IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කියන්න නොදුන්න දේ විජයදාස ජනපතිට පිටු 9 කින් යවයි

 

(විනීතා එම් ගමගේ)

රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සියලු දෙනා ඉකුත් 9 වැනිදා අරලිය ගහ මන්දිරය වෙත කැඳවුවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි  ද එය අනිවාර්යයෙන් සම්මත කළ යුතු යැයි ද කියමින් කිසිවෙකුටත් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.

මෙම තත්ත්වය මත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් පිටු 9 කින් යුත් දිර්ඝ ලිපියකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවීමට විජේදාස රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.



අදහස් (30)

කියන්න නොදුන්න දේ විජයදාස ජනපතිට පිටු 9 කින් යවයි

siri Tuesday, 13 October 2020 02:44 PM

ඇමැති කමක්වත් දීලා නිශ්ශබ්ද කරන්න වෙයි මගේ හිතේ...

:       59       42

BamunuarachchiThursday, 15 October 2020 03:15 AM

ඔය කතා කියන්නේ විජයදාස මහතා පිටු 9කින් කියන කාරනා තේරුම් ගැනීමට බැරි නිසා නේද.?

:       3       11

Perera Tuesday, 13 October 2020 05:40 PM

තමන්ගේ මඩිය තර කරගන්න බලන්නේ, මේ අයගෙන් නිසැක ජනතා සේවයක් බලාපොරොත්තු විය නොහැක.

:       28       17

rocky Wednesday, 14 October 2020 12:40 AM

මේකෙන්ම තේරෙනවා ආණ්ඩු පක්ෂයේ ඉන්න පිරිස දැනටමත් විරුද්ධ මත නොයිවසන බව, රටේ ඉන්න ඕන එහෙයියන් විතරද.?

:       4       47

සෑම් Wednesday, 14 October 2020 01:49 AM

මේයා තමයි මේ ඔක්කොටම මුල...

:       11       25

Lelwala Wednesday, 14 October 2020 02:12 AM

ඔහුට එකට වැඩ කිරීමට නොහැකි නම්. විනය ක්‍රියාමාර්ග ගෙන පක්ෂ සාමාජිකත්වයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනු ලැබේ.

:       14       16

ranjan hewawasam Wednesday, 14 October 2020 02:24 AM

මේ 20ක් නිසා ආයෙත් 2015 කලින් ඇතිවූ තත්වය ඇති වෙලා.

:       4       28

vidya Wednesday, 14 October 2020 03:36 AM

කඩේ ගිහිල්ලා ගිහිල්ලා මල්ල ඉරුණාට පස්සේ දැන් දාඩිය පිහිනවා.

:       2       8

L.G.P jathunarachchy Wednesday, 14 October 2020 04:19 AM

නමුත් මේවා නිෂ්ඵල දේවල්නේ..

:       3       5

Rohana Wednesday, 14 October 2020 04:26 AM

ජනාධිපතිතුමනි, මෙන්න මේ විජේදාසට කැබිනට් ඇමතිකමක් දීල දාන්න. එතකොට අර ජී.එල්. පීරිස්ටත් වඩා හොඳට 20 ඉතාම අත්‍යාවශ්‍ය වැදගත් සංශෝධනයක් බව පැහැදිලිකර දෙයි. මොකද ඕනෑම දෙයක් තමන්ට අවශ්‍ය විදියට විශ්ලේෂණය කරමින් අවශ්‍ය නම් ඇති දෙයක් නැති විදියටත්, නැතිදෙයක් ඇතිවිදියටත් පෙන්වීමේ සහජ කුසලතාවක් මෙයා සතුව තිබෙනවා.

:       3       13

sanjeewa Wednesday, 14 October 2020 05:34 AM

වැඩිපුර ඉන්නේ හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන එකේ දිග හා වට මනින එහෙයියෝ පිරිසක්..

:       2       13

සෙනෙවිරත්න Wednesday, 14 October 2020 08:32 AM

ඇත්ත, මෙයාගේ ඇද පලුදු හොයන්න කලින් ලිපියේ කියන දේ වැරදියිද කියන්න.

