IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගමක් වෙනුවෙන් සටන් කළ කීර්තිරත්නගේ ඉරණම

(තරිඳු ජයවර්ධන)

’අපේ සංවිධානේ කැඳවුම්කරු කීර්ති අයියා. කීර්ති අයියාගේ පවුලේ කීප දෙනකුත්  අතුරුදන් වෙලා.’ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ සංවිධායක නීතීඥ නුවන් බෝපගේ මහතා එලෙස කීවේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ය.

‘මීතොටමුල්ලේ කීර්ති අයියා’ කියූ සැනින් ඔහු කවුදැයි බොහෝ දෙනා දනිති. ඔහු නමින් කීර්තිරත්න පෙරේරාය. මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වූයේ කීර්තිරත්න මහතාය. බොහෝ දෙනකු ඔහු ආමන්ත‍්‍රණය කළේ ‘කීර්ති අයියා’ යනුවෙනි. විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරියකු වන කීර්තිරත්න මහතා 2011 වසරේ සිටම කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ හොඳ සටන් සගයෙන් විය. 

එදා ඔහු සටන් කළේ ගමක් වෙනුවෙනි. ගමක ආරක්ෂාව වෙනුවෙනි. දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල නිසාම සිංහල දෙමළ අලූත් අවුරුදු කිරිබතේ උණුසුම යන්නටත් කළින් පරළොව යන්නට සිදුවූ පිරිස අතර කීර්තිරත්න මහතාගේ පවුලේ සිව් දෙනෙක් වූහ. දිවි බේරා ගැනීමට හැකි වූයේ කීර්තිරත්න මහතාට හා මුණුබුරාට පමණි.

කුණු කන්ද පාමුල ඛේදවාචකයෙන් කීර්තිරත්න මහතාගේ බිරිය පස් යට සිරවී සිටිය දී බේරා ගනු ලැබ රෝහල් ගත කරනු ලැබුවාය. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් දෙදිනක් ප‍්‍රතිකාර ලැබූ බිරිය අඟහරුවාදා(16) සවස අවසන් සුසුම් පොද වාතලයට මුසු කළාය. දුව, බෑනා සහ මිනිබිරිය ද මරුමුවට පත්වූහ.

කීර්තිරත්න මහතාගේ තෙමහල් නිවසේ අද ඇත්තේ සුන්බුන් පමණි. ජීවිත කාලයේම හරි හම්බ කළ මුදලින් ඉදි කළ නිවස පමණක් නොව එහි තිබූ කිිසිදු දෙයක් අද ඔහුට නැත. අවසානයේ ඉතිරි වූයේ ඇ`දිවත පමණි. තම නිවස තිබූ පෙදෙස දෙස බලා හ`ඩා වැටෙන අතරතුර කීර්තිරත්න මහතා කී කාරනය ලංකාදීපය සඳුදා වාර්තා කළේය.

‘‘ මේකද මගේ දෛවය? මේකටද අපි සටන් කළේ? මං ආයේ කවුරුන් වෙනුවෙන් සටන් කරන්නද? අපි මේවා හැමදාම කිව්වා. මේටික වෙනවා කියලයි අපි කිව්වේ. ඇයි මේක තේරුම් ගත්තේ නැත්තේ? අපේ රටේ මහ එවුන්ට මේවා තේරුම් ගන්න බැරි වුණේ ඇයි?

අපි මේ ආණ්ඩුවට කිව්වා. ඊට කළින් ආණ්ඩුවටත් කිව්වා. එක්කෙනෙක්වත් මේවා සැලක-ු වේ නෑ. දැන් කුණු දමන්න තවත් ටිකක් ඉඩ ආවා. මේ ඉඩෙත් දාගනිල්ලා.  ඔක්කොම එකතු වෙලා ජනතාව ඉවර කළා. උඹලගේ දේශපාලනේ මේකද? උඹලව අපි පත්කළේ ඇයි? මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මගේ මුනුබුරා වෙනුවෙන් විතරයි. අපේ සටනේ ප‍්‍රතිඵලය මේකද?’’ කීර්තිරත්න මහතා හඬා වැටෙමින් ප‍්‍රශ්න කළේය.

‘මුණුබුරා නැතිනම් මම බෝම්බයක් බැඳගෙන මරාගෙන මැරෙනවා.’ කීර්තිරත්න මහතා කීවේය.

