් 43කට කොරෝනා

සිසිල් සුදේශ් Wednesday, 27 January 2021 03:49 AM

ලංකාව පුරාම පාසල් පොකුරක් එනවා වගේ. කෝ අපේ මහාචාර්ය පීරිස් සහ ආචාර්ය පෙරේරා?

:       0       1

pakeer Wednesday, 27 January 2021 06:00 AM

දැන් තමයි තොවිලේ පටන් ගන්නේ... අර මුල් වතාවේ වගේ එකට ඇක්ෂන් ගත්තා නම් පාලනය කරගන්නවා. පාර ටෝක්ස් දුන්නනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 932 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 183 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1087 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1125 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1402 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1246 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site