IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කුඩුගහන ඇමැතිවනරු ගැන හොයන්න අගමැතිගෙන් විශේෂ කමිටුවක්


 
 
අංජුල මහික වීරරත්න
 
කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමැතිවරුන් සිටී දැයි සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) විශේෂ කමිටුවක් පත් කළේය.

සභානායක රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් යුතු මෙම කමිටුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, නීතිඥ නිශ්ශංක නානයක්කාර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (20) රැස්වූ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම කමිටුව පත්කර තිබේ.

කොකේන් භාවිතා කරන මැති ඇමැතිවරුන් සිටින බවට මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය රංජන් රාමනායක මහතා ඉකුත් දා කළ ප්‍රකාශයක් නිසා මහත් ආන්දෝලනයක් ඇතිවිය.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවේ වාර්තාව එක්සත් ජාතීක පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට බාරදීමට නියමිතව ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 



අදහස් (12)

කුඩුගහන ඇමැතිවනරු ගැන හොයන්න අගමැතිගෙන් විශේෂ කමිටුවක්

Dammika Wednesday, 20 February 2019 11:09 AM

මෙතුමා හැමදේටම කරන්නෙ කමිටු දාල කල්මරණ එක. බොරු කිරීමේ සීමාවක් තිබිය යුතුයි. කමිටුවක් දානවනං ඒක ස්වාධීන වෙන්ඩ ඕනේ, නිශ්ච්ත කාලයක් තිබිය යුතුයි (මාස ගණනක් නං නෙවෙයි ).

:       0       7

dias Wednesday, 20 February 2019 11:10 AM

පාර්ලිමේන්තු දිනක දැනුම් දීමකින් තොරව මන්ත්‍රීවරුන්ගේ ලේ පරික්ෂාවක් කලා නම් කාගේ කාගේත් පැටිකිරිය හොයා ගන්නට පුළුවන්.

:       0       10

ravi Wednesday, 20 February 2019 11:31 AM

ඉස්සෙල්ලම රුධිර පරීක්ෂණයට යන්න ඉන්න අයගේ නම් කිහිපයක් ලැබිලා තියනවා.. විමල් වීරවංශ සහ නාමල් රාජපක්ෂ..

:       2854       677

tdWednesday, 20 February 2019 05:31 PM

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමැතිවරුන් සිටී දැයි සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) විශේෂ කමිටුවක් පත් කිරීම අගය කරන අතරම පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් පළමුවත් කාර්ය මණ්ඩලය දෙවනුවත් පාර්ලිමේන්තු වෛද්‍යවරයා වෙත ගොස් ඔවුන්ගේ රුධිර පරීක්ෂාවක් කතානායකවරයා ලබාගැනීම අනිවාර්ය කළහොත් මත්ද්‍රව්‍ය පමනක් නොව තව මොනවා ශරිරගතවී තිබෙදි සත්‍ය වශයෙන්ම, ඉක්මනින්ම නිවැරදි තොරතුරු සියා ගැනීමට හැකියාව තිබේ. පළමුව නොමිලේ පරීක්ෂාවක් කිරීමට අවස්ථාව දියයුතුය

:       1       24

sena Wednesday, 20 February 2019 11:45 AM

කුඩු ගහන කට්ටියගෙන් එක්කෙනෙක් හරි ඔය කමිටුවට ඇවිත් හිටියොත් වැඩේ බකල්නේ සර්.. ඕක බාරදෙන්න තිබුණේ රහස් හොයාගැනීමට පළපුරුදු ඇති පුද්ගලයෙක් පෙන්ෂන් ගිය උසස් පොලිස් නිලධාරියෙක් වගේ කෙනෙක්...

:       1       190

sirimal Wednesday, 20 February 2019 11:47 AM

ඔය කතාව එළියට දාපු කෙනාට ඔය කමිටුවේ සභාපතිකම දෙන්නයි තිබ්බේ. කුඩු භාවිතා කරන කට්ටිය කවුද කියලා " නමද, ගමද වයස එක්ක පත්තරේට වැටෙන කල් අනේ... අපට නින්ද යන්නේ නෑ අනේ... " කීවලු. අද පත්තරේ දැක්ක පිලිපීන ජනාධිපතිතුමා " කුඩුකාරයෝ නැති කරන්න එයා දුන්නු උපදෙස් හිස මුදුනින්ම බාරගත්ත කෙනා තමයි ශ්‍රී ලංකා ජනාධිපති" කියලා හොඳවායින් රෙකමදාරුවක් දීලා තියෙනවා. එ් වෙලාවේ මහත්තයා කියපු අනෙත් දේවල් නම් මෙතන ලියන්න ටිකක් අපහසුයි.

:       4       86

santa Wednesday, 20 February 2019 11:50 AM

ඇමතිවරුන් ගැන හොයන්න. එකට වැඩ කරන අනික් ඇමතිවරු පත්කරලා හරියනවද? ස්වාධීන කමිටුවක් නේද පත් කරන්න ඕනෑ...

:       0       176

Bamunuarachchi Wednesday, 20 February 2019 12:11 PM

හා හා එ් කමිටුවෙන් වැඩක් නැත. තාමත් හොරාගේ අම්මගෙන් පේන අහන ගොයියන් ඉන්නවද?

:       107       232

smn Wednesday, 20 February 2019 12:20 PM

අනේ මන්දා... මට නම් දැන් ඔය කවුරු ගැනවත් විශ්වාසයක් නැහැ.

:       0       50

tommy Wednesday, 20 February 2019 05:20 PM

මේ ගැන අද පාර්ලිමේන්තුවේ අදහස් පල කරනකොට, මහින්ද මහත්තයා සෑහෙන බයකින් වගේ කතා කලේ ඇයි දන්නේ නැහැ?

:       265       309

මායිමේ banda Thursday, 21 February 2019 02:53 AM

රනිල් ට කැස්සක් ගියත් කමිටුවක් පත් කරනවා. මනම් දැකලා නැහැ මේ කමිටුව ප්‍රගති වාර්තාවක් නම් කවදාවත්.

:       0       1

Sumith Thursday, 21 February 2019 04:37 AM

ඉස්සෙල්ලා රටපුරා බාර් ටික වහලා දාන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 284 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 993 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2428 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1646 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 965 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2235 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site