IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කබ්රාල්ගේ යෝජනාවට වෘත්තීය සංගම් විරෝධය

(විනීතා එම් ගමගේ)
 
අර්ථසාධක අරමුදලේ සාමාජික සාමාජිකාවන් වෙත එහි ශේෂයෙන් සියයට විස්සක් මුදා හැරීමට අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මහතා කර ඇති යෝජනාව අර්ථසාධක අරමුදල කොල්ල කෑමට ගෙන එන යෝජනාවක් බැවින් එයට දැඩි විරෝධය පළ කරන බව වෘත්තිය සමිති පවසති.
 
අද රැකියා කරන හෙට දවසේ වයෝවෘද්ධ භාවයට පත්වන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගැනීමක් ලෙස මෙම යෝජනාව දැකිය හැකි බව ද වෘත්තිය සමිති පෙන්වා දෙති.
 
මෙසේ ජනතාවගේ මුදල් මංකොල්ල කන්නට උත්සාහ නොකර  ධන කුවේරයන් විසින් වසර ගණනාවක් තිස්සේ මංකොල්ල කෑ සුවිශේෂ ලාභයෙන් කොටසක් මෙම මොහොතේ මුදාහරින ලෙස මෙරට ධන කුවේරයන්ට බල කරන ලෙස ද වෘත්තිය සමිති රජයට යෝජනා කරති.
 
ජනතාවට සහන සලසන්නට ආණ්ඩුවට මුදල් නැති බැවින් මෙසේ ජනතා මුදල් ජනතාව අතට පත් කරන්නට කටයුතු කරමින් සිටින බවත් එයට විරෝධය පළ කරන බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
 
මේ සම්බන්ධව අදහස් දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටියේ එම යෝජනාව පවතින ආර්ථික අර්බුදයට අර්ථසාධක අරමුදල බිලි දීමේ යෝජනාවක් වන බවය.
 
මෙම අරමුදලේ මුදල් අයත් වන්නේ එහි ගිණුම් හිමියන්ට බවත් එය කබ්රාල් මහතාගේ පෞද්ගලික ගිණුමක් නොවන බවත් හෙතෙම ප‍්‍රකාශ  කළේය.
 
මෙම යෝජනාව කිසිසේත්ම ක‍්‍රියාත්මක කරන්නට ඉඩ නොතබන බව ද ඔහු කියා සිටියේය.
 



අදහස් (27)

කබ්රාල්ගේ යෝජනාවට වෘත්තීය සංගම් විරෝධය

Champa Tuesday, 31 March 2020 02:56 PM

ඇත්ත තමයි එහෙම කොහොමද කාටවත් ඕනේ විදිහට සේවකයන්ට අයිති අර්ථසාධක අරමුදල් මුදා හරින්නේ? මේක ආණ්ඩුව මහදවල් කරන්න හදන පෞද්ගලික මුදල් මංකොල්ලකෑමක්. කොරෝනා වෙනුවෙන් වියදම් කරන්න ඕනේ මේ මුදල් නෙමෙයි, රජයට ලැබෙන පරිත්‍යාග. ජනාධිපතිතුමා කොරෝන අරමුදලක් හදල ඒකට දුන්නා මුලින්ම රුපියල් මිලියන් 100ක් ජනාධිපති අරමුදලෙන්. ඒ කියන්නේ මහජන මුදල්. ඊට වඩා හොඳයි ජනාධිපති, අගැමති, ඇමති මණ්ඩලය තමන්ගේ වැටුප, දවසක හරි වැටුප, පරිත්‍යාග කළා නම් රජයේ මුදල් "පරිත්‍යාග" නොකර. පන්සල් වලින් ආධාර දීල තියෙනව හොඳටම මදි. කෝ අනිත් ලොකු පන්සල්? දඹුල්ලේ පන්සල කෝ? එතකොට දේවාල? කතරගම දේවාලේ මේ අරමුදලට පරිත්‍යාගයක් නොකළේ මොකොද? දෙවියෝ දේවාල වලින් අයින්වෙලා හුඟක් කල්. මිනිස්සු ඉල්ලුවොත් විතරයි ආයේ වඩින්නේ. ඒ හින්ද දෙවියන්ගේ නමින් ලැබුණු මුදල් වලින් කොටසක් දැන් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්න. ඊළඟට ප්‍රාදේශීය සභා සල්ලි දීල තියෙනවා. කාගේ සල්ලිද? ජනතාවගේ සල්ලි. මේක මහා විකාරයක්. ජනතාවගේ සල්ලි වලින්ම ජනතාවට කන්න නොදී ඒ වෙනුවෙන් ලැබුණු පරිත්‍යාග පාවිච්චි කරන්න. ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ අතරින් පළවෙනිය විතරයිද කොහෙද මුකුත් හරි දුන්නේ.

