(මංගල එදිරිසිංහ)
ඉංගිරිය, බොරළුගොඩ කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලා 5 කින් ආසාදිතයින් 20 දෙනෙකු හමුවීමෙන් අනතුරුව කර්මාන්තශාලා 3ක් තාවකාලිකව වසාදමා ඒවායේ සේවකයින් 435 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කළ බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එල්.පී.එල්. ප්‍රියන්ත මහතා පවසයි.
කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදුකරනු ලබන අහඹු පීසීආර් පරීක්‍ෂණවල ප්‍රතිඵල ඊයේ (15) ලැබුණු අතර ඉන් සේවකයින් 20 දෙනෙකු මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත. මෙයින් ආසාදිතයින් 7 දෙනෙකු පමණක් ඉංගිරිය බල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු හොරණ සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ඨාසයේ ද, ඉතිරි 11දෙනා ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් 200 දෙනෙකු සඳහා අද (16) පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත අතර කර්මාන්තශාලා මට්ටමින් ද, පිසීආර් පරීක්‍ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇත.
මේ අනුව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 236 දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් වැඩිම ආසාදිතයින් හමුව ඇත්තේ පෝරුවදණ්ඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාශයෙනි.
ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය හර්ෂණි වීරසිංහ මහත්මියගේ මෙහෙයවීම සහ අධීක්‍ෂණය යටතේ තවදුරටත් පිසීආර් පරීක්‍ෂණ සිදුකරන බව ඉංගිරිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එල්.පී.එල්. ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පවසයි.
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා කර්මාන්තශාලා 5කින් 435ක් නිරෝධායනයට
Raveendra Saturday, 16 January 2021 03:05 PM
මරු හෙඩිමක් දාල තියෙන්නේ.."කොරෝනා කර්මාන්තශාලා"
Shantha Saturday, 16 January 2021 10:54 PM
කොරෝනා කර්මාන්තශාලා 5කින් 435ක් නිරෝධායනයට ලංකාවේ දැන් කොරෝනත් හදනවද?
Ranjan Sunday, 17 January 2021 01:32 PM
ලෝකයේ පළමු කොරෝනා නිෂ්පාදන කර්මාන්ත ශාලා ලංකාවෙන්...