IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

(ජයන්ත සමරකෝන්)

කොළඹ මහ නගර සභාවට නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරලීම සඳහා දෛනිකව ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක්  දැරීමට සිදුවී ඇතැයි එහි කොමසාරිස්  පාලිත නානායක්කාර මහතා පවසයි.

දිනපතා ලොරි රථ 30 ක් යොදවා කසළ ප්‍රවාහනය සිදුවන අතර,  එක් ලොරි රථයක් සඳහා රුපියල් ලක්ෂයක් ගෙවන බවද ඒ මහතා කීය.

මෙම එක් ලොරියකට දිනකට යා හැකි ගමන් වාර ප්‍රමාණය එකක් බවද  ගෙන යා හැකි ප්‍රමාණය උපරිමය ටොන් 15 ක් බවද හෙතෙම සඳහන් කළේය.

නගරයේ ගොඩ ගැසී තිබූ කසළ මෙට්‍රික් ටොන් 3000 ක් අතරින් අද වනවිට 1500 ක් ඉවත්කර ඇතැයි ද කී කොමසාරිස්වරයා දෛනිකව එකතුවන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600 ක් බවද පෙන්වා දුන්නේය.

මෙම ලොරි රථවලට පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි ද නගර සභාව සඳහන් කරයි.



අදහස් (20)

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

menna Tuesday, 13 August 2019 01:49 PM

කුණු එකඑක තැන්වල එක්කරනවා. අරුවක්කාලු වලින් කුණුවලට පිළියමක් තියේද? එතැනත් එක කෙරවලපිටියක් විතරක් වෙයිද? එක මිතොටමුල්ලක් විතරක් වෙයිද? කසල ගොඩ ගැසීමෙන් පමණක් විසඳුමක් ලැබෙයිද? කසල විනාශ කරන්නේ කොහොමද?

:       105       7

ධම්ම Tuesday, 13 August 2019 02:40 PM

කසළ ප්‍රවාහන කොන්ත්‍රාත්තුවටත් දේශපාලකයෙක් සම්බන්ධ ඇති.

:       31       101

Hafeel Tuesday, 13 August 2019 03:58 PM

නැතුව නැතුව. මේ රටේ දේශපාලකයන් සම්බන්ධකම් නැතුව කිසිම අපරාධයක් සිදුවෙන්නේ නැහැ.

:       0       38

himalTuesday, 13 August 2019 04:37 PM

තමන්ගේ කුණුමලු පාරට ගෙනැවිත් දාලා ඒක නගර සභාවෙන් හරි, වෙන කවුරු හරි අරගෙන යනවා නම් තමන් සුදනා කියනා මිනිස්සු ඉන්නකම් මේ ප්‍රශ්නේ මෙහෙම්ම තමයි. කුණු ප්‍රශ්නෙත් හුදෙක් පක්ෂ දේශපාලනේකට ඇදලාදාලා කුණු වැඩ කරන මිනිස්සුන්ගේ කුණු වහන්නේ නැතිව තොරතුරු පණත යටතේ මේකේ ලොරි හිමියෝ කවුද කියලා හොයලා බැලුවා නම් ඉවරනේ...

:       0       9

Amila Tuesday, 13 August 2019 03:26 PM

ඒකෙනුත් ගසාකාලා ඇති අර මැතිණිය. ආපු දවසේ ඉඳලම කොලඹ කෑවා.

:       68       286

Kumar Tuesday, 13 August 2019 03:43 PM

ලංකාවේ මොනවා කෙරුවත් ඒක වන කරගන්නවා. අපි ඉන්න රටේ නම් කසල තැන්පත් කරන තැන ඈත නම්, එම කසල නගරයේ සුදුසු ස්ථානයක (transfer station) එකතු කර ටොන් 40ක් ගෙනයාහැකි ලොරිවල පැටව් තැන්පත් කරන ස්ථානයට ගෙනියනවා. දුගඳ නිසා එම වාහන පිරුණු විගසින් පිටත්වෙනවා. මගදිගට හැලෙනවට එම වාහන කැන්වස් රෙද්දකින් වසනවා. දැන් තිබෙන ක්‍රමයට කසල එකතු කරන වාහන වැඩි කලක් යන්න කලින් අබලන් තත්වයට පත්වෙනවා. කසල එකතු කරන වාහන ඈත ධාවනයට සුදුසු වාහන නොවේ.

:       0       14

පුරවැසියා Tuesday, 13 August 2019 04:19 PM

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙනයන්න. දෛනිකව ලක්ෂ 30ක් ගෙවීමට සිදුව තිබෙන්නේ පසුගිය මැතිවරණයට පෙර කසල ගෙනයාම සඳහා යෙදවීමට පොරොන්දු වූ දුම්රිය තවම සාදා නිමකර නොමැති නිසාය...

