IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා වාර්තාවෙයි

(රන්ජන් කස්තුරි, ආරියරත්න රණබාහු සහ මනෝප‍්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකාවෙන් ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිත පළමු රෝගියා හමු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (27) නිවේදනය කළේය.

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවක් පසුගිය 25 වැනිදා අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් වී ඇති අතර ඇයට චීනයේ සීඝ්‍රයෙන් පැතිර යන ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇතැයි කියන මෙම කාන්තාව පසුගිය 25 වැනිදා අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් කර ඇත.

‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි කියන මෙම චීන ජාතික කාන්තාව අයි.ඩී.එච්. උණ රෝහලේ විශේෂිත ඒකකයේ රඳවා ආරක්‍ෂිතව ප‍්‍රතිකාර කරන බව එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය විශේඥ අනිල් ජාසිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි කියන මෙම කාන්තාව තවත් චීන ජාතික කණ්ඪායමක් සමඟ පසුගිය 19 වැනිදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇතැයි පැවසීය.

ලංකාවේ සංචාරය කළ මෙම පිරිස යළි චීනය බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපළට ගොස් සිටියදී අදාළ කාන්තාව උණ රෝගයෙන් පෙළීම නිසා ඇය අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඇය සමඟ පැමිණි අනෙක් පිරිස චීනය බලා පිටත්ව ගොස් ඇතැයිද පැවසු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිත මෙම කාන්තාව ඇතුළු පිරිස නවාතැන් ගත් ස්ථාන මේ වන විටත් හඳුනාගෙන ඇති බවත් ඒ ස්ථාන සෞඛ්‍ය නිලධාරීන් විසින් විශේෂ පරීක්‍ෂාවට ලක් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

මේ අතර අයි.ඩී.එච්. උණ රෝහලේ ආරක්‍ෂිතව ප‍්‍රතිකාර ලබන තවත් රෝගීන් හතර දෙනෙකුට වැළදී ඇත්තේ ‘නව කොරෝනා’ වෛරස් උණ රෝගය නොවන බව පරීක්‍ෂණ වලදී තහවුරු වී යැයිද රෝහල් ආරංචි මාර්ග සනාථ කළේය.



අදහස් (19)

කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා වාර්තාවෙයි

ගමරාළ Monday, 27 January 2020 04:02 PM

චීනයෙන් මිනිස්සු එන එක දෙවරක් හිතන්න වෙනවා දැන් නං.

:       0       1

සෙනෙවිරත්න Monday, 27 January 2020 04:04 PM

මෙම තත්වය මෙතකින් අවසන් වෙිවායැයි පතමු. එසේ වවුද මෙයට දේශපාලනය ඈඳා ගැනීම සිදුවනු ඇත. වත්මන් පාලකයන් දළඹු වසංගතය කාලේ හැසිරුන ආකාරයට වත්මන් විපක්ෂය හැසිරීම සිදු නොවේවා යන්න අපගේ පැතුමයි

:       0       1

BernardWednesday, 29 January 2020 12:46 PM

සෙනෙවිරත්න ඔයාගේ කමෙන්ට් එකට මම එකඟ වෙනවා. ඉස්සර විපක්ෂය හැසිරුණු හැටි අපිට මතකයි...

:       0       0

සෙනෙවිරත්න Monday, 27 January 2020 04:07 PM

විපක්ෂයට තම ප්‍රශ්නය අමතක කිිීීීීීමටත් ආණ්ඩුවට රටේ ප්‍රශ්නය යට ගැසීමටත් කදිම අවස්ථාවකි

:       1       0

කුසුමා Monday, 27 January 2020 04:08 PM

කරුමේ තමයි

:       0       0

Nimal ... Monday, 27 January 2020 04:17 PM

ඔය තියෙන්නේ චීනෙන් තවත් ආධාර... දැන් හොඳ වෙලාව වාසු මලයට වතුර ගාන උඩට නග්ග ගන්න...

:       323       718

lasanthaTuesday, 28 January 2020 01:53 AM

බෙයිජිං, ග්වැන්ෂෝ, චෙංඩු සහ කැන්ටන් යන ගුවන් තොටුපළවල සිට දිනපතා ගුවන් යානා හතරකින්, මගීන් දහසකට අධික පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබේ. කියලා ඊයේ පත්තරේ තිබුනේ. මේ තියෙන්නේ ප්‍රතිපල. චිනෙට හැදුනා වගේ නෙමෙයි ලංකාවට හැදුනම මුළු රටම ඉවරයි. වෙන රටවල් චිනෙ අයට එන්න තහනම්. මෙහෙ අය බලෙන් ගෙන්න ගන්නවා. චින්නු ඔක්කොම මෙහෙට පැටවෙනවා.

:       1       102

Mahee Monday, 27 January 2020 05:02 PM

අසනීපයක් හැදුනහම අනික් අයට බෝ නොකර ඉන්න උත්සාහ කරන්න එපාය.

