IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල නගරාධිපති රිමාන්ඩ්

(පුෂ්පකුමාර ජයරත්න සහ රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය.

අධිකරණය මගහැර සිටියේ යැයි  ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර කුරුණෑගල මහාධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබිණි.

නගරාධිපතිවරයා මෝසමක්  මඟින් අද (9) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව  මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බිය ගන්වා මුදල් කොල්ලකෑවේ යැයි චෝදනා එල්ල කර පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුවක කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පළමුවැනි විත්තිකරු ලෙස නීතිපතිවරයා විසින් නම්කර ඇත.

පසුගිය 25 වැනිදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදි පළමු විත්තිකරු වන කුරුණෑගල නගරාධිපතිවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විනිසුරුවරිය වරෙන්තු නිකුත් කළාය.

එදින විත්තිකාර නගරාධිපති අධිකරණයට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ නගරාධිපතිවරයා කොරියානු රජයේ ආරාධනාවකට අනුව කොරියාවේ සියොල් නුවර පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා යාමට සිදුවූ බැවින් මෙදින නඩු වාරයට ඉදිරිපත් වීමට නොහැකිවූ බවය.

 සැප්තැම්බර් 17 වැනිදා නඩුව යළි විභාගයට ගැනීමට නියම කර තිබියදී නගරාධිපතිවරයා අද අධිකරණයට ඉදිරිපත් විය.

 

ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න



අදහස් (41)

කුරුණෑගල නගරාධිපති රිමාන්ඩ්

JCN Friday, 09 August 2019 07:22 AM

පොහොට්ටුවේ ඉන්න තරමක් ඉන්නේ මැරයින්, හොරුන්, තක්කඩින්...

:       28       1571

වර්ණකුලසූරිය Saturday, 10 August 2019 10:36 AM

ඇයි කසිප්පු මුදලාලිලා, ස්ත්‍රී දූෂකයින්ද අඩුවක් නැත. ඒ වුණාට අපේ ජනතාව කැමතිත් ඒ අයටමයි. මේක තේරුම් ගැනීම අපහසුයි.

:       2       104

BamunuarachchiSaturday, 10 August 2019 11:50 AM

මොකෝ දන්නවාද ඔවුන් අතින් ආර්ථිකය කඩා වැටුනේ නැහැ. මොවුන් 2015 ගත්ත ගමන් මහබැංකුවට කෙලියා. බැංකු පොලී නැග්ග ආයෝජකයන් ඉවත් වුණා. කොටස් වෙළඳ පොළ වැටුණා. බෝම්බ පිපිරුවා 260ක් මැරුණා. සිංහලයා, බෞද්ධ ආගම අගාධයට ගියා. රාජපක්ෂලා ඉන්න කාලේ මීක් නොකිව්ව දෙමල්ලු කිව්වා උතුරෙන් පන්සල් ඉවත් කර ගනින් කියලා පන්සල් කැඩුවා. අසාද් සාලිලා ප්‍රසිද්ධියේ බෞද්ධ භික්ෂූන්ට අපහාස කළා. සිංහලයා, සිංහලයා විදිහට ජීවත් වුණා. දැන් සිංහලයා හමබයින්ට යට වුණා. ඉතින් තුම්සේලා වගේ නොවෙයි "මේ සිංහල අපේ රටයි" කියලා හිතන අපි වගේ සිංහලයෝ ඝෝඨාභය වගේ සිංහල දරුවන්ට කැමතියි.

:       494       320

lasanthaSaturday, 10 August 2019 01:17 PM

බමුණුආරච්චි කියන්නෙම රාජපක්ෂලාගේ තද වහලෙක්...

:       23       206

jayath Friday, 09 August 2019 07:35 AM

මේක ඉන්න හිතෙනම රටක් නෙවිද? ප්‍රාදේශීය දේශපාලකයෝ ඔක්කොම වාගේ පිස්තෝලකාරයින්, නැත්නම් කසිප්පුකාරයින්, නැත්නම් මැරයින්, ඉන්නවා මහ උළු ගෙදර. කරුමේ කියන්නේ මුන්ව ඔය තැන්වලට යවන තරමට මේ රටේ මිනිස්සු බූරුවෝ වෙලා තියන එකයි...

:       0       565

සමන් - ඕමානය Friday, 09 August 2019 08:08 AM

අධිකරණ තීන්දුවක් නිසා මොකුත් කියන්න නම් බෑ. ඒත්... අනේ මන්දා...

