IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


කැබිනට් රැස්වීම හෙට නොපැවැත්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම හෙට (11) දිනයේ  නොපැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තවදුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමාට කැබිනට් මණ්ඩල රැස්වීමටද සහභාගි විය නොහැකි බව  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සිකුරාදා (07)  රාත්‍රීයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.

හෙට දිනයේ කැබිනට් රැස්වීම නෙපැවැත්වෙන්නේ ඒ නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත.

හෙට දිනයේ කැබිනට් රැස්වීම පැවැත්වෙන බවක් ඇමතිවරුන්ට අද (10) පස්වරුව වන තෙක්ම දැනුම් දී නොතිබිණි.

ඉකුත් සිකුරාදා පැවැති විශේෂ කැබිනට් රැස්වීම් වාර්තාව ඇමැතිවරුන් වෙත යවා තිබූ අතර හෙට කැබිනට් රැස්වීම  නොපැවැත්වෙන බව එහි සඳහන් කර තිබී ඇතැයිද දැනගන්නට තිබේ.

 



අදහස් (32)

කැබිනට් රැස්වීම හෙට නොපැවැත්වෙයි

sirimal Monday, 10 June 2019 06:27 PM

එපා වාහෙට හොදි බෙදනවා වගේ.. කොහොමද අප්පා ආණ්ඩුවක් ගෙනියන්නේ? ඔහොම ගියොත් රට අරාජික තත්වයකට පත් කරලා අර ගොල්ලෝ ඉබේම බලය අල්ලා ගනීවි. එතකොට ඔක්කෝටම තේරෙයි කරගත්තු ගොන්කමේ තරම... පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සමහර දෙනා ඉදිරිපත් කළ සාක්ෂි හිතුවට වඩා බරපතල බව පෙනීයන බැවින් සමහර විට මේ සභාව පත් කිරීමේ මූලික අරමුණ පාස්කු ප්‍රහාරයේ වගකීම තමා මත පැටවීම බව ජනාධිපතිවරයා හිතනවා වගෙයි පෙනෙන්නේ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අතර කලක පටන් විරසකයක් ඇතිවී තිබෙන බව මුළුරටම දන්නා දෙයක්... දවස් 52 ආණ්ඩුවක් පත්කරලා පැවැත්වුණු ප්‍රසිද්ධ රැස්වීමේදී කියපු "සමනල කතාව" කිසිකෙනෙකුට අමතක නැහැනේ... තමන් ඉන්නා තැනට ඔසවා තැබුවේ කවුද යන්න අමතක කර දමමින් රාජ්‍ය නායකයෙකුට තරම් නොවන අන්දමට හැසිරෙමින් පෞද්ගලික කෝන්තර පිරිමසා ගන්නට උත්සාහ කිරීම හේතුවෙන් රටක් අරාජික තත්වයකට පත්කිරීම කොතරම් බරපතල වරදක්ද...?

:       164       600

Dilan Tuesday, 11 June 2019 07:39 AM

අරගොල්ලන් බලය අල්ලා ගත්තොත් කිව්වේ? කවුරු ආවත් තවත් වෙන්න දෙයක් තියනවද? කිසිම ආණ්ඩුවක් මෙයාලා තරම් හානියක් රටට කරලා තියෙනවද? වෙන්න ඕනෑ වෙන කවුරු හරි බලයට එන එක තමයි.

:       214       65

RaveendraTuesday, 11 June 2019 08:57 AM

වංකයන් 225ක් විසින් කෝටි කීපයක මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම මොනතරම් සුන්දරද?

:       0       7

almeida Monday, 10 June 2019 06:42 PM

රටක පාලනයකට ගිය කලක්... මරණාධාර සමිතියක වුනත් දන්වනවා රැස්වීම නොපවත්වන හේතුව බොහෝ කල් ඇතිව...

:       0       47

Nandalal DE SILVA - France Monday, 10 June 2019 07:45 PM

කැබිනට් රැස්වීමට ගිහින් වාචාල කතා කියා හොට බිම ඇනගන්නවාට වඩා එම රැස්වීම හේතු නොදක්වා නොපවත්වා සිටීම ඇඟට ගුණ වග ජනපතිට තේරිලා වගෙයි එහෙනම්!

