(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කළ ප්‍රදේශයක සිදුකළ කැනීම් වලදී ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානය සතු යුද උපකරණ , මිනිස් අස්ථි හා නිල ඇඳුම් තොගයක් හමු වූ බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පසුගිය මස 22 දා මුහමාලෙයි බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි විදෙස් සංවිධානයක සාමාජිකයින් හට පළමුව කොටි සංවිධානය සතු නිලඇඳුම් හා ගිනි අවි කොටස් කිහිපයක් සමඟ මිනිස් අස්ථි කිහිපයක්ද හමු වූ අතර පසුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජා මහතාගේ නියෝගයක් මත පසුගිය 26 වැනිදා අදාල ස්ථානයේ පළමු කැනීම් සිදු කිරීමට කිලිනොච්චිය පොලිසිය පියවර ගනු ලැබීය.
මේ අනුව පළමු අදියරේදී මිනිස් අස්ථි, ගිනිඅවි, එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිලඇඳුම් කිහිපයක් හමු වූ අතර ඊයේ (02) දිනයේ දෙවන අදියරේ සිදු කරන ලද කැනීම් වලදී මිනිස් අස්ථි කොටස් 14 ක්, මැගිසින් දෙකක්, සයිනයිඩ් කරලක් ,පතුරම් 34 ක් වශයෙන් හා එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ නිල ඇඳුම් කොටස් කිහිපයක්ද හමු වී ඇත.
මේ අනුව දෙවන අදියරේ කැනීම් කටයුතු ඊයේ දිනයෙන් අවසන් වූ අතර නැවත එලඹෙන ජුනි මස 09 වැනිදා තෙවන අදියර ආරම්භ නියමිත බව පරීක්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කිලිනොච්චිය මුහමාලෙන් තවත් යුද උපකරණ තොගයක් හමුවෙයි
karu Wednesday, 03 June 2020 07:31 AM
ඡන්දෙත් කිට්ටුයි.. හෙට අනිද්දා වෙනකොට තව බඩු හම්බවෙයි...
janahitha UAE Wednesday, 03 June 2020 08:04 AM
මේවා අවුස්සගන්න එකේ තේරුමක් නැහැ.. යුද්ධයක් තිබුණු මිනිසුන් මරුණ නමුත් ජාතියක් හැටියට මරාදැමුණු පොලිස් නිලධාරින් 800 දෙනාගේ සිරුරු සොයාගැනීමත් එම ස්ථානයේ ස්මාරකයක් ඉදිකිරීමත් එම නිලධාරින්ගේ පූල්වලට ගරුකිරීමක් වනඅතර නැවත එවැනි වැරදි තීරණ නොගැනීමට පාලකයින් දැනුවත් වීමත් සිදුවනු ඇත...
PradeepWednesday, 03 June 2020 10:47 AM
ඔබ හරි.. මේවා නැවත ගොඩ ගත්තා කියලා සිදුවන යහපතක් නෑ. පරණ තුවාල පෑරෙනවා විතරයි. නමුත් වලදමා ඇති ආයුධ වර්ග නම් ගොඩට ගෙන විනාශ කරලා දාන්න ඕනෑ. මොකද එයින් බොහෝ හානි වෙන්න පුළුවන් නිසා.
සිරිබිරස් Wednesday, 03 June 2020 08:33 AM
ඉදිරියේදී ඔයිට වඩා දේවල් ලැබේවා. හැබැයි ඡන්දෙ ඉවර වෙනකං විතරයි.
Somasiri Wednesday, 03 June 2020 10:15 AM
මේ ම්ලේච්ඡ ත්රස්තවාදීන්ගේ සෙල්ලම තාම ඉවර නැද්ද?
karuWednesday, 03 June 2020 01:30 PM
මේ අපේ කට්ටියගේ වැඩක්. බයවෙන්න එපා.
BamunuarachchiThursday, 04 June 2020 12:59 PM
සෝමසිරි ඔය කරූගේ කට්ටියගේ වැඩක්ලු. එක එක නම් වලින් කොටි අපි අතර ඉන්නවා...