IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කහවත්තේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂක සාක්කි දෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

‘‘වෙඩි වැදීමෙන් පසු දොඩම්ගොඩ මහතා මට අඩි දහයක් විතර ඉස්සහින් වැටී හිටියේ. දොඩම්ගොඩ ඇතුළු සැරසිලි කළ පිරිස ඉදිරියට ආවා කියලා හිතන්න පුළුවන්. මේ රැස්වීමට අවසර අරගෙන තියෙන්න ඇති කියලා මම හිතුවා‘‘ යැයි පොලිස් පරීක්‍ෂක සුසන්ත සමන් කුමාර බෝදරගම (49) මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ අද (19) සාක්කි දෙමින් කියා සිටියේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි අධිචෝදනා නවයකින් යුතු නඩුවේ වැඩිදුර විභාගයේ සාක්කි දෙමිනි.

රත්නපුර කහවත්තේ දී 2015 ජනවාරි 5 හෝ ආසන්න දිනයක දී  ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකුව සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස රැස්වීමක් පැවැත්වීමට කහවත්ත නගරයේ කළ සැරසිලි කඩා දැමීම, වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඞ් හුසේන් ඉල්පාන් යන අයට වෙඩිතබා තුවාල සිදුකර මිනීමැරීමට තැත්කිරීම, බියවැද්දීම, දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ මරණය සිදුකිරීම ඇතුළු අධිචෝදනා නවයක් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණි.

මෙසේ අධිචෝදනා ලබා තිබුණේ සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයසිංහ, කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හල්කඳලිය ලේකම්ලාගේ පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී, පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප‍්‍රදීප්, ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන හත්දෙනාය.

නඩු විභාගයට විත්තිකරුවන් සියලූ දෙනාම පැමිණ සිටි අතර ඔවුන් ඇප මත මුදාහැර සිටී. අධිකරණ නියෝගය මත නම්කළ පැමිණිල්ලේ සාක්කිකරුවන් සියලූ දෙනාම ද මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියහ. අධිකරණ භූමියට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ද සපයා තිබුණි.

සිද්ධිය වන අවස්ථාවේ කහවත්ත පොලිස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්‍ෂක සුසන්ත සමන් කුමාර බෝදරගම (49) මහතා පෙර දිනයක පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන්නේ ය. විත්තිය වෙනුවෙන් ඔහුගෙන් හරස් ප‍්‍රශ්න ඇසීම අදට (19) ට නියමිතව තිබුණි. පළමුවන විත්තිකරු වෙනුවෙන් සාක්කිකරුගෙන් හරස් ප‍්‍රශ්න නොඅසන බව දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව දෙවන විත්තිකරුගේ නීතීඥ ප‍්‍රියන්ත කරුණාතිලක මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතරු දුන් සාක්කිකරු මෙසේ ද කීය.

මම මුලින් ම මූලික සාක්කිය ලබාදීමේ දී කිව්වා කහවත්තේ රැස්වීම පැවති ස්ථානයට පළමුවෙන් රාත‍්‍රී හතට ඇවිත් ආපහු ගිහිං නැවත රාත‍්‍රී දහයට පමණ නැවත ආවා කියලා. රැස්වීම පැවති පිට්ටනිය අසල ඇති කොළඹ ඇඹිලිපිටිය ප‍්‍රධාන පාරේ ලිහිණියා හන්දියේ එදින රාත‍්‍රී දහය පමණ වනවිට කිසිම සැරසිල්ලක් නොතිබූ බව මම මූලික සාක්කියට කියන්න ඇති. ඒ ගැන මම වැඩි අවදානයක් ගත්තේ නෑ.

රාත‍්‍රී දහයට මම මුලින්ම ආවේ ක‍්‍රීඩංගණයට. එතන වේදිකාව හදමින් තිබුණේ. එතන හිටිය තලතා අතුකෝරළ ඇමතිවරිය කළහයක් තියනවයි කියල කිව්ව ආරංචියටයි ලිහිණියා හන්දියට ගියේ.  ඒ අවස්ථාවේ සැරසිලි තියෙන්න ඇති නමුත් මගේ අවධානය ඊට යොමු වුණේ නෑ. ලිහිණියා හන්දියේ සිට ඔරලෝසු කණුව දෙස බලනවිට පාර දෙපැත්තේ සැරසිලි තිබුණා. ඒවා අතර එක්සත් ජනතා නිදහස් සංධානයේ සැරසිලි තිබුණ ද කියලා අවධානයක් තිබුණේ නෑ. මම දුටුවේ සැරසිලි ඉවත් කරමින් ඉදිරියට එන පිරිසක්.

