IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කුණු බැහැර කිරීමට විරුද්ධ වීම වරදක් වෙයි

සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති නියෝග අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම ආදිය වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් වේ.

මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කිරීම හෝ අන් අන්දමකින් පෙළඹවීම මගින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන්ට බාධා කිරීම මෙන්ම ඒ සඳහා ලිඛිතව හෝ වාචිකව බලපෑම් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එවැනි වරදක් කරන ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට ඇතැයි ද එම අංශය කියයි.

මෙම නියෝග අද මධ්‍යම රාත්‍රී සිට වලංගු වේ.



අදහස් (33)

කුණු බැහැර කිරීමට විරුද්ධ වීම වරදක් වෙයි

RANJITH sILVA Thursday, 20 April 2017 03:04 PM

එන එන විදිහට ගහ උළුවස්ස කිව්වා වගේ, මේකත් කරලා බලමු.

:       0       0

daham Thursday, 20 April 2017 03:16 PM

ඡන්ද නම් තියන්නේ නැති බව හොඳටම පැහැදිලියි.

:       0       0

dewa Thursday, 20 April 2017 03:31 PM

මේවගේ අවස්ථාවාදී අයට දඩුවම් කල යුතුයි

:       0       0

susantha Thursday, 20 April 2017 03:43 PM

ඒ කියන්නේ මේ නීති තිබ්බනම් ඉස්සර උද්ගෝෂණ කල මීතොටමුල්ල මිනිස්සු හිරේ දාන්න තිබ්බ නිකන්ම. දැන් මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් අස්සේ කුණු ගොඩගහන එකට විරුද්ධ වෙන්නත් බැරිද? නිකන්ම මැරිලා යන්න විතරද වෙන්නේ කට වහන් ඉඳල? පුදුම ප්‍රජතන්ට්‍රවාදී ආණ්ඩුවක්! වෙනස සැපයි...

:       0       0

anil Thursday, 20 April 2017 03:45 PM

මේ විදියට ගත්තම දැන් ඕනෑම පළාත් පාලන ආයතනයකට ඕනෑම ඉඩමක කුණු දාන්න පුළුවන්නේ හිතෙන හිතෙන විදියට. ඇයි ඒවාට විරුද්ධ වීම වරදක්නේ. දේශපාලුවන්ට හොඳහැටි කොමිස් ගසකන්න පුළුවන් දැන්.

:       0       0

ශෂික Thursday, 20 April 2017 04:06 PM

ඔන්න අදම ආනිසන්සේ හම්බවුනා කදුළු ගෑස් වලින්."ඔබට සතුටුයිද දැන් "

:       0       0

sarath Thursday, 20 April 2017 04:18 PM

මේවට නම් ඉක්මනට ගැසට් පත්‍ර එලියට දානවා,මොකද ආණ්ඩුවට පන නැතිද ,උවමනාවක් නැතිද,ලැබෙන සන්තෝසම වැඩිද .? එලියට දාන කුණු වෙන්කරලා ,දිරන නොදිරන විදියට බැහැර කරන්න නීති දමන්න.පොලිතින් කොන්ටනර් පිටින් පාරිභෝගිකයින් හරහා පරිසරයට මුදා හරින සුපර් මාර්කට් වලට නීති දමන්න ,දිනකට ප්ලාස්ටික් බෝතල් මිලියන ගණනක් පාරට,ගංගාවලට මුදා හැරෙන ලෙස බීම බෝතල් විකුණන සමාගම් වලට නීති දාන්න ?

:       0       0

Sarath Silva Thursday, 20 April 2017 05:37 PM

පසු වි හෝ මෙවැනි තද නිති ගෙන ඒම පිළිබදව අතිගරැ ජනාධිපති තැමාට අපගේ ප්රානාමය. අප රටෙ දේශපාලුවො මෙම දුක්බර අවස්ථාව උන්ගෙ පැවැත්මට භාවිතා කරනවා. අපගේ නිවාසවලින් පිටවන අපදුව්‍ය ඉවත්කිරිම අත්‍යාවශ්‍ය සේවාවක් විය යුතැයි.