:       0       0

ධනා Tuesday, 31 March 2020 02:59 PM

දුමින්ද නාගමුව කියන නම ඇහෙද්දිත් හිනායනවා...

:       0       0

upali Tuesday, 31 March 2020 03:05 PM

සියලු දෙනා සදහටම වෛර කරාවි ....

:       0       1

gu7narathna Tuesday, 31 March 2020 03:07 PM

මේ මුදල් නිකුත් කරන්නේ කබ්රාල්ගේ නැන්දලාට, මාමලාට නොව අරමුදලේ සාමාජිකයන්ට... මිනිස්සුන්ට අවශ්‍ය නැතිනම් නොගෙන ඉන්ට පුළුවන්.

:       4       0

de silva Tuesday, 31 March 2020 03:13 PM

කබරාල් කියන්නේ මරු කතාවක් , අපේම සල්ලි අපට කොරෝන ආධාර වශයෙන් දීල අපේ විශ්‍රාම පරිතොසිකයෙන් කපාගන්නලු..., රාලේ ඔයකතා කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියපන්, ඔක්කොම සහන ලොකු මුදලාලිලාට වැට් අඩුකලා.... ඒවත් මුදලාලිගේ සාක්කුවේ සහනය අපට දුන්නේ නැහැ , අපට සහන මිලට දෙනවා කියපු පරිප්පු , සැමන් ඒවත් මුදලාලිලා අපට දුන්නේ නැහැ , කොරෝන ප්‍රශ්නේ නිසා මුදලාලිලා ගත්ත නය වාරික සහ පොලි මාස 6 කට ගෙවන්න ඕනේ නැහැ . මුදලාලිලාට අලුතෙන් 4% පොලියට නය දෙනවා , එකටත් නය වාරික සහ පොලී මාස 6 කට ගෙවන්න ඕනේ නැහැ , මුදලාලිලා ගත්ත ත්‍රිවිල් ලොරිවලට ෆිනෑන්ස් නය වාරික ගෙවන්න අවශ්‍ය නැහැ . මෝටර් බිසිකලයක්වත් නැති අපට මොකක්ද දීල තිබෙන සහනය? රාලේ මේකත් ඔලුවේ තබාගන්න..., ඔය මුදලාලි පැලැන්තියට ඒක චන්දයක් තිබෙන කොට සේවක අපට චන්ද 20-30 තිබෙනවා , චන්දෙදි කලගුණ සලකන්න අපිත් දන්නවා .

:       14       521

PrasadTuesday, 31 March 2020 06:52 PM

දැනුත් EPF එකෙන් 30% ගන්න පුළුවන් ගෙවල් හදන්න සහ වෛද්‍ය වියදම් වලට....

:       0       0

BamunuarachchiWednesday, 01 April 2020 02:30 AM

ඇයි මිනිස්සු මේවගේ වෙලාවල තමයි මිනිස්සු කැට කඩන්නේ, හංගපු සල්ලි එලියට ගන්නේ නැතිනම් ඉතිරි කරපුවා එලියට ගන්නේ. මේගොල්ලෝ හදන්නේ තමන්ගේ සල්ලි මේ වෙලාවෙත් යටිමඩි ගහලා අනුන්ගේ සල්ල වලින් ජීවත් වෙන්න. කොහෙන් කපා ගත්තත් අපිට කමක් නැහැ ඒගොල්ලෝ ඉතිරි කරපු සල්ලි ඒගොල්ලන්ට දෙන්න. අනික ඔය සල්ලි ඔහොමවත් ගන්න ජීවත් වෙයිද කියලා දන්නේ නැහැ.

:       0       0

shamal Tuesday, 31 March 2020 03:45 PM

අපි මහන්සි වෙලා හම්බ කරපු මුදල් ටිකත් නැති කරන්න හදන්නේ කොරෝනා අස්සේ...

:       12       216

SilvaTuesday, 31 March 2020 08:36 PM

කොරෝන නම් වෛරසයක් මුන් රටට හෙනගේඩියක් ගියපාර බැරිවුණුදේ, ලොක්ක එක්ක ගේම දෙවි වගේ... මෙහෙම උපදෙසකයෝ පිටකොටුවේත් ඉන්නවා. ඔවුන් පොකට් ගහන්නේ එළිපිට .

