IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කේරල ගංජා සමග සැකකරුවකු අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව ආඩියාපුලියන්කුලම් ප්‍රදේශයේදී රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203 ග්‍රෑම් 265 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවට පරයානන්කුලම් පොලීසිය පවසයි.

පරයානන්කුලම් පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් අදාළ ලොරි රථය ධාවනය කරමින් සිටි මාර්ගයේ සෝදිසි වැටලීමක් කර මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගෙන දකුණට සහ උතුරට බෙදාහැරීම වෙනුවෙන් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇත.

කේරල ගජා ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (3)

කේරල ගංජා සමග සැකකරුවකු අත්අඩංගුවට

Prabha Saturday, 20 July 2019 03:11 PM

සියලු හමුදා කඳවුරු වසමු. පළාත් සභාවලට පොලිස් බලතල ලබාදී උතුරු පළාතෙන් පමණක් පොලිසියට බඳවාගමු.ඉන් පසු උතුරෙන් දකුණට කේරල ගංජා සහ බීඩි කොළ ආනයනය කරමු.

:       6       8

SL Sunday, 21 July 2019 03:34 AM

මේවා ගෙන්වන උන්ට කිලෝ ගණන් පොවන්න ඕනේ. දැන් අපිට දරුවෙක් බයක් නැතිව පාරේ යවන්න බැරි තත්වයක් තියෙන්නේ, කුඩු, ගංජා,පෙති, අයිස් විකුණන උන්ගෙන් ළමයි බේරගන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. පොලිසියේ, උසාවි වල , පාර්ලිමේන්තුවේ ඉන්න පගා මරුවන්ට ... ගහන්න ඕනේ.අගමැතියෙක් ජනාධිපතියෙක් ,පාර්ලිමේන්තුවක් තියෙන/ඉන්න රටක් ද මේක

:       0       0

menna Sunday, 21 July 2019 04:56 AM

මේවා පාර්සල් කරලා තියෙන ලස්සන... කී දෙනේක්ගේ ජිවනෝපායවූ කර්මාන්තයක් වෙන්න ඇත්ද? හදන පුද්ගලයෝ මෙමගින් තවත් පුද්ගලයෙකුට අයහපතක් වෙනවා කියා දැනගෙන හදනවාද? අතර මැදියෝනම් දන්නවා වෙන්න පුළුවන්. හදන තැන කෙසේවෙතත් අතර මැදියන්ගේ ක්‍රියාකාරම් අවම කිරීමට හොඳ වැඩ පිළිවෙලක් තිබුනොත් හොඳයි. හදන තැන ඉබේටම් වැහිලා යයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 159 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 10 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 555 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 160 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 197 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 469 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site