:       0       0

Chetiyasena Thursday, 20 April 2017 05:59 PM

නියමයි! දැන් කුණු බොස්ලට පුලුවන් ඕනෑම තැනක තියෙන ඕනෑම වර්ගයක කුණූ ඕනෑම වෙලාවක ඕනෑම තැනකට ඕනෑම විදිහකට ගෙනිහින් ඕනෑම විදිහකට "කලමනාකරනය කරන්න" ! ජහමනයා කට ඇරියොත් බඩු බනිස්!

:       0       0

danuka Thursday, 20 April 2017 06:21 PM

කුණු ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර ලක්ෂ 300 ට ඉස්තරම්ම එකක් මිලදී ගන්න පුළුවන්. මන්ත්‍රී කෙනෙක්ගේ එක පර්මිට් එකක සල්ලි. මේ යන්ත්‍රයෙන් දිනකට කුණුවලින් ප්ලාස්ටික් , කඩදාසි , යකඩ ,ටින් කිලෝ ලක්ෂය 8 ක් වෙන් කරගන්න පුළුවන්. මේ වෙන් කරගන්න ඒවා පැක් වශයෙන් සකස් කර විදේශ රටවල කර්මාන්තශාලා වලට ඉතා ඉහල මුදල් වලට විකුණා හොද අදායමක් ගන්නත් පුළුවන්. ඇයි මෙච්චර සරල දෙයක්වත් රටේ වෙන්නේ නැත්තේ කියන එක තමා ප්‍රශ්නේ ? අපේ රටේ හැමෝම බලාගෙන ඉන්නේ අගමැතිතුමා හැම ප්‍රශ්නයක්ම විසදනකල්. ඇමති මණ්ඩලයක් , මන්ත්‍රීවරු ඉන්නේ වාහන පර්මිට් ගන්න සුරසැප විදින්න විතරද?

:       0       0

සෙන්දෙ Thursday, 20 April 2017 07:28 PM

දැන් ඉතින් කුණු වලින් වාසි ගන්න හිට්ය අයට රිදෙයි...

:       0       0

prasanna Thursday, 20 April 2017 09:07 PM

යහපාලානේ ජනපති ,,, ඔබ කෙසෙල් කොලේ බත් කා , කොටි 35 වාහනේ යමින් , ගහන ගසෙට් නිවේදන ඉතා අගනේය,, ජනතාව ගැන බලන උතුමෙකි ඔබ,..

:       0       0

chris Thursday, 20 April 2017 10:24 PM

මහින්ද අවරුදු 30 ක් තිබුන බයානක යුද්දේ එඩිතර ලෙස ඉවරකලා . මෛත්තිරිට මේ කුණු ප්‍රස්නේ ඉවරකෙරගන්න බැ.අබසරනය් ශ්‍රීලංකා !!!!

:       0       0

shantha Thursday, 20 April 2017 10:38 PM

මේ කුණු ප්‍රශ්නය විසඳන්න එතරම් අමාරු නැහැ. මීට අවුරුදු කීපයකට කලින් රත්නපුරේ කුණු දමන තැන මැණික් හම්බ උනා කියල ගොඩක් මිනිස්සු ලොරි වලින් කුණු කන්ද අරන්ගියා. මේකෙත් දියමන්තිත් හම්බ වෙනවා කියල ප්‍රචාරයක් දුන්නනම් ලංකාව පුරා අය ඇවිල්ල මේ කුණු තමන්ගේ ගෙවල් වලට අරන් යනඑක ෂුවර්

:       0       0

Nandalal de Silva - France Thursday, 20 April 2017 11:26 PM

පමාවී හෝ මෙවැනි අත්‍යවශ්‍ය ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ගැන අප හැම දෙනාම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතු වෙනවා. කසල ගොඩවල් මුල්කරගෙන කුණු කතා කියමින් රජයට ගල්මුල් එල්ල කරන නිකමුන්ට මෙය හොඳ කනේ පාරක් උන බව සහතිකයි. වසර ගණනක් තිස්සේ, රට කරවපු අයත් කුණු කඳු මත නැගී බලයට එන්න දඟලන්නේ උන්ගේ අඩුපාඩු කුණු කන්දට යට වෙයි කියල හිතාගෙනද ? රටක දියුණුවට, අවශ්‍ය වුන විට දැඩි නීති රීති උවමනා නොවේද ?

