IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කූට ලේඛන ඉදිරිපත් කර ඉතාලිය හරහා පෘතුගාලයට යන්න ගිය අයෙක් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල ) 

කූට ලේඛන ඉදිරිපත් කර ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද(14)  කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.
 
ඔහු  අද (14) කටාර්  ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරණ ගුවන් යානයට, ඉතාලිය හරහා පෘතුගාලය වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
ඔහු මුලින්ම ඉතාලියේ මල්පෙන්සා නුවර බලා පිටත්ව යෑම සදහා ගුවන් සේවා කටයුතු නිශ්කාශනය කර ගෙන, ගුවන් තොටුපළ විගමන අංශය වෙත පැමිණ තිබේ. එහිදී ඔහු ඉදිරිපත් කළ පෘතුගාල වීසා බලපත්‍රය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නොවන අයුරින් සකස් කළ, ව්‍යාජ එකක් බව එහි සේවය කළ නිලධාරීන්ට අවබෝධ වී වහාම මෙම තරුණයා ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇත. එහිදී මොහු ඉදිරිපත් කළ වීසා බලපත්‍රය, ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකය යොමු කිරීමට පියවර ගැණුනි .
 
එහිදී මෙම වීසා බලපත්‍රය තාක්ෂණික වශයෙන් ව්‍යාජ ලෙස සකස් කළ කූට ලියවිල්ලක් බව තහවුරු විය.ඉන්පසුව මෙම තරුණයාගෙන් වැඩිදුර ප්‍රශ්න කළ අතර, එහිදී පෘතුගාලයේ සිටින තම ඉන්දීය ජාතික මිතුරෙකු තමාට එරටට පැමිණීම සඳහා උදව් කරන බව පැවසීය.
 
තරුණයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන සහකාර පාලක සුජීව රත්නායක මහතාගේ උපදෙස් මත, ප්‍රධාන ආගමන විගමන නිලධාරී එස්.පී. රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරීන් වන ජී.වී.ජී.මධුෂාන් සහ ඩී.ඒ.ඩී.පී.ඔහාන් යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කරති.



අදහස් (4)

කූට ලේඛන ඉදිරිපත් කර ඉතාලිය හරහා පෘතුගාලයට යන්න ගිය අයෙක් අත්අඩංගුවට

පිටිගල මිලානෝ Friday, 14 February 2020 09:13 AM

මල්පෙන්සා යනු නුවරක් නොව ගමකි. මිලානෝ ප්‍රධාන ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ මෙහිය. හරියට කොළඹ, කටුනායක මෙන් මිලානෝ සිට මල්පෙන්සා වලට ඇත්තේද විනාඩි 45ක පමණ දුරකි. මාගේ අත්දැකීම අනුව මේ තරුණයා පෘතුගාල් නොව ඉතාලියට පනින්න හදපු කෙනෙක්. ඉතාලියේදී මෙයාව කොහොමත් ඉමිග්‍රේෂන් එකෙන් අත්අඩංගුවට ගෙන රට ඇතුලේ පොලිසියට බාරදෙනවා. ප්‍රබල ත්‍රස්තවාදී චෝදනා නැත්නම් ඩිපෝර්ට් කරන්නේ නැහැ.

:       11       9

sumane - ROMEFriday, 14 February 2020 01:02 PM

ඉතාලියට ගිය සරණාගතයින් ඔක්කොම වැඩ කිඩ දන්නවා නේද ?

:       0       0

කපුරුහාමි Friday, 14 February 2020 11:08 AM

දේශපාලුවන් කරන හොර වැඩවල හැටියට මේක මොකක්ද කියලා හිතෙනවා. හොර ID, හොර පාස්පෝට්, හොරට ලියලා ගත්තු විභාග සහතික මෙකී නොකී සියලු දේවල්වලින් නම් දේශපාලුවන් ඉදිරියෙන්ම ඉන්න රට...

:       0       26

Pradeep Saturday, 15 February 2020 02:38 AM

මිනිස්සුන්ට ඉන්න හිතෙන රටක් බවට මේ රට පත්කරන්න. එතකොට අවදානමක් අරගෙන රටින් පිටවීමට මිනිසුන් උත්සහ කරන එකක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 61 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 86 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 168 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 210 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 332 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 103 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site