:       31       172

Rasika Monday, 10 June 2019 08:18 PM

රට අරාජිකයි. වහාම මැතිවරණයක් කැදවන්න . අපිට ස්ථාවර ආණ්ඩුවක් ඕනේ.. මොන පක්ෂේ උනත් කමක් නැහැ. මේකෙන් වෙන්නේ ත්‍රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට රට තුල තවත් විනාශ කරන්න අවස්තවක් හදල දෙන එක. ජන්දයක් තියන්න ඇයි මේ ආණ්ඩු පක්ෂ මෙච්චර අකමැති.

:       163       61

Chanak los angeles Monday, 10 June 2019 09:05 PM

විශේෂ කාරක සභාව ඔය විදියටම පවත්වන්න. රටේ මොනවා හරි වුණාම ජනපති කොමිසම කියලා කොමිසමක් හොරාට පත්කරලා එම වාර්තාවන් හන්ගගන්නවා . ඒක නිසා මේ හරහා ජනතාවට අයිතිය හා පුළුවන්කම තිබෙනවා ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්ද කියා දැනගන්න. අපට වාර්තා ප්‍රසිද්ධ නොකලාට කමක් නැහැ.

:       1       243

de silva berlin Monday, 10 June 2019 09:53 PM

රටක ( ශ්‍රී ලංකාව නොවේ ) ආරක්ෂාව ගැන ආරක්ෂක ඇමති සහ සේනාධිනායකයා වගකිව යුතු වෙනවා ,මේ තනතුරු දෙකම දරන්නේ එක පුද්ගලයෙක් නම් , ත්‍රස්ත ප්‍රහාරයකින් 300 විතර පැයක් තුල මරුන නම් 100 -200 විතර මාරාන්තික තුවාල ලැබුවානම් ආරක්ෂක අංශ මේ ගැන කල්තියා දැනගෙන උන්නනම් අනිවාර්යයෙන්ම වගකීම දරන්න වෙන්නේ කලින් සදහන් කල පුද්ගලයට, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දිගින් දිගටම තිබුනොත් ඉහත කියපු පුද්ගලයා අමාරුවේ වැටෙනවා. එමනිසා එක අවුල් කරලා දමල, කැබිනට් රැස්වීමත් අවුල් කරලා දමලා රටේ පාලනය අවුල් කරේ නැත්නම් තමන් තමන් අමාරුවේ වැටෙනබව ඔහු දන්නවා.

:       0       266

ranjith Monday, 10 June 2019 11:09 PM

මහජන මුදලින් වැටුප් අරන් මෙයාල පුංචි ලමි වගේ හැසිරෙනවා

:       0       16

Bamunuarachchi Monday, 10 June 2019 11:13 PM

අනේ මෙහෙම්මම මේ ආණ්ඩුව දියවෙලා යනවානම් කොපමණ හොඳද.

:       8       57

රවින් Tuesday, 11 June 2019 01:25 AM

ගමේ කොපි කඩේ දෙන්න දෙපැත්තේ... දාන් අදින්නේ // ගැටව් කතා බහට කටකෙලිමත්තේ රංචු ගැහෙන්නේ...//

:       0       98

Amila Tuesday, 11 June 2019 02:30 AM

එක සැරයක් ආරක්ශක මන්ඩලේ පිස්සුවක් කෙලලා මිනිස්සු 300 ගානක් මැරෙනකන් උඩ බලන් හිටියා. මේ හදන්නේ තව විනාශයක් කරන්න වගේ. තමන්ට කරන්න පුලුවන් රැකියාවක් හොයන් ගෙදර යනවද මහත්තයෝ රට කන්නේ නැතුව.

:       0       220

Perakum Tuesday, 11 June 2019 02:45 AM

අපේ ජනාධිපතිතුමා රට පාලනය කරන්නේ කෝපි කඩයක් වගේ...!

