IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

මෙම පිරිසේ  අත්සන්වලින් යුත් ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා වෙත භාර දෙමින් මෙම තීරණය දැනුම් දෙනු ලැබිණි. එම ලිපියට අනුව 2017 සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇත.
 



අදහස් (23)

ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

naradha Tuesday, 29 August 2017 11:24 AM

දැන් කාටත් හොඳින් නින්ද යයි.

:       11       26

chameeraWednesday, 30 August 2017 12:38 AM

තේරීම් කමිටුවත් මාරු වෙන්න ඕනේ. හැබැයි සභාපති ඉවත් නොවී මොනවා කලත් වැඩක් නැහැ. අර්ජුන මේ තනතුර බාර ගත්තොත් හැම අඩුපාඩුවක්ම හදයි. ක්‍රිකට් ගෙන මෙලෝ හසරක් දන්නා නැති කෙනෙක් සභාපති උනාම හැම තැනම අඩු පාඩු. මේවා ගොඩගැහිලා එන අවසන් ප්‍රතිපලය තමයි තරග පරාජය කියන්නේ.

:       11       412

de silva Tuesday, 29 August 2017 11:46 AM

එතකොට ක්‍රිකට් සභාපති ?

:       6       650

Ravi rathnayaka Tuesday, 29 August 2017 11:54 AM

ඔයාලා මේ වැඩසටහන කරනවා හොදයි. ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෙර්යය ලැබේවා.

:       9       44

Rizwan Dubai Tuesday, 29 August 2017 12:04 PM

කවුරු අස්වුනත් වැඩක් නැහැ .අපේ ක්‍රිකට් දැන් නම් අන්තිමයි.

:       0       224

sahan Tuesday, 29 August 2017 12:14 PM

බොහොම ස්තුතියි, ඔබලාගේ ඉල්ලා අස්වීමට. මෙතනට එන්න ඕන සිදත්, අරවින්ද, මුරලි, සඟ, වාස් වගේ අය

:       11       205

sudesTuesday, 29 August 2017 01:16 PM

සහන් ඔබ හරි ඒ වගේම ආනා පුංචිහේවා මහත්මයා සභාපති පුටුවට ගෙන්න ඕනෙ. අනිවා ටීම් එක වැඩිකල් නොගොස් දිනනවා.

:       0       107

husen-riyadWednesday, 30 August 2017 06:14 AM

සහන්ගේ අදහස්වලට මාත් එකඟයි.

:       0       25

K Perera Tuesday, 29 August 2017 01:33 PM

ප්‍රමාදවෙලා හරි මෙම තීරණය ගත් එක ලොකු දෙයක්! අපට තිබෙන ප්‍රශ්නය සමහර ක්‍රීඩකයින්ට එක දිගට දහපාරක් හෝ අසමත් වුනත් ඔවුන්ව අයින් කරන්නේ නැහැ, නමුත් සමහර ක්‍රීඩකයන් වරක් හෝ දෙවරක් අසමත් වුනත් අයින්කරනවා,

:       4       40

kumara Tuesday, 29 August 2017 01:38 PM

ඔලුවේ කැක්කුමට කෝට්ටේ මාරු කරලා හරියන්නේ නැ.

:       0       12

Sanjeewa Tuesday, 29 August 2017 01:46 PM

මම දැක්ක අද දාලා තිබ්බ මීලග තරගයේ නායකයා මාලිංග කියලා. තරග 4යි. නායකයෝ 3යි. ආණ්ඩුව වගේමයි නායකයෝ ගොඩයි.

:       1       156

thamindu dulvan Tuesday, 29 August 2017 02:35 PM

හිස රදේට කොට්ටේ මාරු කලා වගේ වැඩක්.මේ වෙලාවේ කණ්ඩායම තෝරන්න හොඳම කෙනා අර්ජුන රණතුංග. දීලා බලමු කතාව වගේද වැඩත් කියලා

:       1       11

ධම්ම Tuesday, 29 August 2017 02:37 PM

දේශපාලනයට ගෑවුණු අය ක්‍රිකට්වලට ගන්න එපා.

