IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොලොන්නෙන් නෑවොත් බද්දක් ගැනීමේ යෝජනාවක්

(දාපනේ ජයන්ත නානායක්කාරන්න)


පසුගිය 11 දා පැවැත්වීමට නොහැකිව කල් තබන ලද කොළොන්න ප්‍රාදේශීය සභාවේ  සැසිවාරය  අද පැවති අතර එහිදී  සභාපති ටී.රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

පසුව නවක මන්ත්‍රීවරයෙක් විසින් නාන බද්ධක් පිළිබඳව සභාවට යෝජනාවක් කිරීම හේතුවෙන් සභාව උණුසුම් තත්වයකට පත්විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රී ටී.එල්. තුසිත මහතා කියා සිටියේ  කොළොන්නේ නාන තොටුපලවල් බොහෝ ප්‍රමාණයක් ඇති බැවින් ඉන් ඉහළ ආදායමක් ලබාගත හැකි බවයි.

කෙසේ උවද මෙම යෝජනාව කිසිදු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිවෙකු ස්ථිර කර නැත.

 
 
 



අදහස් (13)

කොලොන්නෙන් නෑවොත් බද්දක් ගැනීමේ යෝජනාවක්

de silva berlin Monday, 23 April 2018 09:08 AM

කවුරුවත් මෙම යෝජනාව ස්ථිර නොකිරීමෙන් යෝජනාව ගෙන ආව මන්ත්‍රීතුමා නම් හොඳට නාගත්ත බව පෙනෙනවා.

:       0       117

nisar Monday, 23 April 2018 09:31 AM

ආදායමටත් බදු, වියදමටත් බදු, ලාභයටත් බදු, ලබාංශයටත් බදු, ඉතුරුම් වලටත් බදු, කෑවත් බදු, බීවත් බදු ලෝකයේ ඇති නැති සියලුම වර්ග තියෙන සංකීර්ණම බදු ක්‍රමයක් තියෙන රටක නාන බදු විහිළුවක් වෙන්න බෑ. තව පුළුවන් නම් ඇඟ බදු, උපත් හා මරණ බදු, වැසිකිලි බදු වගේ දේවල් හඳුන්වලා දෙන්න පුළුවන්...

:       11       62

ඩී. ජයදේවMonday, 23 April 2018 10:05 AM

මේ යෝජනාව ගෙනත් තියෙන්නේ බදු ගන්නේ නැති පැත්තේ එක්කෙනෙක් වගේ...

:       0       33

සතයපාල. Monday, 23 April 2018 09:45 AM

දේශපාලකයින් නාගන්න විදියට ඔවුන්ගෙනුත් බද්දක් ගැහුවානම් කරදරයක් නැතිව ආණ්ඩුව ගෙනියන්න තිබුණා.

:       0       38

Mahee Monday, 23 April 2018 10:02 AM

මං ඒ යෝජනාව ස්ථිර කරනවා. අතුරු යෝජනාවක් හැටියට මං තව දුරටත් යෝජනා කරනවා. වැඩිපුර තියෙන නාන තොටුපළවල් නිරුවතින් නාන අයට වෙන් කරලා ලක්ෂ, කෝටි ගණනක් හොයා ගන්න වැඩ පිළිවෙලක් සකස් කල යුතු බවට....

:       0       29

sumith Monday, 23 April 2018 10:27 AM

මහී මම ඔයාගේ අතුරු යෝජනාවට තව අතුරු යෝජනාවක් කරන්න කැමතියි, ඔය නිරුවතින් නාන අය දිහා බලාගෙන ඉන්න කැමති ඇත්තන්ට වෙනම තැනක් වෙන් කරලා දීලා එ්කෙන් බද්දක් ගන්න පුළුවන් යෝජනාවක් කරන්න කියමු.

:       0       37

de silva berlin Monday, 23 April 2018 10:55 AM

මේ යෝජනාවට නම් ලංකාවේ මොලේ තිබෙන කිසිම දේශපාලකයෙක් සහයෝගය දෙන එකක් නැහැ. මොකද වැඩිපුරම ඇදගෙන නාගන්නේ දේශපාලකයින් නිසා... එ්කනේ අඩුම තරමේ කවුරුවත් ඕක ස්ථිර කරේ නැත්තේ..

:       0       36

රාජුනැ Monday, 23 April 2018 11:02 AM

මෙම යෝජනාවෙන්ම පේනවා රට ගම නගාසිටුවීමට කැපවී සිටින කණ්ඩායමේ බංකොලොත් මානසිකත්වය... අනේ අපොයි!!!

:       0       36

Sunil Monday, 23 April 2018 11:17 AM

දේශීය රාජ්‍ය ආයතනවලට මේ බදු යැවීම මෝඩ වැඩක් නේද?

:       0       8

රවින් Monday, 23 April 2018 12:55 PM

මේ අයව ඔතනට යවපු අයගෙන්ම බදු අය කරගත්තනම් තමා වඩාත්ම සුදුසු.

:       0       15

rocky Monday, 23 April 2018 01:28 PM

වතුර බොන අය ගෙනුත් බද්දක් අයකරන්න පුළුවන් නේද ?

:       0       8

sam Wednesday, 25 April 2018 07:53 AM

මේ පුද්ගලයා නම් හොරෙක් වාගේ පේන්නේ.. වැසිකිළි යනවාටත් ගාණක් කියයි. 8 වත් පාස් නැහැ. මෙයා හොඳයි කෝපි කඩේ පොලි මුදලාලිගේ පාර්ට් එකට...

:       0       16

මචන් Wednesday, 25 April 2018 03:51 PM

බලු බද්ද, ඇග බද්ද, පාරවල් බද්ද කියලත් ඉස්සරහට ගෙනෙයි. ආණ්ඩුවට හැබැයි බය වෙන්න දෙයක් නෑ ඉස්සර වගේ මේකේ දේශප්‍රේමින් නැති නිසා කැරලි කෝලාහල එන එකක් නෑ. මිනිස්සු ඊලග පාර ජන්දයත් දෙයි. ඒ තරම් මෝඩ ජාතියක් දැන් ලංකාවේ ඉන්නේ.

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 46 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 92 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 110 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 143 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 130 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 358 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site