ඩී.ජී.සුගතපාල
කුවේට් රටේ සිට පැමිණ ත්‍රිකුණාමලය චින වරාය යුද හමුදා කඳවුරේ නිරෝධායනයට යොමුකර සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වු බවට තහවුරුවූ රෝගින් 65ක් ප්‍රතිකාර සඳහා අද(28) හම්බන්තොට පැරණි රෝහල වෙත ගෙන එන ලද බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මෙම පිරිස හම්බන්තොට පැරණි රෝහලේ කොරෝනා සඳහා ප්‍රතිකාර ලබා දිමට සකස්කර ඇති විශේෂ වාට්ටුවට ඇතුලත් කල බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කුවේට් සිට පැමිණ ආසාදිතවු 65ක් හම්බන්තොට රෝහලට
de silva Thursday, 28 May 2020 03:12 PM
කටුනායකින් රටට ඇතුල්වන පුද්ගලයන් නිරෝධායනය කරන්න තිරිකුණාමලේ යවනවා... එතන ඉඳන් රෝගී වෙන පුද්ගලයන් හම්බන්තොට ගෙනඑනවා... ජනශුන්‍ය ප්‍රදේශයක් තිබෙන මත්තල ගුවන්තොටුපල භාවිත කරලා ශ්‍රී ලාංකිකයින් රට තුළට ගෙන ජනශුන්‍ය හමබන්තොට දිස්ත්රික්කෙම ඔවුන් නිරෝධායනයට ලක්කරලා... රෝගී වෙන කෙනෙකු හම්බන්තොට රෝහලට ඇතුල් කළාම ප්‍රශ්නේ විසඳෙනවා නේද? හරියට රවුන්ඩ් ටුවර් එකක් කරනවා වගේ වැඩදෙමින් මිනිස්සු කිලෝමීටර් 500ක් විතර රට වටේ දක්කාගෙන යන්නේ? පාලකයින්ට පිස්සුද?
Sam Friday, 29 May 2020 12:20 AM
ට්‍රින්කෝ ඉඳලා හම්බන්තොටට?
nahal Friday, 29 May 2020 01:30 AM
කුවේට් හි පොදු සමාකාලයේ දී එරටින් වාර්තාවූයේ කොරෝනා රෝගීන් 1995 යි. රෝගීන් 16784 ක් වාර්තාවනතුරුත් ගෙන්වා ගැනීම පමා කළේ ඇයි? රටක පුරවැසියන්ගේ වගකිම ඇත්තේ රට කරවන ආණ්ඩුවටයි.
Anton AustriaFriday, 29 May 2020 06:56 AM
අනේ හලෝ නොදන්නා මගුල් නොකියා ඉන්න... ඔයාලා කියන්නේ... රජයද කිවේ වීසා ඉවර වුණාට කමක් නෑ ඉන්න කියලා... අනික හලෝ මිනිස්සු මා ඇතුළුව රටගියේ අපේ ආර්ථිකය ගොඩගන්න එහෙම නැතුව රට ගොඩගන්න නොවේ බොරු බේගල් දාන්න එපා. අපේ රටට, ආර්ථිකයට දායක වන්නේ දුප්පත් ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ ටික... අනික තම රටට අදරේ නම් තම පවුලට ආදරෙන් කොරෝනා එන්න ඕනේ නෑ... ගිය අවුරුද්දේ සමාව දුන්නම එන්න තිබ්බා...
leela Friday, 29 May 2020 01:32 AM
සල්ලි එවනකොට රටවිරුවෝ. ලෙඩ හැදුණාම කවුද? ලෙඩ හැදෙනකම් මසක් බලා සිටියේ කවුද?
Anton Austria Friday, 29 May 2020 06:50 AM
ඉතින් ආණ්ඩුව කරේ නැත්තන් අපි එතෙර සංවිධානයට තිබ්බනේ... එයාලගේ මුදල්වලින් එ් මිනිස්සුන්ව බලාගන්න. ඇයි බොරුවට නහින්නේ ඕවා දේශපාලන සංවිධාන. මිනිස්සුත් දැනගන්න ඕනෑ එහේ ඉන්න අය කොරෝනා නැත්තං ඔය කියන කට්ටිය ඒ්විද ආපහු මව් රටට කියලා.. හැම අවුරුද්දකම වීසා නැති අයව යවනවා.. ඒත් එන්නේ නැහැ හැංගිලා ඉන්නවා. එ්කටත් වැරදි ආණ්ඩුවද? ඇයි මිනිසුන් තාමත් මෙහෙම හිතන්නේ? එදා අාවා නම් අපේ මිනිස්සු මැරෙන්නේ මෙයාලා නිසා. මුලින්ම රට ස්ථාවර කරලා තමයි කරන්න ඕනෑ ඕවා...
de silva Friday, 29 May 2020 08:44 AM
මොවුන් මුලින්ම කටුනායකින් රට ඇතුළට අරගෙන නිරෝධායනය කරන්න ත්‍රිකුණාමලේ යවලා ඊට පස්සේ ලෙඩ වුනහම හම්බන්තොට ගෙනත්, මේ අසරණ මනුෂ්‍යයින් ටික රටවටේම දක්කාගෙන ගිහින්... මීට වැඩිය ලෙහෙසි නැද්ද තිබෙන මත්තල ගුවන්තොටුපලෙන්ම රට තුළට අරන් හම්බන්තොට වහලා තිබෙන අන්තර්ජාතික සම්න්ත්‍රණ ශාලාවේ හෝ වෙනත් රජයේ ගොඩනැගිල්ලක මොවුන් නිරෝධායනය කරලා, ලෙඩ වෙන කෙනෙක් හම්බන්තොට රෝහලට ඇතුල් කළාම, රජයේ නිලධාරියන්ට කිසිම සැලැස්මක් නොමැති බව පෙනෙනවා.. කටුනායකින් රට ඇතුලට එන පුද්ගලයන්ට මීගමුව අවට නිරෝධායන පහසුකම් සලස්වන්න.. නිරෝධායනයට සුදුසු වහල තිබෙන පුද්ගලික සංචාරක හෝටල් සහ රජයේ ගොඩනැගිලි ඇති තරම් මිගමුව අවට තිබෙනවා ..