IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි

(සිතුම් චතුරංග,රොමේෂ් මධුෂංක)
 

කිලිනොච්චි පලෙයි පොලිසිය බල ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ පොලිසිය ජංගම රථයකට  වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකු රාජකාරි  කරමින් සිට ඇත. එම ස්ථානයයේ අද (19) අලුයම කළ සෝදිසි  මෙහෙයුමකදී ටී56  ගිනි අවියක කොටස් හමුවී තිබේ.

පොලිස් විශේෂකාර්ය බළකායේ සහ පොලිසිය මේ වන විට  සෝදිසි මෙහෙයුම් අරඹා ඇති අතර  මෙය කිසිවෙකුගේ කඩාකප්පල් ක්‍රියාවක් බව සැක කරයි .

වෙඩි ප‍්‍රහාර හේතුවෙන් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට හෝ පොලිස් ජංගම රථයට කිසිදු හානියක් සිදු නොවී ඇති බවත් එම ස්ථානයට ආසන්නයේ තිබූ දුම්රිය ආලෝක සංඥා කිහිපයකට වෙඩි ප‍්‍රහාර එල්ලවී තිබූ බව පොලිසිය පවසති.

බ්‍රහස්පතින්දා (18) ත‍්‍රස්තවාදය අවසන් කළ හා එල්.ටි.ටි.ඊ නායකයා මියගිය දිනය හේතුවෙන් කිසියම් පුද්ගලයකු කඩාකප්පල් කාරි ක‍්‍රියාවක් සිදුකිරීම සඳහා මෙලෙස වෙඩි ප‍්‍රහාර එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරති.

අදාල ස්ථානය අවට මේ වන විට කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .එම්.ආර්. මහේෂ් වැලිකන්න මහතාගේ උපදෙස් මත යුදහමුදාව , පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති අතර කිලිනොච්චිය පොලිසිය හා පලෙයි පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශණ සිදුකරති. පලෙයි ප්‍රදේශය පුරා ආරක්ෂාව තර කර ඇත.

සොයා ගත් උපකරණ ඔස්සේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත් තවමත් කිසිදු තොරතුරක් සොයා ගෙන නැති බව පවසයි.

(ජායාරූප - සිතුම් චතුරංග)

 



අදහස් (24)

කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි

Sanjeewa Friday, 19 May 2017 04:04 AM

ඉබේ වදින්න ඇති.

:       75       213

chandra weerasinghe Saturday, 20 May 2017 01:10 AM

සිංහල කොල්ලන්ගේ රුධිරයෙන් ජය ගත් අපේ භූමිය මේ අය එකතු වී ආපහු දෙන්න හදනවා. මහින්ද මහත්තයා වගේ තව තවත් රුහුණු පුතුන් ලක් මෑණිගේ තුරුලේ ඇති දැඩි වන බව දන්නේ නැත්ද?

:       0       21

හින්නි කොළුවා Friday, 19 May 2017 04:47 AM

විද්දේ හාවට,,, වැදුනේ පඳුරට කීවලු.. කිලිනොච්චියේදී දුම්රිය ආලෝක සංඥාවකට වෙඩි කියලා තමයි කියන්න වෙන්නේ

:       6       80

bandara Friday, 19 May 2017 05:11 AM

වෙනස...

:       22       167

sudantha Friday, 19 May 2017 05:22 AM

මුකුත් ලියලා සහජීවනයට අව්ලක් වෙයිද මන්ද...

:       19       166

gamage Friday, 19 May 2017 05:28 AM

හෙට අනිද්දට බෝම්බ පුපුරනකොට තේරෙයි.

:       22       271

dias Friday, 19 May 2017 05:50 AM

ඉතින් කොහොමද හමුදාව අඩුකරන්නේ. හමුදාවට නවීන ආයුධ ගනිමු. හමුදාවට තව බදවා ගනිමු.

:       1       152

Wasantha Friday, 19 May 2017 06:05 AM

දැන් නිදා ගත්ත ඇතැමුන්ට දැන්වත් ඇහැරුනොත් හොඳයි

:       4       100

indikaFriday, 19 May 2017 06:56 AM

නිදාගෙන ඉන්න අය ඇහැරවන්න පුළුවන්. හැබැයි හොරට නිදාගෙන ඉන්න අය තමයි ඇහැරවන්න අමාරු!

