(සටහන ජායාරුප - ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ වගා බිමක එළවළු නෙළමින් සිටි පිරිසකට ( 8 ) අද දහවල් බඹරුන් දෂ්ඨ කිරිමෙන් කල්පිටිය සහ පුත්තලම මුලික රෝහල් වෙත කුඩා දරුවන් ඇතුළු රෝගින් 18 දෙනෙකු ඇතුලත් කර තිබු බව කියයි.
මෙසේ බඹර ප්‍රහාරයකට ලක්ව තිබුනේ පල්ලිවාසල්තුරේ ගම්මානයේ වගා බිමක එළවළ නෙළමින් සිටි කම්කරුවන් පිරිසකට වන අතර එහිදි ඒ ආසන්නයේ සෙල්ලම් කරමින් සිට කුඩා දරුවන් අට දෙනෙකුටද බඹරුන් දෂ්ඨ කිරිමේන් බරපතල ලෙස අසාධ්‍යව තිබු බව කියයි.
ගසක තිබු විශාල බඹර කුඩයක් කිසියම් හේතුවක් නිසා දහවල ඇවිස්සි තිබු අතර එහි සිටි බඹරුන් ප්‍රදේශයේ එළවළු වගා බිම් වල එළවළු නෙළමින් සිටි පිරිසකට මෙසේ දෂ්ඨ කර තිබුනි.
බඹරුන් කුඩා දරුවන් ඇතුළු 17 දෙනෙකුට මෙසේ දෂ්ඨ කර තිබු අතර ප්‍රදේශයේ පිරිස් එක්ව බඹර ප්‍රහාරයෙන් අසාධ්‍යව සිටි කුඩා දරුවන් ඇතුළු පිරිස වහාම කල්පිටිය දිසා රෝහලට රුගෙන යාමට කටයුතු කර ඇත.
කල්පිටිය රෝහලට ඇතුලත් කර පිරිසෙන් අසාධ්‍ය තත්වයේ පසුවු කුඩා දරුවන් සිව් දෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයකු වහාම මුලික ප්‍රතිකාර වලින් අනුතුරුව ගිලන් රථ මගින් කඩිනමින් පුත්තලම මුලික රෝහලට රුගෙන එමට කටයුතු කර තිබුනි.
පුත්තලම මුලික රෝහලට ඇතුලත් තර පිරිස අතරින් දරුවන් තිදෙනෙකුට හා කාන්තාවකට හා පිරිමි පුද්ගලයාට බරපතල බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.
බඹර ප්‍රහාරයට ලක්වු දරුවන් වයස අවුරුදු දෙක , හතර සහ පහ සිමාවල පසුවන පිරිස් බව කියයි. එසේම බඹර ප්‍රහාරයට ලක්වු කම්කරුවන් ඒ අවට ගම්මාන වල පදිංචි කරුවන් බව ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කල්පිටිය වගා බිමකදි බඹර ප්‍රහාරයක්
.විජිත් Saturday, 08 September 2018 09:03 PM
අහිංසක දුප්පත් මිනිස්සුන්ටම තමයි සොභාවධර්මයත් පිඩාගෙනදෙන්නේ....දියවන්නාව පැත්තේ ඔය කියන දෙබරු, බඹරු නැතිද දන්නේ නැහැ.මට හරිම සතුටක් ගෙනදේවි කියලා හිතන පැතුමක් මේ දැන් මගේ හිතට ආවා..... දියවන්නාව අවට තියෙන විශාල දෙබරයක් ඇවිස්සිලා....ඒ අසලම තියෙන " රටටම අශුචි නිෂ්පාදනය කරන ..අශුචිමේන්තුවේ" සිටින මි හරක් ටිකට ..මදි නොකියන්න දෙබර ප්‍රහාරයක් එල්ල කලානම්...කොහොම හිටීවිද.
bandara senapathi Sunday, 09 September 2018 10:07 AM
හොඳ අදහස විජිත් මහත්තයෝ, ඔය කියන මීහරක් රංචුවට ආරක්ෂාව සපයන්නේ විශේෂ කාර්ය බලකාය, ඒ ගොල්ලෝ කාටවත් බය නැහැ වගේම කාටවත් මි හරක්ට කිට්ටුවෙන්න දෙන්නෙත් නැහැ. ඒ තරම් බලවත් අයත් දෙබරුන්, බඹරුන්ට බයයි... ඒ නිසා මේක සාර්ථක ක්‍රමයක් " අශුචිමේන්තුවට " ප්‍රහාරයක් එල්ල කරන්න. මේ අය බලයෙන් පහකරලා රටෙන්ම එළවලා දමන්න.
vidya Sunday, 09 September 2018 01:00 AM
රෝහල් වල සේවය කරන දොස්තර වරුන් සහ හෙද හෙදියන් ඔය දුප්පත් මිනිස්සු ටික බලාගනිවී කලබල වෙන්න එපා .
OMG Sunday, 09 September 2018 07:12 AM
පව් අහිංසක දරුවෝ... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.