IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය ගැන හිටපු ජනපතිට අමතකලු

(නිමන්ති රණසිංහ)
 
ද නේෂන් පුවත්පතේ හිටපු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ලබාදුන් ප‍්‍රකාශයේ දී බොහෝ කරුණූ සම්බන්ධයෙන් තමන්ට මතක නැති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ලක්මිණී ගිරියාම මෙනෙවිය ගල්කිස්ස මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කළාය.

 
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමඟ අධිකරණයේ පෙනී සිටි රජයේ අධි නීතිඥවරිය මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, සාක්ෂිකරුවන් මෙසේ මතක නෑ යනුවෙන් පැවසීම විමර්ශනවලට බාධාවක් බවද පැවසීය.
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසන ලද සෑම ප‍්‍රශ්නයකටම වාගේ මතක නෑ යන මතය දරනු ලැබූ බවද රජයේ අධිනිතීඥවරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර, සාක්ෂිකරුවන්ට මෙසේ අමතකවීම සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනයක් සිදුකරන ලෙසට මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියම කළාය.
 
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ (විශ‍්‍රාමික) මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා ලබන 27 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මෙහිදී අධිකරණය නියෝග කළේය.



අදහස් (17)

කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය ගැන හිටපු ජනපතිට අමතකලු

rohana Monday, 20 August 2018 12:50 PM

ඔව් අනේ... දැන් මෙයාට 70ත් පැනලා... දැන් මෙයාට මතක නැහැ... අාපහු එන්න හදන්නේ මතක නැති වෙලා.

:       91       1514

RangaTuesday, 21 August 2018 02:43 AM

රටේ මිනිස්සුන්ට මෙච්චර මේ යුද්ධයක් තිබුණ බව අමතක වෙලා බඩ ගැන හිතල නාගෙන ඉන්නවනම් පාලයකන්ට මොනව අමතක වුනත් ඉතින් කරන්න දෙයක් නැහැ බ්‍රදර්...!

:       272       232

Sam Monday, 20 August 2018 12:54 PM

ලොක්කෝ ඔක්කොටම පාර්කින්සන්. රටක් පාලනයට සුදුසු නැති උදවිය. දැන් ගෙදර ගියානම් නරකද අපිට පව් නොදී...

:       39       1310

Nishantha Monday, 20 August 2018 01:17 PM

අපේ රටේ හැම කෙනාටම අමතක වීමේ ලෙඩ තියන නිසානේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..

:       13       339

Hafeel Monday, 20 August 2018 01:21 PM

ඔන්න බලන්න රට පාලනය කරන අයට තිබෙන ලෙඩ. මේ සේරටම එකම ලෙඩ තමයි.

:       34       114

sirimal Monday, 20 August 2018 01:32 PM

ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවට එතැනදී සිද්ධ වුනේ ඒකාබද්ධ විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් මෙන්ම ආධාර කරුවන්ද පූජක පිරිස්ද ඇතුළු 300ක පමණ සෙනඟක් එකතු කරගෙන එම සිද්ධිය ප්‍රදර්ශනාත්මක දේශපාලන කටයුත්තක් බවට පත් කර ගත්ත එකයි. එතැනදී කුප්‍රකට 'මට මතක නෑ' 'මං දන්නෙ නෑ' පිළිතුර දෙමින් නොදන්නා පාර්ට් එකක් රඟ පෑවද එළියේදී "මේක පලිගැනීමක්" කියන්න නම් අමතක වුනේ නැහැ. ඊටත් වඩා "එයාලට ඒක වෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නවා' කිව්වේ පැහැදිලිව යලි රාජපක්ෂ පාලනයක් පැමිණියහොත් දැන් සිටින පාලකයින්ගෙන් පළිගන්නා බව නොවේද? මාධ්‍යවේදීන් පමණක් නොව ඒ යුගයේ යුද්ධයට මුවා වී නිස්කාරණේ අහිංසක මිනිසුන් පැහැරගැනීමත්, අතුරුදහන් කිරීමත් සිදු විය. ඒ බොහොමයක් පුද්ගලික වුවමනාවන් මිස යුද්ධයට කිසිඳු සම්බන්ධයක් නැති කාරණාය. රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වූ මොහොමඩ් සාලි නියාස් හෙවත් ලොකු සීයාගේ අතුරුදහන් කිරීමත් සිරුර ත්‍රිකුණාමලය පැත්තේ වෙරළකට ගොඩ ගැසීමත් උදාහරණයකි. මේ සියලු අපරාධ ගැන සත්‍ය හෙළිදරව් කරගත යුතුය. ශිෂ්ඨ මිනිසුන්ගේ උත්සාහය විය යුත්තේ එය මිස 'පලිගන්නවෝ' යයි කෑකෝ ගසමින් දුව පැන ඇවිදීම නොවේ.

