IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිත සිව් වැනි මරණයත් වාර්තා වෙයි

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ තවත් ආසාදිතයකු අද(02) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
 
ඒ අනුව මේ වන විට පුද්ගලයන් සිව්දෙනෙකු කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබේ.
 
මෙම පුද්ගලයා 58 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයකු වන අතර, කොළඹ අයිඩීඑච් රේහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවද, නිව්මෝනියා රෝගී තත්වය උත්සන්න වී මිය ගොස් ඇති බවද ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (18)

කොරෝනා ආසාදිත සිව් වැනි මරණයත් වාර්තා වෙයි

hasan Thursday, 02 April 2020 04:31 PM

සිංහල, දෙමල , මුස්ලිම්, කතෝලික කොයි ජාතිකද?

:       856       138

Chandima SooriyapperumaThursday, 02 April 2020 05:30 PM

ශ්‍රී ලාංකිකයෙක් නැතිවෙලා තියෙන්නේ..

:       130       668

NilanjalaThursday, 02 April 2020 06:50 PM

නැතිවුනේ මිනිසෙක් ....... ඔබගෙන් නැතිවුනේ මනුෂකමක් ...

:       0       11

Sb Friday, 03 April 2020 07:23 AM

ඉතාලි කට්ටියගෙන් කොරෝනා එද්දී ඉතාලී කීවට ප්‍රශ්නයක් නෑ කාටවත්. ක්‍රිස්තියානී පූජකයගෙන් බෝ වෙද්දී ක්‍රිස්තියානී පූජක කියන එකෙ වරදක් නෑ කට්ටියට. දඹදිව ගිහින් එද්දි බෝ වුනා කියපුවහම ඒ කියපු එකත් ප්‍රශ්නයක් නෑ කාටවත්, ඒත් මුස්ලිම් කෙනෙකුට හැදුනා කීවහම, ආගමේ වැඩකට ඉන්දුනීසියාවේ ගිහින් එද්දී හැදුනා කීවහම ඒක සමහරුන්ට ප්‍රශ්නයක්. ඊටත් වැඩිය දින 14ක් ගෙදර ඉන්න කියලා තියෙද්දි ඒක අහන්නෙ නැතිව ගම වටේ ගිහින්, අනික් අයට බඩු බෙදන්න ගිහින් අනෙක් මිනිස්සු අමාරුවේ දාපු කෙනා ගැන කීවහම ඒක නරකයි. මතක තියාගන්න පිස්සු නටපු ඉතාලි මනුස්සයට වගේම ඉන්දුනීසියාවේ ආගමික වැඩ වලට ගිහින් කොරන්ටයින් වෙන්න කියපුව අහපු නැති මනුස්සයාටත් දඹදිව ගිය අහිංසක අයටත් යාපනේ දේව මෙහයට ඇවිත් හැදුන අහිංසකයින්ටත් බෙහෙත් කරන්න සහ ඒ නිසාම අවුල් වුන ප්‍රශ්නේ ඔඩුදුවන එක නතර කරන්න යන වැඩ වලට සල්ලි යන්නෙ අපි හැමෝගෙන්ම. ඒ නිසා හැමෝටම අයිතියක් තියෙනවා හරි විස්තර දැන ගන්න...

:       0       0

samantha Thursday, 02 April 2020 04:45 PM

හකීම් කිව්වා විදිහට මිට කලින් මැරුණු කෙනා වලලන්න ගිහිල්ලා ගමේ මිනිස්සු විරුද්ධ නිසා ආදාහනය කලා කියලා. මෙයත් මුස්ලිම් නම් වලලන්න කලින් ගමේ මිනිස්සුන්ගෙන් අහන්න මොකද කරන්න ඕනේ කියලා. නැත්නම් මැරුණු මනුස්සයට එක හොඳ මදි.

:       507       1756

anuraFriday, 03 April 2020 02:01 AM

අහිංසක ජනතාව බෝම්බ ගසා බුරුතු පිටින් ඝාතනය කරන විට පව් නැහැ., හැබයි විෂ බීජ වලින් පිරි මළ සිරුරක්, ආදාහනය කරන කොට පව් සිද්ධ වෙනවා. කුඩා දරුවෙකුගෙන් ඇහුවත් හරි විනිශ්චය මොකක්ද කියලා කියා දේවි.

:       149       70

RanFriday, 03 April 2020 02:03 AM

ඇයි වලල්න්නේ ? හොඳම දේ ආදාහනය .... එය කරානම් ගැටළුවක් නැහැනේ ... ඇයි වර්ගීකරණයක් කරන්නේ ....

:       0       2

ඩිල්ෂාන් ප්‍රනාන්දු Thursday, 02 April 2020 05:48 PM

එකම විසඳුම සයිටම් ආයතනය නැවත පිහිටුවා වෛද්‍යවරු බිහිකර ගැනීම පමණයි...

:       1179       373

මුණසිංහFriday, 03 April 2020 01:16 AM

ඔව් එතකොට පුලුවන් මේ සංඛ්‍යා ලේඛන දත්ත කණපිට පෙරලන්න.

:       1       55

හරේන්Friday, 03 April 2020 02:39 AM

කල දුටු කල වල ඉහගන් කිව්වලු. ඔච්චර අවස්ථාවාදී වෙන්න එපා. මිනිස්සුන්ට එපා වෙයි.

:       9       94

Jeevaka Thursday, 02 April 2020 06:29 PM

සයිටම් ආයතනය හදන්නේ මැරෙන්නේ නැති (දෙවි ගොල්ල) වෛද්‍යවරුද ?