නීතීඥ  ප‍්‍රියන්ත කරුණාතිලක මහතා:  ඔබ එහි ගියේ ඇයි?

සාක්කිකරු: ඉදිරියෙන් එන අය වේදිකාව ඉදිරියට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මම එහි ගියේ. කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී උපාලි හතලහවත්ත මහතා මම හො`දින් දන්නවා.

සාක්කිකරු මෙසේ ද කීය.

මම මුලින් සාක්කි දෙද්දි වෙඩි තැබීමක් ගැනත්, සිද්ධියක් වීම ගැනත් කිව්වා. එදා දවස තුල උපාලි හතලහවත්ත මහතා දුටු නමුත් වෙඩි තැබීම සිදුකළ අවස්ථාවේ ඔහු දුටුවේ නෑ. මට උවමනා වුණේ කළහකාරී ලෙස හැසිරෙමින් ඉදිරියට එන පිරිස වළක්වාලන්නට බව මුලින් සාක්කි දෙද්දී කිව්ව බව ඇත්ත. මමයි කොස්තාපල් සම්පත් වීරසිංහයි ලිහිණියා හන්දියේ සිට රෝහල දෙසට ඉදිරියට ආවේ කියලත් කිව්වා. වෙන කවුරුවත් මාත් එක්ක ගියේ නෑ. මම පිටුපසින් කවුරුවත් ආවාද කියලා දන්නේ නෑ. ඉදිරියෙන් කිහිප දෙනෙක් හිටියා. ඒ අය පාරේ යන අය ද සැරසිලි කඩන්න ආව අය ද කියලා මම දන්නේ නෑ කියලත් කිව්වා.

එහෙම යනකොට හමුවන රත්නපුර ගොල්ඞ් හවුස් ආයතනයට යාබදව ඇඹිලිපිටිය පැත්තට වන්නට ඇති වෙළඳසල සහ ඊට යාබද වෙළ`දසැල අතර දෙබොක්කාවෙක් තියනවා. මම ආවරණය වුනේ ඒ ගොඩනැගිල්ලට කියලයි මුල් සාක්කියේ ද කිව්වේ. මම ළඟ තව කවුරුවත් හිටිය ද කියලා මට මතක නෑ.

නීතීඥ  ප‍්‍රියන්ත කරුණාතිලක මහතා: එතන බැම්මක් නේද තිබුණේ?

සාක්කිකරු: නෑ ගොඩනැගිල්ලක් තිබුණේ. රත්නපුර ගොල්ඞ් හවුස් ගොඩනැගිල්ල පහුකළාට පස්සේ හමුවන ගොඩනැගිල්ලට යාබදවයි එය තිබුණේ. මේ සම්බන්‍ධයෙන් මම උදේ 05.00ට කරුණු සටහන් කරද්දී සටහනක් ඇන්දා. එය මම භාරයේ තියෙන පොතේ තියනවා.

නීතීඥ  ප‍්‍රියන්ත කරුණාතිලක මහතා: ( සටහන පිරික්සමින්) මුවාවුනා කිව්ව බිත්තිය මේ සටහනේ කොතන ද තියෙන්නේ?

සාක්කිකරු ඒ ස්ථානය දළ සටහන අනුව පෙන්වයි.

නීතීඥ  ප‍්‍රියන්ත කරුණාතිලක මහතා: මේ දළ සටහනේ ඔබ කිව්ව දෙබොක්කාවක් පේන්න නෑනේ.

සාක්කිකරු: සිටිය තැන පෙන්විය හැකියි. මම විමර්ශන කටයුතු කළේ නෑ.

සාක්කිකරු මෙසේ ද කීය.

