(සිතුම් චතුරංග)
මුලතිව් , කෝකිලායි , කොක්කුතුඩුවායි හි කුරුලු අභයභූමියට අයත් ප්‍රදේශය කිසියම් පිරිසක් විසින් ගොඩකරමින් වී ගොවිතැන් ඇතුළු බෝග වගා ආරම්භ කරමින් සිටින බව ප්‍රදේශයේ ජනතාව පවසති.
විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිසක් අභය භූමියේ පැවති අක්කර 100 කට අධික ප්‍රමාණයක් හා එම භූමියේ කඩොලාන සහිත ප්‍රදේශයක් ඩොසර් රථ යොදාගනිමින් එළිපෙහෙලි කර වන වගාවන් හා කුඹුරු වගාවන් ආරම්භ කර ඇති බවද ඔවුහු පවසති.
ප්‍රදේශයේ දේශපාලඥයින්ගේ හා රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙම ඉඩම් එළිපෙහෙළි කර වගාබිම් ආරම්භ කර ඇති බවත් එම තත්වය හේතුවෙන් ප්‍රදේශයේ වන සතුන් හා වල් අලින් අවට ගම්මානවලට ගම්වැදීම හේතුවෙන් එම ජනතාවගේ වගාබිම් විශාල හානියක් සිදුවි ඇති බව පෙන්වා දෙති.
කුරුලු අභය භූමියක් මෙලෙස විනාශකර වගා ආරම්භ කිරීම පිළිබඳ ප්‍රදේශවාසීන් ලෙස තමන් දැඩි කම්පනයට පත්ව සිටින බවත් මෙම තත්වය හේතුවෙන් අවට වනාන්තර වලද පරිසරයට දැඩි බලපෑමක් සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල දැන්වීම් පුවරු යොදා ඇතුළුවීම තහනම් කර තිබියදී මෙම වගාවන් සිදුකර තිබේ.
ඇතැමුන් වගාබිම් වෙන්කරගෙන ඇති අතර ප්‍රදේශිය සභා මාර්ගයෙන් එම වගාබිම් වෙත ඇතුළුවීම සඳහා නව මංමාවත් ද සකස් කිරීම ආරම්භ කොට ඇති අතර මේ සඳහා දේශපාලඥයින්ගේ මැදිහත්වීම හේතුවෙන් වන විනාශය නවත්වා ගැනීමට කිසිවෙකුට නොහැකිවී ඇතැයිද කීය.
අභය භූමිය හෙළි කිරීම සම්බන්ධයෙන් මුලතිව් වනජීවි අඩවි වන නිලධාරී හේමජිත් මනුප්‍රිය මහතාගෙන් විමසීමේදී පවසා සිටියේ ඉඩම් ගොඩකර ඇති ප්‍රදේශය වනජීවි දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශයක් නොවන බවට ප්‍රකාශ කළ හැකි බවයි.
කුරුළු අභයභූමියක් බවට සඳහන් කර නාම පුවරුව තිබුණද වනජීවි දෙපාර්තමේන්තුව සතු ඉඩමක් නොවන බව පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ තමන් ඇතුළු නිලධාරීන් දීර්ඝ ලෙස සොයාබැලීම් සිදුකළද මෙහි භූමිය අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවත් පැවසීය.
මුලතිව් ,කෝකිලායි , කොක්කුතුඩුවායි හි කුරුළු අභයභූමියට අයත් ප්‍රදේශය අත්පත්කරගනිමින් වගාබිම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදීශ්වරන් මහත්මියගෙන් සිදුකළ විමසීමකදී ඇය පවසා සිටියේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් වාර්තා වී නොමැති බවත් එම සිදුවීම සම්බන්ධයෙන් තමා සොයා බලා පිළිතුරක් ලබා දිය හැකි බවත්ය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෝකිලායි කුරුලු අභයභූමිය ගොඩකර ගොවිතැනට සැරසෙති
Dilan Wednesday, 09 October 2019 02:01 PM
අන් කිසිඳු ආණ්ඩු කාලයක සිදුනොවූ ආකාරයේ පරිසර විනාශයක් මේ ආණ්ඩු කාලයේ සිදුවුණා. කිසිම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වුනේ නෑ. සංචාරකයන් එන්නේ මේවා බලන්න මිසක් කොළඹ කුණු බලන්න නොවේ. මේවා ගැන සොයාබලන්න කවුරුවත් නෑ. රටේ ප්‍රශ්න ගැන සොයාබලන්න වගකීමක් ගන්න බැරි ආණ්ඩුවක් කවදාවත් බලයට ගේන්න එපා.