:       2       15

sena Wednesday, 14 October 2020 06:57 AM

ඔය ලියනවා විතරයි. පාර්ලිමේන්තුවේදී ඕකට පක්ෂව ඡන්දෙ දීලා කියයි සාමූහික වගකීම ඉෂ්ඨ කරා කියලා.

:       2       12

Chandima Wednesday, 14 October 2020 07:56 AM

ලව් ලෙටර් ලියන්නෙත් ඔහොම හිතේ තියෙන දේ කියාගන්න බැරි වුණාම තමයි.

:       1       8

Rata Perata Wednesday, 14 October 2020 08:54 AM

පෙර වැරැදි කෙසේ වෙතත්.., මේ අවස්ථාවේදී හරි නියම බයියෙක් වීම අගය කළ යුතුයි.

:       3       12

BamunuarachchiFriday, 16 October 2020 12:16 PM

බයියන් වර්ග 2ක් ඉන්නවා. සජී බයියෝ, පොහොට්ටු බයියෝ.. මේ දෙකෙන් මෙයා මොන බයියෙක්ද? ඔබ මොන බයියෙක්ද?

:       2       2

රසික Wednesday, 14 October 2020 11:55 AM

මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ නීති සම්පාදනයයි. මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදද්දී, “තියෙන්නේ මොනවා වුණත් කට වහන් අත උස්සන්න“ කියලා කියනවා නම් මරේ මරු...

:       1       8

Bamunuarachchi Thursday, 15 October 2020 03:18 AM

ජනාධිපතිතුමනි, විජයදාස මහතාගේ පිටු 9කින් යුත් මෙම ලිපියට ඔබ පිළිතුරු දක්වන්නේ නම් මැනවි.

:       2       8

Dr P Tilakawardena Thursday, 15 October 2020 04:36 AM

ඉතා සංක්ෂිප්ත හා කරුණු ඉදිරිපත් කිරීම. ජනාධිපතිවරයා සහ පාලක පක්ෂය මෙම සංශෝධන අධ්‍යයනය කරනු ඇතැයි මම දැඩි ලෙස බලාපොරොත්තු වෙමි. ව්‍යවස්ථාව වෙනස් කිරීමට මෙතරම් ඉක්මන් වන්නේ මන්දැයි මට තේරුම් ගත නොහැක.

:       2       8

BamunuarachchiFriday, 16 October 2020 12:22 PM

තිබෙන ව්‍යවස්ථාව නිසා ජනාධිපතිට සෘජු තීරණ ගැනීමට අපහසු කමක් තියෙනවා. එමනිසා පළමුව කළ යුත්තේ තීරණ ගැනීමේ පහසුකම සලසා දීමයි.

:       4       1

THILAK Thursday, 15 October 2020 10:55 AM

ජනාධිපතිගේ මුක්තිය ඉවත් කරනවා නම් පාර්ලිමේන්තුවේ කරන කියන දේට තියෙන වරප්‍රසාද ඉවත් කළ යුතුයි.

:       1       1

BamunuarachchiFriday, 16 October 2020 12:17 PM

ඔය ටික ජේ.ආර්. ට කිව්වේ නැහැනේ.

:       0       2

ධනුෂ්ක Friday, 16 October 2020 07:41 AM

උඩ අදහස් දාලා තියන අය මිනිස්සුද කියලා මට සැකයි. මොකද අපිට මිනිස්සු කියන්නේ මනසින් උසස් නිසා. මට මෙතුමාගේ දේශපාලනය අදාල නෑ. නමුත් මේ ලිපිය ඉතා වැදගත් එකක්.. ඒත් උඩ අදහස් දාලා තියන අයගේ වහල්භාවය කොච්චරද කියනවා නම් ඒකට මෝට්ටපාලලා වගේ අදහස් දාලා. මම හිතන්නේ පිටු 9ක් නිසා කියවන්නේ නැතුව මෙහෙම අදහස් දානවද මන්දා. මොකද මෙතුමාගේ දේශපාලන භාවිතාවන් එච්චරම හොඳ නෑනේ...