මම කහවත්ත ගැන හො`දට දන්නවා. රැුස්වීම තියන්න තිබුණ පිට්ටනියට දකුණු පැත්තේ අයිනෙන් කොටකෙතන ගමට යන පාර වැටී තියනවා. පිට්ටනියේ උතුරු පැත්තෙන් කන්ද උඩින් රෝහලට යන්න හැකි පාරක් තියනවද කියලා දන්නේ නෑ.

මේ ආරංචිය ආව වෙලාවේ පනහක් ඉන්න ඇති. පළමුවෙන් සාක්කි දෙන විට සීයක් විතර හිටියා කියලා තියනවනම් ඒක ඇත්ත. පිට්ටනියේ පේ‍්‍රක්‍ෂකාගාරය පැත්තෙන් රෝහල දෙසින් පිරිසක් පාරට ආවා කියලා මම දන්නේ නෑ. ක‍්‍රීඩා පිටිය ඉහළ බලන විට කන්දක් පේන්නේ. මම ලිහිණියා හන්දියේ ඉ`දලා එනකොට වාහන දැක්කා. බස් දැක්කේ නෑ. වාහනයක් දෙකක් පාරේ යන්න ඇති.

එතනින් යන්න කියලා විත්තිකරුවන්ට කියලා පදික වේදිකාවට නගින කොට තමයි වෙඩි හ`ඩ ඇහුනේ. වෙඩි තියනවා මම දැක්කේ නෑ. කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ කැබ්රථය මම අ`දුනනවා. ඒක එතන තිබුණ ද කියලා මට මතක නෑ. තිබුණ ඒවායේ අංක මතක නෑ. ජීප් රථයක් තිබුණා මතකයි. ඒක පෙජරෝ රථයක් කියලා මුලින් දුන් සාක්කියේ දී කිව්වා නම් ඒක පිළිගන්නවා. සුදුපාට ජීප් රථයක් තිබුනේ.

නීතීඥ  ප‍්‍රියන්ත කරුණාතිලක මහතා: වෙඩි තැබුවේ කොතනදී ද කියලා තමා දන්නේ නෑ කියලා යෝජනා කරනවා.

සාක්කිකරු: පිළිගන්නේ නැ.

නීතීඥ  ප‍්‍රියන්ත කරුණාතිලක මහතා: දෙවන විත්තිකර එතන හිටිය ද? මොනවද කළේ?

සාක්කිකරු: එතන හිටියා. මොනවත් කරනවා දුටුවේ නෑ.

නීතීඥ  ප‍්‍රියන්ත කරුණාතිලක මහතා: සැරසිලි කඩමින් ආ ඇමතිතුමා සමග කතා කළා ද?

සාක්කිකරු: ඔව් කතාකළා. ඔවුන් පසුකර පිටුපසින් ආ කිසිවෙකුත් ඉදිරියට ගියේ නෑ.

සාක්කිකරු මෙසේ ද කීය.

මම රත්නපුර ගෝල්ඞ් හවුස් එක ඉදිරිපිට ඉන්නවිට පෙජරෝ රථය යූ ටර්න් එකක් ගත්තා කියලා නෙමෙයි ජීප් රථයක් හරවනවා කියලා කිව්වා මතකයි. වෙඩි වැදීමෙන් පසු දොඩම්ගොඩ මහතා මට අඩි දහයක් විතර ඉස්සහින් වැටී හිටියේ. දොඩම්ගොඩ ඇතුළු සැරසිලි කළ පිරිස ඉදිරියට ආවා කියලා හිතන්න පුළුවන්. මේ රැස්වීමට අවසර අරගෙන තියෙන්න ඇති කියලා මම හිතුවා.

නීතීඥ  ප‍්‍රියන්ත කරුණාතිලක මහතා: මේ සාක්කියේ දී ඔබ දුටු දේවල් විතරක් නෙවෙයි හිතිච්ච ඒවත් කියනවා කියලා මම යෝජනා කරනවා.

සාක්කිකරු: පිළිගන්නේ නෑ

නීතීඥ  ප‍්‍රියන්ත කරුණාතිලක මහතා: දෙවන විත්තිකරු ගෙදර යන්න හිටිය කෙනෙක් මිස මේ සිද්ධියට සම්බන්‍ධ නෑ කියලා මම යෝජනා කරනවා.

