IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුඩු ජාවාරම්කරුවන් නිදහස් කිරීමට සිදුවීම කනගාටුවක්

(මනෝප්‍රිය ගුණසේකර)

 

මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන් සටහන් යෙදීමේදී සිදුකරන දුර්වලතා හේතූවෙන් මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් නිදහස්ව යෑම කනගාටුදායක තත්වයක් යැයි කුඩු ග්‍රෑම් 198 ක් ළඟ තබාගෙන සිටියදී කොළඹ පුරහල ප්‍රදේශයේ දී අල්ලා ගත් ජාවාරම්කරුවකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (15) පැවසීය.

පැමිණිල්ලේ සාක්කි පරස්පරවීම හා වැටලීම කළ නිලධාරීන්ගේ සටහන්වල ඇති දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීන්දු කර ඔහු නිදහස් කරමින් විනිසුරුවරයා එලෙස සඳහන් කළේය.

චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීන්දු කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ එම්.ධනසිරි නමැත්තෙකි.

2012 සැප්තැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ පුරහල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 198.19 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්  කොළඹ පුරහල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී මෙම විත්තිකරු හෙරොයින් තොගයක් ද සමඟ අල්ලා ගත් බව හෙළි විය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ හරස් ප්‍රශ්න වලදී වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සාක්කි පරස්පර බව මෙන්ම මෙම වැටලීම සම්බන්ධයෙන් ඔවුන් තබන ලද සටහන්වල දුර්වලතාවයන් ඇති බවද හෙළි විය.

මෙවැනි විශාල හෙරොයින් තොගයක් පොලිස් නිලධාරීන් විත්තිකරුට හඳුන්වා දුන් බව සිතීමට හැකියාවක් නොමැති වුවත් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීන්දු කළ විනිසුරුවරයා සියලු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.



අදහස් (24)

කුඩු ජාවාරම්කරුවන් නිදහස් කිරීමට සිදුවීම කනගාටුවක්

Champa Tuesday, 15 September 2020 12:46 PM

2012 කරපු වැටලීමක් ගැන ඊට අවුරුදු 8කට පස්සේ 2020 දී හරස් ප්‍රශ්න අහන කොට පරස්පර ඇති වෙන්න පුළුවන් තමයි.

:       8       386

ChampaTuesday, 15 September 2020 04:21 PM

සමන් - පොලිස් නිලධාරීන් මේ වගේ සටහන් දහස් ගණන් ලියනවා. හේතුව හැම දෙයක්ම ඔවුන්ට මතක තියාගන්න බැරි නිසා. මෙතන හරස් ප්‍රශ්න අහලා තියෙන්නේ අවුරුදු 8කට කලින් ලියපු සටහනක් ගැන. හරස් ප්‍රශ්න ඇසීමකදී වෙන්නේ පොලිස් නිලධාරියා වැටලීම සම්බන්ධව තමන්ගේ නැතිවූ මතකය නැවත සකස් කරමින් ප්‍රශ්නවලට උත්තර දීම. පොලිස් පැමිණිල්ලකදී වැදගත් වෙන්නේ පොලිස් නිලධාරියාගේ සටහන මිසක්, විත්තියේ නීතිඥයා පොලිස් නිලධාරියාගෙන් අහන හරස් ප්‍රශ්න නෙමෙයි. මේ වගේ තැනකදි විනිශ්චයකාරතුමාට පුළුවන්, මේ වැටලීම සත්‍ය වීම හෝ නොවීම පිළිබඳ සම්භාවිතාවේ ශේෂය අනුව (on the balance of probabilities) අපරාධකාරයාට දඬුවම් දෙන්න. ලියන සටහන් ගැන ප්‍රශ්න ඇති වෙනවා නම් පොලිසිය කරන්න ඕනේ කොටු සහිත සවිස්තර පත්‍රිකාවක් මුද්‍රණය කරලා පොලිස් නිලධාරීන්ට දීම. ඒකේ අධිකරණයේදී අහන සියලු ප්‍රශ්න ආවරණය වෙන විදිහට, වැටලීම කළ නිලධාරීන්ගේ නම්, දිනය, වෙලාව, ස්ථානය, වැටලීම ගැන විස්තරය වගේම සැකකාරයාගේ හැසිරීම සම්බන්ධ නිරීක්ෂණ... එනම්, ඔහු බය වුණාද, දාඩිය දැම්මද, ගොත ගැහැව්වද, මේ වගේ දේවලුත් වරදකාරයෙක්ව ඔප්පු කරන්න වැදගත්. වැටලීමකදී එක නිලධාරියයි සටහන් තැබිය යුත්තේ...