:       120       183

බද්රානි Friday, 09 August 2019 09:13 AM

ලංකාවේ හැටියට පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ලකනවා කියන්නේ ජාතික වීරකමක්නේ. ඇයි මේ වීරයින්ව හිරේට දාන්නේ? අර ඊයේ නිදහස් උන ගාමිණී සෙනරත් මහත්තයා වගේ නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනනේ. පව් අනේ!!

:       0       492

Gamarala Friday, 09 August 2019 09:21 AM

තවම මහරජාගේ බලය පෙන්නන්න යන්න ඇති. ඒ කාලේ නීතිය එයාලා අතේ රජකරන්නේ... පුරුද්ද අත්හරින්න බැරුව ඇති...

:       242       1532

අබිලින්Friday, 09 August 2019 11:16 AM

ගමරාලගේ කථාව නම් හරියටම හරි... මහරජාගේ කාලේ එයාගේ ගෝලයෙක් වාර්තා තියන්නත් ගියානේ... තව එකෙක් රජයේ වතු අධිකාරියෙක් මරලා දැම්මා. පසුගිය සතියේ එක් නරකාධිපතියෙක් අවුරුදු 5කට මහ උළුගෙදරට ගියා... අද තවකෙක් හැංගි හැංගී ඉඳලා බැරිතැන බාරවෙලා. මොවුන් ඔක්කොමලා අනාගතයේ පිපෙන්න තිබෙන මල් කැකුළු... දැන් ප්‍රචාරයක් කරාවි දේශපාලන පළිගැනීම් කරනවෝ කියලා...

:       202       1541

Chanak los angelesFriday, 09 August 2019 07:43 PM

ඡන්දය ලංවුන දෙන්කෝ අපි දෙන්නම්

:       1       109

dilanFriday, 09 August 2019 11:40 AM

හි හි, තවත් කොළ ගැත්තෙක්... එතකොට අර මීගමුවේ එජාපය ප්‍රධාන සංවිධායක, මීගමුව ආසනයේ වැඩිම එජාප මනාප ලබා මහනගර සභාවට තේරී පත්වූ "ගරු රොයිස් විජිත ප්‍රනාන්දු" මන්ත්‍රීතුමා පිස්තෝල පෙන්නලා සල්ලි කොල්ල කාලා අර මීගමු පොලිසියේ ඉන්නේ "ගරු අගමැතිතුමාගේ" බලය පෙන්නලා නිසාද? ඔබ වැන්නවුන් නූගත් විදියට දකින තාක් රටද නූගතුන්ගෙන් පිරී තියේවි..

:       984       737

Raveendra Friday, 09 August 2019 09:30 AM

වැරදිකර නිවට වීරයන් සේ අත් මාංචු පෙන්වීමෙන් මෙම පරයන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අනාගත පරපුරට මේ ලබාදෙන්නේ මම නිවටයෙක් වුණත් වීරයෙක් බව පෙන්වීම නොවේද? මේ වගේ අය සදහටම ඇතුළට දැම්මත් පව් නැත.

:       0       1015

Indika Hemantha Friday, 09 August 2019 09:33 AM

රිමාන්ඩ් යන්නෙත් වීරයෝ වගේ..!

:       0       471

සෙනෙවිරත්න Friday, 09 August 2019 09:41 AM

ඇයි අවුල්ද? මේවගේ අය තමයි අපි ළඟ ඉන්නේ... ඊළඟ අපේ නායකතුමා ආවම බලාගමුකෝ...

:       77       272

dare Friday, 09 August 2019 09:53 AM

මෙයාලා ඔක්කොම එලවලා වැදගත්, සුදුස්සන් ටිකක් පත් කරන එක ජනතාවගේ අතේ තියෙන්නේ. අවුරුදු 71 තිස්සේ කරා වගේ මේ පාරත් පක්ෂ දෙක මාරු කළොත් මේ වගේම සෙට් එකක් අායෙත් ඉඳීවි...

:       1       882

mahiyaFriday, 09 August 2019 11:55 AM

අපිට වසීම් අක්‍රම්ලා 225ක් හොයාගන්න පුළුවන් වූ දාට තමයි මේ යෝජනාව මල් පලගැන්වෙන්නේ...

:       83       126

athuraFriday, 09 August 2019 01:28 PM

වසීම් අක්‍රම් නෙමෙයි.., ඉම්රාන් ඛාන්ලා, ඉම්රාන් ඛාන්ලා....

:       0       71

ලුම්බිණි Friday, 09 August 2019 10:06 AM

වැරදි කරලා අත්අඩංගුවට ගත්තම යන්නේ හරියට ඡන්දෙ දිනලා වගේ....