අද සොවින් හඬා වැටෙන කීර්තිරත්න මහතාගේ වදන් එදා මේ තරම් හැඟීම් බර නොවීය. එහෙත්  තීව්ර විය. කුණු කන්දට එරෙහිව සහ ඒ සමග ඈඳුණු දේශපාලනයට එරෙහිව  ඔහු විරෝධතා සංවිධානය කළේය. මාධ්‍ය සාකච්ඡුා පැවැත්වීය. එදා එක් අවස්ථාවක ඔහු කුණු කන්ද ගැන දැක්වූයේ මෙවන් අදහසකි.

‘‘ මම 1980 ඉඳන් මේ ගමේ ජීවත් වෙනවා. 1990 කොළොන්නාව නගර සභාවෙන් ඒ වෙලාවේ කුණු මෙතැනට ගෙනත් දැමීමට මිනිස්සු විරුද්ධ වුණා. ඒත් විරෝධ නොතකා  කුණු ගෙනත් දැම්මා.  පසුව කොළඹ නගර සභාවේ කුණුත් ගෙනැවිත් දැම්මා.    පුරපති ගනේෂලිංගම් මහතා කුණු දැමීම තහනම් කළා. නැවත 2009 බ්ලූමැන්ඩල් කුණු කන්දේ ප‍්‍රශ්නය දරුණු වුණාම එවක අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා තාවකාලික පදනම මත මෙතැන අක්කර 2ක කුණු දාන්න ඉඩ දුන්නා. නමුත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ නියෝග කඩකර දිගටම කොළඹ කුණු මෙතැන දැම්මා. කුණු කන්ද අක්කර 18ක් පුරා අඩි 250ක් උසට අද වර්ධනය වනතුරු ජනතාවගේ හඬට කවුරුවත් කන් දුන්නේ නැහැ. 

‘‘මෙහෙම කුණු කන්ද දවසෙන් දවස වර්ධනය වෙද්දී අමුතු දේවල් සිද්ධ වුණා. කුණු කන්ද අයිනෙම තියෙන මීතොටමුල්ල රාහුල විදුහල් භූමියේ පනුවෝ, දළඹුවෝ දරුණු ලෙස බෝවෙන්න පටන් ගත්තා. ඒක හරියට කවුරුහරි ගෙනත් දැම්මා වගේ වැඩක්. කොහොම හරි පාසල වැහුවා.  පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෝඨාභය මහත්තයත් එක්ක එකතු වෙලා මෙතැන විදුලිය නිපදවන සමාගමක් හදන්න පුවරුවන් සවි කළා. මේ කුණු සෙල්සියස් අංශක 1200ට දහනය කරන්න    ඕනෑ නිසා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව අවශ්‍ය වුණා. ඒක හැදුවොත් මීටර් 500ක ආරක්ෂිත කලාපයක් ප‍්‍රකාශ කළාම කොළොන්නාව බාලිකාව, කොළොන්නාව රජමහා විහාරය, රාහුල විදුහල, පොලිසිය එතැනින් අයින් කරන්න   ඕනෑ. ඒකත් සුදු අලියෙක් විතරක් වුණා.

‘කොහොම හරි මේ වෙනකොට මේ ප‍්‍රදේශයේ ඩෙංගු හෘදයාබාධ ස්වසන රෝග වලින් 30 මැරිලා. සියයට 60කට චර්ම රෝග බෝවෙලා. බලධාරීන් තාමත් නිහඬයි. මේ ප‍්‍රශ්නෙට විකල්පයක් විදියට කොරියානු සමාගමක් උස්වැටකෙයියාවේ අක්කර 82 ක කුණුවලින් විදුලිය නිපදවන්න අවසර ඉල්ලූවා. මධ්‍යම පරිසර අධිකාරිය ඒකට අනුමැතිය නොදෙනේනේ ඒ කලාපයේ තිබෙන කඩොලානවල ඉන්න පුංචි ජීවීන් කුණු දැමීම නිසා මියයයි කියලයි. එතකොට කුණු නිසා මීතොටමුල්ල ජනතාව මිය ගියාට කමක් නැහැ.  කඩොලානවල ජීවින් බේරිලා. බලධාරීන් අපිව සතුන්ටත් පල්ලෙහාට දමලා.’’

කීර්තිරත්න මහතා එලෙස ප‍්‍රකාශ කළේ 2014 වසරේ දී ය.

