IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොරෝනා වසංගතය පාලනය වන අතට

 

ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වූ කොරෝනා දෙවැනි රැල්ල පසුගිය 14 වැනිදා එහි උපරිම අගයට ළඟා වීමෙන් පසුව මේ වන විට තරමක් දුරට පාලනය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවියෙන් (http://www.epid.gov.lk/web/index.php?lang=en) පෙන්නුම් කරයි. එම වෙබ් අඩවයේ මේ වන විටත් පෙන්නුම් කරනු ලබන දත්ත අනුව වසංගතය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමේ බරපතළම අවධිය වී ඇත්තේ දෙසැම්බර් මස දෙවැනි සතියයි.


කොවිඩ්-19 සම්බන්ධයෙන් වන රජයේ නිල වෙබ් අඩවියේ (https://covid19.gov.lk/covid-19-stats.html) දත්ත වලින්ද මෙම තත්ත්වයන් වැඩිදුරටත් තහවුරු වෙයි.

 

 


දෙසැම්බර් මස 14 වැනිදා පැවැති අගයන් අනුව එදින රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව 9017 කි. එහෙත් එතැන් සිට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර අද (29 වැනිදා) වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 7484 දක්වා අඩුවී තිබේ.

 


 


මේ වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා හමුවූ දිනයේ පටන්ම වරින් වර හමුවන රෝගීන් සංඛ්‍යාව එහි මුල් අගයට එකතු කරන ලදි. අද වන විට වාර්තා වන රොගීන් සංඛ්‍යාව 41,603 ක් ලෙසින් සටහන් වූවත් ඔවුන් අතුරින් 33,925 දෙනෙක් සුවය ලබා සිටිති.

අභියෝගාත්මක සාධකය වන්නේ දිනයක් තුළ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව සහ හඳුනා නොගත් රෝගීන් හෙවත් කොරෝනා වයිරසයේ වාහකයන් පිරිසත්ය. කෙසේ වෙතත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම කිසියම් සහන දායී තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවියෙන් මෙන්ම කොවිඞ්-19 සම්බන්ධයෙන් වන රජයේ නිල වෙබ් අඩවියේ දත්ත වලින්ද තහවුරු වේ.

ඉතාම ආසන්න (දෙසැම්බර් මාසයේ) දත්ත මෙසේ විශ්ලේෂණය කළ හැකිය.

දෙසැම්බර් මස 2 වැනිදා හමුවූ රෝගීන් සංඛ්‍යාව 878 කි. එහෙත් එදින පසුව ගෙවී ගිය සති හහතරකට (දින 27 ක්) ආසන්න කාලයේදී අලුතෙන් හමුවන රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් තිබේ. දෙසැම්බර් 8 වැනිදා රෝගීන් 798 ක් හමුවූ නමුත් දෙසැම්බර් 12 වැනිදාට පසුව සෑම දිනයකදීම හමුවී ඇත්තේ රෝගීන් 750 කට වඩා අඩු සංඛ්‍යාවකි. ඊට අනුලෝම වශයෙන් දෙසැම්බර් 14 වැනිදා සිට ගෙවීගිය සති දෙක ඇතුළත දිනපතාම රෝගීන් 500 කට වැඩි පිරිසක් (දෙසැම්බර් 21 වැනිදා හැර - එදින සුවය ලද රෝගීන් සංඛ්‍යාව 415 යි) සුවය ලබා රෝහල්වලින් පිටව ගියහ.

දෙසැම්බර් 14 වැනිදා 9017 ක් වූ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව අද (29 වැනිදා) 7484 ක් දක්වා පහළ බැස තිබේ. ගෙවී ගිය දෙසතිය තුළම එය 8000 සීමාවට ඔබ්බෙන් තිබූ නමුත් අද එතැනින් පහළට වැටිණ.

 

 

 

 

මාර්තු මාසයේ සිට මේ දක්වා වයිරසය අසාදනය වූ පිරිස අතුරින් අද (29 වැනිදා) වන විට සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 81.5 % කි. ප්‍රතිකාර ලබමින් සිටින පිරිස ප්‍රතිශතයක් වශයෙන් 18 % කි. මරණ 194 ක් වාර්තා වන නමුත් එය ප්‍රතිශතයක් වශයෙන් 0.5 % ක් හෙවත් වයිරසය ආසාදිත වූවන්ගෙන් 1000 කට 5 දෙනෙකි.