:       0       166

Bamunuarachchi Tuesday, 11 June 2019 02:52 AM

ඉතින් කොපමණ හොඳද

:       43       54

පෙරුමාල් Tuesday, 11 June 2019 03:43 AM

කවටයෙක් රජ වුණාම රටකට වෙන දේ දැන් පැහැදිලියිද?

:       29       491

BamunuarachchiTuesday, 11 June 2019 06:22 PM

කවටයෙක් රජෙක් කලේ කව්ද?

:       2       0

saliya Tuesday, 11 June 2019 03:56 AM

සත්‍යය හෙළි කළොත් රජය බිඳදමයි. නොකළොත් සියල්ලටම කර ගැසිය යුතුය. ගෙදර ගියොත් අඹු, මග හිටියොත් තෝ නසී.

:       70       179

ජයන්ත මිලානෝ Tuesday, 11 June 2019 04:04 AM

මේ නාඩගම් හොඳටම ඇති. මැතිවරණයක් තියලා රටට, දැයට ආදරයක් ඇති පිරිසක් ඉක්මණින් පත්කර ගැනීමට මහජනතාව ඉක්මන් කළොත් තමයි හොඳ. මෝදි අගමැති ඉන්දියාවේ සුලු ජාතිය අමතා කල නිර්භීත කතාව මේ මොහොතේ මතක් කරදිය යුතුව ඇත. එවන් ජන නායකයින්ගේ වුවමනාවක් රටට අවශ්‍යයි.

:       110       133

AsankkaTuesday, 11 June 2019 06:45 AM

දැක්කද මේක සිංහල බෞද්ධ රටක් නොවේ කියපු මංගල පිළිගන්න රැස් කකා හිටපු ජනතාව. එහෙව් රටක කොහෙද රට ජාතියට ලැදී නායකයෝ බිහිවෙන්නේ. කුණු ගොඩකින් පනුවොම මිස සිංහයෝ බිහිවෙන්නේ නැහැ , අපේ කරුමය අපේ දරුවන්ගේ කරුමය

:       287       120

nali Tuesday, 11 June 2019 04:15 AM

උතුම් ලිච්ඡවි රජදරුවන්ට කළ මහා අපහාසයට මේ පව්කාරයින්ට..!

:       68       420

sarath Tuesday, 11 June 2019 04:44 AM

මෙයිට වැඩිය හොඳට අපි පොඩිකාලේ වැලි සෙල්ලම් බත් ඉව්ව කාලකන්නි, කුජීත, පර ගැති, නින්දිත, විලි ලැජ්ජා නැති, තිරිසන්, පට්ට පඳුරු 225න් 1 මේ රට විනාශ කරනවා. මොකක්දෝ වාසනාවකට මිනිස්සුන්ට කන්න කොස්ගෙඩියක් හරි බොන්න වැස්සක් වත් වහිනවා. අරාබියේ, අප්‍රිකාවේ වගේ කාන්තාරගත රටක් වගේ නම් මෙලහකට සෝමාලියාවක්, ඉතියෝපියාවක් වෙලා ඉවරයි.

:       108       560

Sunil Tuesday, 11 June 2019 05:23 AM

රටට හෙණ ගහලා ගියත් මොකෝ..!!! අපේ ආත්ම අභිමානය ආරක්ෂා කරගන්න පුළුවන් නම්..

:       0       42

shan Tuesday, 11 June 2019 05:35 AM

ඇයි ජනපති මේ තරම් විරොදයක් මම දැක්ක ඊයේ ජනපතිට වාර්තාව ලැබුන බව. එහෙනම් කොහොමද සතියකට දෙකකට කලින් ජනපති පොලිස්පතිට කීවේ ඔබ වැරදිකරු වෙනවමයි ඒක නිසා දැන්ම ඉල්ලා අස්වෙන්න කියලා. එහෙම බලනකොට පටන්ගන්න කලින්ම තීන්දුව දීලානේ තියෙන්නේ. රටට වඩා තමන්ගේ ගැලවිජ්ජාව හොදා කියල දැන් රිගන්න ගුල් හොයනවා වාගේ. තමන් යටතේ උන්න නිලදාරීන් තමන්ට විරුද්දව සාක්කි දෙන්නේ තමන්ගෙන් උන වරදක් නිසා බව වටහා ගන්න බුද්දිය මදිද මන්ද? දැන් කරවටක් ගිලිලා අවසන් හිත හදා ගන්න එකයි කරන්න ඕනේ.