සාක්කිකරු: එතන හිටියා.

දෙවන විත්තිකරු වෙනුවෙන් හරස් ප‍්‍රශ්න ඇසීම අවසන් විය.

ඉන්පසු තුන්වන විත්තිකාර පේ‍්‍රමලාල් ජයසේකර මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් සාක්කිකරු මෙසේ ද කීය.

මම එදා කහවත්ත ප‍්‍රාදේශීය සභාවට ගියේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කටවුට් එකක් බාර දෙන්න. ඒක මහින්ද මහත්තයාගේ දේශපාලන කාර්යාලයට මීටර් හැටක් පමණ දුරින් පිට්ටනියට වෙන්නයි තිබුණේ.

වේලාසන ඉ`දලා පාර දෙපස සැරසිලි තිබුණා. පාර දෙපස කණු වල කොඩි දාලා තිබුණා. ඔරලෝසු කණුව ළ`ගට යනකම් බැනර් දාලා තිබුණ ද කියලා මතක නෑ. පාර හරහා බැනර් දාල තිබුණ ද අවදානයක් වුනේ නෑ. රැුස්වීම් භූමියේ හැර වෙනත් ස්ථානවල කොඩි බැනර් දාන්න සීමාවක් තිබුණා. රැුස්වීම් භූමියේ පමණයි බැනර් දාන්න පුලූවන් කියලා පිළිගන්නවා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: ඒ බව දන්නවනම් සැරසිලි කිරීම වැරදියි කියලා කලතා අුකෝරළ ඇමතිවරියගෙන් ඇහුවේ නැද්ද?

සාක්කිකරු: ඔරලෝසු කණුව ළ`ග ඉ`දලා සැරසිලි කඩාගෙන එනවා කියලා ඒ අය වළක්වන්න කියලා තලතා අතුකෝරළ ඇමතිතුමිය කිව්වා. කොඩි දැමීම වැරදියි නේද කියලා මම තලතා ඇමතිවරයෙන් ඒ අවස්ථාවේ ඇහුවේ නෑ.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: ඔබ මේ වෙලාවේ වැඩ කලේ තලතා අතුකෝරළ ඇමතිවරිය කියන විදියටයි කියලා මම යෝජනා කරනවා.

සාක්කිකරු: නෑ ඒක පිළිගන්නේ නෑ.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: මහින්ද රාජපක්‍ෂ මහතාගේ කටවුට් එක ඉවත් කරන්න ඔබ තීරණය කළේ ඇයි?

සාක්කිකරු: ඒක එතන තිබුනොත් ගැටුමක් ඇතිවෙයි කියලා මට හිතුණ. රාත‍්‍රී හතත් අටත් අතර දි මට දෙවන විත්තිකරු මුණගැහුණ වෙලාවෙ ඔහුට කිව්වා ඒ කටවුට් එක ඉවත් කරගන්න කියලා. ඉවත් කර නොගත් නිසයි මම ඉවත් කළේ. නැතුව තලතා අතුකෝරළ ඇමතිවරිය කියන විදියට මම වැඩ කළේ නෑ.

ජනාපධිති නීතීඥ අනිල් ද සිල්වා මහතා: කළහකාරීන් ගල්, පොලූ, ආයුධ අරගෙන කොටකෙතන හන්දියට ආවා කියලා මූලික සාක්කියේ දී කිව්වාද? නැද්ද?

සාක්කිකරු: (නිහ`ඩයි) සටහන් බලයි....

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: 2015 දී අලූත් රජය පිහිටෙව්වාට පස්සේ දුන්න කටඋත්තරයට වේදිකාව අසල සිටි අය ලිහිණියා හන්දියට ගල්, පොලූ අරගෙන ආවා කියලා කිව්වේ නෑ නේද ?

සාක්කිකරු: මේ සටහන් යොදන විට මම දැඩි කම්පනයෙන් හිටියේ. මට අඩි හකඅටක් ඉදිරියෙන් හිටිය කෙනා වෙඩිවැදිලා වැටිලා එයාගේ අභ්‍යන්තර කොටස් මම අල්ලාගෙන හිටියේ. ඒ වෙලාවේ මම එහෙම කිව්වා කියලා තියනවා නම් පිළිගන්නවා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: මගේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්න. ගල් පොලු අරගෙන කොටකෙතන හන්දියට එනවා දක්කා කිව්වේ නැද්ද?