:       0       472

රවින් Friday, 09 August 2019 10:09 AM

ඡන්ද දායකයින් තමා පත්කර ගන්නා නියෝජිතයා ගැන හරිහැටි නොදැන කරන වැරදි වල ප්‍රතිඵල. ඉදිරියටවත් තමා පත්කරගන්නේ කවුරුන්ද? ඔහුගේ සුදුසුකම්, නොසදුසුකම් ගැන හරි හැටි විමසා බලා කටයුතු නොකළොත් අනාගත පරපුරට රටක් නැත.

:       0       1022

Amara Friday, 09 August 2019 11:14 AM

මෙතුමා තමයි කුරුණෑගල හරක් මස්කඩ වැහුවේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. නියම කොල්ලෙක්... හැබැයි එතුමාමනේ ඊළඟ සතියේ ඒවා විවෘත කලේ. හිතාගන්න පුළුවන්නේ හම්බ කරන ක්‍රමය...?

:       137       262

ධම්ම Friday, 09 August 2019 01:35 PM

ලංකා දේශපාලනයේ ඉහළට යන්න නම් මේ කඩයිම් පහුකරන්න ඕනෑ... ජයවේවා..!

:       0       60

PA - RA Friday, 09 August 2019 01:47 PM

ලැජ්ජා නැතිව අත් උස්සලා පෙන්වන්නේ ආයිත් රට කන්න දෙන්න කියලද?

:       0       145

DICKSON Perera Friday, 09 August 2019 01:52 PM

ඔක්කොම හොරු හොරවැඩ, ජඩවැඩ කරලා අහු වුණාම අත්දෙකම උඩට උස්සලා අපිට පෙන්නන්නේ මහා ලොකු වීරකමක් කරපු එවුන් වගේ... මොවුන්ට ඡන්දෙ දෙන අයට ගහන්න ඕනේ ...!!!

:       0       855

Hafeel Friday, 09 August 2019 03:02 PM

ගෝඨාටම ආවේනික ගෝලයන්...

:       67       502

හිච්චි මල්ලි Friday, 09 August 2019 03:31 PM

මා කුඩාකල සිට දන්නා මෙතුමා ඉතා හොඳ පුද්ගලයෙක්. මහින්ද-ගෝඨා පිලේ නිසා මෙය දේශපාලන පලි ගැනීමක්. සාලින්ද දිසානායකගේ අභාවයෙන් පුරප්පාඩු වුණු මන්ත්‍රී පදවියට සාධාරණය ඉටු කරන්න පහුගිය දවස්වල ලොකු වැඩ කොටසක් කරමිනුයි හිටියේ...

:       325       101

පුෂ්පFriday, 09 August 2019 07:09 PM

මට පේන්නේ හිච්චි මල්ලියගේ මොලේ හිච්චි වගේ... ඉසකුඩිච්චියක්වත් දැම්මනං...

:       0       28

athuraSaturday, 10 August 2019 04:43 AM

හිච්චි මල්ලියේ... මෙතුමා හොඳයි කියලා දකින්නේ.. මෙතුමා එළියට පෙන්නන දෙයින් හැබැයි ඒ පුද්ගලයගේ ඇතුලේ ඉන්න කෙනා දන්නේ ඒ පුද්ගලයයි, ඒ පුද්ගලයගේ ළඟම ඉන්න සෙට් එකයි විතරයි. ඕකතමයි ලංකාවේ දේශපාලන රස්සාව...

:       1       23

චමින්දSunday, 11 August 2019 12:44 AM

මොකක්ද සාලින්ද දිසානායකගේ පුරප්පාඩුවට සාධාරණයක් කරනවා කියන්නේ? ලැයිස්තුවට පිටින් ගන්න කියලා බලපෑමක් කිරීමද? සාධාරණය නම් ලැයිස්තුවේ ඊළඟ කෙනාට අවස්ථාව දීමයි.

:       0       17

Chathuri Friday, 09 August 2019 03:34 PM

මේ 225 නඩේට කිසිම ලැජ්ජාවක් නැහැ. ජඩ වැඩ කරලා අහුවුණාම බන්ධනාගාර රියට නගින්නේ. සැලුට් ගහලා, අතේ ඇඟිල්ල ඉහලට ඔසවන්. ඔය ඇඟිලි පහළ අතට හරවන්න. නමගිය මත්ද්‍රව්‍ය විකුණපු අය, අසුවුණාම පොලිසියෙන් අරන් යනකොට... ඒ කට්ටිය මුහුණ වහගන්නවා.. මේ කට්ටිය දත් 32ම එළියට දා ගන්නවා. මොලේ තියෙන කෙනා කවුද කියලා හොයාගන්න පහසුයි. ජාතික අැඳුමටත් ලැජ්ජයි. මොවුන් කවදා හැදෙයිද? හැදෙන්න විදියක් නැහැ... හෙට රෝහලට යයි. හවසට ඇප දෙයි...