:       2       2

ජයරත්න Monday, 27 January 2020 05:12 PM

කොහොමත් රෝගය බෝ වෙලා දින කිහිපයක් යනකන් ස්කෑනර් යන්ත්‍ර වලට අහුවෙන්නේ නැහැ. උණ හැදුන අය විතරයි අහුවෙන්නේ. මේක එන එක වලක්වන්න බැහැ. එක සැරයක් මෙහෙම වෙන එකත් හොඳයි. හොඳ පුරුදු ඇතිකරගන්න හොඳ පාඩමක්. අනිත් එක අපේ රටේ පොල් පටවනවා වගේ බස් වල මිනිස්සු පටවන ක්‍රමය වගේ ඒවත් වෙනස් කරගන්න වෙයි. නැත්නම් වසංගත පාලනය කරන්න බැහැ.

:       0       2

Mahesh Monday, 27 January 2020 05:26 PM

නිකමට හරි සිරිසේන මහත්තයා හිටියානම් මේකත් යන්නේ ඔහුගේ පිටින්. මිනිස්සු කියයි චීන්නුන්ට එන්න නොදී ඉන්න තිබුනා. එහෙම කරන්නත් කොන්ද පණ නෑ කියලා.. බලන් ගියහම ඔක්කොම එක වගේනේ.

:       0       73

රජින්ද Monday, 27 January 2020 05:45 PM

ඇයි තවම චීන්නුන්ට මේ රටට එන්න වීසා දෙන්නේ ? තාවකාලිකව චීනයට විසා දීම නවත්වන්න පාලකයින් වහාම පියවර ගතයුතු වෙනවා.

:       0       5

Bernard Monday, 27 January 2020 05:58 PM

හරිම කණගාටුයි. ලංකාවේ නමත් කොරෝනා වෛරසය තියෙන රටක් ලෙස තීරණය වීම. අපේ රටටත් දෙවියන්ගේ පිහිට තමයි.

:       0       12

lanka Monday, 27 January 2020 07:00 PM

කොහොමත් එන බව දැනගෙන හිටියා. ප්‍රශ්නෙට තිබුනේ එන්නේ කවදද කියලා විතරයි. දැන් ඒකත් හරි. දැන් ඉතින් වෙද හෙද කට්ටියට උද්ඝෝෂණයක් එහෙම පටන් අරන් පඩි වැඩිකරගන්නත් පුළුවන් වෙයි.

:       0       2

සමන් ඕස්ට්‍රේලියාව Monday, 27 January 2020 08:49 PM

බය වෙන්න එපා . ඕකට දැන් ළඟදීම වේද මහත්තයෙක් දේශීය බෙහෙතක් හොයා ගනීවි

:       0       4

ලුම්බිණි Tuesday, 28 January 2020 01:34 AM

මෙයා චීනය බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපළට ගොස් සිටිය නම් ඒ එක්ක ගුවන් තොටුපොළේ සිටි අනෙකුත් අයත් අනතුරුදායක තත්වයක නේද ඉන්නේ?

:       0       11

මුණසිංහ Tuesday, 28 January 2020 01:41 AM

චීනයට දොස් නගන අය මතක තබා ගත යුතු කරුණක් ඇත. ලෝක ආර්ථිකයෙන් 30% පමණ චීනය මත රදා පවතිනවා. චීනයේ ආර්ථිකය වැටුනොත් ඔය බණ දෙසන අයටත් ඒකේ විපාක විදින්න වෙනවා. එතකොට පවතින රජයට දොස් පවරලා වැඩක් නැහැ. බුද්ධිමත්ව සිතන අය ලෝකයට වැදගත් කාලයක් මේ. දැනටත් ඇමරිකාව ඒ පිළිබදව අනතුරු අගවා තිබෙන බව අමතක කරන්න එපා.

:       203       3

de silva Tuesday, 28 January 2020 01:55 AM

පසුබට මෙම උවදුර පහව යනතෙක් චීන ජාතිකයන්ට ලංකාවට පැමිණීමට අලුතෙන් සංචාරක විසා නිකුත් කිරීම තාවකාලිකව නවත්වන්න , නැතිනම් වෙන්නේ මහා විනාශයක්

:       0       146

Akila Tuesday, 28 January 2020 02:08 AM

දැන් මේ චීන කාන්තාව ලංකාවේ ඇවිදපු තැන්වල ලංකවේ කීදෙනෙක් ට මේ රෝගය බෝ කරලද කියල හොයන්නේ නැත්ද ? හොදම දේ තමයි චීනෙන් මෙරටට සංචාරකයන් එන එක තවකාලිකව තහනම් කරන එක.

:       0       141

විමුක්ති Tuesday, 28 January 2020 04:34 AM

කිව්වේ නම් කටුනායක ගුවන් තොටුපලේ උපරිම ආරක්ෂක පියවර අරන් තියෙන්නේ වෛරසය තියෙන කිසි කෙනෙකුට එන්න බෑ කියලනේ. දැන් ඔය ඇවිත් දවස් 6ක්ම රට වටෙත් ගිහින් තියෙන්නේ. කී දෙනෙක්ට මෙයාගෙන් මේ වෛරසය ඇතුල්වෙන්න ඇද්ද? මේ ආණ්ඩුව නමි චීන්නු මෙහාට එන එක තහනම් කරයි කියලා හිතන්න එපා. චීනා කිව්වම පරමාණු බෝම්⁣බයක් බැඳන් ආවත් පිළිිගන්න අයනේ. දැනටත් දහස් ගනනක් චීනෙන් මෙහාට එනවා වෙන රටවල ඒක පාලනය කරලා නිසා. අපිට අපේ පිහිටම විතරයි.

:       1       325

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1117 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 425 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 877 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 843 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 325 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 515 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site