:       0       18

ලකිත් ශ්‍යාමන් Tuesday, 13 August 2019 04:29 PM

ලොරියකට ගෙවන මාසික ආදායම එකතු කරලා තවත් අළුත් ලොරියක් ගත හැකියි. ලංකාවේ ඉඳන් එංගලන්තයට ගිහින් එන්න ගුවන් ටිකට් පතක්ම මෙච්චර වෙන්නේ නෑ.

:       12       3

de silva Tuesday, 13 August 2019 05:38 PM

කොළඹ ඉඳන් පුත්තලමට ලොරියක් හයර් එකට යන්න රුපියල් ලක්ෂයක් ගන්නවද ? ඔය කියන ලොරියකට පුත්තලමට ගිහින් එන්න වැඩිම වුනොත් රුපියල් 20000 ඩිසල් යාවි , අනිවාර්යයෙන්ම මෙතන දේශපාලකයෝ කොමිස් ගහනවා , කුණු හැමදා ගෙනියන නිසා රජයට ලිස් කරලා ලොරි ගත්තත් ලාභය, ලොරියක් වැඩිම වුනොත් තීරුබදු රහිතව ලක්ෂ 50-75 අතර මුදලක් වේවි. මාස 2-3 ලොරියේ වටිනාකම ඉතුරු වෙනවා. රියදුරන් දෙදෙනෙකු දමල ශිෆ්ට් දිවා රාත්‍රී ක්‍රමයට කුණු ගෙනිච්ච නම් රජයට මේ වැඩේට අවශ්‍ය වෙන්නේ ලොරි 15 කි උපරිම 20 කි. රාත්‍රියට කුණු ගෙනියනකොට මාර්ග තදබදය අඩු නිසා සැමටම පහසුවකි, ඩිසල් ඉතුරුවකුත් වෙනවා

:       0       122

vernonTuesday, 13 August 2019 07:40 PM

නගර සභා සේවකයින් යොදා මේ වැඩේ කරන්න ගියොත් අති විශාල අතිකාල වියදමක් වැයවෙනවා.

:       0       0

MaheeWednesday, 14 August 2019 01:10 AM

සම්පූර්ණ ඇත්ත. ඒත් එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑනි මං කියලා. එතකොට තිස් මිලියන, පස් මිලියන හතලිස් දාහක් ඇස්තමේන්තු ගත මුදල වියදම් කරගන්නේ කොහොමද? ඒ මුදලෙන් විසි මිලියන තිස් තුන් දහයක් සාක්කුවට හරි හෑන්ඩ් බැග් එකට හරි දාගන්නේ කොහොමද?

:       0       23

sisira Wednesday, 14 August 2019 12:12 AM

කුණු මෙච්චර වටිනා බව අදනේ දැන ගත්තේ... කණු කුණු ගගා ඉන්නේ නැතුව ඔය කුණු දවා විනාශ කරන යාන්ත්‍රණයක් ගැන අවධානය යොමු කළ යුතුයි. කුණු ගොඩ ගසා ගැනීමෙන් කොහොමද ප්‍රශ්නය විසඳෙන්නේ?

:       0       12

MD Wednesday, 14 August 2019 12:41 AM

රෝසි නගර සභාවේ ටොයිලට් එකට අතදිගෑරලා වියදම් කළා නම් මුළු කොළඹ කුණු යවන්න කීයක් ගියත් මොකද? මුළු ලංකාවේම මිනිස්සු බදු ගන්න හදන්නේ.. හොඳ ආදායමක් තියෙනවනේ.

:       0       0

Jaya Wednesday, 14 August 2019 12:41 AM

නිදහසින් පස්සේ අවුරුදු 70කටත් වැඩිය රට කරවලා දැන් ගෙනැල්ලා තියන තැන පේනවනේ... හරියට කුණු ටිකවත් දාගන්න තැනක් නෑ. හැබැයි 21 වැනි සියවසේ සංවර්ධනය, තාක්ෂණික විප්ලවය, හරිත විප්ලවය, අර විප්ලවය මේ විප්ලවය කියලා ලොකු ටෝක් නම්දෙනවා.

:       0       0

ධනා Wednesday, 14 August 2019 01:48 AM

ඉන්නම හිතෙන රටක්...