සාක්කිකරු: ඒක බොරු

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: ප‍්‍රශ්නයෙන් පැනලා යන්න හදන්න එපා. ඒ වෙලාවේ ලිහිණියා හන්දියෙ ඉ`දලා ගල්මුල් අරගෙන ගියාද?

සාක්කිකරු: මගේ ඉස්සරහින් ගියේ නෑ.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: මගේ ප‍්‍රශ්නයට උත්රයක් දෙන්න.

සාක්කිකරු: එතන හිටියා. සම්පත් රාළහාමිට කිව්වා ඒ අය වළක්වන්න කියලා.

සාක්කිකරු මෙසේ ද කීය.

සම්පත් ඒ අය කොතන රදවාගත්තා ද කියන්න දන්නේ නෑ. නමුත් ඒ ආපු අය මාව පසුකරගෙන ඉදිරියට ගියේ නෑ. ඉදිරියෙන් ආව අය ආපසු හරවා යැව්වාට පස්සේ මාව පසුගරගෙන ගියා ද දන්නේ නෑ. කටඋත්තරයට ඒ ගැන කියන්න ඇති.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: තමන් තුන්වන විත්තකර සමග කතා කළා ද?

සාක්කිකරු: ඔව් කතා කළා. එයා කිව්වා කහවත්ත  ඕඅයිසීට පවරපු දෙයක් කරලා නෑ කියලා. මේ ගැන කටඋත්තර දෙකක් දුන්නා. එකක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමාට. අනික රහස් පොලීසියට. ඊට අමතරව මම ඇතුලූවීමේ සටහනුත්  දැම්මා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: තුන්වන විත්තිකරු ‘කෝ  ඕඅයිසී ප.....’. කියලා ඇහුවා කියලා කටඋත්තරවලට කිව්වාද?

සාක්කිකරු: පරුෂ වචනයෙන් ඇහුවි කියලා කිව්වේ.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: තුන්වන විත්තිකරු කෝ  ඕඅයිසී ප...... කියලා ඇහුවේ නෑ කියලා මම යෝජනා කරනවා.

සාක්කිකරු: නෑ. එහෙම කිව්වා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: සීඅයිඞී එකට එහෙම කිව්වේ නෑ.

සාක්කිකරු: නෑ. තුන්වන විත්තිකරු  ඕඅයිසීට බැන්නා කියලා කිව්වා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: තුන්වන විත්තිකරු කළකාරී ලෙෂ හැසුරුණා කියලා ඔප්පු කරන්නයි එහෙම කිව්වේ කියලා මම යෝජනා කරනවා.

සාක්කිකරු: පිලිගන්නෙ නෑ. තුන්වන  විත්තිකරු කටවුට් එක ගැලෙව්වාද කියලා ඇහුවා. ගලවලා නෑ. මම ඒකට ඉඩදෙන්නේ නෑ කියලා කිව්වා. මෙතනින් එහාට යන්න එපා කියලයි මම ඉල්ලූවේ. ඒ ඉල්ලීමට අවනත වෙලා තුන්වන විත්තිකරු ආපහු ගියා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: එහෙම තමුන්ගේ ඉල්ලීමට අවනත වෙලා ආපහු යන්න ගිය කෙනාට තලතාගේ සැරසිලි කරමින් සිටි පිරිස හූ කියලා, කෑගැහුවා.

සාක්කිකරු: ඒ අය මම පහුකළේ නෑ වෙඩි තැබීමෙන් පසු පිරිස කළවම් වුණා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: තුන්වන විත්තිකරු සුදුපාට වාහනයකට නැග්ගා දැක්කා කියලා මූලික සාක්කියෙදී කිව්වට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට දුන් කටඋත්තරේ එක් කිව්වේ නෑ.

සාක්කිකරු: සුදුපාට වාහනයකට නැග්ගේ.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: තමුන් මම අහන ප‍්‍රශ්නෙට උත්තර දෙන්න. තමුන්ට දැන් කොළපාට හො`දට අ`දුනන්න පුලූවන්. කහපාටත් ටිකක් පුලූවන්. මම යෝජනා කරනවා තුන්වන විත්තිකරු ගියේ රතුපාට ජීප් එකක කියලා.

