වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයා හසලක, කොළොන්ගොඩ පදිංචි 31 වියැති පුද්ගලයකු බව පොලිසිය කියයි. ඔහු එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අයෙකි. එම ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ ගත් වීඩියෝ දර්ශන කිහිපයක් ද අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එහි ඇතුළත සිටි සේවකයකු මෙතෙක් හමුවී නැතැයි ද වාර්තා වේ.
සුන්බුන්වලට යටවූවන් සොයා කළ මෙහෙයුම් ඊයේ (18) රාත්‍රියේ තාවකාලිකව නවතා දැමුණු අතර අද(19) පෙරවරුවේ යළි පොලිසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.
සිද්ධියෙන් තුවාල ලැබූ 19 දෙනෙක් තවමත් කළුබෝවිල හා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මේ අතර ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කරන ලද්දක් ද යන්න සැකය මත ඒ පිළිබඳ සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් ද එහි ගොස් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මේ අතර අද(19) සවස පැවැති මාධ්‍ය හමුවක දී මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට අනුකූලතා සහතිකයක් ලබාගෙන නැති බවයි.
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං
රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කඩාවැටුණු ගොඩනැඟිල්ලේ සිටි සේවකයෙක් තවමත් අතුරුදන්