IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොරෝනා වයිරසයෙන් ඇමරිකාවේ 80,000 ක් පමණ මිය යා හැකියි

ඉදිරි මාස හතර ඇතුළතදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කරන ලද දත්ත විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.

ජූනි මාසය දක්වා එහි අඩුවක් නොවනු ඇතැයි ද එම දත්තවලින් කියැවේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ‘වෛද්‍ය පාසල’ මෙම දත්ත විශ්ලේෂණය කර ඇත.

රෝහල් ගත කර ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන අප්‍රේල් දෙවැනි සතියේදී වේගයෙන් ඉහළ යනු ඇතැයි ද ඇතැම් ප්‍රාන්තවල ආසාදිතයන්ගේ ගණන ඊට පසුවද ඉහළ යා හැකි යැයි පැවසේ.

ඒ නිසා ජූලි මාසයේදී වුවද කොරෝනා වයිරසය නිසි මිනිසුන් මිය යා හැකි යැයි ද එසේ වුවත් හෝ එය වසංගත හෝ එවැනි තත්ත්වයක් නොවනු ඇතැයි ද දත්ත විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත. ජූනි මාසය වනවිට කොරෝනා වයිරසය නිසා දිනකට දස දෙනකු මිය යා හැකි යැයි ද එම දත්ත විශ්ලේෂණයෙන් කියැවේ.

ආණ්ඩු, රෝහල් සහ අනෙකුත් මූලාශ්‍ර භාවිත කරමින් මෙම විශ්ලේෂණය කර තිබෙන අතර කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවිය හැකි මරණ ගණන ඉතා පුළුල් අගයක් ගන්නා බව ඉන් අනාවරණය වී තිබේ. ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවිය හැකි මරණ ගණන 38,000ත් 162,000ත් අතර විය හැකි බව ඉන් පැවසේ.

‘‘මේ වෙනසට හේතුව වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමයි. අනෙක් අතට විවිධ කලාපවල වයිරසය ව්‍යාප්ත වෙන්නේ වෙනස් ආකාරවලින්. මේ තත්ත්වය තවමත් විශේෂඥයන්ට පවා පැහැදිලි කරන්න බැහැ’’ යැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිස්ටෝපර් මරේ පැවැසීය. මෙම අධ්‍යයනය කෙරුණේ ඔහුගේ මූලිකත්වයෙනි.

‘‘මේ වයිරසය කොතරම් කාලයක් පවතීවිද කියලා අපට කියන්න බැහැ. ඒ කාලය කොතරම් ද ඒ අනුව අපි මුලින් හිතුවාටත් වඩා කාලයක් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්න වෙනවා. අපි පලදායී ලෙසින් පරීක්ෂා කිරීම් කළොත් සහ අසනීප අය නිසි පරිදි නිරෝධායනය කළොත් පනවා තිබෙන සීමා ලිහිල් කරන්න පුළුවන් වේවි’’ යැයි ද හෙතෙම කීය.

කොරනා ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ රෝහල්වලට ද දැඩි පීඩනයක් එල්ල වන ආකාරය මෙම විශ්ලේෂණයෙන් පෙන්වා දී ඇත. වසංගතයේ උච්ඡතම අවස්ථාවට පැමිණි විට රෝහල්වල ඇති ඇඳන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ද එයින් පෙන්වා දී තිබේ. දැනට ඇති ඇඳන් ප්‍රමාණය 64,000 දහසකි. එමෙන්ම ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) 20,000ක් අවශ්‍ය බව ද මෙම විශ්ලේෂණයෙන් පෙනී ගොස් තිබේ. නිව්යෝක් නගරයට දැනටමත් ස්වසන සංවාතන යන්ත්‍රවල හිඟයක් මතුව ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, අද රාත්‍රී 10.45 පමණ විට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 125,433ක් ලෙස දැක්විණි. මරණ ගණන 2,201ක් වූ අතර කොරෝනා වයිරසය ආසාදනය වූ සුව වූ පිරිස 2,612ක් ලෙස සටහන් විය.

රොයිටර්

055

 



අදහස් (4)

කොරෝනා වයිරසයෙන් ඇමරිකාවේ 80,000 ක් පමණ මිය යා හැකියි

සමන් ඕස්ට්‍රේලියාව Sunday, 29 March 2020 10:26 PM

ඉතා තද ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම්, මේ රෝගය ඉතා තදින් පැතිර යාවි. ලංකාවේ දුරස්ථ වීම මීටර 1 මදි . එංගලන්තේ මීටර 2, ඕස්ට්‍රේලියාව මීටර 1.5 , කිඹුහුමක හෝ කැස්සක බින්දු විසි විය හැකි දුර මීටර 6 -10 අතර. බොහෝ දෙනෙකුට කතා කරන කොටත් කෙල විසි වෙනවා.. පෙනෙන්නේ නැති වුණාට...

:       0       0

Ranjan Monday, 30 March 2020 02:29 AM

මෙහි සාදන ගණන වැරදිය.. බලන්න ජාත්‍යන්තර අනික් මාධ්‍යයන් 100 000 සිට 2 00 000 දක්වා මරුට පත්වීමට හැකියාව ඒ රටේ තිබෙනවා... මේ තිබෙන තත්වය අනුව...

:       0       0

Asanka Monday, 30 March 2020 05:25 AM

මෙ අයට පුළුවන් ටක්කෙට විශ්ලේෂණය කරන්න විතරයි. ලංකාව ඇමෙරිකාවට වඩා ගව් ගාණක් ඉදිරියෙන් මෙ ප‍්‍රශ්නයේදී... ලංකාවෙ සෞඛ්‍ය ආරක්ෂක හා රජයේ සේවා වලට ජයවෙවා..!!!

:       0       0

de silva Monday, 30 March 2020 06:21 AM

ඇමරිකාව තිබෙන්නේ යුරෝපෙට වැඩිය පහල මට්ටමක. යුරෝප‌යේ‌ ‌සෞඛ්‍යයේ සේවා වලටත් මේ තත්වය දරන්න බැහැ එවිට ඇමරිකාව ගැන කුමන කතාද ? කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ තව මාසයක් ගතවෙන්කොට අනිවාර්යයෙන් ඇමරිකාවේ මිලියන දෙකකට පමණ කොරෝන හැදිලා ලක්ෂ දෙකක් පමණ මැරෙනවා. මෙයට වග කියන්න ඕනේ මුරණ්ඩු ට්‍රම්ප් පාලනය. මුලින්ම නිව්යෝර්ක් වැනි නගර වහල දැම්මනම් මේ තත්වය පාලනය කරගන්න තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 574 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 812 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 828 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1224 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1108 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site