සාක්කිකරු: පිළිගන්නේ නෑ. සුදුපාට එකක් ආවා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: එහෙම කියන්නේ මේ ප‍්‍රකාශය තව සාක්කියක් එක්ක ගැලපෙන්න  ඕනෑ නිසා කියලත් මම යෝජනා කරනවා:

සාක්කිකරු: පිළිගන්නේ නෑ.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: වාහනයට ගොඩවුණාට පස්සෙද වෙඩිහ`ඩ ඇසුනේ?

සාක්කිකරු: ගොඩවෙනත් සමගම

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: ජ්‍යේෂඨ පොලිස් අධිකාරීට දුන් කටඋත්තරේදී තුන්වන විත්තිකරු ජීප් රථය දෙසට යද්දී වෙඩි හ`ඩ ඇසුනා කියලා කිව්ව තමුන් මූලික සාක්කියේදි කිව්වේ වාහනයට නැග්ගාට පස්සේ වෙඩි හ`ඩ ඇහුනා කියලා. පිළිගන්නේ කොයිකද?

සාක්කිකරු: එහෙම සටහන් වෙලා නැත්නම් ඒ සටහන පිළිගන්නේ නෑ.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: මොකක්ද? එහෙම කිව්වාද?

සාක්කිකරු: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට එහෙම කිව්වේ නෑ. ඇමතිතුමා ජීප් රථය දෙසට යනවිට වෙඩි ශබ්ද තුනක් ඇහුණා කියලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට කිව්වා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: මොකක්ද? තමුන් මේ මොනවද කියන්නේ? එක වෙලාවක පිළිගන්නවා ආය නෑ කියනවා.

සාක්කිකරු: ඔව් කිව්වා හරි... නමුත් දැන් ඒක පිළිගන්නේ නෑ ඒ වෙලාවේ මම පීඩනයට පත්වෙලා හිටියේ. ඇමතිවරයා මොන වාහනයට නැග්ගාද කියලා කියන්න බැරි බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට කිව්වා. පැමිණීමේ සටහන් වලත් දැම්මා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: සුදුපාට වාහනයකට නැග්ගා කියලා පැමිණීමේ සටහන්වල දැම්මාද?

සාක්කිකරු: පාට කියලා දැම්මා කිව්වනම් එය බොරු. එස්එස්පීට කිව්වේ වෙඩි තැබීම තහවුරු කළා ද කියලා දන්නේ නෑ කියලා.

සාක්කිකරු මෙසේ ද කීය.

කහවත්ත පොලීසියේ නිලධාරීන් වගේම සොකෝ එකේ නිලධාරීනුත් විමර්ශන වලට පළමුවෙන් ම ආවා. බස්ට් එකක් වුණා කියලත් කිව්වා. ඒ වෙලාවේ ගිනි පිටවුනේ සුදුපාට ජීප් එකේ වම්පැත්තෙන් කියල කිව්වා. නමුත් ‘බස්ට්’ එක ගැන ඇතුලූවීමේ සටහන් පොතේ නෑ. වෙඩි තැබීමක් වුණා කියලා තියනවා.  

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: සුදුපාට ජීප් එකක වම් පැත්තෙන් ගිනි පිටවුණා කියන්නේ දැන් තමයි..

සාක්කිකරු: මුලින් කියලා නෑ

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: නැවත වෙඩි තැබීමක් වුණා එය දුටුවේ නෑ කියලා එස්එස්පීට කිව්වාද?

සාක්කිකරු: එහෙම කිව්වේ නෑ ( එය 3වි ලෙස සටහන් කරයි*

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: 2015 ජනවාරි 19දා සීඅයිඞී එකට දුන් කටඋත්තරේට වාහනේ පාට ගැන ස`දහන් කළාද?

සාක්කිරු: මතක නෑ ස්වාමීනී.

සාක්කිකරු මෙසේ ද කීය.

