(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නොමැති බවත්, දැන්වත් එවැනි පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නැයි රජයෙන් හා දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවත් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ වන විට කමිටු කිහිපයක් පත්කර උත්සාහ කරන්නේ ආරක්ෂක අංශයෙන් සිදුවූ බරපතල හිඩැස් සඳහා වගකිවයුත්තන් කවුරුන්දැයි විමසා බැලීමට වුවත්, තමන්ගේ ඉල්ලීම වන්නේ පරීක්ෂණ අවසාන ඉලක්කය විය යුත්තේ වරදකරුවන්, අනුග්‍රහය දැක්වූවන් සහ එයට අනුබල දුන්නේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම බවත් එම නිවේදනයේ සඳහන් වේ.
අවාසනාවකට මෙන් එම කිසිඳු ධනාත්මක සළකුණක් මෙතෙක් දක්නට නොමැති බව ද එහි දැක්වේ.
ජනතාව මෙම පරීක්ෂණවල ප්‍රතිඵල දැක බලාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියත් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමේ වාර්තාව මෙතෙක් එළිදක්වා නැතැයි ද එහි සඳහන්ය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සම්මේලනයේ සභාපති වින්ස්ටන් එස්. ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මහලේකම් ජේ.ඩී.ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමන්, උප සභාපති ජස්ටින් බී ඥානප්‍රගාසම් යාපනය රදගුරුතුමන් ජේ.වියානි ප්‍රනාන්දු මහනුවර රදගුරුතුමන්, හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරුතුමන්, නෝබට් එම්. අන්ද්‍රාදි අනුරාධපුර රදගුරුතුමන්, වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරුතුමන්, රේමන් කේ. වික්‍රමසිංහ ගාල්ල රදගුරුතුමන්, ක්ලීටස් සී පෙරේරා රත්නපුර රදගුරුතුමන්, ජෝශප් පොන්නයියා මඩකලපුව රදගුරුතුමන්, එෆ්. එල් එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන්, නොයෙල් එම්මානුවෙල් ත්‍රිකුණාමලය රදගුරුතුමන්, සහ මැක්ස්වෙල් ජී සිල්වා යන කොළඹ සහායක රදගුරුතුමන් යන රදගුරුතුමන්ලාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක්