IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ කපුවාගේ මෝටර් රථය අත්අඩංගුවට

අනීෂා මානගේ

කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන කපුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයාගේ සුඛෝපබෝගී මෝටර් රථය අද (13) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සඳහා සැකකරු මෙම මෝටර් රථයෙන් පැමිණ ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. කතරගම සෙල්ලකතරගම මාර්ගයේ පිහිටි සැකකරුගේ නිවසෙහි නවතා තිබියදී පොලිසිය විසින් මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි කතරගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරින්, තංගල්ල කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

 



අදහස් (20)

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ කපුවාගේ මෝටර් රථය අත්අඩංගුවට

සතයපාල Wednesday, 13 June 2018 01:20 PM

දැන් කපුවා කපෝතියී

:       0       219

de silva Wednesday, 13 June 2018 01:25 PM

කතරගම දේවාල වදින්න යන බැතිමතුන් පුජා කරන මුදල් රත්‍රන් වලින් වැඩි හරියක් සාක්කුවේ දමන්නේ මේ අයට සල්ලි සහ බලය වැඩි වෙලා දැන් මිනි මරන්නත් පුරුදුවෙලා. මේකේ ආදායම් රජයට අරන් මේ කපුවොන්ට සාමාන්‍ය වැටුපක් ගෙවන්න ඕනේ. ඉතිරි වෙන මුදල් රටේ වෙනත් තැන වල තිබෙන එච්චර ආදායමක් නොමැති දේවාල, කෝවිල් පිළිසකර කරන්න යොදාගත යුතුය .

:       307       1241

ධනුෂ්කWednesday, 13 June 2018 01:50 PM

අැයි මොකටද ජනතා මුදල් මේ තව දශක කීපයකින්... විනාශ වෙලා යන්නට නියමිත මිථ්‍යා දෘෂ්ඨික ස්ථාන වලට යොදන්නේ... හරි නම් මේවාට ජනතාව අාකර්ශණ අඩුවෙන තැනටයි කටයුතු යොදන්න ඕනේ. මෙයාට වෙඩි තියන්න දෙයියොද දන්නෑ අණ දුන්නේ? මෙයා දේවවරම් ගත්ත කෙනෙක් නේද? එහෙම අයට පුලුවන්ද මෙහෙම කරන්න.

:       555       877

Sapumal.Thursday, 14 June 2018 02:39 AM

ධනුෂ්ක, ඔබ කොහොමද නොපෙනෙන සියලු දේට මිත්‍යා දුෂ්ඨික දේ කියන්නේ. ඔබ බුද්ධිමතෙක් නම් කියන දේ පර්යේෂණාත්මකව ඔප්පුකොට පෙන්වන්න. මේ රෝගය ටිකක් දැනගත් අයට වැළඳෙන එකක්. බුද්ධිය පරිනත වෙනවිට ඕක හරියයි. ලෝකයේ බුද්ධිමතුන් මෙවන් දේ ගැන පර්යේෂණ කරලා ගොඩාක් දේ සොයාගෙන තියෙනවා. මේක පුළුල් මාතෘකාවක් .කෙටියෙන් සංවාද කරන්න බැහැ.

:       227       350

chandanaWednesday, 13 June 2018 01:57 PM

ආදායම රජයට ගන්න කියලද කිව්වේ? මරුවට හිටියි, නරියට කුකුල්ලු බාර දුන්න වගේ. ඔන්න අාදායම මහනායක හාමුදුරුවරුන්ට දීල දුප්පත් දේවාල පිළිසකර කරන්න යෙදවීම හොඳයි. දැනට කතෝලික සභාවේ කරන්නෙත් මේ ක්‍රමවේදයම තමයි.

:       77       94

PerakumWednesday, 13 June 2018 02:29 PM

ඉතා හොඳ අදහසක්. ඒත් අපේ අල්ලපු රටේ ඉන්දියාවේ රජයටත් ඔය වැඩේ තවම කර ගන්න බැරුව දඟලනවා.