:       0       0

BamunuarachchiWednesday, 01 April 2020 02:33 AM

ඔහෙලා සල්ලි ඉතිරිකලේ මොන බම්බුවකටද? ඔහෙලා සල්ලි පොට්ටනි ගහන්නයි රටේ ජනතාව ඔහෙලාවෙනුවෙන් වියදම් කරන්නයි. අනික ඔය සල්ලි ගන්න ජීවත් වෙයිද කියලා කව්ද දන්නේ? අපිත් දැන් ජීවත් වෙන්නේ බැංකුවල ඉතිරිකරපු සල්ලි ඇදලා.

:       2       0

lalithm Tuesday, 31 March 2020 04:15 PM

අපේ සල්ලි වලින් සෙල්ලම් කරලා වයසට ගියාම අපි හිඟමනට පත් කරන්න එපා කබරල් මහත්තයෝ. අපි EAP Golden Key වගේ ඒවායේ නොදා අමාරුවෙන් වැඩ කර හම්බ කරපුව. ඉල්ලන අයට ඕනනම් ණයක් දෙන්න. 20% සල්ලි දෙන්න එපා....

:       12       193

සුජිත් Tuesday, 31 March 2020 04:31 PM

කැමති අයට ගන්න අවස්ථාව දෙන්න. මේ වෙලාවේ කවුරුත් අමාරුවෙන් ජීවත් වෙන්නේ.

:       0       1

karu Tuesday, 31 March 2020 04:43 PM

ඔවුන් හරි. මේ හොර දේශපාලුවන්ට කෝකටත් තයිලය වගේ තියෙන්නේ මේ අර්ථ සාධක අරමුදල. මොවුන් ඒ කාලේ මේ අරමුදලෙන් සැහෙන දුෂණ කරලා තියෙන්නේ. ඒ රස දන්නා නිසා තමයි ආයෙත් හොරා කන්න යන්නේ. මේ සල්ලි මහාජනයාගේ දහදියෙන් හම්බ කරපුවා.

:       39       263

විපරමා Tuesday, 31 March 2020 04:54 PM

ලෝක හොර වැඩක්.... වෙන උන් නෙතුවට?

:       4       144

vipula Tuesday, 31 March 2020 05:30 PM

මෙයා හදන්නේ රොටිය පුච්චගන්න. කලින් වතාවේ උද්ඝෝෂණ නිසා මරුනේ එක්කෙනය් හැබය් EPF එකට කෙලින්න ගියොත් කොරෝන මිනිස්සුන්ට අමතක වෙයි... මරු ආර්ථික උපදේශකයෝ මහින්ද මහත්තයට වැඩ වැරදුණෙත් මේ වගේ මිනිස්සු නිසා තමයි...

:       14       186

sanju Tuesday, 31 March 2020 05:31 PM

විරුද්ධ වෙලා ශ‍්‍රියානි බණ්ඩාරනායකට වෙච්චි දේ දන්නවද?

:       8       151

සෙනෙවිරත්න Tuesday, 31 March 2020 06:58 PM

මෙයට (EPF එකට) දායකතවයක් නොදැක්වූ කිසිවෙකුට එම අරමුදල අවභාවිතා කිරීමට හෝ මෙම යෝජනාවට පක්ෂව කතාකිරීමට අයිතියක් නැත. හරට පිරුනුපසු අපි මහමගට ඇද දමනු එපා. අපට පෙන්ශන් නැත. ඇත්තේ මෙපමණකි.

:       0       1

sam Tuesday, 31 March 2020 09:08 PM

මේ අවස්ථාවේදී මට මගේ EPF එකෙන් 20% ගන්න පුළුවනි නම් එකේ වැරැද්ද මොකක්ද?

:       0       0

මුණසිංහ Wednesday, 01 April 2020 12:59 AM

ඔය වෘත්තිය සමිතිත් මහජනතාවත් අවධාරනය කර ගත යුතු කරුණු ගොඩක් තියෙනවා. වත්මන් තත්ත්වය යටතේ ලෝකයේ ම ආර්ථිකය කඩා වැටිලා. මේකේ ආදීනව දැන්ම දැනෙන්නේ නැහැ. මැයි-ජුනි-ජුලි වෙන කොට ටික ටික මතු වෙනවා. ඒකට දැන්ම ඉදන්ම සූදානම් වුනේ නැත්නම් සියලු දෙනාටම හාමතේ ඉන්න සිදුවේවි. එතකොටත් ආණ්ඩුවලට බැනල වැඩක් නැහැ. මේක තේරුම් ගන්න කී දෙනෙකුට පුලුවන් වේවිද දන්නේ නැහැ. මොකද- කොරෝනාව මේ තරම් අවදානම් කියලත් තේරුම් අරගෙන තියෙන්නේ කී දෙනෙක්ද? මේ කාරනාවත් එහෙමයි.

