IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කඩු 6000 ට කළ විමර්ශන ගැන නීතිපති යළි විමසන්න යයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
අප්‍රේල් 21 ප්‍රහාරයේදී බෝම්බයක් පුපුරවා කිහිපදෙනෙකු ඝාතනය කර, තවත් පිරිසකට තුවාල සිදු කළ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාව මත, කඩු 6000 ක් මෙරටට ආනයනය කර ඇතැයි, කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (5) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඒ බව දැනුම් දුන්නේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදිය.

අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම අද කැඳවනු ලැබිය.

එම පෙත්සම සළකා බැලීම සඳහා ලබන 31 වැනිදා යළි කැඳවීමට එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ආරක්ෂක අංශ සිදුකළ විමර්ශණවලදී මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාව මත මොහොමඩ් සෆ්රාස් නමැත්තා කඩු 6 000ක් ආනයනය කර ඇති බවත් , ඉන් කඩු 600 ක් රටතුළ බෙදා හැර ඇති ආකාරය හෙළි වී ඇතැත් සෙසු කඩු 5400 පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ දක්වා සොයා ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකි වී ඇති බවත් කාදිනල් හිමිපාණන් සිය පෙත්සමෙන් අධිකරණයට පෙන්වා දී ඇත.



අදහස් (7)

කඩු 6000 ට කළ විමර්ශන ගැන නීතිපති යළි විමසන්න යයි

Nuwan Friday, 05 March 2021 10:09 AM

අනේ ඕවා තණකොළ කපන්නනේ ගෙනාවේ...

:       3       11

kumaraFriday, 05 March 2021 12:03 PM

නෑ නෑ... මුස්ලිම් කඩ ගිනිතියලා මංකොල්ල කද්දී ඕනෑ වෙනවනේ? ඒකට ගෙනැල්ලා තියෙන්නේ..

:       10       9

NuwanFriday, 05 March 2021 01:18 PM

අනේ පව් බබ්බුනේ... ඒගොල්ලන්ගේ කඩ කඩන්න නේද මොහමෙඩ් මහත්තයෝ... ?

:       4       9

BamunuarachchiSaturday, 06 March 2021 01:53 AM

කඩ කඩන්න ඕනේ නැහැ... වර්ජනය කළාම ඒවා නිකන්ම කැඩෙනවා.

:       0       0

BamunuarachchiSunday, 07 March 2021 03:53 AM

මෙයාට අමාරු වෙලා තිබෙන්නේ කඩ කැඩිල්ලයි. අපි අලුත් ක්‍රම භාවිතා කරනවා.. ඒවා කැඩිල්ලට වඩා හොඳයි.

:       0       0

Dewa Saturday, 06 March 2021 05:49 AM

එතකොට අර පොලිසිවලට බාරදුන්නා. අපේ කඩුවලට මොකද වෙන්නේ?

:       0       3

Bamunuarachchi Sunday, 07 March 2021 03:50 AM

සහර‍ාන්ගේ බෝම්බ සෙල්ලමේ ඉතුරු හරිය කරන්නයි මේ කඩු ගෙනාවේ. මේ කඩු තවම නිදැල්ලේ නිසා බෝම්බ පලවෙනි කෙරුවාව තවම ඉවර නැත. එහි කොටසක් තව ඉතිරිව ඇත. මේවා ගැන සෙවීම අතපසු කරන්නේ කාගේ වුවමනාවටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 319 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 199 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 837 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 56 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2175 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 406 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site