:       0       44

නිමල් Friday, 19 May 2017 06:08 AM

එහේ කටිටියයි මෙහේ සහජීවන කටිටියයි කියයි, මේක හමුදාව උතුරේ තියාගන්න කරපු බොරුවක් කියලා.

:       0       106

krishantha Friday, 19 May 2017 06:12 AM

මට කියන්න ඕන දේ අන්තිම ඡායාරුපයේ ඉන්න සෙබලාගේ මුහුණේ ලියවිලා තියනවා. සෙබළුනි ඔබලාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...!

:       0       227

amal Friday, 19 May 2017 06:48 AM

සහජීවනය තමා ඉතින්....

:       0       33

thilina Friday, 19 May 2017 06:52 AM

අපි අද මෙහෙම ප්‍රතිචාර දක්වන්න තරම් ජීවිතයක් ලබා දුන් වීරෝදාර රණවිරුවන් ජාතියට ලබා දුන් යුද ජයග්‍රහණයට ඊයේට අවුරුදු 8.. කීයෙන් කී දෙනාටද ඒ ගැන මතකයක් තිබ්බේ.. එහෙම දවසක තමයි ඒ වෙනුවෙන් වෙඩි ප්‍රහාර එල්ල කරලා කලගුණ සලකන්නේ.. නිවට පාලකයන්ගෙන් මෙයයි ඔබ මා ලැබූ අපමණ අගය සහ වෙනස.. අනේ මගේ රටට දළදා සමිඳු පිහිටයි..

:       0       105

wicky Friday, 19 May 2017 06:54 AM

පුලුවන්නම් අර 2015 ජනවාරි 8 ඉස්සෙල්ලා කියපු ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාතාලේ මර්ධනේ කරලා පෙන්නන්නකෝ. දේශපාලකයින්ට බලපෑම් කරන්න බැරි තත්වෙට, පොලිසියට බලය දෙනතුරු හෝ එවැනි නිලදාරියෙක් පත් කරන තුරු මේක මේ විදියට තමයි. ගෝටා සාර්ථක වුනේ ඒකයි

:       0       69

lal Friday, 19 May 2017 06:56 AM

සෙබළුනි නැවත රට යන මග ගැන සෙවිල්ලෙන් ඉන්න අපට ඇත්තේ ඔබේ ආරක්ෂාව පමණි

:       0       8

de silva berlin Friday, 19 May 2017 07:39 AM

ත්‍රස්තවාදීන් සොයා විනාශ කිරීම සංහිදියාවට බාධාවක් නොවේ

:       0       1

Tikiri Friday, 19 May 2017 08:32 AM

කස පුපුරනවා.. පෙරහැර ළඟ ළඟ එනවා.!!!

:       0       2

don Friday, 19 May 2017 08:53 AM

ඉල්ලන් කන්න වගේ

:       0       1

Kasun Friday, 19 May 2017 09:21 AM

මතු සම්බන්දයි .....!!

:       0       1

susantha Friday, 19 May 2017 09:57 AM

සහජිවිනේ සිංහලයගෙන් විතරයි ,දෙමල අයගේ අරමුණ තමයි රට කඩන එක.

:       0       10

nihal Friday, 19 May 2017 01:23 PM

මෙහෙම නිවටකමට ආණ්ඩුව වැඩ කලොත් එන වසරේ මිට වැඩිය යමක් බලාපොරොත්තු වෙමු.

:       0       5

lalithsjm Friday, 19 May 2017 03:18 PM

කව්රු කව්රුත් මේ යහපාලනයට උදව් වුනා. දැන් කරන්න දෙයක් නෑ.

:       0       6

nihal Saturday, 20 May 2017 04:03 AM

මේකට හේතුව රනිල් මහත්තයාගේ ශ්‍රී ලංකාව කොළඹ පමණක් වීමයි...

:       0       0

menna Saturday, 20 May 2017 12:36 PM

ගිනිඅවි භාවිතය රජයේ ආරක්ෂක අංශයට විතරක් නීති ගෙන්නලා දෙන්න. අනෙකුත් අංශ ගිනි අවි ළඟ තබාගැනීම තහනම් කරල දෙන්න. මිනිසුන්ට නිදහසේ පාරේ බැහැල යන්න පුළුවන් ක්‍රමයක් ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 108 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1372 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 172 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 522 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 915 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 278 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site