:       0       319

සමන් Tuesday, 15 September 2020 02:09 PM

චම්පා කමෙන්ට් කරලා තියෙන්නේ කිසිම තේරුමක් නොමැතිව. අධිකරණයේදී වැටලීම් කරපු අය සාක්ෂි දෙන්නේ ඔවුන් විසින්ම යෙදූ සටහන් කියවා බලමින්. ඒක නිසා කල්ගතවූවා කියා පරස්පරතා ඇතිවිය නොහැකියි. මේ සිද්ධියේදී කෙසේවෙතත් සමහර නඩුවලදි පොලිසිය කුඩු දමා අහිංසකයන් බන්ධනාගාර ගතකරනවා උසාවි යන අය දන්නා කරුණක්. කොහොම වුවත් පොලිසියට අවංකව හා නිවැරැදි ආකාරයට සටහන් ලියන්න උගන්වන්න පුලුවන්නම් වැරදිකරුවන් නිදහස්වීම අවම කරන්න පුළුවන්. පොලිසිය අපරාධ තොරතුරු පොතේ යොදන සටහන් පරණවිතාන මහත්තයාටවත් කියවාගන්න බැරිතරම් අපහසුයි. ඒ නිසා අත්අකුරු ලියන්න පොලිසියට උගන්වන්නත් ඕනේ...

:       34       515

de silva Tuesday, 15 September 2020 02:17 PM

සමහර පොලිස් නිලධාරීන් පගාව අරගෙන සටහන් හිතාමතාම අවුල් කරනවා.

:       0       904

RaveendraTuesday, 15 September 2020 04:51 PM

යතාර්ථයට යම්තාක් දුරට හෝ ගැලපෙන ලෙස අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳ අප ඔබට ස්තුතිවන්ත වන්නෙමු..

:       1       192

Inspector LukyWednesday, 16 September 2020 05:44 AM

හැමදේටම පගාව අරගෙන කියන වචනය ඉස්සරහට දාන්න එපා. මොකද අවංකව වැඩකරන නිලධාරින් නැතුවාම නොවේ. පගාව අරගෙන සටහන් අවුල්වෙන විදියට දැම්මොත්.. ඒ වගේම නඩුව සටහන් නිසා හා සාක්ෂි පරස්පර වීම නිසා මේ වගේ විත්තිකරු නිදහස්වී නඩුව කපා හැරියොත් පොලිස් නිලධාරින්ටත් ඒ අනුව විනයානුකූල කටයුතු කරනවා.

:       1       0

NuwanTuesday, 15 September 2020 11:13 PM

හරියට හරි. එපමණක්ද, මා දැක ඇති පරිදි මාධ්‍ය ඉස්සරහ ඉන්න ඔක්කොම අය නඩු භාණ්ඩ අල්ල අල්ලා ඉන්නවා. මේ නිසා සාක්ෂි විනාශ වෙන්නේ නැත්ද?

:       0       1

ගැමුණුWednesday, 16 September 2020 03:22 AM

පරස්පර සාක්කි ඉදිරිපත් කිරීම හිතාමතා සුලබව කරන දෙයක්. මේක දෙගොල්ලම ගොඩ යන වැඩක්. මිනී මරුවෙක් උනත් බේරාගන්න පුළුවන්.

:       0       1

chaminda kumaraWednesday, 16 September 2020 06:02 AM

පගාව ගන්නවා කියන වචනේ ඉස්සරහට දාලා හැම තිස්සෙම කථා කරන එක ගැනනම් ඔබේ මොකක් හෝ දුර්වලතාවයක් විය හැක. නිවැරදිව, අවංකව වැඩ කරන නිලධාරීන් නැතුවා නොවේ.. අතලොස්සක් නිලධාරීන් කරන දූෂිත ක්‍රියා නිසා මුළු මහත් පොලිස් නිලදරුවන් හෑල්ලුවට ලක් නොකරන්න.. ඔවුන් කරන සේවය පිළිබඳව මොහොතක් සිතන්න. පගාව හැම නිලධාරියෙක්ම ගන්නවා නම්, ඔබ කියන විදියට සටහන් වැරදි විදියට දාලා.. නඩු පරදින විදියට සාක්ෂි පරස්පරව ඉදිරිපත් කිරීම කළහොත්.. එසේ කළවිට නඩුව කපා හැරියොත් හෝ සාක්ෂි පරස්පරතාවය නිසා නඩුව පැරදුණොත් නිලධාරින්ට විරුද්ධවත් විනයානුකූල කටයුතු පොලිසිය මගින් කරනවා. දන්නැත්තම් පොඩ්ඩක් හොයලා බලන්න.