:       0       116

ranjith Wednesday, 13 June 2018 02:03 PM

කතරගම දේවාලයට විතරක් නෙමේ කිරිවෙහෙරටත් ඒ හා සමාන මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ගැනත් මොකක් හරි කළොත් හොඳයි.

:       281       82

NUWAN Wednesday, 13 June 2018 02:04 PM

දේවාලෙට දෙන පඬුරු දෙවියෝ ගන්නේ නැහැ. ගන්නේ මේගොල්ලෝ. 8 වසර පාස්නැතුව කෝටිපතියෝ වෙලා තියෙන්නේ...

:       8       277

රොමේෂ් Wednesday, 13 June 2018 02:07 PM

කතරගම දෙවියෝ වඳින්න යන මිනිස්සු තාම ඉන්නවනේ. දෙවියන්ගේ ආවතේව, පූජාව කරන කෙනා මෙහෙමනම් ඒකාගෙන් ආවතේවකම් පූජා ලබන්න දෙවිකෙනෙක්ට පුළුවන්ද? සිල්වත් මනුස්සයෙක්වත් කැමතිවෙන්නේ නැහැ මේවගේ අය ඇසුරුකරන්න. කෙසේනමුත් හාමුදුරුවන්ගේ ජීවිතේ බේරුන එක ලොකු දෙයක්...

:       0       117

ධනුෂ්ක Wednesday, 13 June 2018 02:18 PM

ඔබ නියම බෞද්ධයෙක් නම් බෞද්ධ දර්ශනය හැදෑරු අයෙක් නම්. ඔබට කැප මේ කපුවන් පස්සේ යාමටයි. මොකද බුදුන් වහන්සේ දේශනා කලේ බමුණු අාගමික දර්ශනයට ප්‍රතිපක්ෂව. චතුර්වර්ණ, පතිපූජාව, අාස්‍රම ධර්ම කොටින්ම කිව්වොත් චතුර් වේදයම ප්‍රතික්ෂේප කළා. ඔබ යන්නේ එම චතුර්වේදයේ අැතැම් කරුණු පිටිපස... දෛවයේ සරදම නම් අගමේ අාදී කර්තෘ අනුමත නොකළ දේ පන්සලටම රිංගලා තියනවා. ඊට හේතුව තමා මේ රට සොලී හා හින්දු භක්තික රජවරුන් පාලනය කිරීම... පොළොන්නරු යුගයේ සඳකඩ පහනින් ගවයා ඉවත් වීම හා පන්සල තුළ කෝවිලක් ස්ථාපිත කිරීම නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය.

:       1       296

AsankaWednesday, 13 June 2018 07:10 PM

ලක්දිව බුදුසසුන රකින්නේ සතරවරම් දෙවිවරු, බුදුන්වහන්සේ ඒ බව දැක්කා, ඔවුන් වෙනුවෙන් බෞද්ධයෝ විවිධ පුජා කලාට වරදක් නැහැ.

:       0       0

maal Wednesday, 13 June 2018 03:16 PM

ගෝඨා දැන් උත්තර දෙන්න මේකට... කොහොමද බලේට ගෙනාවොත්... රටම ඉවරයි. මේ යන විදිය හොඳයි. ඉබි ගමන හොඳටම හොඳයි.

:       5118       3751

sanathWednesday, 13 June 2018 05:35 PM

ගෝඨා ප්‍රජාතන්ත්‍රවාදය කියන පාසලේ හෝඩියේ පංතියවත් සමත් වෙලා නැහැ. එයාට පුළුවන් එකම දෙය තමයි මුළු ලංකාවම හමුදාකරණය කිරීම. තමන්ගේ සහෝදරයාගේ ජනාධිපති බලතල පාවිච්චි කරලා එදා ඒ විධියට මුළු රටම භීතියට පත්කලා නම් එයා ජනාධිපති වුනොත් සාමාන්‍ය ජනතාවට වෙන්නේ මිහිපිට අපායක ජීවත්වෙන්න.