 



අදහස් (24)

කොරෝනා වසංගතය පාලනය වන අතට

hemantha Tuesday, 29 December 2020 12:24 PM

පට්ට පල් ඇත්ත.

:       9       83

senaTuesday, 29 December 2020 01:41 PM

මටත් හිතෙන්නේ හේමන්ත හරි... මොකද මේ හරි වුණත් මේ ප්‍රතිඵල ලැබුණේ ලැබුණේ පරීක්ෂණ කීමට සාපේක්ෂව කියලා නැහැ. පරීක්ෂණ අඩුවෙන් කළොත් ලෙඩ්ඩු ගාණ ඉබේම අඩුවෙනවනේ...

:       0       0

AshanTuesday, 29 December 2020 03:05 PM

එහෙනම් පලාත් සභා ඡන්දෙත් තියමු.

:       2       37

sathyapalaTuesday, 29 December 2020 07:52 PM

ජූලි මාසේ සිට වැඩිවීමට පටන්ගත් රෝගීන් සංඛ්‍යාව දෙසැම්බර් මස දින කිහිපයකට අඩුවීම දෙස බලා පාලනය වී ඇතැයි සිතීම අනුවණකමකි. එයට අමතරව වේගයෙන් පැතිරෙන නව කොරෝනා ප්‍රභේදය ලෝකය පුරා පැතිරෙමින් දැන් ඉන්දියාව දක්වා පැමිණ තිබීමත්, වේගයෙන් ව්‍යාප්ත මේ නව ප්‍රභේදය ආරම්භ වූ රට වන දකුණු අප්‍රිකාවට අප රටේ ක්‍රිකට් කණ්ඩායම ගොස් තිබීමත් ඉතා අනතුරු දායක තත්වයකි. මේ නව ප්‍රභේදය දිනක් තුල රෝගීන් සංඛ්‍යාව දෙගුණ තෙගුණ කරවන බැවින් රටේ තත්වය සුළු කොට තැකීම නොකළ යුතුමයි.

:       0       0

Hashim Tuesday, 29 December 2020 12:35 PM

මැතිවරණයක් අතළග...

:       5       44

kareenTuesday, 29 December 2020 07:19 PM

කොරෝනා හැදිලා හොස්පිටල් එන්නේ නැතිව හදිසියේ මැරෙන ලෙඩ්ඩු කොච්චර ඇතිද? පීසීආර් ටෙස්ට් 100ක් කළොත් කොරෝනා පොසිටිව් 50ක් හම්බවෙන සමාජයක මොනවද කියන බොරු?

:       0       0

fairoos Tuesday, 29 December 2020 01:53 PM

සර් පාස්'''

:       6       28

Jayantha Tuesday, 29 December 2020 02:14 PM

මෙය මුදල් ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි ද ? කොළඹ අවදානම රට පුරා ගිහින් ඉවරයි .. ඒත් ලෙඩ්ඩු අඩුයි. ඇත්ත නම් සතුටුයි...

:       4       42

Maduranga Tuesday, 29 December 2020 02:15 PM

ඡන්දයක පෙරනිමිති පහළවන බව පෙනී යනවා...!!!

:       3       41

නිලන් Tuesday, 29 December 2020 02:15 PM

පලාත් සභා ඡන්දෙත් ළඟ එනවනේ..

:       3       29

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 December 2020 02:19 PM

මේවා සංඛ්‍යා ලේඛණ මත පමණක් පදනම් කොටගෙන කෙරෙනා සුරංගනා කතා වගෙයි පෙනීයන්නේ ... කෙසේ වෙතත්, රට පුරා කොරෝනා ව්‍යාප්ත වෙමින් පවතින බව කියන දේ තමයි කිවයුතු වන්නේ. එය තමයි තිත්ත ඇත්ත. රෝගය සමාජගත වෙලා නැහැ කියලා සුරංගනා කතාවකුත් ප්‍රචාරය වුණා අපට මතකයි. අපි රැවටෙයි මෙන්න කියලා ... හුරේ ...

:       6       41

CITIZEN Tuesday, 29 December 2020 02:34 PM

ඉතා හොදයි. වෛරසය හදුනාගැනීමට කළ පරීක්ෂා ප‍්‍රමාණය වැඩි කරපු නිසා මෙහෙම රෝගීන් සංඛ්‍යාවක් සොයාගැනීමට හැකිවුනාය කියන එක මතක තබාගන්නම ඔ්නේ. ඒ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යන ගමන්ම, අපිත් වගකීමක් ඇතිව ඉදිරියටත් කටයුතු කළොත්, මේ දේවල්වල ප‍්‍රතිඵල තියේවි. එකම ප‍්‍රාර්ථනය, සාර්ථක වුනා හෝ අසාර්ථක වුනා, ඒ කිසිම අවස්ථාවකට දේශපාලනය නොගාවා සිටීමට අපේ පාලකයින් සහ විපක්ෂය කටයුතු කරාවිය කියන එක පමණයි.