:       0       0

Jerami Thursday, 20 April 2017 11:35 PM

එක හොඳ වැඩක්. මේ රටේ මිනුස්සු හැම මගුලකටම විරුද්ද වෙනවා. ජය වේවා ජනපති තුමනි.

:       0       0

daham Friday, 21 April 2017 12:40 AM

ඔන්න දැන් ඉතින් ඕනේ කෙනෙකුට පාර අයින්වල කුණු දාන්න පුළුවන්. විරුද්ධ වෙන්න බැහැ.

:       0       0

pubudu Friday, 21 April 2017 01:33 AM

අතන කුණු මෙතනටයි , මෙතන කුණු වෙන තැනකටයි දානවා ඇරෙන්න වෙන දෙයක් දන්නෙම නැද්ද අපේ ලොක්කෝ ? කසල ප්‍රතිචක්‍රීය කරණය වගේම කසල කළමනාකරණය කරන්න බැරිද? මිනිස්සුන්ව බය කරලා කුණු ගෙනත් දාන්නනම් ආණ්ඩුවක් මොකටද? චන්ඩි ටිකකට කිව්වනම් ඉවරනේ කතාව .

:       0       0

wasantha Friday, 21 April 2017 01:35 AM

කුණු ප්‍රශ්නය ඇතිවීමට හේතුව එය හැම විටම දුප්පත් අයට අසාදාරනයක් වන විධියටත් පොහොසත් අයව වගකීමෙන් බේරන විදියටත් රජය මගින් විසඳන නිසයි . කුණු එකතු කරන පැතිවල අයගෙන් එය ගෙනියන අයට ගෙවන ආපදා මුදල හා වන්දි මුදල එකතු කල යුතුය.

:       0       0

රාජුන් Friday, 21 April 2017 01:41 AM

කුණුකසල බැහැර කිරීම මනා පාළනයකින් යුතුව ක්‍රමානුකූලව කරනවානම් කවුරුවත් විරුදධ වෙන එකක් නැහැ.

:       0       0

rohan Friday, 21 April 2017 02:04 AM

කොළබ කුණු ටික ප්‍රසන්න රණතුංග ගේ ගෙදරටයි ගාමිණී ලොකුගේ ගේ ගෙදරටයි ගෙන ගිහින් දැම්මන්ම් ඔය ප්‍රශ්නය ඉවරයි.

:       0       0

රෝගියා Friday, 21 April 2017 02:10 AM

නරකද වෛද්‍ය, හෙද සේවා එහෙමත් අත්‍යවශ්‍ය සේවා කරොත්.

:       0       0

Pushpa Friday, 21 April 2017 02:45 AM

එතකොට ප්‍රමිතියක් නැතිව මිනිස්සුන්ගේ සෞඛ්‍යට අහිතකර වන ලෙසට රජයේ ආයතන මගින් කුණු කඳු තැන තැන ගොඩ ගැසීම ද විශාල වරදකි

:       0       0

රොමේෂ් Friday, 21 April 2017 03:11 AM

"මහජන ආරක්ෂක පනත" ඔකේ ඉතුරු එක වගන්තියකින් හරි මහජනයා ආරක්ෂා වෙනවනම් තමයි වටින්නේ. මහජනතාව තමන්ගේ පැතිවලට කුණු ඩම්ප් කරනවටයි විරුද්ධ. එහෙම නැතුව නිසි වැඩපිළිවෙලක් හදලා රටේම කුණු වුනත් ගෙනල්ල ඒ ආකාරයෙන් ප්‍රතිචක්‍රීකරණය කරනවානම් කව්රුත් විරුද්ධ නැහැ. ගිණි පෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි. කව්රුත් ආස නැහැ කුණුගොඩකට යටවෙලා මැරෙන්න. මේ මිනිස්සු පාරවල්වලට බැහැලා ආණ්ඩුවට බලකරන්නෙත් තමන්ව ආරක්ෂා කරන්න කියල තමයි.