:       0       0

nuwanThursday, 14 June 2018 05:45 AM

ඉබි ගමනින් යනකොට බැංකු හිස් වෙන එකනේ වැඩේ කියන්නේ.(හිනා)

:       0       145

DarshanaThursday, 14 June 2018 07:01 AM

යන විදිය හොදයි කියන්නේ සමනලයෝ වගේද....

:       0       64

සෙනෙවි Wednesday, 13 June 2018 05:04 PM

දැන්වත් මේ මිථ්‍යාවන් අතහරින්න

:       0       52

රවින් Wednesday, 13 June 2018 07:17 PM

පහුගිය දවස්වල සියලුම පුජනිය ස්ථානවල් පිං කැට මහාභාරකාර යටතට පත්කරන්න කෙටුම්පත් සකසන කතාවක් තිබුණා නේද?

:       0       0

anura Thursday, 14 June 2018 01:18 AM

දැන් වාහනය රිමාන්ඩ් කරලාත් ඇති. ඔය වාහනයට ඇප දෙන්න වත් එපා. කැකිල්ලේ රජ්ජුරුවෝ උඩ දැන් සතුටු වෙනවා ඇති, දැන් වත් උන්නාන්සේගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මකවෙන හැටි බලලා...

:       0       0

kalani Thursday, 14 June 2018 05:32 AM

විශ්වය සහ ජීවින් නිර්මාණය කිරීම දෙවි කෙනෙකුගේ කටයුත්තක් නොවුවත්, අතිවිශාල දෙවිවරු සංඛාවක් නිර්මාණය කලේ මිනිසාය. බුද්ධි හීන ජනයා මුලාකර පහසුවෙන් ජීවනෝපාය සලසා ගැනීම එහි අරමුණයි. දිළිඳු මෙන්ම ධනවත් බැතිමතුන් නිසා එය ලාභදායි ව්‍යාපාරයක් බවට පත්වුයේ නුගත් කපටි කපුවන් ධන කුවේරයන් බවට පත් කරමිනි.පොල්ලක් උල්කොට ගත් යෂ්ටියක උපකාරයෙන් දඩයම් සොයාගිය අවස්ථාවේ සිට සඳ මත ගොඩබැසීම දක්වා පරිනාමිය දියුණුවකට ගතකල අවුරුදු දස ලක්ෂ දෙකක පමණ කාලය අවසාන වුවද තිර හතකට මුවා කල දෙවියකු පිලිබඳ මිත්‍යාව බැහැර වී නැත. මේ දේව අඩවියේ සිදුවන දුක්ඛදායක දේ ,මිනීමැරීම්, වදහිංසා, ස්ත්‍රී දුෂණ ,මංකොල්ලකෑම් හා සියලුම ආකාරයේ වැරදි සඳහා ඊනියා ගුප්ත දෙවියා වගකිව යුතුය.

:       0       17

sampath Thursday, 14 June 2018 12:22 PM

මතය මිත්‍යාවක්ද නැද්ද කියන එක අදාල නැ එය මිනිස්සු හිතන විදිය බටහිර රටවල උනත් මේ තත්වයේ වෙනසක් නෑ. බුදුන්වහන්සේගේ කාලෙත් දේව ඇදහිලි තිබුනා. කලයුත්තේ සියලුම ආදායම බුද්ධ ශාසන අමාතංශයේ වැය ශීර්ෂයට බැර කරලා රජයේ විගණනයට යටත් කිරීම ආදායමේ ප්‍රතිශතයක් දේවාලයේ නඩත්තු කටයුතු සදහා යෙදවීම එය ඉතාම කාලෝචිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 33 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 179 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 260 3

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 300 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1511 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 635 1

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site