ඉන්දියාවේ කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දියානු මධ්‍යම කැබිනට් මණ්ඩලය විසින් උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය ලබා දී තිබේ.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකක් ලෙස සැලකෙන කුසිනාරාව, බුදුරජාණන් වහන්සේ ‘පරිනිර්වානය’ කළ ස්ථානය ලෙස විශ්වාස කෙරේ.
පස්වැනි සියවසේ සිට කුසිනාරාවේ මහපරිණිර්වානා විහාරස්ථානයේ පවතින බුදුන් වහන්සේගේ අතිවිශාල පිළිමයක් මේ සඳහා සාක්ෂි දරයි. රාමබාර් ස්ථූපය හෙවත් මූලගන්ධ කුටි විහාරස්ථානය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද ස්ථානය ලෙස හැඳින්වේ. මූලගන්ධ කුටි විහාරස්ථානය පිහිටා ඇත්තේ මහපරිණිර්වානා විහාරස්ථානය අසල ය.
කුෂිනගර් දිස්ත්‍රික්කයේ තවත් ආරාම හා බෞද්ධ සංස්කෘතික ස්ථාන රාශියක් ඇත. කුෂිනගර් ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් බෞද්ධ බැතිමතුන්ට, ඉතිහාසඥයින්ට මෙන්ම සංස්කෘතික කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට කුෂිනගර් පමණක් නොව, ඓතිහාසිකව වැදගත් ස්ථාන වන ලුම්බිනි, කපිලවස්තු සහ ශ්‍රාවස්ති වැනි ස්ථාන ද ගවේෂණය කිරීමට අවස්ථාව සැලසේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කුසිනාරාව ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කරයි
chandima Tuesday, 14 July 2020 04:47 PM
අපේ රටෙත් සීතා කොටුව වත් හරිගස්සලා නොගත්තොත් අපේ සල්ලි සේරම එහෙ තමයි නවතින්නේ..
සමන්ත Wednesday, 15 July 2020 12:26 AM
කුසිනාරාව ජත්‍යන්තර ගුවන් තොටුපොළක් කරන්න කලින් නේපාලය ලුම්බිණිය ආසන්නයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකලා. ඉන්දියාව මේ දේ කරන ලද්දේ ලුම්බිණිය ගුවන් තොටුපල වට්ටන්න.
දිමුත් Wednesday, 15 July 2020 06:22 AM
අපේ අය කළා නම් පුරාවස්තු උඩින් තමයි හදන්නේ..
Janaka Wednesday, 15 July 2020 09:12 AM
ඔක්කෝටම ඉස්සෙල්ලා ලංකාවේ පොලිසිය හදලා ඉන්න.