IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගම්මන්පිලගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු යයි නීතීපති කියයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිඛෙන ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු යැයි නීතීපතිවරයා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව එය අභියෝගයට ලක් කරන පෙත්සමක් ඉදිරිපත් කළ යුතු කාල සීමාව ඇතුළත මෙම පෙත්සම් පිටපත් කථානායකවරයා වෙත ඉදිරිපත්  කිරීමට ගම්මන්පිළ මහතා කටයුතු නොකිරීම නිසා මෙම පෙත්සම ඉනත දැමිය යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කීය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විමසා බලන ලෙස ඉල්ලා ගොනු කර තිබූ  විශේෂ පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කෙරුණු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු දැක්වීම සිදු කරන ලදී.‍

මෙම විශේෂ පෙත්සම බුවනෙක අළුවිහාරේ,සිසිර ද ආබෘෘ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන නිශාන්ත විමලචන්ද්‍ර මහත්වරුන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපති නම් කරනු ලැබ ඇත.



අදහස් (3)

ගම්මන්පිලගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු යයි නීතීපති කියයි

pivithuruhora Saturday, 20 May 2017 04:37 AM

ආයෙත් වැඩේ අනාගෙන නාගෙන වගේ....

:       78       2

ruchiraSaturday, 20 May 2017 05:35 AM

මෙන්න වෙන වෙන නම් වලින් කමෙන්ට් කරනවා....

:       0       13

Chanak Los angeles Sunday, 21 May 2017 08:18 AM

මේක නම් වඩාත්ම අගය කළ යුතු ක්‍රයාවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 0 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 104 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 235 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 267 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 400 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 359 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site