:       27       16

saman Tuesday, 29 December 2020 03:28 PM

සමහර කුහකයින්ට මෙක දරාගන්න බැරිව ඇති..

:       58       17

ShanakaTuesday, 29 December 2020 11:30 PM

තාමත් රැවටෙන ඔහෙලට තමයි මේ නිවුස් වටින්නේ...

:       0       0

Samantha Tuesday, 29 December 2020 03:31 PM

චන්දෙ තියන්න නේද හදන්නෙ?

:       8       36

Jaya Tuesday, 29 December 2020 03:51 PM

මෙය හොඳ ප්‍රවනතාවයක්. නමුත් දත්ත වල නිවැරදිතාවය මත තදබල ලෙස රඳා පවතිනවා. උදා පරීක්ෂණ ප්‍රමාණය අනුලෝමව ඉහල නොයන්නේ නම් positive අගය එක්තරා අගයක වටා දෝලනය වන්න පුලුවන් සහ වැරදි දෙයක් පිළිඹිබු කරන්න පුළුවන්. එ වගේම යම්කිසි ට්‍රෙන්ඩ් එකක් නිගමනය කරන්න මාසයක් පමණ නිරීක්ෂණය කල යුතුයි. ජනතාව අනවශ්‍ය බියටත්, අනවශ්‍ය ලෙස සැහැල්ලුවට ගැනීමත් වැලැක්වීම නිලදාරීන්ගේත් මාධ්‍යවලත් යුතුකමයි...

:       2       38

Prasad Tuesday, 29 December 2020 03:58 PM

ඔලුවෙ පොල්ලක් වැදිච්ච එකෙක්ද මෙක ප්‍රකාශ කළේ..?

:       6       37

Prabha Tuesday, 29 December 2020 04:23 PM

එහෙමනම් එන්නත ගේන එකේ තේරුමක් නැහැනේද? මැතිවරණය ඉක්මන් කරමු.

:       6       40

බද්රානි Tuesday, 29 December 2020 04:30 PM

මොනවා උනත් හොර ප්‍රස්තාර වලින් හා බොරු සංඛ්‍යා දත්ත ලේඛන වලින් නම් ලෝකයෙන්ම කප් එක උස්සපු රටක් තමයි මේ. මම ඊයේ දැක්කා ලංකාවේ දොස්තරයෙක් කියනවා හෝටල් කර්මාන්තය නගා සිටුවන්න සංචාරකයින් මෙරටට ගෙන්වීම කල යුතුයි කියලා. සෞඛ්‍යය ක්ෂේත්‍රය තුල අරක්ගෙන සිටින මෙවන් තක්කඩි දොස්තර මුදලාලිලා තමයි මේ ප්‍රස්තාර පසුපසත් සිටින්නේ. අපි නම් රැවටෙයි ඕවට..?

:       15       50

Rohana Wednesday, 30 December 2020 06:10 AM

අඩුවෙන්නේ ධම්මික පැණිය නිසා වෙන්න බැරිද?

:       0       0

Raveendra Wednesday, 30 December 2020 07:42 AM

මේ වගේ වැටෙන ප්‍රතිචාර අදාල බලධාරීන්ට පෙනීයන්...

:       0       0

විපරමා Wednesday, 30 December 2020 10:48 PM

මේ වෙනකොට දෙසීයකට කිට්ටු වෙන්ඩ මැරිලා. රටපුරාවටම කොරෝනා ආසාදිතයෝ... පිටරට ඉදලා එන අයටත් කොරෝනා. තවත් හදන්නේ බොරු බේගල් කියලා ජනතාව ගොනාට අන්දවන්ට...

:       1       2

Nihal Thursday, 31 December 2020 10:00 PM

කොටි නැගිටීම්, වනාන්තර එළි පෙහෙළි කිරීම්, ආගමික ගැටුම් එහෙම ඉස්සරහට එන්න තියනවා...

:       0       0

69lakshaya Friday, 01 January 2021 06:56 AM

අපේ ධම්මික වෙද මහතාගේ පැණියේ ප්‍රතිඵල...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 7 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1087 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2447 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2845 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1411 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 364 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site