:       0       43

kule Friday, 09 August 2019 04:31 PM

චෝදනාවක් තිබූ පලියට වැරදි කරුවෙක් නොවෙයි... නමුත් වැරදිකරුවෙක් වූ දාට මෙයාගේ නායකයින් මෙයා ගැන ගන්න තීරණ අපි බලාගෙන ඉඳිමු.

:       3       32

athuraSaturday, 10 August 2019 04:45 AM

නඩුව ඉවර වෙනකොට අපේ මිනිස්සුන්ට ඕක අමතක වෙලා සෑහෙන කලක් ගතවෙලා තියෙයි.

:       0       48

යාපා Friday, 09 August 2019 07:26 PM

මෙවැනි ඉතිහාසයේ පක්ශපාතීම අධිකරණයක් ආණ්ඩුවට ඕන තීරණ දෙන අධිකරණයකින් ඇත්ත බලාපොරොත්තුවෙන්න බෑ

:       326       11

Chanak los angeles Friday, 09 August 2019 07:50 PM

ඔබලා අහලා තිබෙනවාද මෙවැනි මංකොල්ල කරුවන් රටේ සිවිල් සේවයේ තබා ගන්න වෙන කිසියම් රටක් ? ඔහොම අය තියාගෙන රට පාලනය කරන්න බලය ඉල්ලන අය ගැන හොඳට හිතන්න. හරි දේ නොකලොත් රට ජාතියට කරන්නේ රාජකීය අපරාධයක් .

:       3       10

dammaika Saturday, 10 August 2019 04:19 AM

මේවා නායකයන්ගේ වගේම ඡන්ද දයකයන්ගේත් වැරදි. බූරුවන් රැලකට බූරුවා මිසක් වෙන එකෙක් නායකයා වෙන්නේ නෑ. ඒ වගේම තමයි ජඩ ජාතියකට ලැබෙන නායකයෝත් ඒ වගේම තමයි..

:       0       430

වර්ණකුලසූරිය Saturday, 10 August 2019 11:20 AM

අගය කළයුතු ප්‍රකාශයක්. ඡන්ද දායක බූරුවන්ගේ දේශයේ අපිද එම බූරු රැළ සමඟ කරුමය ගෙවමු.

:       0       9

Bishan Saturday, 10 August 2019 07:51 AM

මිනිස්සු පොල්පිතිවලට ඡන්දේ දුන්නම ඔහොම වෙනවා. මෙයා ඡන්දේ දිනලා වගේ යන්නේ... මිනිස්සුන්ගේ ගොන්කම නිසා...

:       0       110

melbourne Saturday, 10 August 2019 08:35 AM

නාගානන්ද මහතා කියනදේ ඇත්ත නේන්නම්..

:       31       78

lasantha Saturday, 10 August 2019 01:20 PM

අපි හැදෙන ජාතියක් නෙවෙයි. වැරැද්ද මොවුන්ගේ නෙවෙයි.. අවුරුදු 70 තිස්සේ මේ අයව පාර්ලිමේන්තු යවන අපෙයි.

:       0       37

Wijaya A. Sunday, 11 August 2019 01:16 AM

අපි පත්කරලා යවපු ජාතික වීරයන්ට ඇයි මෙහෙම කළේ? මේවා විදේශීය කුමන්ත්‍රණ. අපේ අය හිරේ දානවා. බොරු චෝදනා කරනවා. ඔය ඡන්දෙට ඉල්ලන්න. අපි ඔයාට ඡන්දෙ දෙනවා. අයියෝ මට නම් වාවන්නේ නැහැ. කන දේවල් උගුරෙන් පහළට යන්නේ නැහැ. අයියෝ...

:       0       16

suren Sunday, 11 August 2019 02:44 AM

ඉන්නේ වීර ක්‍රියාවක් කළා වගේ. වසර 70ක්ම, මේ වගේ අය රට විනාශ කළා.

:       0       7

Jagath Monday, 12 August 2019 03:11 AM

මේ වගේ අය ආපහු නිදහස් කරන්න හොඳ නැ. අනික තනතුරින් අයින් කරන්න ඕන.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 38 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 224 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 303 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 244 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1303 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 676 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1398 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site