IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයකින්

(තිළිණි ද සිල්වා)

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත්  බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

එසේම එම ගොඩනැගිල්ල සඳහා නීතිපතිගේ අනුමැතිය ලබා දී ඇති බවට එවකට එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වාචිකව තමන්ට පැවසූයේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව පැවසීය.

හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේ පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට රැගෙන ඒමට පාර්ලිමේන්තුව ගත් හදිසි තීරණය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මාරු කිරීමේ තීරණය ක්ෂණිකව ක්‍රියාත්මක වූ බවය.

ඒ අනුව ප්‍රමාණවත් ඉඩකඩක් පැවති බත්තරමුල් ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය රැගෙන ගිය බවත් , නව ගෙඩනැගිල්ලේ වැඩකිරීමේ දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් එවකට අමාත්‍යධූරය හෙබවූ කාලය තුළ තමාට කිසිඳු පැමිණිල්ලක් නොලැබූ බවද  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීය.

කෙසේ නමුත් මේ වන තුරුත් පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට නැවත ස්ථානගත කිරීමට කටයුතු කර නැතැයිද ඔහු කොමිසම හමුවේ පැවසීය.

එම සාක්කි ලබා දුන් අවස්ථාවේදී සාක්කිකාර දුමින්ද දිසානායක මහතා ඇමතූ ජනාධිපති කොමිසමේ සභාපති , හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා  කියා සිටියේ මෙම ගෙඩනැගිල්ල සම්බන්ධයෙන් බොහෝ චෝදනා සාක්කිකරුට එල්ල වී ඇති බවත් , එම චෝදනා වලින් මිඳීමට නම් නීතිපති අනුමැතිය ලබා දුන් ලිපිය මීළඟ දිනට ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දෙන ලදී.

ඒ අනුව මෙම පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය ලබන 29 වැනිදාට කල් තැබූ අතර එදිනට කොමිසම හමුවේ යළි පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍යවරයාට නියෝග කරන ලදී.

 



අදහස් (6)

කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයකින්

Sumith Tuesday, 20 August 2019 11:48 PM

ගොවියාට මාසයක් කන්න රුපියල් 1200 විශ්‍රාම වැටුපක් දෙන රටේ ගොඩනැගිල්ලට වියදම් කරන මුදල්

:       0       0

Kakiyana Lea. Wednesday, 21 August 2019 12:24 AM

බොරු ඇස්බැන්දුම්. අන්තිමටම තවත් ජනතාමුදල් නාස්තියක් පමණි.

:       0       0

gunarathna Wednesday, 21 August 2019 02:34 AM

දුමින්ද මහත්තයෝ මේකෙන් නම් ගැලවෙන්ට බැරිවෙයි. ඔය කියන ලියුම හොයාගන්ට බැරි වුනොත් ගස් තමා. ඔබතුමා කියන ඔය කැබිනට් එකත් දැන් නැහැනේ.

:       0       0

sharm warn Wednesday, 21 August 2019 03:59 AM

අනේ පව් .. කවුදෝ මොනවා හරි කතා ටිකක් ගොතලා දීලා .. හිතන් ඉන්නවද දන්නේ නැහැ රටේ මිනිස්සු කන්නේ බත් නෙමේ පිදුරු කියලා

:       0       9

jayath Wednesday, 21 August 2019 07:22 AM

මේවා සුරංගනා කතා සක් සුදක් සේ පැහැදිලිනේ වෙලා තියන දේ. නමුත් ඕන ඔට්ටුවක් අල්ලනවා කව්රු බලයට ආවත් මෙයාට මොනවත්ම නොවෙන බවට

:       0       1

ගගන Wednesday, 21 August 2019 07:51 AM

ගොඩනැගිල්ලක නිර්මාණය කාර්යයට අනුකූලව නිර්මාණය විය යුතු හෝ එහි කාර්යයට සුදුසු ආකාරයෙන්වත්, අඩුම ගන්නේ පෙනුමෙන්, තිබිය යුතුයි. මෙය වාස්තු විද්‍යාත්මක මූලධර්මයක්. එනමුත් මෙම තෝරාගත් ගොඩනැගිල්ල, අප ගම්මානවලින් පැමිණෙන දහස් ගණන් ගොවි මහතුන්ට චකිතයක් දනවන සුලු, එරෝප්පෙට ගොස් තම ගැටළු විසඳා ගැනුමට පැමිණ ඇති ස්ථානයක හැඟීම දනවන ආකාරයට, නොගැලපෙන බවක් ඇතිබව, මෙම කාර්යය සඳහා බිල්ඩිම තෝරාගැනීමේදී ඔය දේශපාලකයින්ට නොතේරුණු එක පුදුමයක් නොවේ. ඔවුන් කවද්ද ඥානාන්විත සහ සංවේදී මිනිසුන් වුනේ? කොහොමද මේ අබලිත, කිසිම තේරුමක් නැති ව්‍යාජ වාස්තු විද්‍යාත්මක බිල්ඩිමේ 'කෘෂිකර්මාන්ත අමාත්‍යංශය' කියා බෝඩ් ලෑල්ලක් ගහන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1046 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 454 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 412 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 261 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 470 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 454 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site