athuraThursday, 10 October 2019 05:51 AM
හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ, අරක, මේක හැමදේම හැදුවෙත් කැලේ කපලා තමයි. මොකද එහෙ කාන්තාර තිබුනේ නැහැනේ. හැබැයි ඒ කාලේ ඔය මහත්වරු කොහෙද හිටියේ?
DilanThursday, 10 October 2019 08:11 AM
රාජපක්ෂ ආණ්ඩුව කාලේ වනාන්තර විනාශ නොකළ බව මම කියල තියෙනවද ? මම කිව්වෙ වන සංරක්ෂණ හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වලට අයත් විල්පත්තුව වැනි විශාල වන සංහාර මීට පෙර සිදු නොවූ බවයි. සංවර්ධන ව්‍යාපෘති වලට කැලෑ කපන එකයි පුද්ගලික දේවල් වලට කැලෑ කපන එකයි දෙකක්.
athuraFriday, 11 October 2019 04:06 AM
මොනතරම් ලොකු වන විනාශයන් ඒ කාලෙ සිදුවුනත් ඒවා මාධ්‍යයේ පළවුණේ නැහැ ඩිලාන් මහත්මයො.ඒ කාලෙයි මේ කාලෙයි වෙනස ඒකයි.
රජින්ද Wednesday, 09 October 2019 02:49 PM
කාලකන්නි දේශපාලකයෝ, සහයෝගය දෙමින් මේ රටේ පරිසරය නැත්තටම නැති කරලා දාන්න කරන මේ මුග්ධ වැඩ සිවිල් සංවිධාන සහ මේ අවට ගම්මාන වල ජීවත්වෙන මිනිස්සු ඉදිරියට ඇවිත් විරෝධය දක්වන්න. එතකොටවත් මේ රටේ මිනිස්සු ඔබලා සමග එකතු වෙයි. දැන් මේ රට බේරගන්න වෙලා තියෙන්නේ සිවිල් පුරවැසියන් වන අපිටම තමයි.
ජයරත්න Wednesday, 09 October 2019 03:10 PM
පරිසර ඇමති ජනාධිපති නේද..?
Chandana F Wednesday, 09 October 2019 03:33 PM
මේ සැමදේටම දේශපාලකයන් වගකියන්න ඕනෑ..
Akila Wednesday, 09 October 2019 04:26 PM
ඡන්දෙ ගන්න කරන වැඩක් වගේ.., අර කලාවැවේ අලි එලවපු දේශපාළුවට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් නැහැ තවම...
දිමුත් Thursday, 10 October 2019 04:13 AM
ඒ පැත්තට වෙන නීතියක්ද?
sharm warn Thursday, 10 October 2019 10:20 AM
ඉස්සෙල්ලාම විල්පත්තුව... දැන් කුමන යාලත් දෙමුකෝ කාට කාට හරි පුළුවන් දෙයක් වවන්න කියලා. සත්තු ටික ඉතින් දඩමසටවත් ගන්න බැරියැ. ඡන්ද ටිකක් ගන්න පුළුවන් නම්... මොන අභය භුමිද..?
ajith Friday, 11 October 2019 02:40 AM
මෙම අපරාධය වහාම නවත්වන්න. රට පාලනය කරන්න හරි. කාලා විනාශ කරන්න හරි පරිසරය සමග රට ආරක්ෂා කල යුතුයි. මේ දෙගොල්ලන්ම කලේ බලය වනුවෙන් රට විනාශ කරපු එක තමයි. 2020 න් පස්සෙත් ඔය ටිකම නොවුනොත් තමයි පුදුමය.