:       2       9

Bhawantha Saturday, 17 October 2020 07:13 AM

රටම වහන්න පුලුවන් කුණුගොඩක ප්‍රශ්න සම්භාරයක පැටලී අතරමන් වුණි. උගතුන්, බුද්ධිමතුන්ගේ තර්ක හමුවේ මහජනයාද අතරමන් වෙති. සරලව කිව්වොත්. උදාහරණයක් ලෙස, 'තාක්ෂණ අංශයෙන් උපාධියක් ගත් පුද්ගලයෙක්ව "කුඹුරු සංවර්ධනය කිරීම" සම්බන්ධව පාලකයකු කිරීමෙන්, කුඹුරු සංවර්ධනය කිරීම සම්බන්ධව ඔහු තුළ පවතින දැනුම පිළිබඳ ගැටලු ප්‍රශ්න නිර්මාණය වේ..' එවැනි වැරදි පටිපාටියකින් පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන සඳහා ජනතා පරමාධිපත්‍යයෙන් පත් වී එන අමාත්‍ය, මැති ඇමති හා මන්ත්‍රීවරුන් සඳහා පත්වීම් ලබාදීමෙන් ඉහත මා කී පරිදි රටම වහන කුණු ගොඩවල් වැනි ප්‍රශ්න නිර්මාණය වේ. ඒ නිසා ජනතා පරමාධිපත්‍යයෙන් පත් වී එන අමාත්‍ය, මැතිඇමති, මන්ත්‍රීවරුන් සඳහා යම්කිසි ප්‍රභේදයක පාලනයක් ලබා දිය යුත්තේ, ඔවුන් තුළ එම ප්‍රබේධය සඳහා පවතින හැකියාව, කුසලතාව සහ ඒ හා සම්බන්ධ ප්‍රවීණත්වය සලකා බලමින්ය. මෙවැනි හේතු කාරණාවන් නිසා තවමත් රට තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය හා පරිසර යන ක්ෂේත්‍රයන් සඳහා ඇතුළතින් ප්‍රගතියක් දක්නට නැත.

:       1       2

තුෂී Monday, 19 October 2020 04:10 AM

බයියොයි, ටොයියොයි, ඔක්කෝටම ඉන්න රටක් තියෙන්න ඕනෑනේ. ඒක නිසා විජේදාස මහත්තයගේ ලිපිය හොඳට කියවලා අදහස් පලකළා නම් තමයි හොඳ. නැත්තම් බයියන්ටයි, ටොයියන්ටයි කාටත් ඉන්න වෙන්නේ වහල්ලු වගේ තමයි.

:       3       1

සිරි Thursday, 22 October 2020 04:06 PM

ලොකු ටෝක් දුන්නට මොකද 20ට පක්ෂව ඡන්දෙ දීලා. අනේ මෙහෙමත් දිව දෙකේ මිනිස්සු..

:       0       0

Siri Perera Sunday, 25 October 2020 05:14 PM

වැඩක් නැහැ. අත ඉස්සුවානේ.

:       0       4

Chula Monday, 26 October 2020 06:00 PM

මෙවැනි කරුණු පැහැදීමක් කල යුත්තේ ඡන්දය දීමට පෙරයි. පස්සේ කරුණු දක්වා වැඩක් නොමැත. කලින් ලිපිය යවා ඡන්දය දීමෙන් වැලකී සිටියානම්, ලිපියේ අන්තර්ගතය පිළිගත හැකිය.

:       0       2

de silva Tuesday, 27 October 2020 06:59 PM

දේශපාලකයෝනම් විශ්වාස කරන්න බැහැ.

:       0       3

Demuni Uduwara Monday, 02 November 2020 12:34 PM

විජයදාස රාජපක්ෂ කවුදැයි දැන් අප තේරුම් ගත යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 207 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2306 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 529 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1097 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 148 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 97 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site