:       63       484

erdi Monday, 20 August 2018 01:39 PM

බබ්බුද? පුදුම රටක්... ලෙඩ්ඩුනේ බලයෙ ඉඳලා තියෙන්නේ. වෙඩි තිබ්බා, මැරුවා, හොරකම් කළා මතක නැහැ. මතක තියෙන්නේ රට අවුලවලා බලයට එන ක්‍රමය විතරයි. ඔය කාටත් මතක නැති වුනත් අපිට මතකයි දේශපාලකයින් කරපු සහ දැනටත් කරමින් සිටින ජරා වැඩ...

:       49       116

nihal Monday, 20 August 2018 01:40 PM

හරියට හරි. දැන් පැහැදිලියි. ජනාධිපති වෙලා හිටයා කියලා මතක නැති හින්දනේ ආපහු ජනාධිපති වෙන්න උත්සාහ කරන්නේ...

:       27       51

lal Monday, 20 August 2018 01:52 PM

පව්... මෙහෙම ඉඳන්නේ අපට සේවය කරන්න එන්නේ...

:       23       34

vipula Monday, 20 August 2018 03:57 PM

මට නම් මසකට කලින් ඒවත් මතක නැහැ.

:       89       48

parakkrama Monday, 20 August 2018 04:25 PM

මෙහෙම අමතක වන කෙනෙකුට අනාගතයේ ලක්වැසි ජනතාවගේ ඉරණම විසඳන්නට භාර දෙන්න ඔබ කැමතිද ?

:       29       68

සතයපාල Monday, 20 August 2018 04:43 PM

කතාව සාධාරණයි එකින් එක මතක තියා ගන්න කාට පුලුවන්ද..

:       70       64

.gayan Tuesday, 21 August 2018 12:21 AM

කළ අපරාධ ගණන වැඩිවන විට එකෙන් එක වෙනම මතක තබා ගන්න අමාරුයි. ඒක සාමාන්‍ය දෙයක්. මතක තිබුණත් කටක් ඇරල කොහොමද කියන්නෙ මමයි නියෝග කළේ කියල. අපේක්ෂිත ප්‍රතිචාරය ප්‍රශ්නය මඟහැර යාම. ගමේ කොල්ලෙක් අහු වුණාම පොලීසිය ඇත්ත දැනගන්නෙ. අන්න එහෙම අහගත්ත නම් ඇත්ත දැනගන්න තිබුන.

:       214       281

BamunuarachchiWednesday, 22 August 2018 06:24 PM

ඇත්ත දැනගන්න ඔබලාට එසේ කලාට කිසි වරදක් නැත. එහෙත් රටට වැඩක් කල නායකයින්ට එසේ කිරීමට ඉඩදෙන්නේ නැත

:       62       56

BamunuarachchiThursday, 23 August 2018 12:55 AM

එයා අපරාද කළා කියල ඔබ කොහොමද දන්නේ. කවරුත් දැකලා නැහැ එයා ආයුද අරගෙන අපරාද කරනවා.

:       56       45

Bamunuarachchi Tuesday, 21 August 2018 07:49 PM

ඇත්ත තමයි කව්ද තමන්ට අදාළ නැතිදෙවල් ඔලුවේ තියාගෙන ඉන්නේ. එතකොට මතකය නිකන් පිරෙනවා. හොඳම දේ අනවශ්‍යදේ මතකයෙන් මකල කර දමන එක.

:       26       38

Julampitiye AMAREY Friday, 24 August 2018 02:31 PM

මට නම් හෙල්පින් හම්බන්තොට, මිග් ඩීල්, කුඩු ඩීල් මොනවත් මතක නැහැ හලෝ.

:       33       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 778 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 960 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 548 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1477 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 76 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2598 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site