IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


කෝටි 44 ක් වංචාවෙන් උපයාගත්තැයි කී සජින් වාස්ට එරෙහි නඩුව මාර්තු 1 දා

(මනෝප්‍රිය ගුණසේකර)

 
නීතීවිරෝධි ක්‍රියාකාරකම්වලින් රුපියල් කෝටි 44 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන මාර්තු පළමුවැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (13) නියම කළේය.
 
වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 කට අධික මුදලක් උපයා ගත් බවට නීතීපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා සම්බන්ධ නඩු විභාගය සම්බන්ධයෙන් වු නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
වර්ෂ 2011, මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොළඹදී නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් 44,51,11,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දනිමින්ම ඉන් රුපියල් 30,62,68,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම්වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා කර ඇත.විත්තිකරු විසින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකොට ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා කර ඇත.
 
සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීතීවිරෝධි ක්‍රියාකාරකම්වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් එලෙස සිදුකළ විමර්ශනයේදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
 
14 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමට පෙර අදාළ ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්‍ෂධුර වලින් ඔහු ඉවත් වී ඔහුගේ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරූ කළ බව විත්තිකරු සඳහන් කළත්  විත්තිකරු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමෙන් අනතුරුවද අදාළ ව්‍යාපාරයන්හී මෙහෙයුම් කටයුතු වල සක්‍රීයව යෙදී ඇති බවට සාක්කි ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති නීතිපතිවරයා විත්තිකරු අදාළ ව්‍යාපාර 21 න් 07 ක් උපයෝගි කරගනිමින් සැකකටයුතු වල ගනදෙනු වල යෙදී ඇති බවට මෙන්ම ඔහු විසින් අදාළ ව්‍යාපාර ගිණුම් වල රුපියල් 45,87,47,757.70 ක මුදල් තැන්පත් කළ බවට සාක්කි ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.
 
මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට හැකියාවක් ලැබී නැති බවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.
 
මෙම නඩුව ලබන මාර්තු මස 01 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ උදාර කරුණාතිලක මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියේය.



අදහස් (8)

කෝටි 44 ක් වංචාවෙන් උපයාගත්තැයි කී සජින් වාස්ට එරෙහි නඩුව මාර්තු 1 දා

Raveendra Wednesday, 13 January 2021 11:12 AM

අනේ මෙයාට නම් යන්න දෙන්න අප්පා.. හරිම අහිංසක හොරෙක්නේ...

:       0       9

Lion Wednesday, 13 January 2021 11:33 AM

මෙයාවත් කුදලාගෙන යනවා... ආයේ දෙකක් නැහැ. පොහොට්ටුවේ නම් ගොඩ.. නැතිනම් දෙයියන්ගේ පිහිටයි.

:       1       11

Ruwan Wednesday, 13 January 2021 12:51 PM

සජින් මෙහෙම ගැහුවා නම් එයාගේ බොස් කොහොම කළාද කියලා හිතාගන්න පුළුවන්නේ..

:       0       11

පිටිගල මිලානෝ Wednesday, 13 January 2021 01:01 PM

මෙයා ඉස්සර හිටියේ රටේ දෙවැනි නායකයා වගේ. හිටපු බ්‍රිතාන්‍යයේ ලංකා මහකොමසාරිස්ටත් කම්මුලට ගැහුවා.

:       1       10

fairoos Wednesday, 13 January 2021 01:35 PM

නඩුව පවත්වාගෙන යන්නට ප්‍රමාණවත් සාක්කි නැති හින්දා නිදහස් කරනවා.

:       1       6

srii Wednesday, 13 January 2021 01:54 PM

"කලකදි රහලු කලකදී වහ වෙනවාලු" ඒකාලේ තානාපති වරුන්ටත් කනට ගහන්න තරම් බලයක් තිබුණු අධීක්ෂණ මන්ත්‍රී සගයෙක් වෙලත් හිටියා මතක කාටද දැන්?

:       1       10

Nihal Wednesday, 13 January 2021 11:31 PM

සුබ ලකුණු පෙනේ ...!!!

:       0       0

Rata Perata Thursday, 14 January 2021 07:59 AM

සර්ගේ මූඩ් එක අනුව තීන්දුව ලැබෙනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1431 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 557 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 979 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 931 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 361 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 541 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site