:       66       392

lalithm Thursday, 02 April 2020 10:04 PM

කොයි ආයතයවත් දෙවිගොල්ල හදන්නේ නැහැ. දොස්තරලත් කරන්නේ වෘත්තියක් විතරයි. මේ දවස්වල විදෙස් රටවල ඉන්න සිසුන් ගෙන්න ගන්න කියල ඉල්ලපු ඉල්ලීම් වල තිබුන අපේ තරම්වත් සුව සේවාවක්වත් නැති රටවල විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න දොස්තර පැටව් ගෙන්නලා දෙන්න කියල. නේපාලේ වගේ රටවල. එක තාත්ත කෙනෙක් දොස්තර කෙනෙක්. රටේ පටන් ගන්න ඕනෙම පුද්ගලික වෙද විදුහලකට පොලු මුගුරු අමෝරාගෙන වර්ජන කරන අපේ දොස්තර සංගමේ අයගේ ළමයි කොපමණ ගණනක් වෙන රටවල කබල් විශ්ව විද්‍යාලවලට යවල උගන්වනවාද? හේතුව ප්‍රමිතියද? කීයක් හරි හොයාගෙන ඉඩමක් හරි විකුණලා ළමයට උගන්වන්න හදන ලංකාවේ අයගේ ළමයින්ට ඉගෙන ගන්න බැරිවෙන්න වන්සේ කබල් ගෑමට ඕනකමද?

:       60       18

de silva Friday, 03 April 2020 01:37 AM

ලංකාවේ වෛද්‍යවරු අවශ්‍ය ප්‍රමාණයට බිහි කරන්න රජයට මිල මුදල් නොමැති නම් , ශ්‍රී ලංකික සිසුන්ට සිදුවෙනවා නේපාලයේ , භූතානයේ හෝ ඉතියෝපියාවේ ගිහින් ඉගෙන ගන්න එහෙ ප්‍රමිති ගැන කවුරුත් කතා කරන්නේ නැහැ . නමුත් ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල උගන්වන මහාචාර්යවරුම උගන්වන සෛටම් වැනි පුද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය දොස්තර සංගමයට හොඳ නැත , මේ යථාර්තය තේරුම් ගන්න බැරි මෝඩ මිනිසුන්නේ දුක්විදිමින් පෝලිම් වල සිටීම හැර වෙන විකල්පයක් ඔබට නොමැත , ඉන්න දොස්තරලා අතලොස්සට කැමති විදිහට ඔබව සුරාකමින් සුපිරි කෝටිපතියන් වීමට මාර්ගය සකසා ගැනීමට දොස්තර සංගමය සමත් වී ඇත.

:       278       11

SbFriday, 03 April 2020 07:10 AM

තමන්ට ඕන විදිහට කරුණු වෙනස් කරන්න එපා Mr Silva. ඩොක්ටර්ස්ලා සයිටම් එකට විරුද්ධ වුනේ ඩොක්ටර්ස්ලා බිහිවෙනවට තියෙන අකමැත්තට නෙවෙයි. ඒකට ලමයි තෝරගත්ත විදිහෙයි, ඒක ක්‍රියාත්මක වෙච්ච විදිහෙයි තිබුන ලොකු අඩුපාඩු නිසා. ඒක තනිකර ලාබ හොයන්න බලාගෙන ප්‍රමිතිය ගැන නොසලකමිනුයි වැඩ කලේ. වෙනත් රටවල ප්‍රයිවට් යුනිවර්සිටි දාන්න කලින් ඒවායෙ කොලිටි එක මනින්න ක්‍රම දාලා එහෙම නොකරන අය බ්ලැක් ලිස්ට් කරපු වෙලාවලුත් තිබුනා. ලංකාවට ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ඕනෙ. හැබැයි ඒකට මොනිටරින් සිස්ටම් එකක් හදලා ඉවර වෙලා.

:       0       0

SameeraFriday, 03 April 2020 08:57 AM

වෛද්‍ය අධ්‍යාපනය ගැන ඔබේ දැනුම හොදින්ම තේරෙනවා භූතානයට යන්න කිිවාම.... භූතානයේ වෛද්‍ය පිිට නෑ. ඒ නිසා ඒ ළමයි මෙහෙ වෛද්‍ය පීඨ වලින් ඉගන ගන්නේ. අනෙක සයිටම් වලින් ඉගන ගන්න ළමයි එයාලම තියන විභාගයෙන් සමත් වුණාම ඇති. ඒත් පිටරට පිිට වල ළමයි ලංකාවේ ආණ්ඩුවෙන් තියන SLMC එකත් සම්බන්ධ වන විභාගයකින් සමත් වෙන්න ඕන. අනික මේ දින වල නම් වෛද්‍යවරු හෙදියෝ සුළු සේවක මහත්වරු රැකියාවට එහා ගිය සේවයක් දෙනවා. ලෙඩ්ඩු බොරු කියන බව දැන දැනම ඔවුන්ට ප්‍රතිකාර කරනවා.

:       0       0

ඩිල්ෂාන් ප්‍රනාන්දු Saturday, 04 April 2020 04:15 AM

ඒක තමයි මාත් කියන්නෙ. අපි තුන්වනලෝකයේ රටක් නිසා ප්‍රමිති බල බල වෛද්‍යවරු බිහි කරන්න බෑ. ගොඩ දෙනෙකුට උසස් පෙළ බාධකයක් වෙලා...

:       0       0

ශාලික Friday, 03 April 2020 03:25 AM

මැරුනු කෙනා කොහෙද

:       0       2

wije Friday, 03 April 2020 09:34 AM

මැරුණු කෙනා මුස්ලිම් කෙනෙක්නම් මිනිය යවන්න හකීම්ගේ ගෙදරට... එතකොට එයාට ඕන විදියට ආදාහනය කරගන්න කියන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 46 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 129 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 338 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 611 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 253 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 139 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site