:       2       175

Marikar Tuesday, 29 August 2017 02:46 PM

වයසක කට්ටිය ගන්න එපා. සංගා, මහේල, මුරලි, වාස් ආවොත් අපි ගොඩ

:       1       104

පිටිගල මිලානෝ Tuesday, 29 August 2017 02:54 PM

අපේ එක්කෙනා කියනවා ජීවිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ඉස්සර මැච් එකක් බලපුවාම එක දවසකට හරි සැනසීමක් තිබ්බලු. දැන් ක්‍රිකට් මැච් බලනවට වඩා සෙන්කොලය උස්සගෙන දුවන ක්‍රීඩාව බලන එක විනෝදයිලු. කොච්චර වයසට ගියත් තාම එක්කෙනෙක්වත් තුවාල වුනේ නැතිලු.අනේ මන්ද ඇත්ත කියලත් හිතෙනවා.

:       41       6

wije Tuesday, 29 August 2017 04:37 PM

කවුරු අස්වුනත් වැඩක් නැහැ අස්වෙන්න ඕනම කෙනා තවම අස්වුනේ නැහැ.

:       1       86

පිටිගල මිලානෝ Tuesday, 29 August 2017 09:21 PM

අර තුන්බෑ සහෝදරයෝ නුවර වැවරවුමේ රේස් පැද්දට, රගර් ගැහුවට අපේ කරුමෙකට ඒ තුන්දෙනා ක්‍රිකට් ගැහුවේ නැහැ. ගැහුවනම් ඉතින් මේවත් අපි දිනනවා නමට හරි.

:       146       107

කැළුම් Wednesday, 30 August 2017 12:53 AM

අර්ජුන රණතුංග හිටියනම් හරි

:       114       150

de silva Wednesday, 30 August 2017 01:54 PM

සූදු ව්‍යාපාරයෙන් කෝටිගණන් හම්බකර එ් තුළින් දේශපාලන බලය ලබාගෙන මුදල් සහ දේශපාලන බලය නිසා ක්‍රිකට් බලය ලබාගෙන අපේ ක්‍රිකට් විනාශ කරන බහිරවයා එළවා දැමීමට කාලය පැමිණ ඇත.

:       1       22

de silva Wednesday, 30 August 2017 10:41 PM

ප්‍රකෝටි පතියෙක් නොවුනට , දේශපාලන බලයක් තිබෙන නැති වුනාට ආන පුංචිහේවා මහතා 96 දී ලෝක කුසලානය ලංකාවට ගේනවා , කරුණාකර අතුරු කමිටුවක් පත්කොට ඔහු සභාපති කරන්න එතකොට ක්‍රිකට් වලට හොඳ කාලයක් යාවි

:       0       139

Dr. Edward Perera Thursday, 31 August 2017 10:38 PM

ක්‍රිකට් වලට අනාගතයක් නැතිවුනේ දේශපාලනයේ කිලිටි දෑත් ක්‍රීඩාව දෙසටත් යොමුවුණ නිසයි. මේක ක්‍රිකට් වලට පමණක් පාත් වෙච්ච හෙනයක් නොවෙයි. අද වර්තමානයේ ලංකාව පත්වී ඇති තත්වයට මුලිකම හේතුව "වැඩ බැරි ටාසන්" ලා වැඩ බාර ගැනීමයි. එය එසේ වී ඇත්තේ සෑම සමාජ සංස්ථාවක් ම දේශපාලනීකරණයට ලක්වීම නිසයි.

:       0       1

b nandissara himi Friday, 01 September 2017 04:31 AM

බදුල්ල පළාත්සභා ඡන්දෙට අලුත් මුහුණු ඕන

:       0       0

jayanaath Wednesday, 06 September 2017 03:06 PM

අප පිළිගතයුතු ඇත්තම කතාව නම්... අපේ ක්‍රීඩකයන්ට ක්‍රිකට් තාක්ෂණය අල්ලගන්නටත් උනන්දුව මදි, ගහන්නත් බැහැ ඉන්දියාවට සාපේක්ෂව ..! අනිකුත් මලල ක්‍රීඩාත් එක්ක බැලුවාම ඔවුන්ට කෙතරම් ඉහල වැටුප්, ප්‍රතිලාභ ලැබෙනවාද..? ඒ වගේම ක්‍රිකට් සභාපති තනතුරු දරන අයත් දේශපාලකයන්ටත් යන්න කාලේ හරි...! අර්ජුන උන්නැහේටවත් දීලා බලමු සභාපතිකම වැඩ පෙන්නයිද කියලා... ඔච්චර මැසිවිලි නගන එකේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1019 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 444 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 406 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 259 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 460 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 452 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site