:       0       273

ranga Tuesday, 11 June 2019 07:53 AM

අපි සෙල්ලන් ගෙයක් හදලා සෙල්ලම් බත් උයලා කමුද? මොකද කියන්නේ..

:       0       26

de silva Tuesday, 11 June 2019 08:11 AM

හෝඩියේ පන්තියේ ළමුන් ලෙස ක්‍රියා කිරීමෙන් විනාශ වෙන්නේ අපේ බදුමුදල් බව මේ කිසිම කෙනෙක් හිතන්නේ නැත්තේ මොකද? ත්‍රස්තවාදීන් කළ විනාශයට වැඩි විනාශයක් මේ ගොල්ලන් පසුගිය මාස 2 තුළ රටට කළා.

:       0       21

Jayalath Tuesday, 11 June 2019 09:21 AM

මෙයිට වැඩිය හොඳට අපි පොඩිකාලේ වැලි සෙල්ලම් බත් ඉව්වා.. කුජීත, පර ගැති, නින්දිත, විලි ලැජ්ජා නැති 225න් මේ රට විනාශ කරනවා. මොකක්දෝ වාසනාවකට මිනිස්සුන්ට කන්න කොස්ගෙඩියක් හරි බොන්න වැස්සක්වත් වහිනවා. අරාබියේ, අප්‍රිකාවේ වගේ කාන්තාරගත රටක් වගේ නම් මෙලහකට සෝමාලියාවක්, ඉතියෝපියාවක් වෙලා ඉවරයි.

:       0       1

Dayan Tuesday, 11 June 2019 09:37 AM

මැතිවරණ තිබ්බට ඇති වැඩක් නැහැ. අලුත් කවුරුත් ඉල්ලා නෑනේ. පරණ සෙට් ටිකම ඉල්ලයි. අපි ඡන්දෙ දීල හුරේ කියල ඒවි. එයාල පහුවදා ඉඳල වැඩේ දෙයි. අපි හුල්ලයි. වෙන මොනවාද? අපේ කරුමේ. එයාලගේ පින.

:       0       0

යාපා Tuesday, 11 June 2019 09:38 AM

මෙවැනි පාලකයින් පත්කල ජනතාවටද සාප වනවා නොඅනුමානය. එදා කිව්වේ කොහොමද? කිරි පැණි වගේ කියලා. අද මේ රටම විනාශ කරනවා මේ අය එකතුවෙලා....

:       0       0

sampath Tuesday, 11 June 2019 09:53 AM

දැන් අවුරුදු හතරාමාර ඉවරයි. ආණ්ඩුව විසුරුවලා හොඳ ශක්තිමත් රජයක් හදන්න පුළුවන්.. එ්කෙන් පස්සේ නැවත ඕනෙනම් ඉල්ලන්නත් පුළුවන්.. මේ වෙලාවේ කලයුතු හොඳම දේ ආණ්ඩුව විසුරුවා තේරීම ස්ථාවර ආණ්ඩුවක් හදාගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම...

:       0       0

saman Tuesday, 11 June 2019 09:54 AM

හවුල ඇති තැන අවුල නියතයකි. දැන් හුණුවටයේ කතාව නිර්මාණය වී ඇත. ලබන ඡන්දයෙන් ඔබ කවුරු තෝරගත්තත් හවුල් ආණ්ඩුවක් පත් නොකර ගත යුතුයි.

:       0       11

Sugandhini Tuesday, 11 June 2019 09:54 AM

මෙයාව හොඳ ශිරාල්ට සහ පවුලේ අයට පමණයි.

:       0       239

Bishan Tuesday, 11 June 2019 10:33 AM

හවුල් ආණ්ඩුත් එපා පවුල් ආණ්ඩුත් එපා අපිට.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1718 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 672 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1071 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 1008 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 384 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 569 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 152 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1431 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site