:       0       0

sam Tuesday, 15 September 2020 05:05 PM

අත්අඩංගුවට ගන්න වෙලාවේම පින්තුර ගන්න බැරිද?

:       0       7

de silva Tuesday, 15 September 2020 07:43 PM

ඕවා අවුල් කරන පොලිස් නිලධාරියාට විනය පරීක්ෂණයක් කරලා, තනතුරෙන් පහත හෙළීම වැනි දඬුවමක් දෙන්න. පොලිස් නිලධාරින්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් ගෙවන්නේ රාජකාරි හරිහැටි කරන්න මිසක් විකාර ලියන්න නොවේ. හරියට සටහනක් ලියන්න දන්නේ නැතිනම් මොවුන් සේවයේ තබාගත යුතු නැත..

:       0       1

Nandalal DE SILVA - France Tuesday, 15 September 2020 09:34 PM

ලෝකයේ බොහෝ රටකම වගේ පොලිස් රාලහාමිලා පැමිණිලි අතින් ලියාගැනීමේ සිරිත කුණු කූඩයට දමා තියෙනවා. පැමිණිල්ලක් පරිගණකයකට ඇතුළත් කර, එය පොලිස් නිලධාරියා විසින් කියවා, පැමිණිල්ල බාරදීපු කෙනත්, පොලිස් නිලධාරියත් ස්කෑන් අත්සන් තැබුවොත් ඔය වගේ දේවල් බොහෝදුරට මගහරවා ගැනීමට පුළුවන්...

:       0       1

SL` Wednesday, 16 September 2020 01:12 AM

පොලිස් නිලධාරින් වැටලීම් වලදී කැමරා භාවිතය අනිවාර්ය කලයුතුයි. කැමරා එකක් නැතිනම් දෙකක් වුනත් පැළඳිය හැකියි. සාක්ෂි මැකෙන්න්නේ ලියුවොත් නේ. වීඩියෝ කලොත් නිකන්ම පෙනෙනවානේ.

:       0       4

සමන් Wednesday, 16 September 2020 01:13 AM

චම්පා, ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරණුයේ බොරුව සමාජගත කිරීමයි. මෙය මහා බරපතල සමාජව්‍යසනයනට හේතුවන බැවින් එම කරණු පාඨකයනට/පුරවැසියනට දැනගැනීමට සටහන් කරමි. වැටලීමකදී වඩා වැදගත් වනුයේ වැටලීමට අදාල සිද්ධිය හා අවස්ථාව පමණක් වන අතර පොලීසිය සටහන් යොදනුයේ එම සිද්ධිය සත්‍ය එකක් බව අධිකරණයට ඒත්තු ගැන්වීමේ එක් සාක්ෂියක් ලෙසය. එහිදී හරස් පුශ්න ඇසීම මගින් සිද්ධිය තහවුරුවීම හෝ නොවීම සිදුවේ. එය සිදුවිය යුත්තක්මය. එසේ නොවුනහොත් සිදුවනුයේ කැලෑ නීතිය රජවී පොලීසිය මිනිසුන්ට දඩුවම් දීමය. ඔබ කියන පරිදි වැඩිබර සාක්ෂිමත විනිසුරුතුමා විත්තිකරුවකුට දඩුවම් දෙන්නේ නැත. වැඩිබර සාක්ෂි භාවිතා කරනුයේ සිවිල් අධිකරණ කටයුත්තකදී මිස අපරාධ අධිකරණ ක්‍රියාදාමකදී නොවේ. අපරාධ අධිකරණ ක්‍රියාදාමයකදී විනිසුරැතුමා සාධාරණ සැකයෙන් ඔබ්බට යන සංකල්පය භාවිතා කරයි. එයට එක් හේතුවක් වනුයේ නිවරදි පුද්ගලයකුට දඩුවම් කිරීම, වරද කරුවකු නිදහස් කිරීමට වඩා මහා බරපතල අපරාධයක් බැවිනි.