කුණු කන්ද ගැන වත්මන් ආණ්ඩුවෙන්ද කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවක් නොපෙනෙන නිසා කීර්තිරත්න මහතා ප‍්‍රමුඛ මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය උද්ඝෝෂණයක් සහ උපවාසයක් සංවිධානය කළේ 2015 නොවැම්බර 27 වැනි දා ය. කුණු කන්දෙන් කවදා හෝ සිදු විය හැකි මහා විනාශය ගැන යම් තරමකට හෝ අවබෝධයක් තිබූ කීර්තිරත්න මහතා මෙම උද්ඝෝෂණය සහ උපවාසය සංවිධානය කිරීමෙහි ලා විශාල වැඩකොටසක් කළේය.

විරොධතාවය සාර්ථක විය. ඊට විශාල පිරිසක් සහභාගී වූහ. පසුව කුණු කන්ද අසල උපවාසය ඇරුඹීය. එම උපවාසයේ නිරතවී සිටි පිරිසක් පහරකෑමට ලක්වී රෝහල් ගත කරනු ලැබූහ. පහර කෑ පිරිස අතර කීර්තිරත්න මහතා ද විය.

 කෙසේ වෙතත් එවකට පොලිසිය මුලින්ම අත්අඩගුවට ගැනීමට සෙව්වේ පහර දුන් අය නොව පහර කෑමට ලක්වූ අයයි. 2016 ජනවාරි 11 වැනි දා පොලිසිය උද්ඝෝෂකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතර කීර්තිරත්න මහතා ද විය. ඔවුන් කොළඹ අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම විය.

කීර්තිරත්න මහතාට කුණු නිසා වැටුණු පළමු වැනි නඩුව එය නොවේ. 2013 වසරේ ද ඔහුට එරෙහිට පොලිසිය නඩුවක් ගොනු කළේය. ඒ මීතොටමුල්ල පොතිවිල කුඹුරට කුණු දැමීම අවහිර කළැයි කියමිනි. කීර්තිරත්න මහතාට අමතරව නීතීඥ නුවන් බෝපගේ ඇතුලූ පිරිසකටද නඩු පවරනු ලැබීය. ඔවුන් එදා ක-ුණු දැමීමට එරෙහිව සටන් කළේ වෙන්න යන විපැත්තිය ගැන බලධාරීන්ගේ ඇස් ඇවීමටය. බලධාරීන් ඇස් ඇරීමට ප‍්‍රමාද වූ නිසා ඉන් වසර හතරක ඇවෑමෙන් සියයකට ආසන්න පිරිසකට පස් යට වැළලෙන්නට සිදු විය.

එදා 2013 වසරේ දී කීර්තිරත්න මහතාට සහ තවත් කිහිප දෙනකුට එරෙහිව ගොනු කළ නඩුව පොලිසිය විසින්ම ඉවත් කරගනු ලැබුවේ 2013 අපේ‍්‍රල් නව වැනි දා ය. එදා කීර්තිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයේදී තර්ක කළේ මීතොටමුල්ලේ කුණු දැමිය හැක්කේ අක්කර දෙකක ප‍්‍රමාණයක පමණක් බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ඇති බවයි. එම තීරණයට පටහැනිව කටයුතු කිරීමෙන් කොළඹ නගර සභාව ප‍්‍රදේශවාසීන් 4000කට පමණ මානසික පීඩනයක් ඇති කර ඇතැයි ද නීතීඥවරු කීහ.

ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කීර්තිරත්න මහතා ඇතුලූ පිරිසට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගත්තේය.

ගමක් වෙනුවෙන් සටන් කළ කීර්තිරත්න මහතාට අවසානයේ ඉතිරි වූයේ ඇඳිවත සහ මුණුබුරා පමණි. ඔහු හැඬූ කඳුලින් නිතර නිතරම කියනුයේ ‘එදා අපි කියපු දේ ඇහුවනම් අද මෙහෙම වෙන්නේ නෑ.’ යනුවෙනි.



අදහස් (19)

ගමක් වෙනුවෙන් සටන් කළ කීර්තිරත්නගේ ඉරණම

NIRESH Tuesday, 18 April 2017 04:45 PM

කුණු කන්ද ගාවටම වෙලා හිටියේ ඇයි. යන්න තිබුනනනේ වෙන තැනකට.

:       1610       371

K.K.Pereta Tuesday, 18 April 2017 05:11 PM

පන්සලහෙන ගම වෙනුවෙන් සටන්කළ ඔබට මගේ ප්‍රණාමය

:       4       131

sopi Tuesday, 18 April 2017 06:20 PM

හැමදාමත් මේවා අහනවා .හරි විසදුමක් දෙන්නේ කවුද ? කවදාද? මිතොටමුල්ලේ ජනතාව විතරක් නෙමෙයි මුළු රටම ඉන්නේ කලකිරීමෙන් .