සිද්ධිය වෙන වෙලාවේ එක වාහනයක්වත් රිවස් කරනවා දැක්කේ නෑ. මම දැක්ක වාහන දෙක හරවාගෙන ගියේ. එහෙම හරවාගෙන යද්දි තමයි වෙඩි තියාගෙන ගියේ. හරවාගෙන් යනවා දැක්කා කියලා බොරුවක් කිව්වා කියන යෝජනාව මම පිළිගන්නේ නෑ.

මම 2015 දෙසැම්බර් 31 දා තෙක් කහවත්ත පොලිස්ථානයේ සේවයේ කළේ. ඊට පස්සේ 2016 ජනවාරි 01දා ඉ`දලා මම නැගෙනහිර පළාතේ අම්පාරේ සේවය කළා. මගේ ගෙවල් ගොඩකවෙල බලවින්නේ. පොලිස්පති තුමා නිකුත් කළ චක‍්‍රලේඛයක් අනුව උතරු නැගෙනහිර පළාතේ සේවයට මාරුකර යැව්වාම පොලිස් නිලධාරියෙන් වසර දෙකක් ඒ පැත්තේ සේවය කළ යුතු බව ස`දහන් වෙනවා.

නමුත් මම නැගෙනහිර පලාතේ මාස අටක් සේවයකින් පසු යළි රත්නපුරට ආවා. දැන් රත්නපුර පොලිස්ථානයට අනුයුක්තව සේවය කරනවා. පොලිස් නිලධාරියෙකුට තමන්ගේ ගම් ප‍්‍රදේශය ආසන්නයට එන්න ලැබෙනව නම් ඒක හො`දයි.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: පොලිස්පතිගේ අංක 3252/16 චක‍්‍ර ලේකයෙන් කියන්නේ උතුරු නැගෙනහිටර මාරු ලබන  ඕනෑම පොලිස් නිලධාරියෙන් වසර දෙකක් ඒ පළාතේ සේවය කිරීම අනිවාර්යයි කියලා.

සාක්කිකරු: ඔව් එහි තියනවානම් පිළිගන්නවා. ඒ වුනාට සේවා අවශ්‍යතාව මත පොලිස්පතිතුමාට නිලධාරියෙක් මාරුකරන්න පුලූවන්. මේ නඩුවේ අධිචෝදනා බාරදුන්නේ 2016 ජූලී 22. ඒවනවිට නැගෙනහිර පළාතේ හිටිය මම පසුව රත්නපුරට ආවා. සේවා අවශ්‍යතාව මත කියලයි මට මාරුව ලැබුනේ.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: මේ නඩුවේ සාක්කි දෙන්න  ඕනෑ නිසයි නියමිත කාලයට ඉස්සර වෙලා නැගෙනහිර පළාතෙන් මාරුවක් ගන්න පුලූවන් වුනේ කියලා මම යෝජනා කරනවා.

සාක්කිකරු: පිළිිගන්නේ නෑ මේ නඩුව විතරක් නෙමෙයි තව වැඩ තියනවා.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: වාසනාව වි`දගන්න නඩුවට සමහර දේවල් අතිනුත් දාලා කියනවා කියලා මම යෝජනා කරනවා.

සාක්කිකරු: පිළිගන්නේ නෑ ස්වාමීනී. බලසම්පන්න ඇමතිවරියක වූ තලතා අතුකෝරළ මහත්මිය ලවා දේශපාලන වශයෙන් වාසියක් අරගෙන මේ ස්ථාන මාරුවක් ගත්තාය කියන විත්තියේ යෝජනාව මම පිළිගන්නේ නෑ.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: තුන්වන විත්තිකරු වෙඩි තියනවා තමුන් දුටුවා ද?

සාක්කිකරු: නෑ ස්වාමීනී. ඔහු වෙඩි තබනවා දුටුවේ නෑ. ඔහුට ඉස්සහට යන්න එපා කිව්වාම අවනත වෙලා ජීප් එකට නැගලා පැල්මඩුල්ල පැත්තට යන්න සූදානම් වුණා. එහෙම යන්න හදන කොට දෙපාර්ශවය අතර වචන හුවමාරු වුණා කියලා එස්එස්පීට මම කිව්වා ස්වාමීනී.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: ඔබ එස්එස්පීට දුන්න කටඋත්තරේදි ඇමතිවරයා නැග්ග වාහනය මතක නෑ කියලා කිව්වා.