:       0       8

ඇලන් Wednesday, 14 August 2019 04:19 AM

දවසකට එක ලොරියක ගෙනියන්න පුළුවන් ටොන් 15 නම් ඒ වගේ ලොරි 30කින් ගෙනියන්න පුළුවන් ටොන් 450.. එතකොට දවසකට අලුතෙන් එකතුවෙන ටොන් 600 න් ටොන් 150 ඉතුරුවෙනවා ගෙනියන්න බැරුව...

:       0       14

de silva berlin Wednesday, 14 August 2019 06:51 AM

යුරෝපේ බර්ලින්, ෆ්රන්ක්ෆෙර්ට්, පැරිස් වගේ නගරවල කොළඹට වැඩිය වැඩියෙන් කුණු එකතුවෙනවා. ඔවුන් එම කුණු අරගෙන රට වටේ ගෙනගොස් ගබඩා කරන්නේ නැහැ. එහෙ කරන්නේ දිරායන කොම්පොස් ලෙස භාවිතාකර හැකි කුණු, කඩදාසි, පොලිතීන් සහ ප්ලාස්ටික් සහ ලෝහ ලෙස වෙන් කරනවා. ඊට පස්සේ දිරායන කුණුවලින් කොම්පෝස්ට් හදනවා කඩදාසි නැවත ප්‍රතිචක්‍රීකරණය කර කඩදාසි හදනවා. ප්ලාස්ටික්, පොලිතීන්, ලෝහ නැවත ප්‍රතිචක්‍රීකරණය කරනවා. අන්තිමට ඉතුරුවෙන ටික දහනාගාරවල දහනය කරනවා. පිටවන විෂ දුම් අවම වනලෙස... හොඳම දෙය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් යුරෝපයේ එවැනි දියුණු රටක් සමග සාකච්ඡා කර එවැනි පද්ධතියක් කොළඹට එම රටක සමාගමක් මගින්ම සැලසුම් කර ඉදිකර ගැනීම... සමහරවිට එම රටකින් එවැනි දෙයකට යම් සහනාධාරයක් ලබාගන්න බැරි වෙන එකක් නැහැ. දැනට ලොරිවලින් පුත්තලමට කුණු ගෙනිහින් ගොඩ ගහනකොට පරිසරයට ඩිසල් දුම් කොපමණ එකතුවෙනවද? විශාල පරිසර විනාශයක් වෙනවා. එම රටවල ලංකාවෙන් යවලා තානාපතිවරු ඉන්නවනේ? ඔවුන්ට පුළුවන් සාකච්ඡා කර මේ ගැන හොයලා බලන්න. ඇත්තටම මට බලයක් තිබෙනවා නම් මම මේ ගැන එම රටවල වගකිව යුතු කෙනෙක් සමග සාකච්ඡා කරලා බලනවා.

:       0       14

සාගර Wednesday, 14 August 2019 09:20 AM

අනේ කුණු වලිනුත් කනවා. මොකක්ද මේ රට.. මේවායින් කොමිස් ගහලා දරුවන්ට කන්න දෙන්න පුළුවන්ද අප්පා හිතේ සැනසීමෙන්...? පුදුම පාලනයක්නේ මේක... රටේ නායකයින්ට මේ අපරාධ පේන්නේ නැද්ද?

:       0       0

Sugath Premalal Wednesday, 14 August 2019 09:53 AM

කොළඹ කුණු වියදම විතරක් එක බිලියන තුන බිලියන විසි දෙක දහස් තුනක්ද? රෝසි ඇන්ටි මොනවද කරන්නේ...?

:       0       0

SL Wednesday, 14 August 2019 09:57 AM

සාමාන්‍යයෙන් කෑම වෙන්කරලා ගන්නවා නම් පොහොර ලෙස දවස් 3-4 කින් දිරාපත් වෙලා එහි පරිමාව 90%න් විතර අඩුවෙනවා. ප්ලාස්ටික් වෙනම අසුරුවොත් හරි අාවම පරිමාවක් ගන්නවා. දැනටමත් කොළඹ පිහිටි හෝටල් කිහිපයක කෑම, ප්ලාස්ටික්, දිරන කොළ ලෙස වෙන්කිරීම කරනවා... ඇයි මේ සරල ක්‍රම තියෙද්දී අධික වියදම් දේ වලට යන්නේ? පාගාගන්න, මහජන දේපොළ හොරාකන අය ඊළඟ ආත්මේ ඉපදෙන්නේ අප්‍රිකාවේ... මේ ආත්මේ පලදුන්නු අය දැනගන්න ඕනේ නම්... දේශපාලකයන් කිහිපදෙනෙකුගේ අවසාන කාලේ හොයලා බලන්න.

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 199 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 121 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 587 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 488 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 548 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1564 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site