(නිමන්ති රණසිංහ)
ප්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත්රාත්වරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූලි මස 27 වැනිදා පිටු 210 කින් සමන්විත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී නඩුවේ පාර්ශ්වකරුවකු නොවන එමෙන්ම, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු නොවන කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් කරුණු විමසා පැලෝපීය නාල පරීක්ෂාව නොහොත් එච්.එස්.ජී (H S G) පරීක්ෂණය නවතා දැමීමට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට එම දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා ඇත.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කුරුණෑගල මහේස්ත්‍රාත්ගේ කි‍්‍රයාකලාපය ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්
සින්නත් තම්බි Monday, 22 July 2019 02:12 PM
ඔය එන්නේ එළියට..
Kumar Monday, 22 July 2019 04:56 PM
කෝ ඉතින් ඔය චෝදනා කරන එකම ගැහැණු කෙනෙක්වත් පරික්ෂාවට ලක්කිරීමට පැමිණියේ නැති වග ඇත්තද. ඔය ස්ත්‍රීන් පරික්ෂා කරනකොට එම අයගේ සැමියනුත් පරික්ෂා කරන්න ඕනෙ. රජයෙන් වන්දි ලබාගන්න තමන්ට සිදුවුන දෙය ඔප්පුකරන්න සුදානම වෙන්න ඕනෙ. කෙනක් වරදක් කලානම් ඒ කෙනාට දඩුවම් දෙන්න ඕනෙ, එම කාර්ය ඉටු කරන්න සාක්ෂි නැතුව උසාවියට යන්නේ කොහොමද.
Hafeel Monday, 22 July 2019 11:15 PM
එ්ක තමයි මම එදා ඉඳන් කිව්වේ, මේ වනවිටත් එක මවකට හෝ ඉදිරිපත් වෙන්න බැරිවුණා විද්‍යාත්මක පරීක්ෂණයට..
AmalTuesday, 23 July 2019 04:51 AM
මෝඩකම පෙන්නන්න එපා. අදාල පරීක්ෂණ නොතිය හිටියේ එම අම්මලාද නැත්නම් රජයද?
NuwanTuesday, 23 July 2019 08:43 AM
ඔබ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් නෙමේනේ. නොදන්නා දේවල් නොකිය ඉන්න බුද්ධි මට්ටම ලොවට නොපෙන්න.
Aka Monday, 22 July 2019 05:41 PM
රෝහල් අධ්‍යක්ෂක දීලා තියෙන්නේ මේ සිද්ධිය ගැන රෝහලේ අභ්‍යන්තර පරීක්ෂන වාර්ථාවෙ කොටසක්. ඒක රෝහල් අධ්‍යක්ශක තනියෙන් කරපු පරීක්ශනයක් නෙමේ. දැන් එතකොට මේ පරීක්ෂන කරන්න සීඅයිඩී එකේ ඉන්නෙ දොස්තරලද? නාරි හා ප්‍රසව වෛද්‍යවරුද?
Ravi Tuesday, 23 July 2019 03:37 AM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්තුරු චූදිතයා වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වෙලා.
Silver Tuesday, 23 July 2019 04:10 AM
ඔයාට තේරෙන්නැද්ද එහෙම පරීක්ශනේකට ඉදිරිපත් වීම වලක්වලා අධිකරණ නියෝගය දීලා තියෙන්නෙ කියලා.
Sena Tuesday, 23 July 2019 04:20 AM
නඩුව අහපු කුරුණෑගල මහේස්ත්රාත්ගෙ බිරිඳත්, කුරුණෑගල රෝහලේම වෛද්‍යවරියක්ලු. හරිනම් ඒ නඩුකාරයා මේ නඩුව අහන එකෙන් ඉවත් වෙන්න ඕනෙ.. ඔතන ලබැඳියාව පිලිබඳ ප්‍රශ්ණයක් ...
සමන්ත Tuesday, 23 July 2019 04:55 AM
රටේ පුරවසියෙක්ව අත් අඩංගුවට ගත් පසු නඩු දමන්න සාක්කි හොයන රටක් සමන්ත
Lakmal Tuesday, 23 July 2019 06:38 AM
දැන් එතකොට සී අයි ඩි එකෙ ඉන්නේ වී ඕ ජි ලද?