සාක්කිකරු: ඒක බොරුවක් ස්වාමීනී. මම කිව්ව දේවල්  ඕකේ නෑ.

ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා: ඒ කියන්නේ එස්එස්පීට කිව්ව දේ වැරදිද?

සාක්කිකරු: මම එස්එස්පීට කිව්ව දේවල් කියවලා දුන්නට පස්සේ අත්සන් කළා. ඇමතිවරයා මොන වාහනයට නැග්ගද කියලා මතක නෑ එස්එස්පීට දුන්න කටඋත්තරේ සටහන් වෙලා තියනව නම් ඒක පිළිගන්නවා. තුන්වන විත්තිකරු ඉන්නේ නිවිතිගල. කහවත්තේ ඉ`දලා නිවිතිගලට කිහිප පැත්තකින් යාහැකියි. කුට්ටපිටිය, පැල්මඩුල්. මාරපන හරහාත් නිවිතිගලට යා හැකියි.

මම දකින්කොට ඇමතිතුමා පා ගමනින් සැරසිලි ඉවත් කරමින් ආවේ. නමුත් ඒ ආ මාර්ගයේ ඉදිරියට යන්න බෑ සෙනග පිිරිලා හිටියේ. ඉදිරියට ගිහිනුත් ඔහුට නිවිතිගලට යා හැකිව තිබුණා.

තුන්වන විත්තිකරු වෙනුවෙන් හරස් ප‍්‍රශ්න විමසීම අවසන් විය.

4 සහ 5 විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ නලීන් ලද්¥වහෙට්ටි මහතාට ද හරස් ප‍්‍රශ්න ඇසීමට ඇතිබව අධිකරණයට දැනුම්දුන් ඔහුගේ කණිෂ්ට නීතීඥ වජිර රණසිංහ මහතා ඒ ස`දහා බදාදා දිනය ලබාදෙන ලෙස ඉල්ලීය. විභාග වන නඩුවක් ස`දහා නුවර මහාධිකරණයට නලීන් ලද්දුවහෙට්ටි මහතාට යාමට සිදුවූ නිසා මෙම ඉල්ලීම කරන බව ද නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම නඩුවේ 8, 9 සහ 10 යන සාක්කිකරුවන් මියගිය දොඩංගොඩ මහතාගේ සිරුර හ`දුනාගත් ඔහුගේ පුතා, දුව සහ බෑණා බවත් ඔවුන්ගේ සාක්කි විමසීමට අදහස් නැත ිබව පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පැවසීය. ඒ නිසා ඔවුන් මුදාහරින ලෙස ඉල්ලා සිටියේ ය. විත්තිකරුවන්ගේ නීතීඥවරුන් ද ඊට විරෝධය පළ නොකළ නිසා 8, 9 සහ 10 යන විත්තිකරුවන් මුදා හරින ලෙෂ මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ ය.

කකුලේ ආබාධයකින් පෙළෙන පස්වන සාක්කිකරු තාවකාලිකව මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා නොතීසියක් ලද වහාම අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේ ය.

රජයේ නීතීඥ චාරක ධර්මසිරි මහතා පැමිණිල්ලට සහාය වෙයි. පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ සමිත් ලියනගේ පෙනී සිටියේය. දෙවන විත්තිකරු වෙනුවෙන් නීතීඥ  ප‍්‍රියන්ත කරුණාතිලක මහතා ද තුන්වන විත්තිකරු වෙනුවෙන් නිතීඥ අනිල් ද සිල්වා මහතා ද, හතර සහ පස්වන විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ තුසිත රණසිංහ සහ වජිර රණසිංහ මහත්වරු ද, හයවන විත්තිකරු වෙනුවෙන් යූ.ආර් ද සිල්වා මහතා ද හත්වන විත්තිකර වෙනවෙන් නලින ඉන්ද්‍රතිස්ස මහතා ද පෙනි සිටිති.  වැඩිදුර විභාගය ජූනි 21  දිනට  කල් තැබිනි.



අදහස් (0)

කහවත්තේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂක සාක්කි දෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 15 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 98 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 128 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 396 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 361 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1550 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site