:       0       1

ChampaWednesday, 16 September 2020 11:55 AM

සමන් - ඔබ මේ ප්‍රවෘත්තියේ අන්තිම ඡේදය කියවන්න. විනිශ්චයකාරතුමා කියනවා "මෙවැනි විශාල හෙරොයින් තොගයක් පොලිස් නිලධාරීන් විත්තිකරුවාට හඳුන්වා දුන් බවට සිතීමට හැකියාවක් නොමැති වුවත්....." කියලා. ඒ කියන්නේ නඩුව ඇත්ත කියලා විනිශ්චයකාරතුමාට පේනවා. නමුත් පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරලා නැහැලු. ඒ හින්දා නැවත එහෙම නොවෙන්න. උසාවියේදී විත්තිකාරයින්ගේ නීතිඥයින්ට පරස්පරතා පෙන්වන්න බැරි විදිහට, පොලිස් නිලධාරියාගේ සටහන ක්‍රමානුකූල විය යුතුමයි. එහෙම කිරීම ප්‍රායෝගික නැහැයි කියලා ඔබ කියන එකට පදනමක් නැහැ. පොලිස් නිලධාරියෙකුගේ විශ්වාසනීයත්වය රැඳිලා තියෙන්නේ ඔහු තබන සටහනේ ගුණාත්මකභාවය අනුව... වැටලීමක කරුණු සනාථ කිරීමට තියෙන ප්‍රබලම ලියවිල්ල පොලිස් නිලධාරියාගේ සටහන. අවුරුදු ගාණකට පස්සේ හරස් ප්‍රශ්න අහන කොට, පරස්පරතා මතුවෙන්නේ සමහර නිලධාරීන්ට තමන්ගේම අකුරු කියවාගන්න බැරි වෙන නිසා. සිද්ධිය මතක් කරගන්න වෙන නිසා. නිවැරදි කරගත හැකි එවැනි සුළු දෙයක් නිසා මහා පරිමාණ අපරාධකාරයන් නිදහස් වෙන එක මුළු සමාජයටම කරන අසාධාරණයක්. ඒ හින්දා පොලිස් නිලධාරීන් දැනුවත් වෙන්න ඕනේ උසාවියේදී විත්තියේ නීතිඥයා අහන හරස් ප්‍රශ්න ගැන.

:       0       0

ChampaWednesday, 16 September 2020 12:53 PM

සමන් - මම නම් කිසිම බොරුවක් සමාජගත කරන්න හදලා නැහැ. මම ලියන හැම දේකටම හේතු ලියලා තියෙනවා. ඔබ කියන විදිහට පොලීසිය වැඩ කලොත්, අනාගතෙත් මේ විදිහට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් නිදහස් වෙයි. උසාවිය කණගාටුව ප්‍රකාශ කරයි. ඒ හින්දා නැවත එහෙම නොවෙන්න වැඩ කරන්න පොලිසිය දැනගන්න ඕනේ. ඒ වගේම මෙවන් ජාවාරම්කාරයන් මහා ධන කුවේරයන් නිසාත්, ඔවුන්ගේ ධනයට තණ්හා කරන, එම ධනයෙන් සුරසැප විඳින, ඔවුන්ගෙන් යැපෙන නීතිඥයින් බොහෝ ප්‍රමාණයක් සිටින නිසාත්, ශිෂ්ඨ සමාජය සහ නීතිගරුක පුරවැසියන් වෙනුවෙන් අපරාධකාරයන් සහ ඔවුන්ගේ නමගිය නීතිඥයන් සමඟ තනිවම හැප්පෙන පොලිසියට බොහෝ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. වැටලීමකදී වැදගත් වෙන්නේ වැටලීමට අදාළ සිද්ධිය සහ අවස්ථාව පමණක් කියලා ඔබ කියන දේ සම්පූරණ වැරදියි.

:       0       0

ChampaWednesday, 16 September 2020 01:12 PM

නීතිඥයින්ට මෙවන් අපරාධකාරයින්ව නිදහස් කරගන්න බැරි වෙන්න, පහළ කරුණු සහිත "වැටලීම් පත්‍රිකාවක්" හදන්න ඕනේ: 1). චූදිතයන් කවුද, විමර්ශනය කළේ කවුද, වැටලීම කලේ කවුද, සිද්ධිය වූ ස්ථානය ආරක්‍ෂිත කලේ කවුද, සාක්කි ගත්තේ කවුද, සාක්කිවල ආරක්ෂාව බාර ගත්තේ කවුද, එතැන හිටියේ කවුද 2). වාර්තා කරන වරද මොකක්ද, තොරතුරු වල ප්‍රභවය මොකක්ද, වැටලීම කළ ස්ථානයේ දැක්කේ මොකක්ද, සැකකරු කිව්වේ මොනවද, සාක්කි ගත්තද, වැටලීම ගැන ගත්ත පියවර මොකක්ද 3). වැටලීම කලේ කවද්ද, වෙලාව මොකක්ද, වැටලීම වාර්තා කලේ කවද්ද, සාක්කි ලබා ගත්තේ කොයි වෙලාවේද, සැකකරුට ඔහුගේ අයිතිවාසිකම් ගැන කිව්වේ කොයි වේලාවේද, සහායට වෙන නිලධාරීන් ආවා නම්, කොයි වේලාවේද, සටහන තැබුවේ කොයි වෙලාවද 4). වැටලීම කලේ කොතනද, වාර්තා කලේ කොතනද, සාක්කි ගත්තේ කොතනද, සාක්කි ගබඩා කලේ කොතනද, සැකකරුගෙන් ප්‍රශ්න කලේ කොතැනද, සැකකරු ප්‍රකාශයක් කළානම් කොතනද 5). වරද කරලා තිබුනේ කොහොමද, හොයා ගත්තේ කොහොමද, වාර්තා කලේ කොහොමද, සැකකරුගේ හැසිරීම කොහොමද 6).වැටලීම සිදුකිරීම සහ වාර්තා කිරීම අතර කාල පරතරයක් තිබේ නම් හේතුව මොකක්ද?