:       0       0

anyname Wednesday, 01 April 2020 01:30 AM

මේක වෙන රට වලත් කරනවා මේ වෙලාවේ .ඔකේ ඇති දේශපාලන වාසියක් නෑ .

:       0       0

de silva Wednesday, 01 April 2020 01:43 AM

ගොටභය මහත්මය ඔබතුමා රටේ ඉන්න අවංක බුධිමත් නිලධාරීන්ගෙන් සැදී රජ්‍යසේවයක් සහ වියත් මගේ මගපෙන්වීම අනුව අවංක බුධිමත් නව පරපුරේ දේශපාලකයන්ගෙන් සැදී ආණ්ඩුවක් හදනවා , මහබැංකු හොරුන්ට දඩුවම් දෙනවා කිව නිසා මිනිස්සු ඔබට ඡන්දෙ දුන්න , දැන් උඩට නගින්න ඉනිමගක් ලෙස භාවිත කල වියත්මගට පයින් ගහලා බිමට දමපු බව පොහොට්ටුවේ නාමයෝජනා ලැයිස්තුව දෙස බලනකොට පෙනෙනවා , එකේ ඉන්නේ පරණ සහෝදර සමගම සහ රටේ සාරය උරාබිපු පරණ ඔළුගෙඩි සෙට් එක.

:       0       0

de silva Wednesday, 01 April 2020 01:54 AM

මෙන්න මෙහෙම කරන්න , පසුගියකාලේ අමතිලට ගමන් බිමන් යන්න ගෙනාපු වාහන කෝටි 4-5 වටිනා වාහන වෙන්දේසි කරන්න.

:       0       0

Amal Wednesday, 01 April 2020 01:55 AM

ගිය වතාවේ ග්‍රීසියේ බැඳුම්කර වල ආයෝජනය කරලා කෝටි ගානක් නැති කරා මෙයා.

:       0       0

සමන් Wednesday, 01 April 2020 02:56 AM

මේ දේශපාලකයින්ටයි ඒ අයගේ සහචරයන්ටයි පේන්නේ අපේ අර්ථසාධකය විතරමද? මතක තබා ගතයුත්තේ ඔය අපි පරිස්සමට තිබ්බ අපේ සල්ලි ඈලියාවට අරින්න එපා. කබ්රාල් මහතාගේ උපක්‍රම ගියවර මහින්ද මහත්තය ගෙදර යන්නත් දායක උනා කියනවා නේද ?

:       0       27

jayantha Wednesday, 01 April 2020 03:15 AM

මේ ගොනා දන්නා ආර්ථික විද්‍යාව. අත තියන්න දෙන්න එපා අර්ථසාධක අරමුදලට. හොර කාලකන්නින්ට.

:       0       50

Bamunuarachchi Wednesday, 01 April 2020 12:36 PM

කබ්රාල් ගේ කියමනට පක්ෂව දමන අදහස් පල වෙන්නේ නැත. මේ පත්තරය කබ්රාල් විරෝදී වගේ .

:       9       4

aravinda Wednesday, 01 April 2020 03:00 PM

වැඩිය නෙමෙයි, අවුරුදු පහළොවක් ඇතුළත දේශපාලුවන් කොල්ල කාපු සල්ලි වලින් සියයට විස්සක් බැලුවොත් අර්ථසාධක අරමුදලට වඩා වැඩියි. රජයට සල්ලි නැත්නම් පක්ෂ විපක්ෂ සියළු දේශපාලුවන්ගේ පෞද්ගලික වත්කමින් සියයට විස්සක් රාජසන්තක කරනු. ජීවිත කාලයක් වැඩ කරලා අසරණ මිනිස්සුන්ට අවසානයේ ඉතුරු ඔච්චරයි සැප විඳින්න නොවේ මැරෙන තුරු ජීවත් වෙන්න පමණයි .

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1778 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 900 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 720 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 348 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 611 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 554 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site