IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කෝටි 90ක වංචාවක් ගැන ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

(යොහාන් භාසුර)
 
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප‍්‍රධානියකු ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධියක් පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද  (10) පැමිණිළි කළේය.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ නිලධාරීන් කීපදෙනකු එම අංශයෙන් මාරු කිරීමට ද ක‍්‍රිකට් ආයතන බලධාරීන් පියවර ගෙන තිබේ.

චෝදනා ලාභී නිලධාරියාගේ සේවය පිළිබඳ තීරණය අද පස්වරුවේ ගැනීමට නියමිතව තිබිණි. 
අදාල මූල්‍ය ප‍්‍රධානියා කිරීමට සූදානම් වූයේ යැයි කියන දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළහ.

එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිත ඩොලර් මිලියන 5.5 ක මුදල චෝදනාලාභී ප‍්‍රධානියාගේ ඔහුගේ පෞද්ගලික ගිණුමකට බැර කිරීමට සූදානම් වී ඇති බව වාර්තා වේ.

අදාල නිලධාරියා මෙම මුදල පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙස එම රූපවාහිනී ආයතනයට දැනුම්දී ඇති අතර ඒ පිළිබඳව එම ආයතනය ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානීන් දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව අද (10) පස්වරුවේ කළ විමසුමකදී ඔහු පැවසුවේ එහි මූල්‍ය අංශයේ පසුගිය වසරක ගනුදෙනු සම්බන්ධයෙන් විගණන පරීක්‍ෂණයක් පවත්වන බවයි.
‘‘මෙහිදී වංචාවක් කරන්න අවස්ථාව ලැබුණේ නෑ. අපි ඒ පිළිබඳව වහාම අවශ්‍ය කටයුතු කළා. ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ඉදිරි කටයුතු කරනවා’’ යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ප‍්‍රබලයකුගේ සමීප හිතවතකු බවත් පසුගිය පරිපාලනය සමයේ ක‍්‍රිකට් ආයතනයේ සේවයට බදවාගෙන ඇති බවත් වාර්තා වේ.   



අදහස් (9)

කෝටි 90ක වංචාවක් ගැන ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

Uditha - Abu Dhabi Monday, 10 September 2018 12:29 PM

කොහොමද ඒක...

:       0       24

jeewaka godage Monday, 10 September 2018 01:04 PM

කරපු මහා හොරකම් වලට කිසිම දඬුවමක් නොදුන් රටේ කරන්න උත්සාහ කල වරදට දඬුවමක් කරයි කියල හිතන්න අමාරුයි හීනෙකින්වත්...

:       0       68

sarath perth Monday, 10 September 2018 01:07 PM

දැන් දැන් කවුරු කවුරුත් විමසිල්ලෙන් වගේ ඉන්නේ. අනේ වාසනාවන්...

:       1       28

Raveendra Monday, 10 September 2018 01:11 PM

බැලූ බැලූ තැන ඉන්නේ හොර හැත්තකි. මහ එකාගේ සිට පොඩි එකා දක්වා හොරකම ව්‍යාප්ත වී ඇත. එබැවින් රටක් දියුණු වන්නේ කෙසේද? සුදු පිරුවට, ටයි කෝට් ඇඳගත් වැදගතුන් සේ හැසිරෙන හොරුයි...

:       0       107

සතයපාල Monday, 10 September 2018 01:30 PM

හිටපු ප්‍රබලයා නිශාන්ත රණතුංග විය හැකිය. ඔහුගේ හිතවතුන් මෙලෙස කුමන්ත්‍රණකාරී ලෙස මර්ධනය කරනුයේ ඔහු විසින් තිලංග සුමතිපාල නැමති ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇතිවූ පිලිලය ඉවත් කිරීම සඳහා තිලංග නැවත සභාපති ධුරයට තරග කිරීම වැළැක්වීමට උසාවිය හරහා වාරණ නියෝගයක් ලබාගැනීමට උත්සාහ කීරිම නිසා විය යුතුය.

:       0       32

RaveendraMonday, 10 September 2018 02:57 PM

සත්‍යපාල මයා වෙත, ලෝකයේ කිසිදු තැනක "ප්‍රබලයන්" කිසිදින, කිසිවිට මහජන දේපොළ නොහොත් අනුන්ගේ දේපොළ හොරකම් නොකරන අතර "නිවටුන්" සැමවිටම මහජන දේපළ හොරකම් කරයි. මගේ, ඔබගේ, අපගේ මව්බිම නීචයින්ගෙන් ගහන රටක් වීම පිළිබඳව සැබවින්ම අප කණගාටු වන්නෙමු...

:       0       65

OMG Monday, 10 September 2018 02:45 PM

හොරු.. කම්බ හොරු.. ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන හැකියාව තමයි.

:       0       16

Bingun Menaka Monday, 10 September 2018 03:58 PM

මේ චෝදනා ලබන ප්‍රධානියාගේ නමත් සඳහන් වුණානම් නොයෙකුත් දෙනාගැන සැකකරන්න වෙන්නේ නෑ නේද?

:       0       0

SUNWUDYALANKARA Monday, 10 September 2018 04:05 PM

පහුගිය කාලෙ හිටියේ වේලි වේලි ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 18 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 158 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2619 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1421 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1051 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 455 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site