:       0       31

Hpprohana Tuesday, 18 April 2017 11:59 PM

ඇයි රටවල් වල දැන් කුණු වලින් විදුලිය නිපදවන වැඩ කරගෙන යනවා ඇයි ලංකාවේ ඒවා කරන්න බැරි?

:       0       11

chathura Wednesday, 19 April 2017 02:14 AM

නිරේෂ් මේ මිනිස්සු කුණු කන්ද ගාව හිටියේ නෑ. කුණු කන්ද මේ මිනිස්සු ඉන්න තැනට ගෙනත් දැම්මා. ඔය වගේ පටු විදියට මේ දේශපාලකයොත් හිතපු නිසා තමයි මේ වගේ විනාශයක් උනේ.

:       1       151

Pradeep Liyanage Wednesday, 19 April 2017 03:01 AM

නිරේෂ් - ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් දාර්ශනික අදහස් පහල වෙනවා. හිතලා බලන්න ඔය ප්‍රශ්නය තමන්ට වුනා නම් කියලා. ඇයි කුණු කන්ද ගාවම හිටියේ කියලා කියන්නේ කොහොමද. ඉතිහාසය විමසලා බලන්න, අපේම පාලකයෝ තමයි මේ මිනිස්සු ඉන්න තැන්වලට කුණු දැම්මේ එකල පැවති විරෝධතාවයන් නොසලකලා. කී වරක් නම් මේ මිනිසුන් මිට විරුද්ධව උද්ඝෝෂණ කලාද. ඒ හැම එකක්ම අවසන් වුනේ පොලිසියේ පහර දීම් වලින්. මේ අය අනවසර පදිංචිකරුවන් නොව නිත්‍යානුකුලව පදිංචි, තම ඉඩම් වලට ඔප්පු පවා හිමි අයයි.

:       3       107

vajira Wednesday, 19 April 2017 03:14 AM

නිරේෂ් ඔබ ඔහුට ඉන්නට තැනක් දෙනවද ? ඔබගේ නිවස අසලට කුණු ගෙනත් දැම්මොත් ඔබ නිවස අතහැරලා යනවද ? ඔවුන් මියගියේ ඔවුන්ගේ වරදකින් නොවේ..ටිකක් හිතල බලන්න..

:       0       93

nimallalitha Wednesday, 19 April 2017 03:31 AM

කුණු ප්‍රශ්නයේදී මේ රට ජනතාව තමාගෙන් සිදුවුය යුත්ත නිසියාකාරව ඉටු කරමින් ,රජය බලයෙන් හෝ උසාවි අනුන්ගේ කුණු තම ප්‍රදේශයට ගෙන එන්නේ නම් ,තම දුදරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිතිය අතට ගැනීමට කාලය පැමිණ ඇත. මේ මහා නායක හිමිලා සහ අනිත් ආගම නායකයෝ තවමත් නින්දේද?

:       1       9

ravi Wednesday, 19 April 2017 04:37 AM

මෝඩ කතා කියන්න එපා නිරේෂ්, මේ මිනිස්සු කුණු කන්ද ලඟට ගියේ නැහැ, අධම පාලකයෝ සහ පරිපාලකයෝ මුදලට ගිජුවෙලා මේ මිනිස්සුගේ ගමට කුණු කන්ද අතැරලා ජිවිත බිලිගත්තා.

:       0       58

Sam Wednesday, 19 April 2017 04:58 AM

නිරේෂ්, ඔබවැනි නිවටයින් සිටින තුරු මේ රටට දෙවි පිහිටම තමා. කීර්තිරත්න මහත්මයාණනි, ඔබට අපගේ ප්‍රණාමය. සිදු වූ ව්‍යසනයට අපගේ බලවත් කණගාටුව.

:       0       140

daham Wednesday, 19 April 2017 05:43 AM

මේ කුණු කන්ද ඉවත් කරන්න සහ නිසි ලෙස කුණු බැහැර කරන යෝජනාවක් ගෙනාව. ඇමති මන්ඩලෙත් එය අනුමත කළා. 2014 අයවැයෙන් එ්කට සල්ලිත් වෙන් කළා. ජනවාරි 8 ඒ ආණ්ඩුව පැරද්දුව. ඊට පස්සේ එ්කට වෙච්ච දෙයක් නැහැ. එ්ක ක්‍රියාත්මක කළා නම් මෙලහට කුණු කන්ද එතන නැහැ. මේ අපරාධය වෙන්නෙත් නැහැ. අයි මේ ලිපියේ ඒ ගැන සදහන් කලේ නැත්තේ? කුහකකම කියන්නේ ඕක තමයි.