:       0       0

kulatilake Friday, 21 April 2017 03:29 AM

හොද වැඩක් මෙහෙම නොකලොත් රටක් පාලනය නරන්න බැරිවෙයි.

:       0       0

aruna Friday, 21 April 2017 04:25 AM

දැන දැන මහජනතාවගේ ජීවිත, දේපල සහ එදිනෙදා ජිවන කටයුතු හානියට පත්වන්නට සැලැස්වීමත්, අනතුර වලක්වාගැනීමට පියවර නොගැනීමත් බරපතල වරදකි. ජනාදිපති, අගමැති සහ විෂය භාර ඇමතිට දඬුවම් ලැබෙන්නේ කවදාද? වගකීම භාරගන්නවා යයි කියමින් ජනතා මුදල්, නැතහොත් රජයේ මුදල් තමන්ගේ නොහැකියාව සහ නොසැලකිල්ලට වන්දි වශයෙන් ගෙවීම පමණක් නිවරිදීද?. අනිත් කරුණ, ඉතා සොච්චම් මුදලකින් විපතට පත්වූවන් නැවත පෙර තත්වයට නගා සිටුවිය හැකිද? ජීවත් වන්නන්ගේ කායික මානසික පීඩාවන්ට වන්දි ලැබෙන්නේ කවදාද?

:       0       0

W.A Wickramasingha Friday, 21 April 2017 04:40 AM

කළයුතු දේ කිරීමට ප්‍රමාද වීම බලගතු වරදක් !!! මේ විදියටම මහජනතාවට හිරිහැරයක් වෙන, ජීවිතවලට අත්‍යාවශ්‍ය සේවයක් කිරීමට ජනාධිපති තුමා ක්‍රියා කළයුතු කාලය ආරම්භ වී තිබෙන බව සැළකිය යුතුය. එසේ කිරීමදී මුලුමහත් ජනතාවගේම ප්‍රසාදය ජනාධිපතිතුමාට තිබේ.

:       0       0

dias Friday, 21 April 2017 05:57 AM

රටක් වෙනුවෙන් සියලු ජනතාව රජයේ කුණු බැහැර කිරීමට ඉඩ දිය උතුයි. ප්‍රතිචක්‍රීකරණ ආපදා අරමුදලක් ඇරඹීම සුදුසුයි.

:       3       0

Dinasiri Friday, 21 April 2017 06:11 AM

මට හිතෙනවා කුණු ලොරි ඔක්කොම උස්සල ගිහින් පාර්ලිමන්ට් එකට ගිහින් දන්න....

:       0       2

nihal Friday, 21 April 2017 06:28 AM

කසල බැහැරකරලා ඊටපස්සේ ඒවායින් එන අතුරු ව්‍යවසනවලින් පීඩා විඳින්නේ ඔය සීත කාමරවල ඉන්න වායු සමනය කළ වාහනවලින් ගමන්කරන තරුපහේ සුපර් මාකට්වලින් බඩුගන්න කොළඹ 7 පදිංචිව ඉන්න රජයේ ලොකුම ලොකු නිලධාරීන්ගේ පවුල් වලට නෙමෙයි නේද?

:       0       12

jaga Friday, 21 April 2017 08:12 AM

මෙම ගලත් එක මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්. අධිකරණ නියෝගයක් ලබාගෙන නියමිත පුත්තලමේ පරණ සිමෙන්ති වලවල්වලට විතරක් කුණු බැහැර කරන්න.

:       59       6

anada Friday, 21 April 2017 11:01 AM

ජනාධිපති සිරිසේනගේ විසඳුම් = අතිසාරේට ගහන අමුඩේ.

:       0       10

සෙනෙවි Friday, 21 April 2017 11:47 AM

රට පාලනය කරන්නෙ කිං කැකිල්ලෙ වගේ මට පේන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 624 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2024 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1489 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 840 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2049 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 100 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site