IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කල්මුණේ උපවාසය දිගටම

( නවරත්න සමරතුංග)
 
කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ බලතල සහිතව ප‍්‍රාදේශීය මහලේකම් කාර්යාලයක් බවට පත්කර එයට මහජන සුභ සිද්ධිය උදෙසා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම ඇතුලු අනෙකුත් පරිපාලන කටයුතු සඳහා බලතල ලබා දෙන ලෙස බල කරමින් පසුගියදා  ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විට ද ක්‍රියාත්මක වේ.
 
කල්මුණ ශ‍්‍රී සුබද්‍රාරාමයේ විහාරාධිකාරී හිමියන් පසුගිය 16 වැනිදා මෙම උපවාසය ඇරැඹූ අතර අද (18) සවස 4-.00 පමණ වන විට දැඩිලෙස වෙහෙසට පත්ව සිටිනු දැක්නට ලැබිණි.
 
කල්මුණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට තනාගෙන ඇති අට්ටාලයක මෙය පැවැත්වෙන අතර එයට සහය දැක්වීට බොහෝ පිරිස් එම ස්ථානය පැමිණ සිටියහ.
 
මෙම මාරන්තික උපවාසයට අවතීර්ණව සිටින රන්මුතුගල සංඝරතන හිමියන් පැවසුවේ කල්මුණ දමිළ ජනයා වෙසෙන උතුරු ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය බලතල සහිතව උසස් තත්වයකට පත්කළ  යුතු බවය.
 
දැනට වසර 35ක් මේ ගැන අදාල අංශ වෙතින් ඉල්ලීම් කලත් එය ඉටු නොවුණ බැවින් මෙම තීරණය ගත් බවද උන්වහන්සේ පැවසූහ.
 
සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමයේ සභාපති එස්.ලෝගනාදන් මහතා පැවසුවේ
මෙම කාර්යාලය 1989 වසරේ ආරම්භ කරනලද බවය.  1993-07-28 අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙය මහ ලේකම් කාර්යාලයක් ලෙස බලතල නොමැතිව පවත්වාගෙන යාමෙන් ජනතාවගේ සංවර්ධන කටයුතු වලට මූල්‍ය ප‍්‍රතිපාදන පවා නොලැබෙන බවත් මෙම කොට්ඨාශයට ග‍්‍රාම නිලධාරී වසම් 32ක් එවකට තිබුණ බවද ඔහු පැවසීය.
 
එයින් දෙකක් දේශපාලඥයින් විසින් මුස්ලිම් වරුන් වෙසෙන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට පවරා ගෙන ඇති අතර දිගින් දිගටම කුඩම්මාගේ සැලකිල්ල දක්වන නිසා එයට විසඳුම් අපේක්ෂාවෙන් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කල බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
 
මේ සම්බන්ධව රජය දැනුම්වත් කිරීම සඳහා අද 18 සවස මාධ්‍ය හමුවක් ලේකම් ගොඩනැගිල්ලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව එස්.ලෝගනාදන් මහතා කීය.



අදහස් (3)

කල්මුණේ උපවාසය දිගටම

රවින් Tuesday, 18 June 2019 02:06 PM

තැඹිලි ගෙඩියක් අරන් යන්න කවුද ඉදිරිපත්වෙන්නේ කියලා බලාගෙන ඉන්නේ. සම්පුර්ණ පළාත් ක්‍රමයම අහෝසි කලොත් රටට වැඩ දායක වේ

:       1       7

Chanak los angeles Tuesday, 18 June 2019 07:51 PM

සියලු ප්‍රශ්න උපවාස ක්‍රමයෙන් විසඳෙන්න යන හැඩයි. මාරාන්තික උපවාසයක් යනු පරපණ නසා ගැනීමේ පරමාර්ථයක් මෙය නීතියට සම්පුර්ණ විරුද්ධ ක්‍රියාවක් ඒක නිසයි දිවිනසාගන්න ගිහින් බේරෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ .

:       0       0

shan Wednesday, 19 June 2019 04:35 AM

හාමුදුරුවෝ අපවත් උනත් රටේ කිසිම ප්‍රාදේශීය සභාවකට හෝ පළාත් සභාවකට අනවශ්‍ය බලතල දෙන්න රජයක කිසිම අයිතියක් නැහැ ජනමත විචාරණයක් නොමැතිව.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 20 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 180 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2657 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1441 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1063 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 459 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site