IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගම්පහ රෝහලේ ශල්‍යාගාර 7 ක්ම වහයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් සත් මහල් ගොඩනැගිල්ලෙහි මේ දිනවල සිදු කෙරෙන අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් එහි ශල්‍යාගාර 7 ක් ම වසා දැමීමට සිදුව තිබීම මත පැරණි ශල්‍යාගාරයක් කඩිනමින් සකස්කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම රෝහලෙහි සත් මහල් ගොඩනැගිල්ලේ මහල් අතර පවතින ජල කාන්දුව සැකසීමේ කටයුතු මෙලෙස සිදු කිරීම මත ප්‍රධාන ශල්‍යාගාර හතර සහ මධ්‍ය ප්‍රමාණයේ ශල්‍යාගාර තුනක් මෙලෙස වසා දමා තිබේ.

මේ වනවිට අක්ෂි , විකලාංග සහ උගුර, කණ , නාසය සම්බන්ධයෙන් වන ශල්‍යකර්මය සදහා පවා දිස්ත්‍රික්කයේ වෙනත් රෝහල් වෙත යැවීමට සිදුව ඇති බවත් පැරණි ගොඩනැගිල්ලෙහි පවතින ශල්‍යාගාරය කඩිනමින් වැඩි දියුණු කරගැනීමට සිදුව ඇති බවත්  මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය. 

පැරණි ගොඩනැගිල්ලේ පවතින ශල්‍යාගාරය වැඩි දියුණු කිරීම පිණිස ගුවන් හමුදාව මගින් ශ්‍රම දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව ඇති අතර මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වෙන් කළ යුතුව ඇත. 

මේ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රාදේශීය ඉංජිනේරු එම්.ඒ.සී.සකුන්තලා මහත්මියගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ , එම පැරණි ශල්‍යාගාරය වැඩි දියුණු කරගැනීම සඳහා වූ සැලස්ම සකස් කර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට සහ ගම්පහ රෝහල් අධ්‍යක්ෂවරයා  වෙත යවා ඇති බවත් එය අනුමත වූ පසුව අවශ්‍ය ඇස්තමේතන්තුව සකස් කොට බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යැවීමට පියවර ගන්නා බවත්ය.

 



අදහස් (0)

ගම්පහ රෝහලේ ශල්‍යාගාර 7 ක්ම වහයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 98 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 110 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 502 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 849 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 288 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 255 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site