:       0       0

සමන් Wednesday, 16 September 2020 01:31 AM

චම්පා, ඔබ කියන විදිහට පොලිස් නිලධාරීන්ගෙන් අධිකරණයේ අසන පුශ්න වලට පිළිතුරු සැපයෙන ආකාරයට සටහන් යෙදීම ප්‍රායෝගික යැයි මම නොසිතමි. විත්තියේ නීතීඥවරයා ප්‍රශ්න කරනුයේ සැක ඇති තැන් උපුටා ගෙනය. පොලිස් නිලධාරියා කළ යුත්තේ සිදුවූ සිද්ධිය හා වැටලීම පිළිබදව සත්‍ය සටහනක් යෙදීම පමණි. වැටලීමට ගිය සියලු නිලධාරීන්ට අපරාධ තොරතුරැ පොතෙහි සටහන් යෙදීමට භාධාවක් නොමැත. පොලිස් දෙපාර්ථමේන්තු නියෝගවල යම් වැටලීමකදී එක නිලධාරියකු පමණක් සටහන්ට කළයුතු බවට කිසිම නියෝගයක් නැත. එක වැටලීමකදී එක සටහනක් යෙදීම මගින් මගින් පොලීසිය කරනුයේ සිද්ධිය පිළිබද ව්‍යාකූලතා අවම කිරීමයි. එකම සිද්ධියට සටහන් කිහිපයක් යෙදූවිට ඇතිවියහැකි පරස්පරතා අවම කිරීමට සිදුකරන කූට උපක්‍රමයක් ලෙස වැටලීමට ගිය එක නිලධාරිකු මගින් පමණක් සටහන් යොදවයි. අවසාන වශයෙන් කිය යුත්තේ අධිකරණ ක්‍රියාදාමය කල්ගතවූ විට අගතියට පත්වනුයේ සැකකරු /විත්තිකරු ය. අධිකරණ ක්‍රියාවලිය පොලීසිය විසින් කල්ගතකරවමින් සැකකරු හෝ විත්තිකරු දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම සිදුකරයි.

:       0       0

සමන් Wednesday, 16 September 2020 01:33 AM

චම්පා, ඔබගේ ප්‍රතිචාරය කියවූ විට හැගීගියේ ඔබ උගත් හා කරුණු වැටහෙන අයකු බවය. නමුත් අසත්‍ය සමාජගතකිරීම සිදුව ඇති බැවින් එය නිවරදි කිරීමේ අරමුණින් දීර්ඝ ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවිය.

:       0       0

kamal Wednesday, 16 September 2020 02:13 AM

උසාවිය සම්බන්දයෙන් කණගාටු කාරණා දැනගන්න ඕනනම් රන්ජන් මහතාගේ හඬපටයකට සවන්දෙන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 16 September 2020 03:07 AM

සමහරවිට මෙයා හිතා මතාම කරන දෙයක් වෙන්න පුළුවන්.

:       0       0

chaminda kumara Wednesday, 16 September 2020 06:06 AM

මම දන්නේ නැහැ

:       0       0

chinthana Wednesday, 16 September 2020 06:20 AM

මෙවැනි නඩුවල විත්තිකරුවන් නිදහස් කරගැනීමට ප්‍රසිද්ධ නීතිඥ මහතුන් ඉන්නවා.

:       0       0

BamunuarachchiThursday, 17 September 2020 01:13 AM

නඩුවකට ප්‍රසිද්ධ නීතීඥ මහතුන් ඉදිරිපත්වීම සාමාන්‍ය දෙයක්.. නමුත් පොලිසියෙන් මේ නඩුව නියම ආකාරයෙන්ම ඉදිරිපත් නොකර ආවානම් ප්‍රසිද්ධ නීතීඥයෝ ඕනෑ නැහැ නඩුව නිෂ්ප්‍රභා වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 117 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 256 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1093 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 143 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site