:       27       43

arunalu Wednesday, 19 April 2017 10:22 AM

මේ මනුස්සයට වුන දේ අපිට උනා නම් නම් අපේ මානසිකත්වය කොහොම වෙයිද.....? අදහස් ප්‍රකාශ කරන්න කලින් අපි සානුකම්පිතව හිතන්න ඕනේ ..... කොහොම උනත් කීර්තිරත්න මහත්තයා ප්‍රකාශ කරන දේවල සාධාරණ සත්‍යයක් තියෙනවා. එතුමාගේ ප්‍රකාශය ඊනියා දේශපාලකයින්ගේ අදහස්වලට වඩා තර්කානුකූලයි.

:       0       5

kamaniesaThursday, 20 April 2017 07:36 AM

දහම් , ඔබ හරි. එම යෝජනාව ක්‍රියාත්මක කරන්න සියලුම දේවල් කර තිබියදී තමයි ආණ්ඩුව මාරු වුනේ. එය කළා නම් මේ අපරාධය වෙන්නේ නැහැ.

:       0       0

mangala welarathna Wednesday, 19 April 2017 11:02 AM

දේශපාලකයින් පස්සේ ගිය අය කල මෝඩකම් වල තත්ත්වය තමයි ඉතින්...

:       0       0

Bandula Gunasekera Wednesday, 19 April 2017 11:19 AM

මේ කුණුකන්දේ ඛේදවාචකය නිසා විපතට පත් කුඩා දු දරුවන්ගේ පියවරුන්ගේ මව්වරුන්ගේ කතා අහපුවහම නෙත කදුලින් තෙත් වෙනවා මෙන්ම මේ කුණුකන්ද ගොඩගහපු අදම දේශපාලකයන් මරාගෙන මැරෙන්න තරමට කේන්ති එනවා.

:       0       1

Anton Gomarage Wednesday, 19 April 2017 08:16 PM

මෙතරම් දියුණු යුගයක නිරෙෂ් වැනි අමනයින් ඉන්නකම් දූෂිත පාලකයන්ට හැමදාම වැජඹෙන්න පුළුවන්.

:       0       3

Nuwan Thursday, 20 April 2017 08:13 AM

කුණු ප්‍රශ්නයේදී, අපි ඔක්කොම කතා කරන්නේ හේතුව හෝ විසඳුම ගැන නෙමයි, අවසාන ප්‍රතිපලය ගැන විතරයි. මීතොටුමුල්ලෙත් එපා නම්, බ්ලුමැන්ඩල් එපා නම්, උස්වැටකෙයියාවේ ත් එපා නම්. අපි ඔක්කොම අපේ නිවෙස් වලම කසල ප්‍රතිචක්‍රීකරණය කර ගමුද. එහෙම නැතිනම් නවීන කසල දහන යන්ත්‍රයක් හෝ සවි කරන්නේ කොතනද. පෝර්ට් සිටි එකේ හයි කරමුද. එකේ කවුරුත් නෑනේ. කුණු කන්ද පෙරලිලා මිනිස්සු මැරුණ එක ගැන කියව කියව ඉන්න එක ආතල් තමයි. එත් මොකක්ද විසඳුම? කවුද කැමති ඉඩ දෙන්න. කවුරුත් නෑ... කවුද කැමති තමන්ගේ කුණු තමන්ගේ ගෙදරම විසඳ ගන්න. එකටත් කවුරුත් නෑ ...

:       0       0

gemunu Thursday, 20 April 2017 09:04 AM

මේ සිදුවීම හරිම වේදනාකාරී හැගීම් අප සිත් වල ඇති කළා. මෙවන් විපතක් කිසිම දවසක කිසි වෙකු හට අත් නොවේවායි ප්‍රාර්ථනා කරනවා.

:       0       0

maalee Saturday, 22 April 2017 08:20 AM

ඔක්කොම දේශපාලකයින්ගේ ගෙවල් ලඟ කුණු කඳු හැදුවනම් තමා තේරුම්ගන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2308 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1230 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 933 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 405 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 719 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 633 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site